හන්තානයේ ප්‍රේමය 🌻 🖤 (06)

හන්තානයේ ප්‍රේමය 🌻 🖤 (06)


මේ එයාගෙයි මගෙයි කතාව 🌻🖤




පෙර කොටස 🌻🖤

https://telegra.ph/%E0%B7%84%E0%B6%B1%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA---05-04-16



හන්තානයේ ප්‍රේමය 🌻 🖤 (06)




  

          හොස්ටල් එකේ නානකාමරය වෙත ගියේ ඇඟපත සෝදාගැනීමටය. නමුත් දත් බුරුසුවක් නිසා එතැන ගැටුමක් ඇති වී ඇත.



" උඹ කොහොමද කියන්නෙ ඒ බුරුසුව උඹෙ කියලා ."



" මේ මගේ බුරුසුව තමයි බන්."




      කෙල්ලන් දෙදෙනෙක් දත් බුරුසුවකට රණ්ඩු කරති. පිටවීමට එන සිනහව අමාරුවෙන් නවතාගෙන මම ඉක්මනින් ගොස් ඇඟ සෝදා ගත්තෙමි.



" මනී.... " දිනිති කතා කළේ රෑ කෑම එක ගැනීමට යන අවස්ථාවේදී ය.



" ඇයි ?"



" අර එක බුරුසුවකින් මම මගේ සපත්තු දෙක පිහදැම්මා . "




" මොකක් ? දිනී ඔයානම්...."




         මේ කෙල්ල කරන වැඩේ දැනගත්තනම් ආයේ කතා දෙකක් නැතිවම අපිට හොඳ හැටි ගුටි කෑමට සිදු වේ.




" ඒක නෙවෙයි දිනී..." රාත්‍රී ආහාර ගෙන කාමරයට ගිය මම දිනිතිට කතා කළෙමි .




" මොකෝ... "



" නිනෙත්ම අයියා පව් අනෙ . ඔයා ලග තේජාන් අයියගෙ නම්බර් එක තියෙනවා නේද ?"



" ඉතින් ?" දිනිති අසන්නෙ හරහට මෙනි.




" කෝල් එකක් අරන් දෙන්නකෝ මට " මම දත් තිස්දෙකම පෙන්නා සිනහසෙමින් කීවෙමි .



" උඹ මොකාටද එන්න හදන්නෙ ආ.... "



" අනෙ අරන් දෙනෝකෝ ඉතින් "




                තේජාන් අයියාට ඇමතුම ගෙන මම ජනේලය අසලට ගියෙමි . අඳුර වැටී ඇත. එක දෙක මතුවෙමින් ඇති තරු අතරේ හඳ උජාරුවෙන් බැබළෙමින් ඇත . හන්තානයේ සඳ මෙය වේ. සඳ එකමය... නමුත් පෙර දුටු සඳට වඩා නැවුම් බවක් එහි ඇත.




          සඳෙහි නොව ඇත්තෙන්ම වෙනස ඇත්තේ සිතේය. මේ මාගේ සිහිනයන්ගෙන් එකකි. '' හන්තානෙට පායන හඳ ලස්සනයි ද කියන්න " උසස්පෙළ කරන තාක් ඇසූ එම ගීතය සැබෑවක් නොවේද.



          ඇත්තෙන්ම හන්තානයේ සඳ ලස්සනය. මා කල්පනා ලොවින් මිදුණේ තේජාන් අයියා දුරකතනයට සම්බන්ධ වූ නිසාය.




" අයියේ මම මනීමා."



" කියන්න නංගී . " එහාපසින් ඇසුනේ තේජාන් අයියාගේ හඬයි.



" අයියේ නිනෙත්ම අයියා කෝ..."



" මේ දැන් මෙතන හිටියා නංගී . එහා රූම් එකට ගිහින් ද කොහෙද ." තේජාන් අයියා කීවේය . " ඇයි නංගී . මොකෝ අවුල ."




" න්...නෑ අයියේ මේකයි... නිනෙත්ම අයියට ...." ඇත්තෙන්ම මට කියාගන්නට බැරිය .




    මගේ සිතැඟි අනුව මේ කරන වැඩේ මෝඩ වැඩක්දැයි කියාවත් නොතේරෙයි.




" කියන්න නංගී ." ඒ තේජාන් අයියාගේ නොඉවසුම් හඬයි.




