✦ සාමයේ හෝරාව ✦
පළමු මෙහෙයුම 𝚃𝚑𝚎 𝙵𝚒𝚛𝚜𝚝 𝙼𝚒𝚜𝚜𝚒𝚘𝚗

ශේන් ඇවටර් වරුන්ගේ මානසික ලෝකයට ගිය පසුව එයින් ඔහුට අවශ්‍ය කරන සියලුම දැනුම ලබා ගත්තා. නමුත් ඔහුට අත්‍යවශ්‍යම වූ පළපුරුද්ද ලබා ගැනීමට ඔහු දිගින් දිගටම පුහුණු වීම් කලා. ලී පෙන්හෝ ගේ මග පෙන්වීම් යටතේ පුහුණු වූ ශේන් තම බලයන් සමඟ වඩා හොඳ ස්ථාවරත්වයකට පැමිණියා. ලින්ඩා , ලියාමි සහ ජෙෆ් සමඟ කරට කර සටන් කරමින් ශේන් ඔහුගේ බලයන් හැසිරවීමට ඉගෙන ගත්තා.
දවසින් දවස ශේන් ඔහු හිස මත පැටවී ඇති කාර්යයේ බැරෑරුම් බව තේරුම් ගත්තා. තම වගකීම පිළිබඳව නිසි අවබෝධයක් ලී පෙන්හෝ ගේද උදව් ඇතිව ඔහු වටහා ගත්තා. දිනෙන් දින පෙර සිටි ශේන් මැරී ගොස් නව වගකීම් කරට ගත් බැරෑරුම් ශේන් කෙනෙක් නිර්මාණය විය.
ටික කලකින්ම ශේන් ලින්ඩා , ලියාමි සහ ජෙෆ් ව අභිබවා යන තරමටම තම පුහුණුව සාර්ථක කර ගත්තා. සිය බලයන් හැසිරවීමේ සිට බලයන් පාලනය කරගැනීමට ඔහු ඉගෙනගත්තා.
මේ අතර ජෙනරල් දික්වින්ඩ් ගේ හමුදාවන් බොස්කොව් නම් නගරයෙන් පළා ගිය සැකකරුවන් පිරිසක් පසුපස ලුහුබැඳ විත් ඔවුන්ව අල්ලා ගෙන හිරභාරයට ගත්තා. නමුත් ඒ අතුරින් ඉතා කුඩා දැරියක් සැඟවී සිට කැලයට පලා ආවා. ඇය අහම්බෙන් මෙන් පැමිණියේ ශේන් සහ සෙස්සන් රැඳී සිටි පන්සල් භූමිය වෙතටයි.
ලින්ඩා ඇයව පළමු වරට දුටුවේ ඇය ජල හැසිරවීමට පුහුණු වෙමින් සිටියදී. ඒ ඇයට දරුවෙක් අඬන ශබ්දයක් ඇසී. ලින්ඩා එම හඬ ආ දිශාව සෝදිසි කර බලන විට ඇය දුටුවේ දැරියක් පන්සලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට විශාල ඕක් ගස මුලක් යටට වී හිඳ අඬන බවයි.
වෙනත් කිසිවෙක් නැති බව සැකහැර දැනගත් ලින්ඩා ඇය වෙතට ගොස් ඇයට කතා කලා.
නමුත් ලින්ඩාව දුටු ගමන් දැරිය බියෙන් මුව වසා ගත්තේ ඇයත් ජෙනරල් දික්වින්ඩ් ගේ හමුදාවෙ අයෙක් කියා සිතූ බැවිනි. ලින්ඩාද මෙය වටහා ගත්තේ ඇයගේ හැසිරීම නිසාවෙනි.
"බය වෙන්න එපා. ඔයා මෙහෙදි ආරක්ශිත යි. මම ලින්ඩා. ඔයාගෙ නම මොකක්ද." ලින්ඩා පැවසුවේ ඇයව දෑතට වඩා ගනිමිනි.
"මම නෙලී." දැරිය මදක් වෙව්ලන සුලු කටහඬකින් පැවසුවා.
"ඉතින් නෙලී මොකද මේ කැලේ තනියම කරන්නෙ කෝ ඔයාලගෙ අම්මල"
"එයාලව හමුදාවෙන් අල්ලගත්තා. මෙලහකටත් එයාල බොස්කොව් නගරයට අම්මලව අරන් යනව ඇති."
