✦ සාමයේ හෝරාව ✦
පුහුණුව [ 𝚃𝚑𝚎 𝚃𝚛𝚊𝚒𝚗𝚒𝚗𝚐 ]

ලින්ඩා සහ ශේන් මෙන්ම සෙස්සන්ද සිදුවූ දෙයින් අතිශය විශ්මයට පත් උනා. ලී පෙන්හෝ සත්‍ය දැන ගත් නමුත් එය දරා ගැනීමට මද වෙලාවක් ගත උනා. ඇවටර් ලෝශිංගෙ ප්‍රතිමාව එලෙස කුඩු බවට පත් වී විනාශ උනේ වෙනකක් නිසා නොව. ඇවටර් ලෝශිං විසින් තවදුරටත් ලෝකය රැකීමට අවශ්‍ය නොවන නිසා.
"ශේන් මාත් එක්ක එන්න. අනිත් අයත් මාත් එක්ක එන්න මීටින් රූම් එකට. ඉක්මන් කරන්න හැමෝම"
ලී පෙන්හෝ සුදුමැලි වූ මුහුණින් පවසා වහාම ඔවුන්ගෙන් ඉවතට ගියා.
ශේන් ද තැති ගැන්මකින් යුක්තව අනෙක් අයත් සමඟ කිසිඳු කතා බහකින් තොරවම ලී පැවසූ කාමරය තුලට ඇතුල් උනා.
ලී ඔහුට අයත් පුටුවේ හිඳ ගෙන මේස ලාච්චුව තුළ මොකක්දෝ හොයමින් සිට එය හමුවූ කලෙක මෙන් සැනසුම් සුසුම් පිට කෙරුවා. ලී පෙන්හෝ , ලාච්චුව තුළින් ගත්තේ ඉතාමත් පැරණි බවට හඟවන සලකුණු වලින් යුත් පොතක්.
"ඔයාල හැමෝම දකින්නැති පිළිමය ළඟඳි මොකක්ද උනේ කියල. අවාසනාවකට ඒ සිදුවීම සියලුම මුර ප්‍රතිමා වලටත් සිදු වෙන්න ඇති. ජෙනරල් දික්වින්ඩ් ගේ බලකොටුවේ ඇති ප්රතිමාවත් සමඟම. මේක අපිට ලොකු ගැටළුවක් වෙනව. මොකද ජෙනරලුත් මෙලහකට දැනගෙන ඇති මීළඟ ඇවටර්ට , ඇවටර් ආත්මය ලැබුණා කියල.
සියල්ලෝම ශේන් දෙස බැලුවේ විමතිය හඟවන නෙත් වලින්.
ලින්ඩා වහාම කටහඬ අවධි කළාය.
"එතකොට ඔයා කියන්නෙ මගේ අයියා මීළඟ ඇවටර් කියලද. ඒත් එහෙම දෙයක් උනේ කොහොමද. අඩු ගානෙ එයාට බලයක් වත් තියෙනව කියල මම දැක්කෙ නෑ. අනික අපිට මෙයාත් එක්ක සටන් කරන්න බෑ. ඒක එයාටම අවදානමක්. මේ නිකං පිළිමයක් දිලිසුණු පලියට මගෙ අයියා ඇවටර් කෙනෙක් උනේ කොහොමද."
"ලින්ඩා! ශේන් කියන්නෙ කවුද කියල අපි කවුරුත් දන්නෑ හරියට. මෙච්චර කල් කිසිම ඇවටර් කෙනෙක් නිසා මුර ප්‍රතිමා දූවිලි බවට පත් වෙලා විනාශ උනේ නෑ. ඒකෙන් කියවෙන්නෙ ශේන් ඒ හැමෝටම වඩා සෑහෙන බලවත් කියල."
ලී පෙන්හෝ වහාම ඔහු ලාච්චුව තුළින් ගත් පොතේ පිටු පෙරලන්නට වූවා.

ඒත් සමගම නිහඬතාව බිඳිමින් සයිමෝ සහ අයිවෝ කතා කරන්නට වුනා.
"මිස්ටර් ලී. දැන් කිසිම බල හසුරවන මාස්ටර් කෙනෙක් නැතුව ඔබ කොහොමද ඇවටර් ව පුහුණු කරන්නෙ."
"ඔව් මම නං හිතන්නෙ නෑ ඒක එච්චර ලේසි දෙයක් වෙයි කියල නං."