" නිනෙත්ම අයියා අවුරුදු සමරලා නෑ නෙ හරියට . ඉතින් අපි ඔක්කොම එයා එක්ක අවුරුදු සමරමුද ?" මම ඇසුවේ හිතේ දෙගෙඩියාවෙනි.




" මරුනේ බන්... මෙච්චර කල් ඌ එක්ක ඉදලත් මට ඔහොම එකක් ඔලුවට ආවේ නෑ නෙ "




" පුළුවන් නෙ ද අයියේ . නිනෙත්ම අයියලන්ගේ ගෙදරක් තියෙනවලු නුවරම. එහේ පුළුවන් නෙ ද ?"



" පුළුවන් බන්.... මම ඒක ලෑස්ති කරලා දෙන්නම්. ඒක නෙවෙයි ...."




" මොකක්ද අයියේ ?"




" නිනෙත්මගෙයි ඔයාගෙයි එෆෙයාර් එකක් තියෙද ?"




"න්...නෑ අයියේ ... නිනෙත්ම අයියා.... එ...එහෙම එකක් නෑ අයියේ ." මම උත්තර දුන්නේ නොසන්සුන්වය.




" හා... හා... අන්න අරූ එනෝ...ඒ නිනෝ... මෙන් උබට කෝල්.."




       දෙවියනේ තේජාන් අයියා නිනෙත්ම අයියාට හඬගසයි.නිනෙත්ම අයියා සමඟ මා මොනවා කතාකරන්නද?




" හෙලෝ.... කවුද මේ? " නිනෙත්ම අයියා අසයි.



" අයියේ ... මම ..මම මේ....මනීමා..." මට වචනත් පැටලේ.




" ආ ..චූටි කියන්න . ඇයි කෝල් කළේ... "




" න්..නෑ අයියේ තේජාන් අයියට කෝල් කළේ."



" ආ ඌටද... එහෙනම් මට දුන්නේ මොකෝ ඌ .. ඒ තේජා... මට නෙවෙයි උබට කෝල්... ඒකනේ මම බැලුවේ මට කාගෙන් කෝල් එන්නද කියලා .මටත් පිස්සු ."




       ඒ ඔහුගේ හඬයි. ඔහු කියවයි. නමුත් හේතුවක් නැතිවම රිදෙන්නේ මගේ සිතයි. හන්තාන සඳ වළාකුළුවලින් වැසී ඇත . දෑස්වලට ඉනූ කඳුළු ගවුම් කරින් පිසදාගත් මම ඔහුට ඇමතුවෙමි.



" අයියේ ...ඔහොම ඉන්න . මට ඔයා එක්ක කතා කරන්න ඕන ." මම කීවෙමි.



" කියනවා ඉතින් ." එහාපසින් ඇසුනේ ඔහුගේ නපුරු හඬයි.




" හොඳ හුස්මක් අරගන්න ඉස්සෙල්ලා." මම කීවෙමි .



" අනෙ මේ චූටි ... කියන ඉටිගෙඩියක් කියලා ඉවර කරනවද ? මට වැඩ තියෙනවා ." ඔහු කියයි.




" ඉටිගෙඩිය ගැන කියන්න දන්නෑ අයියේ . ඔයාට පුළුවන්නම් මට කියලා දෙන්න ." මම ඔහුව ඇවිස්සීමට කීවෙමි .



" මොන හු...." එපමණයි. ඔහු එතනින් එහාට කීවේ නැත. ඔහුගේ තරහ ඇවිස්සී ඇත.




" හරි හරි අයියේ මේ අහන්නකෝ. වැදගත් වැඩක් කියන්න මම ගත්තේ ." විහිලු නවතා මම කතා කළෙමි .



" කියන්න ."




" අපි එක්ක අවුරුදු සමරමුද ?" මම බලාපොරොත්තු රැසක් හිතේ තබාගෙන ඇසුවෙමි .




" අපි ?" ඔහු පුදුම වී ඇති හැඩයි.



" ඔව් .... ඔයා , මම , දිනී, සඳූ, අයියලා දෙන්නා. අපි ඔක්කොම ." මම කීවෙමි .



" උන් යනවා බන් ගමේ. "


" නෑ අනෙ ... ඔයාට පිස්සුද ? "



" ඔව් ඔව් මට පිස්සු... ගිහින් වැඩක් කරගන්නෝ ." ඔහු කියයි.



" මම බලාගන්නම් මගේ ඒවා ඔයා පාඩුවෙ ඉන්න ." මම කීවේ ඔහුව තරහ ගැස්සීමටය.




