✦ සාමයේ හෝරාව ✦
බොස්කොව් නගරය මුදා ගැනීම - පළමු කොටස [ 𝚁𝚎𝚜𝚌𝚞𝚎 𝚃𝚑𝚎 𝙱𝚘𝚜𝚌𝚘𝚠 𝙲𝚒𝚝𝚢 - 𝚙𝚊𝚛𝚝 𝟷]

"හොඳයි මුලින්ම අපි හොඳ සැලසුමක් හදාගන්න ඕනෙ. නිකං ආවට ගියාට පහර දෙන්න පුලුවන් තැනක් නෙවෙයි ඒක. කොච්චර බල සම්පන්න උනත් ජෙනරල්ගෙ ආයුධ එක්ක හැප්පෙන එක සෑහෙන අවධානමක් වෙනව."
ලී පෙන්හෝ එසේ ප්‍රකාශ කලේ ඔවුන්ගේ සාකච්ඡා කාමරයට රැස්ව සිටින අනෙකන්ව අමතමින්.
ඔවුන් මේ සැරසෙන්නේ බොස්කොව් නගරය ජෙනරල් දික්වින්ඩ් ගේ අණසකින් මුදා ගැනීමටයි.
සයිමෝ වහාම නගරයේ සැලසුමක් අතට ගෙන, "මෙන්න මෙතන. මෙතන තමයි නගරයේ ප්‍රධාන විදුලි බලාගාරය. අපිට උපකල්පනය කරන්න පුලුවන් මේ විදුලි බලාගාරය බිඳ වැටුනොත් අඩු ගණනේ ඔවුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය සමග සම්බන්ධය කැඩෙයි කියල. එතකොට අපි ඔවුන්ට පහර දෙන වෙලාවට ඔවුන්ට සහය ඉල්ලල හිටින්න බැරි වෙනව. මොකද කියන්නෙ. මුලින්ම විදුලි බලාගාරය විනාශ කරනව. ඊට පස්සෙ ගහනව."
නමුත් ශේන් එයට එකඟ නොවීය.
"මේක උපකල්පන මත කරන යුද්ධයක් නෙවෙයි සයිමෝ. අපිට පුලුවන් හැබැයි ඒ ගැන හොයල බලන්න. ලී , අපි කඳවුරට පහර දීපු වෙලාවෙ ඒ සෙබලුන් ලියාමි ව දැක්කද. ඇය පර්වතය මුදුනේ හිටපු නිසා මම හිතන්නෑ ඇයව සෙබලුන් දැක්ක කියල"
"ඔව් ශේන් ඇයව සෙබළුන් දැක්කෙ නෑ තමයි. මොකක්ද ඔබ යෝජනා කරන්නෙ." ලී පැවසුවේ කුතුහලයකින් යුක්තව.
"ඉතින් අපිට පුලුවන් ලියාමිව මුලින් නගරයට යවල නගරය ගැන අවබෝධයක් ගන්න. මේක එලියෙන් ගිහින් පහර දෙනවට වඩා ඇතුලෙන්ම ප්‍රහාරයක් එල්ල කලා නං තවත් වාසියක් අපිට. මොකද ආරක්ශක වලල්ල බිඳ හෙලන්න යන ශක්තිය ඉතුරු කරගන්න පුලුවන් අපිට. මගේ අදහසට එකඟද ඔයාල"
"ආ ඔව් ඔව් මම ඇවටර් උනා නං මෙලහකටත් අපි එලියෙන් පහර දෙන්න පටන් අරන්. ලෝකයේ වාසනාවට එහෙනං මම ඇවටර් නොවුනේ." සයිමෝ කීවෙ සියල්ලන්ම සිනහ ගන්වමින්.
ලින්ඩාද කතාවට එක් විය.
"මම ශේන් ගෙ අදහසට එකඟයි. ඒත් අපි කොහොමද සැකයක් ඇති නොවෙන්න ඇතුලට පැන ගන්නෙ. අනික නගරය ගැන අවබෝධයක් නැතුව අපිට මුකුත් කරගන්න බැරි වෙයි."
"ඒක භාර දෙන්න මට" ජෙෆ් හදිසියේම කීවේ සියල්ලන්ගේම ඇස් ඔහු වෙතට යොමු කරගනිමින්.
"මට පුලුවන් නගරය ගැන සැලැස්මක් පෙන්නන්න සහ ඔයාලව ආරක්ශිතව ඇතුලට අරන් යන්න. මම අවුරුද්දක් පමණ බොස්කොව් වල ප්‍රධාන නගර ආරක්ශකයෙක් ලෙස සේවය කලා. මම තරන් හොඳට නගරය ගැන තවත් කෙනෙක් නෑ."
