හෝම් කමින්ග්

හෝම් කමින්ග්

Pink heart 💖

~•❤️ තිස් හයවෙනි දිගහැරුම~•❤️

❤️....මිහිදන් කැලඹිල්ලක් ...❤️


මෙය කොටස් වශයෙන් හෝ සම්පුර්ණ ලෙස උපුටා ගෙන වෙනත් සමාජ ජලා වල පළ කිරිම සපුරා තහනම් ය ..

මෙහි කතෘ අයිතිය chathuddya වන මා සතුය..


....


" දැන් හොදටම විශ්වාස ඇති මිස්ට නුරාග්ට මේ ඉන්නෙ මෙහෙර් අනුරාද් දිසානායකගේ එකම නංගී..අමීරා නමින් පෙනී හිටපූ මෙවනී අනුජා දිසානායක !! විශ්වාස කරන්න පුළුවන්ද ! මිස්ට නුරාග්ට! ......................."





" සර්...!!!"




" කියන්න මිස්ට නුරාග් තව මොනවද දැනගන්න ඔනේ අපේන්....."




" එතකොට මේ ඉන්නෙ අමීරා ..."




" නෑ මිස්ට නුරාග් ..මේ ඉන්නෙ මෙවනී අනුජා දිසානායක..මෙහෙර් අනුරාද් දිසානායකගෙ එකම නංගී..එහෙම නැත්තම් මෙහෙර්ගේ ප්ලෑන් වල ඉත්තා තමයි මෙවනී අනුජා දිසානායක කියන්නෙ......."




බෑ..බෑ මට නම් තව එක වචනයක් කතා කරගන්න බෑ..



මහත්තයටත් හොදටම දාඩිය දාලා..



කොහොමද කොහොම්ද අපි මෙ දෙවල් විශ්වාස කරන්නෙ..



දෙයියනේ අමීරා..අමීරා මෙච්චර කාලයක් අපි එක්ක හොදින් ඉදලත් කරේ මෙච්චර රැවටීමක්ද!!




ඇයි මිනිස්සු මෙච්චර කපටී දෙයියනේ..අහිංසක අපෙන් මොනවද එයාලා එච්චරටම බලාපොරොත්තු වුණේ..


මගේ ඇස් වල ඒ දෙවල් ලියවෙද්දී..කදුළු එක දෙක කඩාහැලෙන ඇස් දෙකෙන් මන් මහත්තයා දිහා බැලුවේ ..මහත්තයා ඔලුව බිමට නවාගෙන සාක්කුවට අත් දෙක දාගද්දී,,,,,,,,,





" මිනියෙ අවසන් කටයුතු මෙහෙන්ම කරලා දාන්නද මිස්ට නුරාග් ලා මිනිය බාරගන්නවද?......."




විනාඩී පහක කාලය්ක් තිස්සෙ නිශ්ෂබ්දව හිටපූ අපි දෙන්නගෙ ඔලු දෙක ඉස්සුනේ පොලීසියේ O.I.C මහතයා කිව්ව කතාවට ..



" අපිට මිනිය බාරගන්න බෑ සර්..ඔහෙන් අවසන් කටයුතු කරලා දන්න..තව දුරටත් මන් ආස නෑ මෙ දේ ඇද ගෙන යන්න..එත් අනිවාරෙන්ම මෙහෙර් ට කරන්න ඔනේ එක සර් කරන්න ඔනේ ......"




" බරපතල මිනිමැරුන් චෝදනා දෙකක් පිට අපි එයාව අත්තඩංගුවට ගත්තත් දැන් අපිට හිතා ගන්න බෑ මෙ මිනිහා කොහොමද එක මිනිමැරුමකින් නිදහස් උනේ කියලා....මොකද මිසිස් සදීව මරන්න ආවට එයා බෙරිලා තියනවා කියලා කටවුත්තර වල සඳහන් වෙලා තියනවා !!.................."




අනෙ මන්දා මෙ දෙවල් මන් කොහොම හිතලා ඉවරයක් කරන්නද...



එහෙන් මගෙ නංගිව මරපු ප්‍රශ්නෙ එහෙන් අමීරා අපිව මෙච්චර දවසක් බොරු නමකිම් රවට්ටපූ එක...



ඔලුවත් එක්ක රිදීගෙන එන නිස මන් එතනින් ටිකක් එහාට ගියේ ..අමීරගෙ දරුවව නර්ස් ගෙනියද්දී...



මට එ පැටියා අඬන දිහාවත් බලන්න උවමනාවක් තිබ්බෙ නෑ !!



මොකද ඊටත් වඩා මගෙ ඔලුවේ දහසක් ප්‍රශ්න එතන තිබ්බා...