" හහ්... මම පාඩුවේ තමයි ඉන්නෙ ." ඔහුත් රණ්ඩු වීමට කියයි .



" අපරාදේ කෝල් කරේ. දෙනෝ තේජාන් අයියට ෆෝන් එක . මටත් පිස්සු ඕන නැති මිනිස්සු ගැන හිතනවට." මගේ කට පාලනයකින් තොරව කියවයි.




" ඔව් ඔව් ඉතින් තමුසෙට ඕන මිනිස්සු ගැන හොයනවා මම ගැන හොයන්නේ. "



" ආයේ හොයන්නෑ මම . " දැන් නම් මගේ සිත බිඳී ඇත.




         මා විහිලුවට ඔහු සමඟ රණ්ඩු වූවත් ඔහු ඇත්තටම මාත් සමඟ තරහ වී ඇති හැඩයි. ' මාලුවා නහින්නේ කට නිසා ' යැයි කියමන ඇත්තය. මගේ කටට බ්‍රේක් නැති නිසා දවසක මාහට ලොකු කරදරයක් එයි.




" ඒයි... සුදූ.... චූටි....මොකෝ මේ... නංගී ... ඒයී.... අනෙ සුදූ ඔයා මේ අඬනවද ? " ඔහු දුරකතනයෙන් එසේ අසන විට මගේ සිත තව තවත් රිදෙයි . ඒ ඇයි කියා කියන්න මට නුපුළුවන .




" අනෙ සුදූ... අඬන්න එපා ඒයි... විහිලුවක් කරේ මම . කෝ ඉතින් .... " ඔහු කතා කළත් දුරකතනය කනෙහි තබාගෙන මම ඉකිබිඳමින් නිහඬව සිටියෙමි.




" අනෙ සුදූ විහිලුවක් නේ කරේ. ඔයා නැතුව කවුද මම ගැන හොයන්න ඉන්නෙ ම්ම්ම්..... අප්පච්චියි ඔයයි තමයි මෙච්චර ළංවුනේ මට . ඉතින් ඔයා මම ගැන හොයන්නැතුව හිටියොත් කවුද මට ඉන්නෙ .... "




          නොනවත්වා ඇසෙන ඔහුගේ හඬ නිසා සඟවාගෙන සිටි ඉකිය මහ හඬින්ම පිටවිය. ඒත් ඇයි .... මා ඔහු වෙනුවෙන් හඬන්නේ ඇයි ? මා මගෙන්ම ඇසිය යුතු නමුත් පිළිතුරක් දිය නොහැකි ප්‍රශ්නයකි එය.




" කියන එක අහනවා. විහිලුවක් කරේ මම . දැන් ඔය අඬන එක නතර නොකරොත් මම එනවා හොස්ටල් එකට හරිද ? ඊටපස්සෙ ඉතින් පොලීසි තමයි යන්න වෙන්නේ මට . රෑට කෙල්ලොන්ගේ හොස්ටල් අස්සේ රිංගලා මට පොලීසි යන්න වෙයි."




" අඬන්නෑ මම . " මම හැඬීම නවතා කීවෙමි.




" හොඳ කෙල්ල මගේ. "



" ඔයා එනවා නේද අපි එක්ක අවුරුදු සමරන්න . අනෙ බෑ කියන්න එපා ප්ලීස්... "




" හ්ම්... හැබැයි මට දෙයක් ඕන ."



" මොනවද ?" ඔහු ඉල්ලන්නේ මොනවාදැයි මට සිතාගත නොහැක.



" ඒක ඒ වෙලාවට කියන්නම් . මේ වැරදි දෙයක් නෙවෙයි හොඳේ පොඩි දෙයක් .... නැත්තම් මැට්ටී වගේ ඒක ගැන හිතයි."




" මම මැට්ටී නෙවෙයි ." මම නෝක්කාඩුවෙන් කීවෙමි.




" හරි හරි #දඟමල්ල මගේ "



" පිස්සු . බුදු සරණයි ගුඩ් නයිට් අයියේ "




" දඟමල්ලටත් බුදු සරණයි ගුඩ් නයිට් "


🌻🖤🌻🖤🌻🖤🌻🖤🌻🖤🌻🖤🌻🖤🌻🖤




               ලෙක්චර් හෝල් එකට ගොස් ලෙක්චර් එකට සහභාගීමට ගියෙමු. ආරම්භක දේශනය නිසා මුල් ටික උනන්දුවෙන් අසාගෙන සිටියත් ටික වේලාවකින් කම්මැලි සිතුණි.




