හෝම් කමින්ග්

හෝම් කමින්ග්

@Pinkheart💖

තිස් නවවෙනී දිගහැරුම~•❤️

❤️....මිහිදන් කැලඹිල්ලක් ...❤️


කතෘ අයිතිය chathuddya වන මා සතුය..🚫



මහත්තයත් නැගිටලා මා දිහවට ඇවිත් ටෙබල් ලැම්ප් එක දාද්දී...



ඒත් එක්කම... පුතු අඬන්න ගත්තා...



" ඔන්න අනිත් අඩුපාඩුවත් අඩනවා එ ගමන..."



ම්හත්තයා කිව්වෙ හිනා වෙවී..



" සඳ කෝ දොණීව දෙන්න අතට..."




" පරිස්සමෙන් ගන්න මහත්තයා .."




" හරි හරි බං..මං මගේ කෙල්ලව කොහොමත් පරිස්සමෙන් තමා ගන්නේ...."



මටත් රවලා කියන මහත්තයා දෝණි ව අතට අරන් ඒ අත උඩ තියන් නලවන්නෙ මං පුතුව අරගෙන කිරි ටික දෙනකොට..



පුතුගෙ ඇඩිල්ල එහෙමම නතර වෙද්දී..කිරි බිබි හිටපූ පුතු පැටියට හරි ඉක්මනට නින්ද ලගා වුණා...


පුතුවත් නිදි කරලා දෝණීවත් නිදි කරලා අපි දෙන්නම නිදාගන්නකොට පාන්දර තුනත් පහු වෙලා තිඹුණා..


කිරි දීලම ඇගට නිකන් පණක නෑ වගෙ දැනුනත් මං මහත්තයට කතා නොකර එහෙමම නිදාගත්තේ එයාට කරදර කරන්න බැරි නිසා..



මොකද පුතුයි දෝනි දෙන්නම එකට අඩනකොට මහත්තයා තමා දෝණිව අත උඩ තියාගෙන නලව නලව හිටියේ මං පුතුව නලෝගන්නකම්...



ටික ටික මටත් නිදිමත දැනීගෙන එනකොට..ඇස් දෙක යාන් තම් යාන් තම් වගේ පියවුණා......




.




.




.




" ඇස්වලට දැනෙන අමුතු එලියත් එක්ක ඉබෙටම වගෙ මගේ ඇස් ඇරුනා



ඇහැරලා බලද්දී මහත්තයා ඇදේ පෙන්න හිටියේ නෑ..


තවත් මාව බය උනේ පුතුයි දෝනී දෙන්නත් මා ළඟ නැති නිසා..



ඇඩෙන්න ඔන්න මෙන්න එද්දී..මං ඉක්මනට ඇදෙන් බැහැල උඩට බ්ලව්ස් එකක් දාගෙන සාලෙට ගියා...



" දෝණි...දෝණි දන්නවද ..මම දෝණීටයි අම්මටයි හුඟාක් ආදරෙයී...මගේ පැංචී ලොකු වෙනකම් මේ තාත්තා ඇඟිලි ගනිනවා හැමදාම...පුතු යි දෝණි දෙන්නා ලොකු වුණා ම මගේන් ඈත් වෙයි නෙද..මේ තාත්තිගෙන් ඈත් වෙලා ඔයලා ඔයාලගේ ලොකේ හොයන් යයි නෙද.. හ්ම්ම්ම්ම්ම්ම්..."




ඇස් වලට උනපූ උණු කදුළු බිංදුවක් පපුව දිගෙ රුට්ටලා ගියේ..දෝනිවත් පුතුවත් දෙන්නවම ඔඩොක්කුවෙ තියන් කියවන මහත්තයගෙ ඒ වචන වලට...



මහත්තයා කිව්වත් වගෙ..අපි කොච්චර එයාලව මහන්සියෙන් උස්මහත් කරත් එයාලා දවසක අපේන් ඈත් වෙනවා..



ඔව්..