ලින්ඩා ඇගෙන් සියලුම සිදුවීම අසා දැනගත්තා. වහාම ලී පෙන්හෝ හමුවීමට ගියේ මේ බව ඔහුට පවසා ඔවුනට කල හැක්කක් තිබේදැයි සෙවීමට.
"මිස්ටර් ලී..... මිස්ටර් ලී...."
"කෑ ගහන්න එපා ලින්ඩා මම ඉන්නව තාම" ලී පැවසුවේ මුවඟට නගා ගත් සිනහවකින්.
ලින්ඩා වහාම ඔහුට ඒ බව සැල කලා.
"මේ දැරිවිගෙ අම්මයි තාත්තයි තවත් පොඩි පිරිසකුයි බොස්කොව් නගරයෙන් පැනගෙන. ඒත් මඟක් දුර එනකොටම ජෙනරල්ගේ හමුදාවෙන් ඔවුන්ව අල්ලා ගෙන. දැන් ඔවුන් නැවතත් නෙලීගෙ දෙමාපියන් ඇතුලු සැකකරුවන්ව බොස්කොව් නගරයට රැගෙන යනවලු."
"ඉතින් අපිට බැරිද උදව්වක් කරන්න එයාලට."
ලී මදක් කල්පනා කොට සිට,
"ලින්ඩා ශේන්ට එන්න කියන්න. අනික් අයට විස්තරේ කියල ජිප් එකට යන්න කියන්න. හමුදාවට කැලේදි වාහනවලින් යන්න බෑනෙ. ශේන්ටත් මේක හොඳ අත්දැකීමක් වෙයි."
දැරිවිය ඉතා සොම්නස් මුහුණකින්
"ඔබට ස්තූතී මහත්මයා" යයි පැවසුවා.
සියල්ලටම විස්තරය පැවසූ ලී පෙන්හෝ ශේන්ව මදක් පිටතට රැගෙන ගියා.
"ශේන් මේක ඔයාගෙ පළමු මෙහෙයුම. ඔයා ලෑස්තිද මේකට. සූදානමක් නැතුව ඔයාව මේකට ඇදල ගන්න බෑ මට"
"මිස්ටර් ලී ඒක මගෙ යුතුකමක්. මම ලෑස්තී." ශේන් පැවසුවේ ප්‍රෞඩත්වය පිරුණු කටහඬකිනි.
ලී පෙන්හෝ මදක් හිස නවා එයට එකඟත්වය පල කලේ සාමයේ නව බලාපොරොත්තුව ඔහුගේ දෑස් ඉදිරිපිට තිබූ නිසාවෙනි.
එවිටම සයිමෝ කෑ ගැසුවේ ශේන් ට හා ලී පෙන්හෝටය.
"යමුද අපි. බොස්කොව් නගරයෙන් ඔවුන්ව බේරගන්න බෑ. ඒ නිසා ඊට කලින්ම බේර ගන්න වෙයි."
සියල්ලෝම ජීප් රථයට නැගී වහාම දැරිය කිව් දිශාවට ගමන් කලා. ඈතින් දුමක් ඉහලට නැගෙන බව පෙනුනු නිසා ඔවුන් ජීප් රථය නවත්වා ඒ දෙසට ප්‍රවේසමෙන් හඬක් නොනැගෙන ලෙස පියමැන්නා. එදෙසට ලං වන විට පෙනී ගියේ එය කුඩා හමුදා කඳවුරක් බවයි. සිරගත කල මිනිසුන් පිරිසක්ද පැත්තක තිබූ කූඩාරමක මාංචු දමා රඳවා ගෙන සිටියා.
"සර්, සැලැස්ම මොකක්ද?"
ලියාමි , ලී පෙන්හෝ ගෙන් විමසුවේ තම ස්නයිපර් අවිය එකලස් කරමින්.
"ඔවුන් ප්‍රාණ ඇපකරුවන් තියාගෙන ඉන්න නිසා අපිට එක වරම පහර දෙන්න බෑ. මුලින් අපි සැලස්මක් ඇඳගමු."
