💞හුස්ම නුඹ මගේ...💞(2)

💞හුස්ම නුඹ මගේ...💞(2)

Oshani

පලමු කොටසට..👇

https://telegra.ph/%E0%B7%84%E0%B7%83%E0%B6%B8-%E0%B6%B1%E0%B6%B9-%E0%B6%B8%E0%B6%9C-1-04-14

💞 හුස්ම නුඹ මගේ...💞


දෙවන දිගහැරුම...✍️


පඩි පෙල බැහැලා සාලෙට එද්දිම වගේ දොරෙන් මතු උනෙ අපේ තාත්තගෙ වයසෙම වගේ අන්කල් කෙනෙක්.. තාත්තා ගිහින් ඒ අන්කල්ව වැලදගෙන ගෙට කතා කරන් ආවාමයි ඊටපිටිපස්සෙන් හිටපු කෙනාව මන් දැක්කේ..


තාත්තගෙ යාලුවගේ පුතාත් එනවා කිව්වනේ.. එයා වෙන්නැති මේ ඉන්නේ.. මොනා උනත් කොල්ලා පට්ට හැන්ඩි.. ජිම් ගිහින් හදාගත්තු ඇග ගානට කපපු රැවුල නිසා තවත් කඩවසම් බව ඉස්මතු වෙලා පෙනුනා..


ඒ අයියා මන් දිහාම අමුතු විදියට බලන් ඉද්දි සාලෙ ඉන්න දැනුනු අපහසුතාවය නිසාම මං කුස්සියට එන්න ආවා..


"කෝ ජයේ නිල්මිණී ආවෙ නැද්ද"


"එයාට ටිකක් සනීප නෑ වගේ එදිරිසිංහ.. ඒ නිසා එයා ගෙදර නැවතුනා"


"ක්ලයිමෙට් එක වෙනස් උන නිසා වෙන්නැති"


"ඔව් ගොඩ කාලෙකින්නෙ ලංකාවට ආවෙ... එයාට මෙහෙ ටිකක් පුරුදුනෑ තාම"


"මේ පුතාද ජයේ"


"ආ ඔව් ඔව්.. මේ මගෙ පුතා"


"දැන් ඉලන්දාරියෙන් නෙ.. අවුරුදු කීයකින්ද දැක්කෙ ඉතින් මේ"


කුස්සියට ආපු මට සාලේ තාත්තලා කතා කරන හඩ ඇහෙනවා.. අම්මා කුස්සියෙ ඉදගෙන කෑම මේසේ රෙඩි කරන්න ප්ලේට්ස් සෝදනවා.. 


"කෝ දෙන්න අම්මා.. මං ඕක කරන්නම්.. අම්මා ගිහින් අර ආපු අය එක්ක කතා කරන්නකෝ"


"හරි එහෙනම්.. මෙ ටික ටේබල් එකෙන් ගිහින් තියන්න"


"හා"


මන් ඒ වැඩේ භාරගත්තම අම්මා සාලෙට ගියේ.. අක්කයි නංගියි තාම පහලට ආවේ නෑ.. 


"ආයි යනවද ඉතින් ජයේ.. නැත්තම් දිගටම ඉන්නවද"


"අපි නම් තව ටූ වීක්ස් වලින් ආපහු යනවා.. පුතා නම් දිගටම මෙහෙ ඉන්නවා එයාගෙ බිස්නස් බලාගෙන.."


"එහෙමද"


"ඔව් අපිට ඉතින් මාසෙකට සැරයක් වගෙ ඇවිත් පුතාව බලලා යන්න පුලුවන්නේ.. ඒ ගමන් මෙහෙටත් ඇවිත් යන්නම්කෝ"


සාලෙන් ඇහෙන කටහඩවල් එක්කම මන් කැම මේසේ ලෑස්ති කරලා ඉවර කරා..


"අම්මා හරි"


මන් සාලෙට ගිහින් අම්මට කතා කරලා කිව්වම අම්මා කට්ටියට කෑම ගන්න යන්න කතා කරා.. එතකොටම තමා අක්කයි නංගියි පඩිපෙල බැහැගෙන පහලට එනව දැක්කේ..