          පොත් ඇතුළේ දුරකතනය තබාගෙන බොහෝ ළමයි සිටිති .තවත් අය නිදිය. මටත් කම්මැලි වූ නිසාවෙන් මමත් හිසතබා ගත්තෙමි.






______________🌻🖤 ______________




        ලෙක්චර් එකතැන නොඉද මුළු හෝල් එක පුරාවටම ඇවිදියි. ලෙක්චර් හෝල් එක පුරාවටම ඇවිදින නිසාවෙන් නිදිකිරා වැටෙමින් සිටි ලමයි නැවත පාඩමට අවදානය දුන්හ.




              ඒත් #දඟමල්ල තවමත් නිදිය. දිනිති කෙතරම් කතා කරද ඇය නොනැගිට්ටාය . හෝල් එක පුරාවටම ඇවිදිමින් සිටි ලෙක්චර් මෙ #දඟමල්ල අසල නැවතුණි.




" ඔය නිදන් ඉන්න ළමයගෙන් අහන්න මම මෙහෙම කතා කර කර උගන්නන එක ඒ ළමයගේ නින්දට බාධාවක් නෑ නෙ ද කියලා " ලෙක්චර් දිනිති අමතා කීවේය.




" මනීමා... ඒයි... " දිනිති හින් හඬින් ඇමතුවත් මනීමා නැගිට්ටෙ නැත.




         මේ දෙස බලාසිටි නිනෙත්මට කේන්තිය. ලෙක්චර් එක නොඅසා සිටියා මෙන්ම බැජ් එකක් ඉදිරියේ ඇය ලැජ්ජාවට පත් වෙන නිසා ඔහු කෝපයෙන් ය . තමන්ට ඉදිරියෙන් අසුන්ගෙන සිටි මනීමාව කෙනිත්තුවේ ඒ නිසාය.




         කෑගසාගෙන නැගිට්ට මනීමාට සියල්ලන්ම සිනා සේ. ඔහු කේන්තිය අපහසුවෙන් පාලනය කර සිටින බව රතු වූ මුහුණ හා මිටිමොලවාගෙන සිටින දෑත් කියාපායි.




            නැවතත් සැරින් සැරේ ඇයගේ දෑස් පියවී හිස බිමට නැඹුරුවන විටම නිනෙත්ම මනීමාගේ උරහිස කොනිත්තයි.




" මොකද කරන්නේ... රිදෙනව මට ." ඇය හීන් හඬින් පවසන්නේ ලෙක්චර්ට හොරෙන්‍ ය.




" තමුසෙ ඔය හදන්නේ පිට මැද්දෑවට හොඳ පාරක් කන්න තමයි මනීමා.'' සෙමින් වුවත් කේන්තියෙන් ඔහු කියයි.




           ලෙක්චර් එක අවසන් වූ පසු නිනෙත්ම කාටත් කලින්ම හෝල් එකෙන් පිටවිය.





______________🌻🖤 ______________


කේන්තියෙන් පිටවූ නිනෙත්ම අයියා සොයා මමත් ඉක්මනින් දුවගෙන ආවෙමි. මේ තරම් විශාල සරසවිය තුළ නිනෙත්ම අයියා සොයාගැනීම ජෑම් බෝතලයක පලතුරු සොයනවා මෙන් නිශ්ඵල ක්‍රියාවක් ය.



" මනී මොකෝ මෙතන " ගල් බංකුව මත වාඩි වූ මගෙන් දිනිති ඇසුවාය .




" තේජාන් අයියට කෝල් එකක් අරන් අහනෝකෝ කෝ නිනෙත්ම අයියා කියලා "




" ඉදහන් බලන්න ..." දිනි එසේ කියා අවසන් කරන්නටත් කලියෙන් නිනෙත්ම අයියා හා තේජාන් අයියා පැමිණියේ ය.




" දිනී... ආ මෙන්න රෝල්ස් දෙකක්. ඔයත් කාලා ඉන්න අනිත් අයටත් දෙන්න ." නිනෙත්ම අයියා මා දෙස නොබලාම කීවේය .



" දිනී මට ඕන නෑ " මම එසේ කියා එතැනින් යන්න නැගිට්ටෙමි.



" කොහේ යන්න ද... වාඩිවෙනවා ඔතනින්." නිනෙත්ම අයියා රවමින් කීවේය .




