සංසාර චාරිකා

සංසාර චාරිකා

ᵏᵒᵏⁱˡᵃ

episode 20

සංසාරයක් තරම් දිගයි...



" එහෙනං ඔන්න අදම තෑගි නොදී ඉන්නං නේ... හුම්ම් හුම්ම්... ඔයාලා මොකද කියන්නේ ළමයි... තෑගී ඕනද නැත්තන් දුලක්ෂණ කියනවා වගේ ඕන්නැද්ද... ම්ම්?"


" ඕන.... ඕ..... නා.... "


"11 වසරක් උනාට මුන් නිකන් පොඩි උන් වගේ අප්පාහ්.. තෑගි කිව්වොත් බලන්න එපැයි.....

ම්ම්ම් ම්ම් එහෙනං බහුතර ඉල්ලීම අනුව තෑග්ග දෙනවා...


එහෙනං හෙට එද්දී සාහිත්‍ය පොතේ බැද්දේගම කතාවෙ අභ්‍යාස වල තියෙන විචාර ඔක්කොම ලියන් එන්න.... හොඳයිනේ... නේ "


මුළු පන්තියම එකතු වෙලා කණු කුණු ගාද්දි නං ජානකිටත් හිනා.තවත් ළමයි එක්ක ඉන්න ආස උනත් ඉක්මනට යන්න හැරුනේ ඊළගට තියෙන්නේ 8 වසරක් හින්ද... දන්නවනේ කුරුබ්බැට්ට සයිස් කොල්ලොන්ගේ වැඩ....


පන්තියට ගිහින් විනාඩියක් යන්න නෑ...

"ටීච මෙයා මගෙ කොන්ඩෙන් ඇද්ද "

" ටීච මගෙ පොත ඉරුව "

" ටීච.... "

" ටීච... "


නඩු කෝටියයි.



_____________________________________




" ඕයි... නුඩ්ලස් කොන්ඩි... ආයේ පන්තියේ ඉද්දි සිහියෙන් ඉන්නවා හලෝ... මනෝ ගහනවා කියලා ඔහොමත් ගහනවද.. හෙහෙ.... මොකෝ තමුසෙගෙ ප්‍රේමරාජයවත් හැර ගියාද.... නැද්ද බං අශා "


" හැක.... හැක චමයි... අනේ හෙන විහිළුව ආහ්... මට මේ හිනාව නවත්තගන්න බැරුව ඉන්නේ.... මෝඩයා..


තමුසේ මොකටද දඟලන්නේ ඉතිං.. මං නේ මනෝ ගැහුවේ.. හුම්ම්...තමුසේ මොකද මගෙ පුටුවට ගගහ නැටුවේ

ඇයි කකුල් දෙක දිග වැඩිද "


" ඇයි තමුසේ අඩු කරන්නද... මෙහ් තමුසෙගෙ කට වැඩි හොඳේ.. කපුටු කොන්ඩි...දුවනවා දුවනවා... අන්න තමුසෙගෙ කිඹුල්ලු දෙන්න අරහෙ තරගෙට අඬනවා අම්මා කුක්කු ඕන කියලා... හෙහෙ "


" මේ තමුසේ කට වහනවකො... රිලා මොටා... තමුසෙව පස්සේ බලාගන්නම්කො "


කියලා මං ඉක්මනට දිව්වේ මල්ලිලාව බලන්න. තවම ඉස්කෝලෙට භාර දීලා සතියක්වත් නැති හින්ද ඉතිං චුට්ට බැරි වෙද්දී අම්මා මතක් කරන් අඬනවා.


" මොකද්ද බල්ලෝ ඒ උනේ... රිලා මොටා කියලත් කිව්ව... යකෝ ඕකි විතරයි උබට ඔහොම කිව්වේ..."


" මුටත් චීත්ත කැල්ලක් මොකක් හරි කිව්වොත් හා... අපි කිව්වොත් තමයි ටිපර් වෙන්නෙ... අම්මපා තොපි වගේ ජාතියක්‌ "


" අඩෝ ඒකිගේ කට වැඩි තමයි බං... දෙකක් දෙන්නමයි හිත... බලමුකෝ බලමුකෝ.... තමුසේ විතරයි යුවනි මට මෙහෙම සැලකුවේ... ඉස්සරහට මොකද්ද වෙන්නෙ කියලා හහ්... "





_____________________________________




" චූටි... අඩන්න එපා මල්ලෝ... අක්කි ආවා නේ. තව චුට්ටෙන් අම්මිත් එනවා නේ. ලොකූ... මේ මේ චොකලට් දෙක දෙන්න බෙදන් කන්න ඕනි හොඳේ....


අක්කි දැන් යන්න ඕනි. අක්කිට උගන්නවනේ මැණික. අඩන්නැහැ කියලා ප්‍රොමිස් වෙනවා නේ.... ම්ම්.. කෝ ඉතිං ප්‍රොමිස් වෙන්න "


" පොමිස් අක්කි... අඩන්නැහැ. අම්මිට කියන්න එපා. අම්මි කිව්ව ඇඩුවොත් හවසට මුකුත් ඇරන් දෙන්නැහැ කියලා "


" අහ්හ් හරි හරි අනේ... ඒක අපි තුන් දෙනාගේ රහසක් ඇහ්... කාටත් කියන්නැහැ. හුම්ම් අක්කි යනවා... "


මල්ලිලටත් අඬන්න එපා කියලා යුවනි දුවගෙන දුවගෙන ආයෙම පන්තියට ගියේ 11 වසරේ පලවෙනි දවසෙම මිස්ලා සර්ලව තරහ කරගන්න බැරි නිසයි.