එයාලා එයාලගේ..


ලෝකේ හොයාගෙන යන්න ගන්නවා..


එක තමා අම්මෙක්ට තාත්තෙක්ටත් දරන්නම බැරි දේ වුණේ...



ඇස් වලින් වැටෙන කදුළු ටික බ්ල්ව්ස් එකේ කර පහත් කරලා පිහාගෙන මම මහත්තයා ළගට ගියේ..



ඒ කර වටේ අත දාලා එ උරහිසට බර වෙන ගමන්..




" සඳ...ඔයා නැගිට්ටද?.... මං මේ හිතුවේ දවසක දෝණී පුතුයී අපිව....."




" මං ඔක්කොම අහගෙන හිටියේ මහත්තයෝ...මං දන්නවා මහත්තයා දෝණීට හුඟාක් ආදරේ බව ඇත්ත..එත් අපි එයාල ගැන ගොඩාක් ලොකු බලාපොරොත්තු තියාගන්න හොද නෑ මහත්තයෝ..අන්තිමට ඒ බලාපොරොත්තු තමයි අම්මෙක් තාත්තෙක්ව අඬවන්නේ..........."



" ඒත් එක කොහොමද කරන්නෙ සඳ..මං මගේ දොණීට පණ ඇරලා..මගේ ඇස් මායීමේ ලොකු වෙන කෙල්ලව වෙන පිරිමියෙක්ට දෙන්නෙ කොහොමද සඳ මං.........................."



" තව කල් තියෙනෙ මගේ මහත්තයෝ..කෝ ඉන්න මං තේ හදන් එන්නම් බොන්න........."



" තේ නම් ඔනිත් නෑ ..."



" අනෙ ඇයි මං හදන් එන්නම් ඉන්න.."



" දැන් බොන්න බෑ වගේ සඳ..තව ටිකක් මේ දෙන්නව අතේ තියන් ඉන්න ඔනේ...."




පුතුවයි දෝණිවයි තව තවත් ඒ පපුවට තද කර ගන්න ගමන් මහත්තයා කියන්නේ ..


ලාවට මගෙ මුණේ ඇදෙන හිනාවට මහත්තයා මගේ වැලමිටෙන් අල්ලලා එයාගේ ඉස්සරහට මාව ත් ඇදලා ගනිද්දි...






…………………………………………………………………………………………………




ටිකෙන් ටික දවසින් දවස ගෙවුනේ ..හැම අම්මෙක්ම කැප කරන කැප කිරිල්ල මං දෝණිටයි පුතුටයි කැප කරද්දී..



චුට්ට චුට්ට කවලා පොවලා..මුළු ගේ වටෙම දුවලා දුවලා...



ඒ චන්ඩි කම්..ඒ හුරතල් කම් එක්ක..දෝණී පුතුයි එක්ක මගේ කාලේ ගෙවුනේ..


දන්නෙම නැති විදිහට..



වෙනදට වඩා අපි හතර දෙනාම සතුටින් හිටියේ..දෝණි පුතුයි නිසාම වෙන්න ඔනේ..



එ දෙන්නගෙ දඟ වැඩ බල බල මමයි මහත්තයයී සතුටින් නොහිටිය දවසක් නැතුව ඇතී..



එ වගෙම මම රෑ ඇහෙරෙන ඇහැරෙන වාරයක් පාසා මහත්තයත් ඒ නිදි මරාගෙන දොණීවත් පුතුවත් නලව නලව..


ඒ අත් රිදෙනකන් එළි වෙනකම් ඇවිද්දා මට තාමත් මතකයී...



එහෙම කැප කිරිමක් කරලා..ලොකු කරගත්තු මගේ පැංචිට දැන් අවුරුදු දෙක ලැබුවේ හරියටම අද පාන්දර දොලහට...



පුතුට නම් අවුරුදු දෙක ලබන්න කිට්ටු වෙලයි තිබුණේ..