      ඔහුගේ තරහ ඇයි කියාවත් මම නොදනිමි. නමුත් ඔහුගේ කේන්තිය හමුවේ පරාජය වීමට නොහැකියයි මගේ සිත මට කියයි.




" මම යන්නේ මට ඕන තැන්වලට . ඔයාට ප්‍රශ්නයක් නෑ නෙ ?" මම ගස්සාගෙන කීවේ ඔහුගේ ආඩම්බර පුරාජේරුව ගනනකට නොගෙන ය.




" හොඳ ගුටියක් ඕන වෙලා තමයි ඔය දගලන්නේ නෙ . මගෙ යකා අවුස්සන්නේ නැතුව වාඩිවෙයන් ඔතනින් "




            ඔහුගෙන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ඒ හැසිරීම නිසා මම ඉබේම වාඩිවුනෙමි.




" දිනී දෙනවා මෙයයිට. කන්න බැරි එක මම බලාගන්න ." එසේ කියා නිනෙත්ම අයියා තේජාන් අයියා දෙස බැලුවේ ය. " උඹ මොකෝ කට ඇරන් බලන් ඉන්නෙ ." තේජාන් අයියාගෙන් අසයි.




" උබලා දෙන්නා නිකන් ගෑණියි මිනිහයි වගේ . මේ කෝලං බලන්න මට බෑ . දිනී වරෙන් යන්න . " එසේ කියා දිනීවත් ඇදන් තේජාන් අයියා ගියේය .




" මොකෝ.... " තවත් රවමින් ඔහු අසයි.




" මු...මුකුත් නෑ ..." ඔහුගේ වදන් සැර වැඩිය.ඒ නිසාම සිත නොසන්සුන් ය.



" කාලා ඉවර වෙලා එනෝ යන්න අක්බාර් එකට." සාක්කුවෙන් ෆෝන් එක ගෙන බංකුව මතින් වාඩිවී ඔහු කීවේය .




         මම නිහඬවම රෝල්ස් එක කෑවේ තවත් ඔහුව කේන්ති ගැස්සිය නොහැකි නිසාය. රෝල්ස් එක කා ඉවර වූ මම බෑගයෙන් වතුර බෝතලය ගෙන වතුර බී ඔහුට ' යමු ' යැයි කීවෙමි.




" තමුසෙත් මාරයි හලෝ... නිකමටවත් ඇහුවේ නෑ රෝල්ස් කෑල්ලක් ඕනද කියලා ." නක්කලේට මෙන් ඔහු කියයි.




        මමත් වැරදිය. මට රෝල්ස් එක ගෙනැත් දුන් ඔහුගෙන් ඕනදැයි නොඅසාම මම කෑවෙමි.




" එනවා ඕනනම් යන්න . "



" අනෙ ඇයි මේ ....අයියේ තරහ වෙලා මොකද ? " මම ඇසුවෙමි .



" තරහ වෙන්න මම යාලුවෙලා හිටියේ නෑ නෙ ." ඔහු කතා කරන්නේ හරහටය.



" ඔව් වෙන්නැති නේද . ඔයාගේ යාලුවෙක් වෙන්න මට තියෙන සුදුසුකම මොකක්ද නේද ? " මම මුහුණත් බිමට බර කරන් කීවෙමි.



" අනෙ මේ බබා පාර්ට් නොදා එනවනම් එනවා නැත්තම් නිකන් ඉන්නවා ." 




" ඔයා යන්න අයියේ . මම ඕන නෑ නෙ . මම නිසා කේන්ති අරන් ලේ පුච්චගන්න එපා ඔයා ." දෑසින් එන කඳුළු පිසදමමින් මම කීවෙමි .



" එනවා එනවා . තරහ යනවනේ ඔයා කරන වැඩවලට." මගේ හිස අතගාමින් ඔහු කීවේය .



" ඔයා ඇයි ඉතින් මට බනින්නෙ . එතකොට මට දුක හිතෙනවනේ." මම මුහුණත් බෙරිකරන් කීවෙමි .



" එතකොට මට දුක හිතෙන්නැත්ද?" ඔහු අසයි.



" ඇයි ඔයාට දුක හිතෙන්නේ ?"



" ඔක්කොම තමුසෙට හිනාවෙනකොට මටත් හිනාවෙන්න කියලද කියන්නේ... " ඔහු කේන්තියෙන් අසයි.



