සිහින කුමරුනි... - 02

සිහින කුමරුනි... - 02

Niha🖤


එයා කොයි වගේද කිව්වොත් උසට සරිලන මහත,ටිකක් සුදු පාටට හුරු හම, straight කොණ්ඩෙත් එක්කල කපල තියෙන cut එක, එක අතක් පුරා විහිදිල තියෙන tattoo එක, එක කනක දාපු කරාබුව,ලා අලු පාටට හුරු ඇස් එක්ක එයාගෙන් මට නම් පෙනුනේ දගකාර,හුරතල්,නපුරු,දඩබ්බර,handsome පෙනුමක්.


................................


දැනට ඇති ඔය විස්තර because මට තියෙනව දැන් super singers බලන්න.

දීවාන් තමයි මුලින්ම sing කරන්න ඉන්නෙ.කොහොම හරි පිළිගැනීමේ ගීතයි ඒවයි මේවයි බලන් ඉදල මං සති දෙකක් තිස්සෙ පුන පුනා බලා සිටි අවස්ථාව උදා උනා.


මං පුටුවෙත් හොදට ඉද ගෙන සිංදුව අහන්න පටන් ගත්තා. එයා කියන්න පටන් ගත්තෙ ඇත්තටම මං මේ ලෝකේ වැඩි පුරම ආස සින්දුවක්.ඒ සින්දුව අහන හැම වෙලේම මට මගෙ ජීවිතේ ගොඩක් ම අසා කරපු තැනක් මතක් වෙනවා.මගෙ විශ්වවිද්‍යාල. පේරාදෙණිය විශ්වවිද්‍යාලය.


සන්තානය සුසුම් තවරා කියනකොට ම මං හිටියෙ මේ ලෝකෙ නම් නෙමෙ අතීත මතක අස්සෙ


සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මං ගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා


මල් වීදි අතර සඟවා

ගිය හාදු ඇතිද බැලුවා

වැල් පාලම ගත සොලවා

අපි බයද කියා බැලුවා


සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මං ගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා


වැදි රජුට කඩුව පවරා

වල ලගදී මනමේ හැඩුවා

ඒ මතක සියලු සඟවා

මහවැලිය ඔහේ ගැලුවා


සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මං ගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා




ඒ සින්දුව නම් භාවනාවක් වගේ. මන් මේ ලෝකෙට ආවේ audience එක අත්පුඩි ගහන සද්දෙට . මේ දීවාන් නම් මට දවසින් දවස පිස්සු හදවනවා.

ඉස්සර කැම්පස් යන කාලෙදි මං ගොඩක් යාළුවෝ ආශ්‍රය කලේ නෑ. ඇත්තම කිව්වොත් නැති තරම්. ඒ උනාට කවුරු හරි කතා කළොත් හොඳට කතා කරනව.

ඉතින් යාළුවොත් නැති එකේ මං ගොඩක් වෙලාවට කලේ වැඩි පුර අය එන්නේ නැති තැනකට වෙලා සින්දු අහන එක. එතැන ඇත්තටම ගස් වලින් වට වෙච්ච තැනක්. කවුරු හරි හිටියොත් එතැන පේන්නේ නෑ. මං ඉතින් ගොඩක් වෙලාවට අහපු සින්දුව තමයි සන්තාන සුසුම් සින්දුව.


කොහොම හරි විනිශ්චය මණ්ඩලයේ හිටපු කට්ටියගේ comments වලින් පස්සෙ එතන host ඇහුවේ ඇයි ඔයා මේ සින්දුව තොර ගත්තෙ කියල.


එතකොට එයා කිව්වේ ඒක එයා කෙනෙක් වෙනුවෙන් තෝර ගත්තා. ඒක ඒ කෙනාගේ කැමතිම සින්දුව කියල.


ඒ කෙනා කවුද කියලා ඇහුවාම එයා කිව්වේ එයාගෙ ජීවිතේ එයා දැක්ක ලස්සන රූපයක් වගේම හදවතක් තියෙන කෙනා වගේම දවසක එයාගෙ ජීවිතේ කොටසක් කර ගන්න කැමති කෙනා කියල.


ඒක ඇහුවාම නම් මට ටිකක් දුකත් හිතුනා. ඒත් ඉතින් පොඩි කාලේ ඉඳන්ම මං කැමති අය මගෙන් වෙන් වෙන එකේ මාව දන්නේ වත් නැති කෙනෙක්ට මෙහෙම කෙනෙක් ඉන්න එක ඉතින් අවුලක් නෑ.



.........................

පසුවට


මොකද හිතන්නේ කතාව ගැන.

මට හැම දාම නම් කතාව දෙන්න වෙන්නේ නෑ හොදේ


Niha🖤

Report Page