අද මගෙ පැංචිගෙ උපන්දිනේ නිසා..මහත්තයා ඔෆිස් එකේ වරුවක් නිවාඩු දාල එනවා කියලා මට කටින්ම කියලා ගියා...



උදේ ඉදන් නටන මගෙ දෝණියයි පුතු පැටියයි නිසා මට ගෙවල් අස් කරලම එපා උනා...




" දෝණී..දැන් ඇති අම්මිට මහන්සී කෝ නතර කරන්න දැන් ඔක.."



" බා....තා තිකයී අම්මීමී...මල්ලො උයා මාව අල්ලන්න මම දූන්නම්..."




පුතුට එයාව අල්ලන්න කිය කිය දෝණි ගේ වැඩේ මගේ වටේ දුවන එක...



කොච්චර කිව්වත් නාහෙට අහන්නැති මගේ දෝණිට ගිහිල්ලා තියෙන්නෙම මහත්තයගේ හිතුවක්කාර කම් කියලයි මට නම් හිතෙන්නෙම...




දවල්ට උයන්නත් එපා කියලා මහත්තයා ගියේ කොහෙට හරි ගිහින් කෑම කමු කියලා නිසා මං උයන්න ගියේ නැතුව ඉදියා...


ඩබලගෙ දැගලිල්ලත් එක්ක කොහේ උයන්නද කියලා හිතෙනවා වෙලාවකට..



එක්කො මොකක් හරි කටේ දාගනිවි..නැත්තම් මොකෙට හරි ඇගිල්ල ගහයී...




" දඩාස්..."



" දෝණීනි..."


" ..ආ..ඈ..ඈ..ඈ අම්මී..ආලෙ...ඌවා.. ඈ..ඈ..අනේ බබී ඌවා ඈ..."



" අනේ පුතේ මං කී සැරයක් කිවද ආ දුවන්න එපා කියලා..කෝ කෝ කොතනද වැදුනෙ මැණික.ගේ...එන්න අම්මා පිඹින්න....."



" අම්මී මෙතන ඌවා..වෙලා..ඈ..ඈ...අ.."




" හලි අම්මා පිඹින්නම්..දැන් අඩු වෙයි මගෙ දෝණිට..කෝ එන්න ඉන්දවන්න දැන් නවත්තන්න ඔනේ දෙන්නම ඔය සෙල්ලම හරිද......"




" අම්මි ..අත්තී ඌවා පව්ව්ව් අත්තී......"




පුතු පැටියා ඒ බෝල ඇස් වල කදුළු පුරව ගෙන කියවන්නේ දෝනි ගේ කකුල අත ගගා..




දෝණිට තරම්.


පුතුට තාම වචන කියාගන්න බැරි නිසා..


පුතු අක්කි වෙනුවට කිව්වේ අත්ති කියලා....



තාම එව් චුටී වයස උනත් මමයි මහත්තයි දෙන්නම පුතුඑක්ක කතා කරන එක අඩු උන නිසාම පුතු කතා කරන්න ටිකක් හොර උනා..



දෝණි ට නම් මහත්තයයි මමයි දෙන්නම කතා කරේ එයා වචන ඉක්මනට අල්ලගනිද්දි..


පුතුට එක කරන්න මහත්තයා ගෙදර හිටියෙත් නෑ වැඩ නිසා..මටත් වැඩියෙම පුතු එක්ක කතා කර කර කාලේ ගෙවන්න බැරි උනේ..



දෝණි එතකොට එහෙ මෙහෙ දුවන වය නිසාමයී...




කල්පනාවෙන් කල්පනාවෙන් මාව ගැස්සිලා ගියේ දෝණී තාත්තා ආව කියාගෙන දුවන සද්දෙට...




" යේ දෝණිගෙ තාත්ති ආව..අම්මි දොල අලින්නකූ බබාට හදිස්සි......."



" ඉන්න පුතේ ටිකක්..."




" බා බා..අනෙව් අලින්නකූ...දොල.."