"ලියාමි මට අවශ්‍යයි කූඩාරම ළඟ ඉන්න සෙබලු දෙන්නව අයින් කරන්න. කර්නල් ජෙෆ් ඔබ ගිහින් සිරකරුවන්ව මුදා ගන්න. ඊට පස්සෙ ලින්ඩා සයිමෝ, සහ අයිමෝ යන්න ප්‍රධාන කූඩාරමට. ගිහිල්ල එතනින් වැදගත් වන දෙයක් තියෙනවනං අරන් එන්න. ශේන්. හමුදා භටයන් සියල්ල ඔබට භාරයි. ලියාමි ඉන්නව උඩ ස්නයිපරයත් සමඟ. අත්‍යවශ්‍යම වෙලාවක් හැරුණු විට ලියාමි ශේන් ට උදව් කරන්න එපා. හැමෝටම පැහැදිලිද. "
සියල්ලෝම හිස සොලවා එකඟත්වය පල කල බැවින් පළමු මෙහෙයුම ආරම්භ විය.
ලියාමි වහාම කුඩා කඳු ගැටයක් උඩට නැග්ගේ සම්පූර්ණ කඳවුරම ඇගේ ඇසට ආවරණය වන පරිදිය.
ඇය ඇගේ පළමු ඉලක්කය ලෙස කූඩාරමේ වම් පස හිඳගෙන සිටි හමුදා භටයා බිම හෙලුවේ අනෙකා එකවරම තැති ගන්වමිනි. ඔහු දිව යන්න සූදානම් වන විටම ඊළඟ උණ්ඩය ඔහුගේ සිරුර හරහා ගියේ ලියාමි වයිල්ඩර් ගේ ඉලක්කයන් දෙකම අසාර්ථකත්වයකින් තොරව නිමා කරමිනි.
මේ අතර ජෙෆ් ලහි ලහියේ සිරකරුවන් සිටි කුඩාරමට පැමිණ සිටියේය. ඔහු ඒ ලැබුණු අවසරයෙන් කූඩාරමට ඇතුල් වී තම භූමී පාලක හැකියාව උපයෝගී කරගනිමින් සිරකරුවන් බැඳ තබා තිබූ විශාල ගාංචු පොළවෙන් නිදහස් කලේය.
සැලසුමේ මීළඟ කොටස ලෙස ශේන් සෙබලුන්ට පෙනෙන්නට පැමිණියේ ලින්ඩා , සයිමෝ සහ අයිමෝ වෙත ඔවුන්ගේ අවධානයක යොමු වීම වැළක්වීමටය.
වෑයම සාර්ථක විය. හමුදා භටයින් ශේන් දෙසට දුව ආවෙ අවි අමෝරාගෙනය.
ශේන් අඩියක් පස්සට ගොස් තම භූමි පාලන හැකියාවෙන් විශාල ගලක් පොළවෙන් ඉහලට ඔසවා එය සෙබලුන් දෙසට විසි කෙරුවේ සෙබලුන් තිදෙනෙක් එයට යට කරමින්. අනෙක් සෙබලුන් ඔහුට වෙඩි ප්‍රහාර එල්ල කලේ ශේන් ගේ බලයන් ඔවුන්ව භීතියට පත් කල නිසාය. ඒ අනුව ශේන් වහාම පස් කුට්ටියක් ආවරණයක් ලෙස යොදා ගනිමින් ඊට මුවා විය.
සෙබලුන් දිගින් දිගටම වෙඩි වරුසාවන් එල්ල කල නිසා ශේන් එකවරම ඉහලට පැන වායු කඳක් සෙබලුන් දෙසට එල්ල කලා. එයට හසුවූ සෙබලුන් මද දුරක් ඈතට ගසාගෙන ගියා. ඒ අවසරයෙන් ශේන් ගිනි ජාලාවක් සෙබලුන් දෙසට එල්ල කලේ ඔවුන්ට පසු බැසීමට ඉඟියක් ලබා දෙමිනි. ශේන්ට මෙම හැකියාවන් සියල්ලම පිහිටා තිබුනු නිසා ඔහු නිකංම හසුරවන්නෙක් නොව ඇවටර් කෙනෙක් බව දැනගත් හමුදා ඛණ්ඩය වහාම පසු බැස පලා ගියා.
මේ අතර ලින්ඩා සහ නිවුන් සහෝදර දෙපල කඳවුරේ ප්‍රධාන කූඩාරමට ගොස් එහි සෑම අස්සක් මුල්ලක් නෑරම නිරීක්ශණය කලා.
