හන්තාන සිහිනයක්💞💞

හන්තාන සිහිනයක්💞💞

Dilshan



හිත් දෙකක් යා වුනු සුන්දර පේරාදෙණිය

❤️❤️❤️❤️❤️🤍🤍🤍🤍🤍


Register Code - 000445



Hi Friend's සමහරු මාව දන්නවත් ඇති නොදන්න කට්ටිය ගොඩක් ඇති

මේක මගේ දෙවෙනි කතාව

😇😇


කියන්න වචන නෑ කලින් කතාව මගදි නැවැත්තුවා. ගොඩක් කට්ටිය ඇහුවා කතාව දෙන්නැද්ද කියලා

🥺🥺


බලමු ඒකත් ලියලා ඉවරයි🥰



Episode - 01 ✍️✍️



...............................................................



" තාත්තේ තාත්තා කියන විදිහට මට මගේ හීනෙ නැති කරගන්න බෑ. "




" උබ මගේ පුතා උබ මට ඕන විදියට නැතුව පිට උන් කියන විදිහට ද ඉන්න ඕනේ? උබ කැම්පස් යන්නෙ නෑ "




" නෑ තාත්තට ඕන විදියට නෙමෙයි. මට මට ඕන විදියට මගේ ජීවිතේ ගතකරන්න ඕනේ"




" පලයන් ඕන මගුලක. යනවනං මේකත් මතක තියා ගනින් ඔබට ආයෙ මේ තාත්තා මොන දේකට වත් නෑ"




" තාත්තා මොන දේ කිව්වත් මම තාත්තගෙ බිස්නස් වලට ජොයින් වෙන්නෙ නෑ මට පුළුවන් මගේ ජීවිතේ හදාගන්න "




උදේම තාත්තා පටන් ගත්ත අදෝනාව අහලා කන් දෙකත් එක්ක හිරි වැටිලා තියෙන්නේ .




මම දිනේෂ් සම්පත් දිසානායක. දිසානායක පවුලෙ එකම දරුවා.




දිසානායක පරම්පරාවෙ මාන්නෙත් නාන්න තරම් සල්ලිත් එක්ක ඉපදුනාට තාත්තට ඕන විදියට මම ජීවත් වෙන්නෙ නැති එක එයාට ඔලුවෙ කැක්කුමක් වෙලා තිබ්බෙ.




මම ඒලෙවල් කරේ බයෝ.


කියන්න වචන නෑ පලවෙනි පාර SS F එකයි. අනාතයි. යාන්තන් කියලා දෙවෙනි පාර A2යි B එකක් දාගෙන පේරාදෙණිය කැම්පස් එකට සිලෙක්ට් වුනා.




ඔහොම හැමදාම බැනුම් අහගෙන හිටියෙ තව දවස් දෙකකින් කැම්පස් එක ගෙදර කරගන්න පුලුවන් නිසා.




" අම්මා කොහෙද ඔයා ඉන්නේ? "




" ඉන්න පුතා මම එනවා"




කැම්පස් යන පලවෙනි දවස ලොකු හීනයක්. තාත්තා ඔෆිස් එකට යනකන් ඉදලා අම්මට කතා කරේ නොකියා යන්න බැරි නිසා.




" පුතා ඇයි කතා කරේ ? පුතා එහෙනම් යනවා මාව මේ බිත්ති හතරට කොටු කරලා."




ඇත්තටම අම්මා ජීවත් වුනේ මම නිසා කිව්වොත් වැරදි නෑ. මොකද තාත්තගෙ දරදඩු තීරනත් නීතිත් එක්ක එයා ජීවත් වුනේ බිත්ති හතරට කොටු වෙලා. සතියකට එක පාරක්වත් එලියට නොගිය තරම්.




" අම්මා"

" අඩන්න එපා හොද අම්මා වගේ මේක අහගන්න. මම ගිහිං ඩොක්ට කෙනෙක් වෙලා අම්මව මගේ ලගට ගන්නවා ඉක්මනට."