අක්කා අද වෙනදට වඩා හැඩවෙලා.. නිකමට හිතුනා මේ ඉන්න අන්කල්ගේ පුතාට පේන්නවත්දෝ කියලා..


"මේ දුවලාද එදිරිසිංහ "


"ඔව් ජයේ ඔය ඉන්නෙ මගෙ ලොකු දුව.. එහා පැත්තේ චූටිම දුව.. එයානම් තාම ඒලෙවල් කරනවා.. එතකොට මෙ මගෙ දෙවෙනි දුව.."


තාත්තා මාවත් හදුන්වලා දුන්නම හීනියට හිතේ කොනක සතුටක් ආවා මට..


කට්ටිය එක්කම කතා කරලා ඉවර වෙකා කෑම මේසෙට ගිහින් වාඩි උනාම ඉතුරු උනු පුටුවෙන් මාත් වාඩ් උනා.. අර ආපු අයියා හරියටම ඉන්නේ මගේ ඉස්සරහා පුටුවේ..

එයා මන් දිහාම බලන් ඉද්දි පුදුම අපහසුතාවයක් දැනෙන්නේ..


කට්ටිය කෑම ගන්න අතරත් කතාවට වැටුනම මන් නම් කට වහගෙනම කෑම කෑවා.. කන වෙලේට කතා කරන්න හොද නෑ කියලා මෙයාලා දන්නැද්ද කොහෙද.. හුම්ම්..


"දෙවෙනි දුව නම් මංජු වගේමයි නෙද එදිරිසිංහ"


ජයේ කියන අන්කල් එහෙම කිව්වම පිගානට මූන ඔබන් ඉදපු මන් ඔලුව ඉස්සුවේ.. මාර කතානේ කියන්නේ මේ අන්කලුත්.. මන් අපේ අම්මා වගෙ වෙන්නැතුව එයාගේ නිල්මිණී ආන්ටි වගේ වෙන්නයෑ.. කටට හොද හොද ඒවා කියන්න ආවාත් මන් සද්ද නැතුවම කෑම කෑවා..


"ඔව් ජයේ.. පොඩී නම් නෝනා වගේම තමා"


තාත්තා එහෙම කිව්වම මට හීන් මදහසක් මුවෙ ඇදුනේ...අක්කයි නංගියි වගෙ නෙවෙ මං අම්මා වගේමයි.. අම්මා වගෙම සුදුයි.. ඉනටත් පහලින් කොන්ඩෙයකුත් තියෙනවා..

අක්කා නම් ටිකක් තලෙලුයි නංගිත් ඒ වගේ.. ගොඩක් අය අපි තුන් දෙනාව දැක්කම කියනවා මං නම් අම්මගේ කපාපු පලුව කියලා.. ඒ මොනව තිබ්බත් මට නම් වැඩක් නෑ... මට ඕනේ ආදරේ..


මට මේ ජීවිතේ එපා වෙලා දැන්.. කිසිම හැගීමක් නැතුව මන් අවුරුදු විසි තුනක් ජීවත් උනා.. කාගෙන්වත් ආදරයක් නොලබා.. ඉස්සර ඉස්කෝලේ යන දවස් වල යාලුවෝ එයාලගේ කොල්ලා ගැන කතා කරද්දි මාත් ආස කර මටත් ගොඩාරියක් ආදරේ කරන කොල්ලෙක් හම්බෙනවනම් කියලා.. කියන්න සන්තෝසයි මට නම් තාම කොල්ලෙක් හම්බුන්නෑ ඒ වගේ..

මට මේ ලෝකේ කෙනෙක්ව මවන්න අමතක වෙලාවත්ද මන්දා


අර අයීයා මං දිහාම බලන් ඉන්නවා වගේ තේරුන නිසා මන් ඉක්මනට කාලා පුටුවෙන් නැගිටලා කුස්සියට ගිහින් අත සෝදන් කාමරෙට ආවේ.. මන් කාමරෙට ආවා කියලා මාව හොයන්න කවුරුත් නෑ කොහොමත්..