" අත්තී කා ගාන්න අපා..."




" අම්මෝ දෙන්නා යුද්ධ කරනවද අම්මි එක්ක ආ ..."




ගෙට ගොඩ වෙන මහත්තයා ඇහුවේ පුතුයි දෝණි දෙන්නම මහත්තයගේ කකුලේ එල්ලෙනකොට........



" අම්මෝ ඔව් ..වැඩිය දෝණි තමා මහත්තයා දඟ...අද දවසෙම නටලා නටලා ඔය ඉන්නේ......."



" ඉතින් තාත්ති මල්ලත් සෙල්ලම් කලානේ මම විතලක් නෙවෙ නේ....."




" අනේ මගේ කපටී කෙල්ල..මල්ලිව සෙල්ලමට අරගන්නෙත් ඔයා තමා..මං දන්නැතුවයැ......."




" හි හී ...අම්මී අපි නන්කූ ..."



" යන්කෝ තමා..එක්කන් යන්න එපා තාත්තේ දෝණිව..අද දවසෙම දගැලුවා..එයා..."



" ඔන්න දැක්කද අම්මා කියන එක..අපි නම් දන්නෑ ..දොණිව එක්කරන් යන්නැ දැන් මම..මල්ලිව විතරක් එක්කරන් යනවා....."



" අනා බෑ..තාත්ති දෝනිව එක්කන් නන්න ..තාත්ති දෝනිව එක්කන් නන්න මං තලායි අනෙ මං තලායි තාත්තී ....මට ඔන්නැ මට ඔන්නැ මං තලායි ......"



" ඒ මගෙ අඬන කෙල්ල..අඩන්න එපා දෝණියෝ තාත්තා විහිළුවක් නේ කරේ මැනික..මේ බලන්න මල්ලී ශෝක් නේ ..ඔයා තමා අඩන්නේ අඩන බබා වගේ..කෝ පුතු එන්න තාත්ති ළගට.........."




දෝනි අඩනව මහත්තයා නලවනව..


තුන් දෙනාගෙම දිහා මං බලන් ඉන්නවා..



පොඩි උන් දෙන්නත් එක්කලා බැලුවම මහත්තයත් පොඩි එකා වගෙ දගලනවා..



අනෙ මන්දා..මහත්තයෝ කොහොමට හිටපූ ඔයාද මේ කියලා හිතා ගන්න බැරි තරම් ඔයා හුගාක් වෙනස් වෙලා.....



" සඳ..මං වොශ් එකක් දාන් එන්නම් දෙන්නව ලැස්ති කරලා ඔයත් ලෑස්ති වෙන්න යන්න..........."



" මහත්තයා කොහෙට වගේද යන්නෙ අපි...



" ම්ම් බලමුකො තැනක්..ඔයා ලෑස්ති වෙන්නකො ගිහින් ..."



" හා මහත්තයා ඇග සොදන්න එන්න මේ දෙන්නව අන්දන් එන්නම්......"




දොණිවයි පුතුවයි දෙන්නවම අතින් අල්ලගෙන මම කාමරෙට ආවෙ දෙන්නටම සූට් දෙක අන්දන්න හිතාගෙන..


අල්මාරියත් ඇරලා දෝණිට ඇදුමයි පුතුට ඇදුමයි අරගෙන..



දෙන්නටම සිරුවට අන්දලා කොන්ඩේ පිරලා..දෝණිගෙ කොන්ඩෙ කොන්ඩ කටු ගහලා ලස්සන පොඩී බෑන්ඩ් පොඩිත්තකුත් දලා...


පුතුටත් චූටී පාට පාට ලයිට් පත්තු වෙන සපත්තු දෙකත් දාලා ..පව්ඩර් ගෑව් ඒ චුටී මුණ අත පයේ..



" ඔන්න දැන් හරි..දෙන්නා එක්කම ඉස්සරහට වෙලා ඉන්න අම්මී ඇදගෙන එන්නම් හරිද...."