..


මහත්තයයි පොලීසියේ O.IC මහත්තයයි දෙන්නත් එක්කලා කතා කරලා ඉවර වෙනකන් මන් පැත්තකට උණේ තවත් මේ දෙවල් ඔලුවට දාන් ඔලුව බරක් කරගන්න මට බැරී නිසාමයි.......




' අමීරගෙ දරුවට මහත්තයා මොනා කරාවිද?....'



' අනේ ඒ නොදරුවා පව් දෙයියනේ ..මන් මොකක්ද මේකට කරන්නේ....'




මන් මටම කිය කිය මුමුණ මුමුණ ඉද්දී මහත්තා මන් ඉන්න තැනට ආවේ මන් එක පිම්මට නැගිටලා මහත්තාගෙ ශර්ට් එක ගුලි කරලා අරන් ඒ පපුවට ලං වෙද්දී.....



මහත්තයත් කිසිම කතා බහක් නැතුව..එ පපුවට තුරුළු වෙන මාව තවත් හයියෙන් තද කරගත්තෙ මගෙ ඔලුව අත ගාන ගමන්..


හිතට යම් කිසි සහනයක් දැනුනත් මට හිතුනෙ ආයෙ ගෙදර ගිය ගමන් මෙ ප්‍රශ්න වලින් ගැලවීමක් ලැබෙන්නෙ නෑ නෙද කියලා..




" මාර කේන්තියී මට !........."





මහත්තයා වේගෙන් හුස්ම ගන්න ගමන් කිව්ව දේත් එක්කලා මම ඉබෙටම මහත්තයගෙන් ඈත් වෙලා එ මුහුණ දිහා බැලුවේ ,


ඒ ඇස් මගෙ ඇස් මඟහරිද්දී....



එත් මන් ඒ ඇස් බලන්න කොච්චර මුණ හැරෙව්වත් මහත්තයා එයාගෙ ඇස් දිහා මට තවත් බලන්න නොදී මාව අතින් ඇදගෙන ගියේ හොස්පිටල් එකෙන් එළියට......




පරඩැලක් ගානට මහත්තයා යන වෙගෙට මම ත් ඔහේ ඇදිලා ගියා...


නොනවත්වා මහත්තයා මාව ඇදගෙන යන නිසා බැරිම තැන මම මහත්තයගෙන් අත ගලවගන්න උත්සහා කරේ..ඒ අතින් මගෙ අත හරි ශක්තිමත් විදිහට අල්ලන් හිටපු නිසා එක මට හුගාක් රිදෙද්දී.....



" අනේ මහත්තයා අත ...රි..දෙනවා....."



බැරිම තැන මම අත හයියෙන් ඇදගෙන කිව්වෙ මග නතර වෙන්න උත්සහා කරද්දී...




" සොරී ..සොරි සොරී... "




" මහත්තයා ..අනෙ ඇයි මේ ..අනෙ ඇයි කියන්නකෝ කලබලෙන්...ආ....?"




" මුකුත් නෑ....."



" අනෙ මට කියන්න මහත්තයෝ ..මම නෙද ඔයාගෙ කසාද ගෑනී..මට කියන්න බැරි දෙයක් මගේ මහත්තයට තියෙන්නෙ බෑ නෙද මහත්තයෝ ම්ම්......?"




" මේ දෙවල් නිසා උබ ඔලුව බර කරගන්න ඔනේ නෑ සඳ..මෙ දෙවල් මම තනියම විසදගන්නම්...."



" නෑ..මමත් ඉන්නවා ඔයත් එක්ක..හැම ප්‍ර්ශ්නයක්ම විසදන්න..."



" හැබැයි අරකි දරුවා එ වගේ නරුම අම්මෙක්ගෙන් කිරි ටිකවත් නොබී ඉන්න පින් කරලා තිබුණම ඇතී........"




අත්නිමට එ වචන ටික කියලා දලා මහත්තයා ඈත බැලුවේ...



ඈත බලනකොට මගෙ ඇස් වලට ත් නර්ස් අපි ළගට එනවා ඔහොම මෙහෙම පෙනෙද්දී,,,,,




" මිසිස් සදී කියන්නෙ..."



මන් දිහාවට ඇඟිල්ල දික් කරලා නර්ස් අහද්දි මන් ඔලුව හෙල්ලුවෙ ඔව් කියන්න...



" ඇයි මොක්ක් හරි ප්‍රශ්නයක්ද මිසි...?"




" නෑ මෙකයී..කැමති නම් විතරයි ඔයාලා දෙන්නම..."