ඒ අතරින් සැලසුම් කිහිපයක් හා තවත් වැදගත් ලියකිවිලි කිහිපයක් රැගත් ඔවුන් කූඩාරමෙන් පිට උනා. ශේන් ගේ ගිනි ජාලාවන් නිසා සම්පූර්ණ කඳවුරම ගිනි ගනිමින් තිබුනා. වහාම සිරකරුවන් ව රැගෙන ඔවුනුත් ඉන් පලා ආවෙ කඳවුර ගිනිබත් වීමට ආසන්න වූ බැවින්.
නැවතත් ඔවුන් නෙලී සහ ලී පෙන්හෝ ලඟට පැමිණියේ නෙලීව නැවතත් දෙමාපියන්ට භාර දීමටය.
එහෙත් සිදුවූයේ වෙනකකි. එම සිරකරුවන් පිරිස අතර නෙලීගේ දෙමාපියන් නොවීය. විශ්වාසය කඩ උනු බැල්මක් හෙලූ නෙලී ලී පෙන්හෝට තුරුල් වී ඇඬුවේ තවමත් ඇයට තම දෙමාපියන්ව දැක ගත නොහැකි වූ නිසාය.
"මිස්ටර් ලී මෙතන මොකක්ද වෙලා තියෙන්නෙ. ඇයි නෙලීගෙ අම්මයි තාත්තයි මෙතන නැත්තෙ. ඒක උනේ කොහොමද." ලින්ඩා විමසුවේ සම්පූර්ණ මෙහෙයුමම අසාර්ථක වී ඇති නිසා ඇතිවූ ශෝකය මුසු තරහවකින් යුක්තවය.
"අපි මේ සිරකරුවන්ගෙන් අහල බලමු මොකද උනේ කියල" යැයි පවසමින් ලී පෙන්හෝ එහි හිඳි තරුණයෙක් ළඟට ගොස් මඳ වේලාවක් කතා කර සිට පැමිණියේ තවත් එක් තොරතුරක් සමගින්.
"අපි පරක්කු වෙලා. ඔවුන් ඊයෙ බොස්කොව් නගරයට තවත් සිරකරුවන් පිරිසක් රැගෙන ගිහිල්ල. මොවුන් කියන්නේ බොස්කොව් නගරයේ සිරකඳවුරකට ඔවුන්ව රැගෙන ගියා කියල. ඉතින් මොකද කරන්නෙ. බොස්කොව් නගරය කියන්නෙ මෙහෙම නිකං පොඩි කඳවුරක් නෙවෙයි. සම්පූර්ණ ආයුධ සන්නද්ධ භට පිරිස් ඉන්න තැනක්. ඔයාල ලෑස්ති නං අපි නෙලීගෙ අම්මල වෙනුවෙන් නගරයක්ම අල්ලමු" ලී පැවසුවා.
"මිස්ටර් ලී. අද හෝ අනාගතේ හෝ අපිට මේ තත්වයට මුහුණ දෙන්න වෙනව. ඉතින් අද උනත් හෙට උනත් මේ දේ කල යුතුමයි. ලෝකයේ සමබරතාවයට මේ නගරයත් ඇතුලත්. අපි ඒ වැඩේ කරමු. වෙන කවුරුත් නිසා නෙවෙයි නෙලී නිසා" කියමින් ශේන් නෙලීගෙ ඔලුවට සිහින් තට්ටුවක් දැම්මා.
"මට සතුටුයි ඔබ ඔහොම හිතන එක ගැන ශේන්. අනිත් අයගෙ අදහස මොකක්ද.?"
ලින්ඩා , ජෙෆ් ඇතුලු සෙස්සන්ද හිස සොලවා කැමත්ත පල කලේ ඔවුන් මෙතෙක් කල් සිදු නොකළ ඔවුන්ගේ විශාලතම සටනට එකඟත්වය පල කරමින්.
ශේන් ගේ ත්‍රාසජනක චාරිකාවෙ මීළඟ නැවතුම්පල ජෙනරල් දික්වින්ඩ් යටතේ පවතින් බොස්කොව් නගරය මුදා ගැනීමයි.එය ඔවුන් සිතූ පමණට ලෙහෙසි නොවනු ඇත. මන්ද එම නගරය ජෙනරල්ගේ ප්‍රධාන බලකොටුවක් බැවිණි.
බොස්කොව් නගරය මුදා ගැනීම මීළඟ කොටසයි.........