" හා අම්මී...එන්න මල්ලො අපි නන්...අම්මි සූට් දාන් එයී..."



" හා අත්තී..."



දෝනි පුතුවත් අල්ලගෙන කාමරෙන් එළියට ගියේ මමත් එ දිහා හිනා වෙලා බලන් ඉදලා ආයෙම මට ඇදුමක් තොරන්න්න අල්මාරිය අදිද්දී...




" ඔයා අද මේක අදින්න ඔනේ කෝ ගන්න......."




පිටිපස්සෙන් ආපූ ඒ හැඩි දැඩි අත් දෙක මගේ බද වටෙ ගෙතුනේ ඒ උනුහුම මට අදුරගන්න පුළුවන් වෙද්දී..


මුණ හරව්ලා ඒ මුණ දිහා මං බලද්දී..මහත්තයා මගේ අත උඩින් මොකද්දෝ බෑග් එකක් තිබ්බේ..


මං ව් බැග් එක ඇරලා බලලා එකෙ ඇතුලේ තිබුණු ඒ ගවුම එළියට ගනිද්දී..




" ම්හත්තයද තේරුවේ මෙක..."



" ඔව් කැතද?....ම්ම්"



" අනේ නෑ මහත්තයෝ මෙක ගොඩක් ලස්සනයී..මට එකට දැක්ක ගමන් ආස හිතුනා...තැන්කිව් මගේ මහත්තයෝ...."



" තැන්කිව් මොකටද බං..අද වගේ දවසක මගෙව් පැංචිව සතුටු කරලම බෑ නේ..මොකද අපේ පැංචිව ඉපැද්දුවේ ඔයානේ ම්ම්..."



" මහත්තයා මට ඔය තරමටම ආදරෙද.."




" එක අහන්න ඔන දෙයක් නෙවෙ සඳ..ඔයා එක හොදටම දන්න දෙයක්...මම ඔයාට තරම් වෙන කාටවත් ආදරේ කරේ නෑ සඳ...ඔය තමා මගේ පලවෙනී ආදරේ....."



එ වචන අස්සෙ මහත්තයා කතා කරේ ගොඩක් හැගුන් බර විදිහට..



එ ආදරණීය වචන අස්සේ මාව තව තවත් උණුසුම් වෙද්දී..


මහත්තයා ගෙනාපූ දිග ලා රෝස පාට ගවුමත් අතේ ගුලි කරගෙන ඒ පපුවට බර උනේ..



එ ගොරොසූ අත් වලින් මගෙ හිස පිරිමදිනකොට..



" සඳ..ඔක ඇදගෙන එන්න..මං බලන් ඉන්නවා.....


මං යන්නම් අපේ චන්ඩි පැට්ව් දෙන්න ඉස්සරහා මොනා කරනවද දන්නෑ නේ..."


මහත්තයගේ තුරුළෙන් මං අයින් වෙද්දී මහත්තයා කාමරෙන් එළියට ගියේ..



මහත්තයා ගෙනාපු එ ගවුම ඇදගනිද්දී..



" අනේ එක ලස්සනයි මට..මහත්තයට හොදටඇදුම් තොරන්න පුළුවන් වගේ..."



මං මටම කියාගත්තේ කන්නාඩියෙන් හැඩ බලන ගමන්..



විශ්වාස කරන්නත් බෑ..


මගේ ඇගටම තියලා මහපු ගවුමක් වගේ..


පුදුම ලස්සනක්...


කන්නාඩිය ඉස්සරහා වටයක් කැරකුන මම..ඉනෙන් පහලට දිගට තියෙන කොන්ඩේ කඩලා දලා ඉස්සරහට දාගත්තේ..


මගේ පෙනුම තවත් ලස්සනට මටම පෙනෙද්දී..


සෙරප්පු දෙකත් දාගෙන මම සාලෙට ගියා...




" ශා අම්මී සස්සනනන ..........."


.