"දැන් ඔය ඔක්කෝම කරල ඇතුලටත් ගියා කියමුකො ඊට පස්සෙ මොකක්ද කරන්න හිතන් ඉන්නෙ." අයිමෝ වැදගත් කරුණක් විමසුවා.
"ඊට පස්සෙ කරන දේ ගැන සාකච්ඡා කරන්න සුදුසුම වෙන්නෙ සයිමෝ අයිමෝ සහ ලියාමි. යුධ උපකරණ සහ යුධ සැලසුම් ගැන හොඳටම දැනුමක් තියෙන්නෙ එයාලට. ජෙෆ් ඔබටත් පුලුවන් ඔවුන්ට උදව් වෙන්න නගරයේ සැලසුම ගැන ඔබගේ දැනුම නිසා. ඒ නිසා මේ අවස්ථාවට විතරක් ඇවටර් තනතුර සයිමෝ ඔයාට භාරයි" ශේන් සයිමෝට හිස නවමින් ප්‍රකාශ කලේ සෙස්සන්ව සිනා සාගරයේ ගිල්වමින්.
"අපි සාකච්ඡා කරල හැමෝටම කියන්නම්. ඊට පස්සෙ ඒකෙ අඩු පාඩු සියල්ල කතා කරමු හැමෝම එකතු වෙලා." අයිමෝ පැවසුවේ ලියාමි සහ ජෙෆ් දෙස බලමින්.
ලී පෙන්හෝ තම අසුනෙන් නැගිටිමින් "බොහොම හොඳයි අනෙක් අය එහෙනං විවේක ගන්න. නෙලීටත් ඉන්න් තැනක් පෙන්නන්න ලින්ඩා. ශේන් දැන් ඔබ විවේක ගන්න."
ජෙෆ් සයිමෝ අයිමෝ සහ ලියාමි හැර අනෙකන් කාමරයෙන් පිට වුනේ ඔවුන්ට නිදහසේ සැලසුම සකස් කරන්නට ඉඩ ලබා දීමටයි.
ලින්ඩා නෙලීවද රැගෙන ඇයගේ කාමරයට ගියේ නෙලීව නිදි කිරීමටයි. ශේන් ද ඔහුගෙ කාමරයට ගොස් ඇඳට වී මදක් කල්පනා කලේය.
කලක් නිකංම නිකමෙක් ව සිට දැන් මුලු ලොවක් බලා සිටින එක බලාපොරොත්තුව බවට තමන් පත් වූයේ කෙසේදැයි ශේන් ට සිතා ගැනීමටත් නොහැකි විය. කෙසේ වුවත් දැන් තමන්ගෙන් ලෝකයා බලාපොරොත්තු වන දේ කෙසේ හෝ ඉටු කිරීමට ඔහු ඉටා ගත්තේය.
ලින්ඩා පැමිණ ශේන්ව ඇහැරවන විට ශේන් තද නින්දේ පසු උනේ තෙහෙට්ටුව නිසාය.
"ශේන් එන්න දැන් රෑ වෙලා. අරගොල්ලො සැලසුමක් හදල තියෙන්නෙ. මිස්ටර් ලී කතා කරන්න කිව්ව ඔයාට"
"යමු ලින්ඩා මම එන්නම්."
නොබෝ වේලාවකින් ශේන් සහ ලින්ඩා සාකච්ඡා කාමරය තුළදී සෙස්සන් ඉදිරියේ පෙනී සිටියා.
පළමුව කතාව පටන් ගත්තේ ලී පෙන්හෝ ය.
"හොඳයි හැමෝම මෙතන ඉන්නව දැන්. අයිවෝ එයාල සාකච්ඡා කරගත්තු සැලැස්ම දැන් අපි හැමෝටම කියයි. හොඳට අහගන්න. පොඩි හරි අඩුපාඩුවක් දැක්කොත් වහාම කතාව නවත්තල ඒක අහන්න. මේක අපි දැනට කරන ලොකුම සටන කියලත් මතක තියාගන්න."
"අයිමෝ ඔයාලගෙ සැලසුම කියන්න"
අයිමෝ කටු සිතියමක් හා තවත් ඉඳිකටු කිහිපයක් අරන් එතනට පැමිණියේ ඔවුන් සැලසුම් කල පරිදි පහරදීම සිදු විය යුතු ආකාරය ඉදිරිපත් කිරීමටයි. අයිමෝ ඔහුගේ කටු සිතියම සියල්ලටම පෙන්වීය.
