හීනයක්දෝ මේ..

හීනයක්දෝ මේ..

𝓡𝓮𝓼𝓱𝓪𝓷𝓲𝓲🐼🖤


#කෙටිකතාවකි

හිත නොපිලිගත්තත් තවත් එක් අකීකරු කතාවක්...






"අන්නේ... එපා මහත්තයා... එපා... මට යන්න දෙන්න... අන්නේ... වදින්නම් මහත්තයා... මාව අතාරින්න..."







"උබව සල්ලි දීලා මන් ගත්තේ මේ කෙහෙම්මල් ඇඩියාවක් බලන්න නෙවෙයි යකෝ... නැගිටපන්..." 







"අන්නේ... මහත්තයා... මට යන්න දෙන්න... මන් මේ මුකුත් දන්නෑ දෙයියනේ... මට යන්න දෙන්න..."







"මෙතෙන්ට එන ඔක්කොම ඔය කතාව තමා කියන්නේ බබා... ඒනිසා මගේ යකා අවුස්සන්නේ නැතුව නැගිටපන්..."







"අන්නේ... මාව බලෙන්ම අරන් ආවේ මෙයාලා... මට මුකුත් කරන්න එපා... අන්නේ... මට යන්න දෙන්න මහත්තයා... පින්සිද්ධ වෙයි..."







"තමුසෙට දුන්න ගාන මදිද... ආහ්... කියනවා ඉතින්... තව කීයක්ද ඕනි කියනවා උබට... ඉල්ලන ගානක් දෙන්නම්... කියනවා ඉතින්..."







කෙතරම් හඩා වැලපුණත්... ඒ රුව අභියස කොතරම් වෙලාවක් ආයාචනා කලත්... ඇයට හිමි වූයේ... නොදන්නා කෙනෙකු ඉදිරියේ ඇගේ මුලු ජීවිතයම... නැත ඇගේ මුලු වටිනාකම... පරිත්‍යාග කිරීමටයි...







"ශිට්... මේ ගැනී හින්දා මගේ මුලු ඇගම රිදෙනවා..."







උදෑසන අවදි වූ ඔහු බැන වදිමින්ම දුටුවේ පොරෝනය තුල ගුලි වී නිදාසිටින මේ ආගන්තුක රුව දෙසයි... පෙරදින රාත්‍රියේ සිදූ වූ සියල්ල එක මොහොතකට මතක් වී ඔහුගේ මූහුනේ ඇදුනේ ජයග්‍රාහී සිනහවකි... 







ඇය දෙස ඕනෑකමින් බැලූ ඔහුට දැනුනේ කුමක්දෝ හුරුපුරුදු බවක් වුනත් ඇය පිලිබද නැවත ඇතිවූ කෝපයෙන් ඔහු කාමරය දෙවනත් වෙන්න කෑගසුවේ ඇය පොරවාගෙන සිටි පොරෝනයද ඇගේ ගතින් ඉවත් කරමින්...







නෑ... නෑ... මේක... වෙන්න... බෑ... ඕහ් මයිගෝඩ්... මෙහෙම දෙයක් වුනේ කොහොමද ආකේෂ්... ඕහ්... ශිට්... 







"කියපන්... ඇයි උබ මට මේක කලින් කිව්වේ නැත්තේ... කියපන් ඉතින්..."







"අහිංසක ගෑනුලමයින්ගේ ජීවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරන එකද ඔයාගේ ජීවිතේ මහත්තයා..."







ඉතා නොසන්සුන්ව කොන්ඩය උඩින් ඉහලට ඇද ගනිමින් ඔහු ඇද පාමුලම බිම වැටී කල්පනා කලේ ඔහු සිදුකල වැරැද්ද පිලිබදවයි...







පියාගේ රැකවරණයද මවගේ සෙනෙහසද නොලද මේ කඩවසම් තරුණයා ජීවත් වූයේ ඔහුගේ හිතුවක්කාර තීරණ වලට යටත්වයි...







සෑම දවසකම ඔහුට අවශ්‍ය වූයේ වෙනත් ගැහැණියකගේ පහස පමණයි... ජීවිතය පිළිබද කිසිදු වැටහීමක් නැති ඔහු සිතුවේ රාගය යනු ජීවිතය පමණක් බවයි...







"අම්මා තාත්තා නැති මන් එදා වේල හොයාගත්තෙත් ගොඩක් අමාරුවෙන් මහත්තයා... මෙච්චර කාලෙකට මන් ජීවත් වුනේ කිසිම පිරිමියෙක්ගේ බැල්මක් නැතුව ගොඩක් පරිස්සමට... ඒත්..."