මහත්තයගේ ඔඩොක්කුවෙ ඉදන් කාර්ටුන් බලපු දෝනී මා දිහාවට දුවලා එන ගමන් කියන්නෙ..



මහත්තයත් ඇහි පිල්ලමක් නොගහා මා දිහා බලන් ඉද්දී...



එ දැනුන ලැජ්ජාව නිසාම මම බිම බලාගෙන මහත්තයා දිහාවට ඇවිදන් ගියේ ..


මහත්තයා සොෆා එකෙන් නැගිට්ට කියලා මට පෙනෙද්දී ...




" හිතාගන්න බැරි තරම් ඔයා අද ගොඩාක් හැඩයී සඳ.....මං වශී වෙලා හැමදම වගේ අදත් ඔය ලස්සනට...................."



මගේ කනට කොදුරලා කියන ඒ වචන අස්සේ මගේ මුළු ඇග පුරම කරන්ට් එකක් වගේ දිව්වේ..


ඒ හුස්මෙ උනුසුමට...



" ඔයාට එක ගොඩාක් ලස්සනයි...!!"



" සුරන්ගනාවියක් වගේ ..මගේ පැංචිගේ අම්මා අද......."



මගේ මුණ දෝතට අරගෙන ..එකි ඇහි පිල්ලමක් වත් නොගහා කියන මහත්තයා..


ටික ටික මගේ මුණ ලගට ලං උනේ මං ඈත් වෙද්දී...



" අනේ ඇයී සද..."



" ආව් තාත්තී උයා මොකද්ද මගෙ අම්මිට කලන්න ගියේ..."



" අම්මට සිරි මේ කෙල්ල මෙතනද හිටියේ..ඔයානම් දෝණී හරී මීටරේ නේ ....."



මං ඈත් උනේ දෝනි පුතුයි දකින නිසාම තමා..


එත් මහත්තයට ඒ කේ වගයක් තිබුනේ නෑ..


දෝනි වෙන්න ගිය දෙ දැකලා කෑ ගහගෙන මහත්තයගෙ කලිසමේ එල්ලුනේ ..


මට බකස් ගාල හිර කරගෙන හිටපු හිනාව එළියට පනිද්දි...



" නිකන් වත් කියන්න එපැයි අනෙ දොණි ළඟ කියලා ඔයා මහා මොකද්ද සඳ.."



මුණත් නොක්කාඩු කරන් දෝණිවත් වඩාගෙන පුතුවත් අල්ලගෙන මහත්තයා කියන්නෙ..


තව ත් හිනා යද්දී..


ඇයි දෙයිය්නේ මං නේ අයින් උනේ..


අයින් උනේ නැත්තම් බලාගන්න තිබුනා මීට වඩා හොදට...



." මං අයින් උනේ එකානේ..හ්ම් කොහෙද සීහියක් නෑ නේ....."



" ඉවසන් ඉන්නෙ කොහොමද බං..ඉතින් මමත් මනුස්සයෙක් නෙ සඳ....."




" කාද තාත්තී සඳ..."




දෝණී මුනත් තහඩු කරන් අහන්නෙ මහත්තයා මං දිහා බලලා කට ඇද කරද්දී..


හොද වැඩෙ..ළමයි ඉන්න තැන ඔව කියනවට.



දැන් දෙන්න එපෑ ඔවට උත්තර...



" නෑ නෑ එක ඔනේ නෑ ..ඔන්නැති කෙහෙල් මලක් නෑ මේ කෙල්ලට....."



" කෙ..කෙ..හෙල් ල්ල් "



" මේ කෙල්ලට මම දැන් යකෝ..හොදටම පැහිලා..කියන කියන එක කියනවනේ...ගුටි දෙන්නෙ දෝණී හොදේ තාත්තී........."




" එහෙම තමයී මහත්තයෝ පුංචි දරුවෝ..අපි කියන දේවල් එයාල පොඩි මනසට අල්ලගන්නවා..අපි වචන පරිස්සමින් කතා කරාම හරී..."