නර්ස් කියපු කතාවත් එක්කලා මම මහත්තාගෙ මුහුණ දිහා බැලුවේ ..මහත්තයත් මන් දිහා බලලා නර්ස් කියපූ කතාවට එයාගෙ මුණත් දිහා මාරුවෙන් මාරුවට බලද්දී......



" අර අද අම්මා නැති උන දරුවට කිරි ටිකක් දෙන්න ඔයාට පුළුවන්ද?...."




" අනේ දරුවව ගෙනාවද නර්ස්..හරි මම දෙන්නම් අපි යන්...."




" හරි මිසිස් සදී එහෙනම් ඉක්මන් කරලා යමු ....."





" සඳී ඉන්නවා ඔහොම ටිකක්......."




අමීරගෙ දරුවට කිරි ටික දෙන්න නර්ස් ඇවිත් කියද්දී මගෙ පපුව පිච්චුනා නොකිව්වොත් එ බොරු..



එ චුටී දරු පැටියා හුස්ම උඩට ඇද ඇද අඩනවා මන් මගේ ඇස් දෙකෙන්ම දකිද්දීත්..



එ නොදරුවට කිරි ටිකක් නොදී ඉන්න තරම් එවෙලෙ මගෙ හිත කුහක උනේ නෑ..



මහත්තයගෙන් තව අහ අහ ඉන්නත් නොගියා මම කෙලින්ම නර්ස් එක්ක යන්න හැදුවේ දරු පැටියා බඩගිනින්නෙ අඬන නිසා කියලා



එත් අඩියක් දෙකක් යනකොට මහත්තයා මව හයියෙන් ඇදලගත්තෙ කකුල පැටලිලා මාව වැටෙන්න යද්දී..




" තමුසෙ මොකටද යන්නෙ දැන්..."




" මහත්තයා අර දරුවට කිරි ටික දීලා එන්න"




" තමුසෙට අපේ දරුවා අරහේ අඬනවා ගානක් නැද්ද සඳ..අපිටම වල කපපූ ගෑණිගෙ දරුවට රෙද්ද උස්සගෙන කිරි දෙන්න යන්නේ.................."




"අනේ මහත්තයො මොනවද මෙ කියන්නෙ ..දෙයියනේ එ චූටී මුකුත් නොදන්න දරු පැටියෙක් නේද....."




"මම අහන්නෙ අරහේ අච්චර අපේ දරුවා අඬනවා කියද්දී කිරි නැතුව උබ එනකන්..උබ මෙච්චර වෙලා ගානක් නැතුව ඉදලා ඇයි අර ගැනිගෙ ලමයට කිරි දෙන්න කිව්ව ගමන් යන්නෙ.........."




" මට මගේ දරු පැටියා හා සමානව මට එ කොයි දරුවත් වටිනවා මහත්තයා ..සමහරවිට මගෙ පපුවේ කිරි එරෙන්න ඇත්තෙ අපේ දොණිට වගෙම එ දරු පැටියටත් වෙන්න ඇතී කියලා මට හොදටම විශ්වාසයී......................!!"





Pov -: නුරාග් සඳනෙක




මම හයියෙන් සඳිගෙ අත අල්ලන් ඉද්දී අන්තිමට එ වචන ටික කියලා එයා ගියේ ..


අන්තිමට මන් කියපු දේ බරපතල කම මටම තෙරෙද්දී..



ඇත්තටම ඔයා ගොඩක් හොද කෙනෙක් කියන්න මන් දන්නවා සදී ..



හිතුවේ නෑ මමවත් උබ අම්මා කියන වගකීම හරියටම බාර අරන් කියලා..



එත් අපිට ඉපදුනු දෝණියා අරහේ අඬද්දී..උබ මෙ දරුවට කිරි දෙන්න යන එක ගැන මට ආවේ තරහක් ..



එත් මට දැන් තමා සඳ තෙරෙන්නෙ .. එ දරු පැටියා උබෙ කුස නොයිපදුනත්..උබේම කිරි හොයාගෙන ආව...අපේම උණුහුම ..ඒ තුරුළ ඒ ආදරේ හොයාගෙනම අපි වෙනුවෙන්ම ආපූ දරු පැටියෙක් කියලා....!!




එ හැමදෙම මම එක සිරුවට කල්පනා කර කර ඉස්සරහට ගියේ සදී දරුවට කිරි ටිකා දීලා මගට එනකන්...



කරන්න දෙයක් නැති නිසා ආයෙම කේසරගේ ෆෝන් එකට කෝල් එකක් දලා බැලුවේ ..දෝණීගේ අඩනවද බලන්න..