එකවරම ඇය සිහිසුන්ව ඇදවැටුනේ කියන්න ගිය එකද අතරමග නතර කරමින්...







තප්පර... විනාඩි ගාන ගෙවිලා ගියේ හිතේ තිගැස්මද වැඩි කරමින්... එක විනාඩියක් ගෙවිලා ගියද ඔහුට එය දැණුනේ කල්පයක් වගේ...







"මචං... ආකේෂ්... මොකද්ද බන් උබ කරගත්තේ මේ..." 







"මන් දන්නෑ බන්... මට මේ මුකුත් තේරෙන්නෑ... මන් මොකද්ද කරන්නේ කියපන් බන්..."







"උබට ඔය සෙල්ලම නවත්ගන්න කියලා මන් ගොඩක් කල් බන්... කොහෙද අපි කියන ඒවා අහනවද උබ..."







"මට මුලදිම අමුත්තක් දැනුනා බන්... ඒ කෙල්ල මගේ කකුල්දෙක ලග වැටිලා ඇඩුවේ බන්... ඇයි මට ඒක කලින් දැනුනේ නැත්තේ... මන් මහා පව්කාරයෙක්..."







"දැන්වත් ඕක නවත්තලා දාපන්... අම්මගෙන් පලිගන්න හිතන් අහිංසක කෙල්ලොන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා බන්..."







"මිස්ටර් ආකේෂ්... ඔයා නේද පේෂන්ට්ගේ හස්බන්ඩ්..."







"ආහ්... ඔව්... ඔව්... ඩොක්ටර්... කියන්න එයාට දැන් කොහොමද..."







"පේෂන්ට් නම් නෝමල්... හැබැයි මීට වඩා පරිස්සමින් බලා ගන්න ඕනි එයාව තේරුණානේ..."







"ගොඩක් තෑන්ක්ස් ඩොක්ටර්..."







වෝඩ් එකේ කවුලුවෙන් පේන උබ දිහා මන් බලන් හිටියේ සිතින් දහස් වාරයක් උබෙන් සමාව ඉල්ලන ගමන්... අමතක කරන්න හදන වාරයක් පාසා මතක් වෙන්නෙම හරි අපූරුවට සුදු ඇතිරිල්ලේ සටහන් වෙලා තිබුණ ඒ සංකේතේ...







හොස්පිට්ල් එකෙන් උබව අරන් ආපු දවසෙම උබට යන්න ඕනි කිව්වේ උබ හිටපු තැනටමයි... මගේ මූන දිහා වැරදිලාවත් හැරිලා බලන්නේ නැතුව උබ යන්නම ගියේ මගේ හිතත් අරගෙනමද මන්දා...







ජීවිතේ වැඩිම හරියක් ගැහැණුන්ගේ පහස ලබපු මට ආදරේ කියන වචනේ තේරුමවත් හරිහැටි දැනගන්න උවමනාවක් තිබුනේ නෑ... කවදාවත් නැති විදිහට මේ හිත මේ තරම් කලබලා වෙල තියෙන්නේ ඒ ආගන්තුක ඇස් දැකපු මුල් දවසේ ඉදන්මයි... පිරිමි හිතක් හොල්ලපු ඒ ඇස් මතක් වෙනකොට හදවතට දැනෙන ඒ හැගීම ආදරයද...







"ආකේෂ්... උබව මීට් වෙන්න කවුරුහරි ඇවිත්... කැබින් එකට එවන්නද..."







"කව්ද..."







"හරියටම දන්නෑ... උබව හොදටම දන්න කෙනෙක් කිව්වා..."







"එන්න... කියන්න..."







කැබින් එකේ ඩෝ එක දිහා හිස් හැගීමකින් බලාගෙන හිටපු මන් එකපාරටම ගැස්සිලා ගියේ ඒ ආපු කෙනා දැකලා...







"අම්මා... මොකටද තවත් මාව හොයාගෙන ආවේ..."







"පුතා... මන් කියන දේ අහන්න... මට ටිකක් කතා කරන්න දෙන්න..."







"මට තවත් ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ අම්මා... මගේ ජීවිතේම අපායක් කරපු එකට ඔයා වග කියන්න ඕනී..."