" හොදට හිටී..කෝ පුතුව වඩාගෙන එන්න සඳ...පුතු යන්න මැනික අම්මි අතට..."




මහත්තයා ගාවින් මගෙ ළගට දුවලා ආපූ පුතුව මං උස්සලා වඩාගත්තේ මහත්තයා දෝණිව උස්සගෙන කාර් එකට නගිද්දී..


මං පුතුවත් උස්සගෙන ගෙදරත් ලොක් කරලා කාර් එකට නැග්ගෙ..


දෙන්නවම ළඟ ඉන්දොගනිද්දී..



" හරී නේ එනම් දොරවල් වැහුවනේ.."



" ඔව් මහත්තයෝ මම වැහුවා.."



" හ්ම්.."


.එ පමාවටම මහත්තයා කාර් එක ස්ටාර්ට් කරේ මං දෝනිවයි පුතුවයි තද කරලා අල්ල ගනිද්දී...




.............................................................................



හරියටම පැයක් වගේ ගියේ අපිට ඒ රෙස්ටුරන්ට් එකට එන්න..



මහත්තයා කා එකෙන් බැහලා දොනිවයි පුතුවයි ගත්ට්ගේ මට බහින්න..



" දගලන්න එපා දෝණී..ටිකක් ඉන්න අම්ම බහිනකම්.."



" අනී තාත්ති අපි නන්කෝ .."



" ඉන්න දෝනි යනවා..අම්මව දලා යන්නද ආ.."




" අයියො දෙන්නගේ කැගැහිල්ල මොකද මේ...පුතු කෝ එන්න අම්මි ලගට..."



" අම්මි..අපා කෝද මේ "



" හබුන් කන්න ආවේ පුතුට..පුතු කනොද .."



!"ම්ම් අම්මි.."



" අපි යන් නෙද සඳ..මගේ පුතු මොකද කියන්නේ..හබුන් කනො නෙද.."



" තාත්තීතී...!!"



" ඕ ..පුතේ ...ඇයි වස්තුව.."



" බ්බී කන්නම් හබුන්.."




" හා මගෙ පුතා කන්න..කෝ යන් සඳ එන්න..."





කියවිල්ල්ව්න් කියවිල්ලෙන් හතර දෙනා එක්කම රෙස්ටුරන්ට් එකට ගියා..




" මොනා කන්නෙ තොරලා කියන්න ඔයා.."




"මහත්තයා කැමති දෙයක් ගන්න .."




" බෑ බෑ එහෙම බෑ...කෝ තොරලා කියන්න මං මේ දෙන්නට තොරන් එනකම්..



කෝ එන්න දෙන්නම..."




මහත්තයා පුතුව වඩාගෙන දෝනිවත් අතින් අල්ලන් ගියේ මට කන දෙයක් තොරන්න කියලා කෑම පොතක් අතට දීලා..



පුතුටයි දෝනිටයි ආස වීදිහට කෑම අරන් දෙන ඒ අදරේ දැක්කම..


මට කැම ඔන්නැ කියලා හිතෙන තරමට බඩ පිරුනා..


මහත්තයා මට වගෙම දරුවො දෙන්නටම හුගාක් ආදරේ කරා..


එකම ඇති මට මුළු ජීවත කලෙම සතුටින් ඉන්න



" අම්මි තාත්ති මටයි මල්ලාටයි..මෙව අලන් දුන්නා මේන්...."




දෝනී කෑම අතේ තියාගෙ පෙන්න පෙන්න කියවන්නෙ එ මුණේ හරි අහිංසක හිනාවක් ඇදෙනකොට..


දොනිව ලගට අරන් ඔඩ්ඩොක්කුවෙන් ඉන්දොගත්තේ පුතු ව වඩාගෙන මහත්තයා මං ඉන්න පැත්තට එද්දී.......


........................🌿🌿🌿🌿🌿🌿🌿



Report Page