"හොඳයි මෙන්න මේකයි නගරයේ සැලැස්ම.............
සියල්ලෝම සැලසුමට එකඟ විය. අඩුපඩුවක් නොවීය ඊළඟ දිනයේ ඔවුන් ලක ලැහැස්ති වී බොස්කොව් නගරය මුදා ගැනීමට පිටත් විය.
________________________________
(සැලසුම ඒ ඒ අවස්ථා වලදි කියන්නං. ඒක තවත් හොඳ අත්දැකීමක් වෙයි)
_________________________________
මුලින්ම අපි නගරයට ඇතුල් වෙන්න ඕනෙ සාමාන්‍ය පුරවැසියො විදිහට. ඒත් මුරපොලවල් වලින් පරීක්ශා කරන නිසා ඒක කරන්න අමාරුයි. ජෙෆ් දන්නව ඇතුලට යන්න වෙනත් පාරක්. උමඟක්. ඒක විවෘත වෙන්නෙ කෙලින්ම නගරයේ සේදුම් අංශයේ ගොඩනැගිල්ලට.
ඔවුන් ජෙෆ් විසින් පෙන්වූ මාර්ගයෙන් ගොස් කී ලෙසටම සේදුම් අංශයේ ගොඩනැගිල්ලට ඇතුල් වුනේ කිසිවෙකුගේ ඇස නොගැටෙන පරිදි.
ඊට පස්සෙ අපි හමුදා භටයන් ලෙසට වෙස් වලා ගන්න ඕනෙ. සේදුම් අංශයේ ඕනෙ තරම් ඇඳුම් ඇති. ජෙෆ් කියපු විදිහට ලියාමි ට යි ලින්ඩටයි ඇඳගන්න වෙනව කර්නල් වරුන්ගේ නිල ඇඳුම්. මොකද විදුලි බලාගාරය බිඳහෙලීම ඔයාලට භාර වෙන නිසා. ශේන් මම සහ සයිමෝ ඇඳගන්නව මුර භටයන්ගේ ඇඳුම්. ජෙෆ්ට අපිත් එක්ක එන්න ඇතුලට එන්න වෙන්නෑ. ඔහුව අඳුරගත්තොත් සැලසුම අසාර්ථක වෙනව. ඔහු නගරයෙන් පිට ඉඳන් අදාල වෙලාව ආපුවහම භට නිවෙස් වලට පහර දේවි.
ඒ අනුව ඔවුන් වහාම තමන්ට අදාල නිල ඇඳුම ඇඳගත්තේ සැලසුමේ මීළඟ කොටස දියත් කිරීමටයි.
ලින්ඩා සහ ලියාමි වහාම අයිවෝ විසින් පෙන්වූ මාර්ගය ඔස්සේ විදුලි බලාගාරය දෙසට ගමන් කලා. ශේන් අයිවෝ සහ සයිමෝ සිරකරුවන් රඳවාගෙන සිටි සිර කූඩුන් දෙසට ගමන් කලා.
ලින්ඩා සහ ලියාමි බලාගාරය ළඟ වතුර පිරුණු විලක් තියෙනව. ලින්ඩා බලාගාරය තුලට වතුර අරන් කැමති විදිහකට බලාගාරය අඩාල කරන්න. ලියාමි ගෙ වගකීම ලින්ඩාට ඒ වැඩේ කරනකං ආරක්ශාවක් දෙන එක.
ලින්ඩාගේ සහ ලියාමිගේ නිල ඇඳුම් දුටු සෙබලුන් ප්‍රශ්න කිරීමකින් තොරවම ඔවුනට ඇතුලට යාමට ඉඩ සලසා දුන්නා.
ලින්ඩාට අතින් සංඥාවක් කල ලියාමි එක වරම තම තුවක්කුවෙන් සෙබලුන් වෙත ප්‍රහාර එල්ල කරන්න ගත්තා. ඒ අතරම ඇය තම වායු හැසිරවීමේ බලයන් යොදවමින් සෙබලුන්ව ලින්ඩාගේ මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කලා.
ලින්ඩයි ලියාමියි බලාගාරයේ පහර දීම ඇරඹුනු විටම අනෙක් භට පිරිස් වලට ඒ බව ආරංචි වෙයි. එතනදි තමයි අපිට ජෙෆ් ව ඕනෙ වෙන්නෙ. ජෙෆ් නගරය ඇතුලට විශාල ගල් කැබලි පස් කුට්ටි විසි කරල සෙබලුන්ගේ අවධානය නගරයෙන් එලියට ගන්න ඕනෙ.