" එයාලා මට හිනාවෙන්නේ ... එතකොට ඇයි ඔයාට රිදෙන්නේ... ආ අයියේ ... " ඔහුගේ මේ හැසිරීම මට ගැටලුවකි.



" තමුසෙ මගේ... මගේ නංගී ... මගේ චූටි... කවදහරි ඔයාට හොඳ කෙනෙක් ලැබෙනකන් මම ඔයාව පරිස්සම් කරන්න ඕන . " 




" හරි හරි කෑගහන්න ඕන නෑ නෙ . ආයේ නිදාගන්නෑ මම ලෙක්චර් හෝල් එකේ. " මම මුහුණ ඇදකරමින් කීවෙමි .




" හොර පොල් කඩන්න යනවද රෑට ... "




" පිස්සුද හොර පොල් කඩන්න. මම රෑට හොල්මන් කරන්නේ ... බුහ්... " මම එසේ කියා දෑත් දෙපසට විහිදුවමින් ඔහු දෙසට පැන්නෙමි.




" #දඟමල්ල .... එනෝ යන්න . අක්බාර් එකට. ලස්සන ෆොටෝස් ටිකක් අරන් දෙන්නම් මම . "




          ඔහුත් සමඟ මම අක්බාර් පාලමට ගියෙමි. පාලම මතට ගිය අපි එතැන උඩපැන්නෙමු. අක්බාර් පාලම පේරාදෙණිය සරසවියේ තවත් එකක් පුදුමයකි.




           පාලම මත සිට උඩපැන්න විට පාලම සෙලවේ. අක්බාර් පාලම සාදා ඇත්තේ ඉවුරු ස්පර්ශ නොවන සේය.




       මගේ දුරකතනය මම ඔහුට දී ' මගේ ෆොටෝ එකක් අරන් දෙන්න ' යැයි මම කීවෙමි.




" අනෙ ඔය ෆෝන් කට්ට වගේ නෙවෙයි මගේ එකෙන් අරන් දෙන්නම් මම . සුපර් කොලිටි ෆොටෝස් ටිකක්." ඔහු කීවේ මගේ හිසට තට්ටුවක් දමාය.



" ඔයා ඔය කොයිවෙලෙත් කියන්න උත්සාහ කරන්නේ අපි දෙන්නගේ අතර තියෙන පරතරය ගැනද අයියේ?" මම ඇසුවෙමි.




      ඔහු මෙසේ මාව පහත් කිරීම මට ඉවසුම් නොදෙයි. මමත් කුකුල් කේන්තිකාරියෙකි.




" විහිලු තේරෙන්නෙ නැත්ද සුදු..." ඒ සැරේ ඔහු තවත් නමක් සොයාගෙන ඇත.


" දැන් ඒගමන සුදූ කියන්න පටන් අරන්." මම ඒ උරහිසට ඇගිල්ලෙන් ඇන කීවෙමි .



" මම කැමති නම් මම කියන්නේ. පස්න තියෙද පස්න...." ඔහු සිනහසෙමින් අසයි.




" හරි ලස්සනයි ඔයා හිනාවෙනකොට." මම කීවෙමි .




" ගොඩක් පිං සුදූ... ඔයා නිසා තමයි මම අවංකවම හිනාවෙන්නේ .මෙච්චර කල් මම දුකින් කියලා පෙන්නන්න බැරි නිසා හිනාවුනේ."




" ඕවට ගෙවන්න වෙයි හොඳේ..." මම කීවෙමි .


" හරි හරි පොලිය එක්ක දෙන්නම් මම . එනෝ ෆොටෝ ගන්න."




       මහවැලිය දෙසින් හමා එන සුළඟ ඇඟ දවටාගෙනම යනවිට ඒ සිහිලැස සමඟම අපි ඡායාරූප ගත්තෙමු. නමුත් ඒ මොහොත ජීවිතේ මා විඳි තවත් එක සුන්දර මොහොතක් වේ.





______________🌻🖤______________




අවසරයි නැවත හමුවනතුරු සමුගන්න....!!



අදහස් කියන්න . ඒක මට කතාව ලියන්න ලොකු හයියක් 💪♥️



ලස්සනයි නොකියා හදාගන්න අඩුපාඩු තියෙනම් සහ ඔයාලට දැනෙන හැඟීම් කියන්න .





කතාව ලියන මම ,



Senu Samaksha


( එයාගේ දගමල්ල )





Report Page