අනික් අයට නං සිංහල ටීච ඇරුනම අනික් ඔක්කොම මිස්ලා සර්ලා 10 වසරේ හිටපු අයම නිසා හොඳට හුරුයි.මං ඉතිං මේ ඉස්කෝලෙට ආපු පලවෙනි දවස තමයි අද. අම්මිගේ ජොබ් එකේ ට්‍රාන්සර් එකක් හම්බුන නිසා අපි දැන් ඉන්නේ නුගේගොඩ.


තාත්තිටත් ලේසි හොටෙල්ස් ටික බලන්න. අනික් බ්‍රාන්චස් දෙක කෙයා අංකලුයි ආදී අංකලුයි බලනවනේ.ඉතිං මල්ලිලට ඉස්කෝලේ හුරු වෙන්නත් කියලා සතියක් කලින් ඉස්කෝලේ පටන් ගත්තට අපිට අද තමයි දෙයියනේ කියලා ඔන්න පටන් ගත්තේ.


පරණ ඉස්කෝලෙත් යාලුවෝ නැති නිසා මට අනේ ජුකයි ගගා වැලලෙන්න ඕන උන්නැහැ... ඇත්තම කිව්වොත් මෙහෙත් ඒකම වෙයි... හෙහෙ


පෝඩ්ඩක් තරහ යනව ඉතිං මොනා කරන්නද... ජාන වල වැරද්දලුනේ ඉතිම්... හික්ස්




_____________________________________



"ආආ ..... ලොකු මැඩම්.... කොහෙද ගියේ... ඉස්කෝලේ වටේ සිරි නරඹන්න ගියාද ඉතිං.... ම්ම්ම් "


මං ඉවරයි..... ඒ මිස් උනු පොඩ්ඩට මෙන්න පන්තියට මිස් කෙනෙකුත් ඇවිල්ල. වයසක මිස් කෙනෙක්. කතා කරපු විදියෙන් නං මං ඉවරෙටම ඉවරයි වගේ...


" ම... ම.. මං... මේ....... මේ "


" මොකද ළමයෝ ගොත ගහන්නේ. ඇයි එක පාරට බොරු මතක් වෙන්නැද්ද... "


" සො.... සො... සොරී ටීච... ආයේ එහෙම වෙන්නැහැ. "



" ආයේ එහෙම නොවෙනවා නං කොහොමත් හොඳයි. ඒ උනාට අද එළියේ ඉදන් අහගන්නවා. "



" පෙරලාගන්න ගණිතය වල පලවෙනි පාඩම.... ඔන්න හොඳට බලාගන්න. ආයේ පස්සේ ඤරූ ඤරු ගාන්න බැ.....

.

.

.

.

.

.

.

.

.

එහෙනං දැන් කියන්න බලන්න ඔක්කොටම තේරුනාද මං මේ ගාන හදපු විදිය. නැත්තං මං ආයෙත් කියල දෙන්න ඕනද? "


" තේ..... රු...... නා........ ටීච "


" හරි එහෙනං හෙට එද්දී අභ්‍යාස ටික කරන් එන්න. මොනවත් ප්‍රශ්නයක් තියෙනවා නං staff room එකට ඇවිත් අහගන්න පුළුවන්... එහෙනං ආයුබෝවන් "


ඔය වගේ තව ගුරුවරු ඇවිත් උගන්නල ගිහින් කෝම හරි අද දවසත් ඉවර උනා. වැඩි ප්‍රශ්න නැතුව ලෑස්ති උනේ ගෙදර යන්න. මොනා උනත් පළවෙනිම දවසේ වලි අල්ලන්න ආසාවක් තිබ්බෙත් නෑ මට..


ඉතිං ළමයි ඔක්කොම වගේ යනකන් ඉඳලා හෙමින් ගේට් එක ලගට මගෙ බෑග් ඒකත් එක අතකට දාගෙන ගියේ තනියෙන් ඉතිං


මොකෝ මට කියල යාලුවෝ ඉන්න එකක් යැ. හෙහෙ...


ඒත් එතෝටම....















එතෝටම මොනා වෙන්න ඇද්ද ළමයි 😬.

අදත් ඉතිං චූටි අදහසක් කියන් යං කියල ආදරෙන් ඉල්ලනවා ඉතිං 😌... ඔයාලා හොඳයි නේ 😋


තරහ ගන්න එපා ළමයි මේකේ ඉතුරු කොටස්බො හෝ දුර‍ට දෙසැම්බර් 7 හෝ ඊට පස්සේ දවසක් වෙනකන් දෙන්න වෙන එකක් නෑ 🥹. මට term test මෙයාලා 🙂


ඉතින් මගෙ චැනල් එකටත් සෙට් වෙන්න

https://t.me/Moon_line_stories



මං ඔයාලගේ ;

🚬 Moon - Line 🍃

Report Page