එත් එ යකගෙත් ෆෝන් කට්ට වැඩ නැතිනිසා මන් එකත් කට් කරලා දලා ආයෙ ෆෝන් එක සාක්කුවට දාන් බලන් හිටියේ සදී කීයට හරි දරුවට කිරි දිලා එයි කියලා බලාගෙන...






°••••••❣️🌿••••••°





" ල..ල්.... ඈ.....ඈ..... ල්...... ..."


දරු පැටියා කිරි බොද්දී කටින් සද්ද දදා බොන්නේ මගෙම දොණිට කිරිදුන්නා වගෙ මම අමීරගෙ දරුවටත් එ විදිහටම ආදරෙන් කිරි ටික දෙද්දී..


පුතු පැටියනම් බීගෙන බිගෙන යන්නෙ මගෙ හිතටත් තව ලොකු දුකක් වගෙම සතුටක් එකතු වෙද්දී.


' එක අතින් මෙ දරුවට මට කිරි ටිකක් හරි දෙන්න පින තිබුණනේ' හ..ම්...'


මගෙ හිත එහෙම කියද්දී..හරි හරියට දඟල දඟල කිරි බොන චුටි පැටියගේ.. රෝස පාට ඒ චූටී ක්ම්බුලට මන් හාද්දක් තැවරුවේ

යන්තම් කිරි බොන එක නවත්තලා හිමිහිට ඉදලා ..ආයෙමත් සුපුරුදු විදිහට වදුරු පැටියෙක් වගේ බීගෙන බීගෙන යද්දී...



මහත්තයවත් අතැරලා දල මන් ආවෙ දරුවට මෙ කිරි ටික දෙන්න...මොකද මෙ චුටි දරුවා පලි නෑ දෙමව්පියෝ න් ගෙ වැරදි වලට..


එක මහත්තයත් තෙරුම් ගන්නම ඔනී දෙයක්..!!


මගේ හිත තදින් කියුවේ එහෙම...


කිරි ටිකත් දිලා නර්ස් අතට දරුවව දීලා මම ආවේ මහත්තයව හොයාගෙන..


එ ද්දිත් මහත්තයා සාක්කුවට අත් දෙක දාන් කල්පනා කර කර ඉන්නව මට පෙනුනා..


අඩියට දෙකට මහත්තයා ළගට මම කිට්ටු වුණේ මහත්තයා මගේ සෙරප්පූ සද්දෙට මා දිහාවට හැරෙද්දී........


" මොකද මෙච්චර වෙලා කරේ..."


" ටිකක් වෙලා ගියා මහත්තයා..කිරි චුට්ටක් දොවලත් තියලා ආවා..බඩගිනි උනාම පොවන්න පැටියට......."


" හ්ම්..හරි හරි යන් අපි දරුවා අඬනවා ඇති...!"


" මේ .....මහත්තයා මේ.....ම්..."










මතුවට ....


🤔මොකද්ද සදී මහත්තයට ඒ කියන්න හදන්න ඇත්තේ...


😌බලමුකෝ නේද..එක්කෙනෙක් මගෙ ඉන්බොක්ස් ඇවිත් කතාව ගෙස්ට් කරා කියන්නකෝ..හැබැයි එක හරිද නැද්ද කියලා නම් බලන්න වෙන්නෙ ඔයාලට කතාවේ මැව හරියකදී තමා..😁.. අපි බලමු හරියයිද වරදිද කියලා... 😁😌


කතාව දෙන්න හම්බුනෙ නෑ නෙ අනේ..ටෙලිග්‍රෑම් එකට යන්න බැරුව ඉදියා පැයක් වගේ.. මොකද දන්නෑ කේස් එක අපේ තරූ අක්කටයි හශියටයිත් එහෙම උනාලූ..ඔයාලටත් එහෙමද?..



ගිය සැරෙ වගේ රියැක්ශන් 100+ කුයි හිත පිරෙන්න ක්ම්නෙට් 50+ කුයි තිබ්බොත් කතාව හෙට 😒බෝනස් එකක් එක්ක විෂේෂ කරලා දෙනවා .හැබැයි නැතිඋනොත් නම් නෑ හොදේ....


🤧බෝනස් දෙන්නෙත් නෑ..කතාව දෙන්නෙත් නෑ..මෙච්චර කල් කියවපු හැමොගෙන්ම කතාව ලස්සනයි නොකිය දැනෙන්න යමක් කියන්න ඇත්තෙම නැද්ද 🙂...අසනිප නොබලා බෝනස් එකක් හරි දෙනවා හිත පිරෙන්න ක්ම්නෙට් පනහක් හැටක් වත් තිබ්බොත්....


Report Page