"වෙච්ච දේවල් වලට මන් සමාව ඉල්ලනවා පුතා... තාත්තා මාවයි ඔයාවයි දාලා ගියාට පස්සේ මට කරන්න තිබ්බ එකම දේ ඔයාව හදන්න වෙන කෙනෙක්ට භාර දෙන එක විතරයි... මන් ඒ හැමදේම කලේ ඔයාගෙම හොදට... ඔයා මන් ලග දුක් විදිනවා බලන්න බැරි නිසා..."







"හරි... දැන් මන් හොදින් ඉන්නවා නේ... ආයේ මොකටද මගේ පස්සෙන් ඇවිත් මට වද දෙන්නේ... ආහ්..."







"පුතා කැමති නැද්ද... ආයේ අම්මා ලගට එන්න..."






දරුවෙක් අම්මා කෙනෙක්ගෙන් වෙලා ඉන්නවා තරම් දුකක් තවත් මේ ලෝකේ තියනවාද...







"අම්මා තාත්තා නැති මන් එදා වේල හොයාගත්තෙත් ගොඩක් අමාරුවෙන් මහත්තයා..."







ඇය එදා පැවසූ වදන් හිතේ දෝන්කාර දුන්නේ මට මන් ගැනම නැවත ඇතිවුණු ලැජ්ජාවට...






"මාව ආයේ කවදාවත් දාලා යන්න හිතන්න එපා අම්මා... මට පිස්සු හැදිලම මැරිලා යයි..." 







අම්මා ගැන මෙතරම් කාලයක් සැගවිලා තිබුණ සෙනෙහස ඇගේ ලය මතම දියකරලා දැමුවේ තව තවත් මම මවගේ උණුසුමේ ගුලි වෙමින්...







"අවුරුදු විසිතුනක් වෙලත් තාම අඩනවා පොඩිලමෙක් වගේ... පුතාට දැන් වැඩක් නැත්තම් අපි ගමනක් යමුද..."






"කොහෙද අම්මා..."






"ඔයාට ගියාම දැනගන්න පුලුවන් වෙයි..."







තප්පර ගානකට හිතුනා මන් ජීවත් වෙන්න පටන් ගත්තේ දැන්ද කියලා... නෑ... ඒත්... හිතේ මොකද්දෝ කියන්න බැරි අසරණකමක් එක්ක ලොකු දුකක් දැනෙනවා... 







අම්මා කියපු විදිහටම මන් කාර් එක අරන් ඇවිත් නතර කලේ ටිකක් පරණ තාලේ ගෙදරක් ලග...







"කොහෙද අම්මා මේ..."







"ඔයාගේ හැම ප්‍රශ්නයකටම අද උත්තයක් ලැබෙයි... එන්නකෝ යමු..."








හිතන්නවත් වෙලාවක් නැතුව අම්මා කාර් එකෙන් බැහැලා ඒ ගෙදර ඇතුලට ගියේ මමත් අම්මා පස්සෙන්ම යද්දී...







ගෙදරට ඇතුල් වෙනකොටම දැක්ක දෙයින් මගේ මුලු හදවතම එකතැන නතර වෙලා වගේ ගියේ අතීතයේ වුනු හැමදේම ආයේ ආයේ මගේ ඇස් ඉස්සරහම මැවී මැවී පෙනෙද්දී...







මාව ගනන් ගන්නෙවත් නැතුව අම්මා ලගට ආපු ඇය අම්මට දණ ගහලා වැන්දේ අම්මා ඇයව තුරුල් කරගෙන අඩද්දී...







"මට සමාවෙදෙන්න දුව... මෙච්චර කල් ඔයාව මගඇරපු එකට..." 







"පුතා... දුව... දන්නවද... ඔයාලා දෙන්නටම මන් ලොකු රහසක් හැන්ගුවා... ඔයාලා සමහරවිට මට ගොඩක් බනියි මේක අහලා... ඒත්... කවදාහරි ඔයාලා මේ ඇත්ත දැනගන්න ඕනී..." 







"අම්මා... ප්ලීස්... මට මෙතන මොකද්ද වෙන්නේ කියනවද... අනික... අම්මා කොහොමද මෙයාව අදුරන්නේ..."







"ඔහොම සැරෙන් කතා කරන්න එපා පුතා... මේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි ඔයාගේ එකකුසේ උපන් නංගී..."







"අම්මා........."
















කතාව කියවලා හිතට දැණුනම් කමෙන්ට් එකක් දාගෙන යමු....🌻🖤



My Channel - https://t.me/reshy_y



Report Page