ටිකක් වෙලා ඇදේ හාන්සි වෙලා හිටිය මට තේරුනේ ආපු කට්ටිය යන්නද කොහෙද හදන්නේ.. පහලට යනවද නැද්ද... ම්ම්.. එක්කො ඕනේ නෑ..

එහෙම හිත හිත ඉද්දිම අම්මා කතා කරන හඩ ඇහුනේ..


"පොඩී මෙ අන්ක්ලලා යන්න හදන්නේ එන්න පහලට"


කවදාවත් නැතුව අද මොකද මේ කියලා කල්පනා කරන ගමන්ම මන් පහලට ගියේ..


"අපි යනවා දුව.."


"හරි අන්කල්.. "


ඒ අන්ක්ල්ට ලාවට හිනා වෙලා එහෙම කියපු මන් නිකමට අර අයියා දිහා බැලුවේ.. එයත් මන් දිහාම බලන් ඉන්නවා දැකපු නිසා ඒ ක්‍ෂනිකව මන් ඇස් අහකට ගත්තා.. 

අක්කාත් ඒ අයියා දිහාම බලන් ඉන්නවා.. අක්කා ඒ අයියට කැමතීද කොහෙද..


කට්ටියට සමු දීපු තාත්තගේ යාලු අන්කල් දොරෙන් එලියට ගියාම අර අයියත් මන් දිහා එකපාරක් හැරිලා බලලා එලියට ගියා.. ඒ ඇස් දිහා බලන්න බැ හරි අමුතුයි.. බය හිතෙනවා..


කාර් එක ඈතට යන සද්දෙ ඇහුනම මාත් උඩට එන්න හදලා ආපහු හැරුනේ අමතක වෙච්චි දෙයක් මතක් උනු නිසා..


"තාත්තා මන් ජොබ් එකකට යනවා.. ඇප්ලයි කරලා තියෙන්නේ.. ඉන්ටව් ගිහින් සිලෙක්ට් උනොත් දිගටම යනවා"


"මොකද්ද පොඩී.. මෙ තියෙන සල්ලි මදි වෙලාද.. අපිට ලැජ්ජ කරන්නද හදන්නෙ ජොබ් වලට ගිහින්"


"අනේ තාත්තා මන් කිව්වනේ.. මන් මේකට යනවා එච්චරයි.. කියන්න ඕනේ කියලා හිතුනු නිසයි කිව්වෙ"


"හරි දැන් කා එක්කද යන්නේ"


"යෂ්මි ත් එනවා"


"හරි එහෙනම්.. දෙන්නා එක්කම අපේ කම්පැනි එකට ජොයින් වෙන්න එතකොට හරිනේ"


"අනේ තාත්තා මට බෑ.. මන් කැමති නෑ.. ප්ලීස් මට මන් කැමති දෙයක් කරන්න දෙන්න"


මන් එහෙම කියලා උඩට එන්න ආවේ කොහොමත් මගේ තීරණේ වෙනස් කරන්නැති නිසා මන්.. 


"හිතුවක්කාර වෙන්න හදන්න එපා පොඩී.. ඔයා ඉන්න ඕනෙ අපි කියන විදියට"


තාත්තගෙ කටහඩ ඇහුනත් මන් මුකුත් නොකියම කාමරෙට ඇවිත් ඇදට වැටුනෙ කොහොම උනත් යෂ්මි එක්ක මේකට යනවා කියලා හිතාගෙන..

හෙට උදේම ටවුන් යන්න තියෙන නිසා මන් කොට්ටෙත් තුරුල් කරන් ඇස් දෙක පියාගත්තේ නිදාගන්න..


☯☯☯☯☯☯☯☯☯☯☯☯☯☯☯☯☯☯☯


මතු සම්බන්ධයි..💞


කතාව කියවන්නේ සීමිත පිරිසක්.. කමෙන්ට් වලින් තේරෙනවා.. අනෙ එහෙම උනොත් නම් කතාව නතර කරනවා..දාන එකේ තේරුමක් නෑනේ. 



එකතු වෙන්න -

https://t.me/kathalokaya

Report Page