සිතූ පරිදිම බලාගාරය තුල වෙඩි හඬ ඇසූ විටම තවත් භට පිරිස් ඒ දෙසට දිව යන්නට විය. නමුත් නගරයට පිටතින් පැමිණි විශාල පර්වත් කොටස් ඔවුන්ගේ අවධානය සම්පූර්ණෙන්ම බලාගාරය තුලින් ගිලිහුවේ නගරයට පිටතට ඔවුන්ව ඇද ගනිමිනි. දැන් භට පිරිස් නගරයෙන් පිට වන මුර පොලින් එලියට ගමන් කරන්නට විය.
සෙබලු එලියට ගියාම බලාගාරය තුල බාධක අඩු වෙනව. ලියාමි සෙබලුන්ව නවත්තන කොට ලින්ඩා බලාගාරයේ යන්ත්‍ර විනාශ කරන්න ඕනෙ.
බලාගාරයට අමතර සහයෝගයක් නොලැබුණු බැවින් බලාගාරය තුල සෙබලුන් ලියාමිගේ ප්‍රහාර හමුවේ අන්ත අසරණ විය. ඒ අවසරයෙන් ලින්ඩා අසල ඇති ජල මූලාශ්‍රයෙන් ජල කඳක් ගෙන ටර්බයින් යන්ත්‍රය තුලට ඇතුල් කර අයිස් කලේ ටර්බයින් යන්ත්‍ර පුපුරුවා දමමිනි. එලෙසම බලාගාරයේ ඉතුරු යන්ත්‍ර කොටස්ද මෙලෙස විනාශ කරලූයෙන් නගරයේ විදුලිය බිඳ වැටිනි.
ලින්ඩා බලාගරය අක්‍රීය කරපු ගමන් නගරයේම විදුලිය බිඳ වැටෙනව. එතකොට ස්ව්‍යංක්‍රීය තුවක්කු , විදුලි වැටවල් වගේ හැම දෙයක්ම බිඳ වැටෙනව. ඒක තමයි අපේ අවස්ථාව.
මමයි ශේනුයි යනව සිරකූඩු ලඟට. අයිමෝ යනව ප්‍රධාන පාලක මැදිරියට. එතනින් අපි නගරයේ හැම ආයුධයක්ම අපේ යටතට ගන්නවා. නගරයේ බලාගාරයට අමතරව තවත් බලමූලාශ්‍ර තියෙනව. ඉතින් ඒවා සක්‍රීය වෙන්න අඩුම ගානෙ පැය භාගයක් වත් යනව. අපි කරන්නෙ වයිරස් එකක් ප්‍රධාන පරිපථයට ඇතුල් කරන එක.
විදුලිය බිඳ වැටුනු වහාම ශේන් සහ සයිමෝ සිරකූඩු වෙතට දිව ගියෝය. සිරකරුවන් ආරක්ශා කිරීමට තවමත් සෙබලුන් කිහිපයක් එතැන විය.
"ශේන් දකුණු පැත්ත බලාගන්න මම වම බලන්නම්."සයිමෝ එසේ පවසන ගමන්ම තම තුවක්කුවෙන් සෙබලුන්ට වෙඩි තැබුවා.
ශේන් ද ඒ අනුව සෙබලුන් දෙසට තම බලයන් යොදවමින් වාත කඳන් හා ගිනි ජාලාවන් එල්ල කලා. එය එතරම් විශාල සටනක් නොවීය.
සිරකරුවන් සිටි කාමරය අගුලු දා තිබූ විශාල දම්වැල ශේන් ගේ උදව්වෙන් බිඳ දැමූ සයිමෝ වහාම එතුලට ඇතුල් වුනා. සිරකරුවන් කිහිපයක් එතන සිටියේ බෙල්ලට දැමූ යකඩ ගාංචුවක් ද සමගින්.
"ඉක්මන් කරන්න.පැනගමු මෙතනින්."
"අපිට බෑ. අපි මේ සීමාවෙන් එලියට ගිය ගමන් අපිව පුපුරනව. මේක බෝම්බයක්" එක් සිරකරුවෙක් කෑගැසුවෙ දෑස් කඳුලින් යුක්තව.
"ශේන් දැන් මොකක්ද කරන්නෙ අපි."?