" අනේ පුතේ තාත්තා"




" මොකද්ද තාත්තා? තාත්තට ඕන විදියට ඉන්න බෑ අම්මා. අම්මා දන්නවා මගේ විදිය. "




" තාත්තගෙ සල්ලිවත් කම්පැනිවත් මට ඕනේ නෑ."




" හරි හරි මගේ පැහිච්ච කොල්ලා අම්මව බලන්න එන්න ඕනි."




" මගේ සුදු අම්මව බලන්න නැතුව මම කාව බලන්නද මොකද අම්මට කියල ලේලි පොඩ්ඩක් වත් මට නෑනේ"




" අනේ යන්න පුතේ අම්මට බටර් ඕනෙ නෑ. පුතේ තාත්තට කියන්න"




"අම්ම කියන්න"




අම්මට දන ගහලා වැදල ආවෙ බස් හෝල්ට් එකට. කොච්චර වාහන ගෙදර තිබ්බත් මම ඒවගේ යන්නෙ කලාතුරකින්.මොකද තාත්තගෙ කියලා වාහනයක් වත් මට ඕනෙ නැති නිසා.




බස් එකේ එන ගමන් හොද හීනයක් දැක දැක හීන ලෝකෙ තනි වෙලා ආවේ මහන්සියටත් එක්ක.




" මල්ලී .....මල්ලී........ "




" ආ............ කවුද අප්පා නිදාගන්න වත් දෙන්නේ නෑ "




" මල්ලි නැගිටපන් කැම්පස් එකට නේද යනවා කිව්වේ"




අප්පට සිරි කොන්දොස්තරයා කෑගහනවා. මොනව කිව්වද දන්නෑ ලැජ්ජාවේ බෑ.... අනේ මගේ සිහියත් හොදයි මටම.




" මල්ලී........"




මුගෙ අප්පට මල්ලි යකෝ..... මේ හැට පැනපු උන්දැ කෙනෙක් මට මල්ලිලු...... අයියෝ ජීවිතේ.........




" හරි අන්කල් ටැන්කිව්"




හොද අයියා. බලන් ඉද්දිම උගෙ මූණ කජු ලෙල්ලක් වගේ උනා හිතේ ඇති අයියා කියයි කියලා




බස් එකෙන් බැහැලා පාර දිගේ ඇවිදන් ආවේ කැම්පස් එකේ ගේට්ටුව ගාවට.




අප්පච්චියේ සෙනග........ දන්සැලක් දෙනවද මන්දා කැම්පස් එක ගාව ලමයි පිරිලා.




මම අස්සෙන් අස්සෙන් දාලා පැනගත්තා සූට්ටක් ඉස්සරහට.




කෙල්ලො කොල්ලො ටිකක් පැත්තක වට වෙලා හිටපු නිසා මමත් එතනට ඇදුනේ තොරණ් පෙන්නනවද බලන්න.




ලස්සනයි. ඔව් ඇත්තටම ලස්සනයි.




බෝල වටේම ඇස් කරක කරක රතු පාට තොල් එහෙ මෙහෙ කර කර කතුරක් වගේ කියවන සුදු පාට සාරියටම ගැලපෙන ඉන ගාවට දිග කොණ්ඩෙ තනි කරලට ගොතපු බටු ඇට දෙකක් උස නැති පුංචි කෙල්ලෙක්.




ඊලගට දැකපු දේත් එක්ක කෙල්ල ගැන තිබ්බ චරිත සහතිකේ හිතින් ගලවල දැම්මා 😟




..............................................................




ඔන්න පලවෙනි එපිය දුන්නා


අනේ මන්දා මොංගල් කතාවක් ද කියලා 🙁



කමෙන්ට් එකක් දාගෙන යන්න 🥰




මම ඩිල්ෂාන් ✍️✍️✍️



Report Page