ලී පෙන්හෝ මහතා මඳ වේලාවක් පොත දෙස බලා සිට,
"නෑ සයිමෝ අයිමෝ. මම ඔවුන්ව පුහුණු කරන්නෙ නෑ. අපි ඒ වැඩේ භාර දෙනව පෙර ඇවටර් ලට. ශේන්ට ඔවුන් සමඟ සම්බන්ධ වෙන එකට විතරක් මම උදව් කරනව. ඒ වගේම තමයි පෙර ඇවටර් ලට යුධ උපකරණ ගැන කිසිම අවබෝධයක් නෑ. මොකද නවීන උපකරණ සෑහෙන ප්‍රමාණයක් හැදුවෙ මෑත කාලෙ. ඔබලා දෙදෙනා තරම් ඒ ගැන දන්න තවත් අය මේ ලෝකෙ ඉන්න විදිහක් නෑ. ඒ නිසා ඔබලාට පුලුවන් ඔහුට යුධ උපකරණ පුහුණුව ලබා දෙන්න."
"අපි ළඟ ඉන්නවනෙ දැනට වායු , භූමි , ජල හසුරවන්නන්. ඔවුන්ට පුලුවන් ශේන් ට තවත් උගන්නන්න."
මීළඟට කතා කලේ කම්පනයට පත් ශේන්.
"මිස්ටර් ලී ම.. මට මේ වැඩේ කරන්න පුලුවන් ද කියල එච්චර විශ්වාසයක් නෑ. ලින්ඩා කිව්ව වගේ මට බලයකුත් නෑ තාම."
මඳ සිනාවක් මුවඟට නගා ගත් ලී පෙන්හෝ,
"ශේන් ඒකට මට උත්තරයක් දෙන්න බෑ. ඔයාට සිද්ද වෙනව පෙර ඇවටර්ල සමඟ කතා කරන්න.මම මේ හෙව්වෙ ඒක කරන විදිහ."
"අනිත් අය විවේක ගන්න. ලින්ඩා ඔබ මායි ශේනුයි එක්ක එන්න. ශේන් අපි යමු"
ඒ අනුව කණ්ඩායම කොටස් දෙකකට බෙදී කාමරයෙන් පිටවුනා.
ශේන් ලින්ඩා සමග ලී පෙන්හෝ පසුපසින් ගමන් කලා.
ඔවුන් ගමන් කලේ පන්සලෙන් පිටත තිබූ කුඩා පොකුණක් දෙසටයි. එතැන ඉතාමත් නිස්කලංක මනරම් ස්ථානයක්.
"හොඳයි ශේන් මට පුලුවන් ඔයාට මාර්ගය පෙන්නන්න විතරයි. එතනින් එහා ඔයාට භාරයි."
"ශේන් මෙතනින් ඉඳගෙන පහසු විදිහකට ඉන්න."
"ඇස් දෙක පියාගන්න."
ශේන් තම දෑස් පියාගනිමින් එතනින් හිඳගත්තා
ඉන් පසුව ඔහුට ලී පෙන්හෝගෙ කටහඬ ඇහුනා.
"මුලින්ම හිත සන්සුන් කරගන්න. වටපිටාවෙ වන ශබ්ද වලට මුලින් අවධානය යොමු කරන්න. කුරුල්ලො කෑ ගහනව ඇහෙනව. දැන් තවත් ගැඹුරට සවන් දෙන්න. ඔබට පුංචි පුංචි සත්තු කතා කරනව ඇසෙයි. දැන් ඔබ හිතන්න ඔබේ අභ්‍යන්තර ආත්මය ගැන. ඇවටර් ලෝශිං ගේ පිළිරුව සිහිපත් කරන්න. හිතන්න කලින් විසූ සියලුම ඇවටර් වරුන්ගේ ආත්මයන් ගැන. සෙමෙන් හුස්ම ගන්න. සෙමෙන් හුස්ම ගන්න. සෙමෙන්........"
මෙලෙස මද වේලාවක් සවන් යොමු කරන් සිටි ශේන්ට ලී පෙන්හෝ ගේ කටහඬ නොඇසුණු නිසා දෑස් හැර බැලුවා.
ඔහු සිටියේ පොකුණ ලඟ නොවේ. ඔහු සිටියේ වෙනමම හිස් ලෝකයක.
මේ ඇවටර්වරුන්ගෙ දේශයයි!
කායික ලොවේ ඇති ශේන් ගේ සිරුර දෙස බැලූ ලී පෙන්හෝ සැනසුම් සුසුම් පිට කෙරුවා.
"ලින්ඩා ශේන් ඇවටර්වරුන්ගෙ ලෝකයට මනසින් ගිහිල්ල තියෙන්නෙ. දැන් අපිට තියෙන්නෙ බලාගෙන ඉන්න. මෙච්චර ඉක්මනට මානසික ලෝකයකට යන්න පුලුවන් කෙනෙක් මීට කලින් මම දැකල නෑ"
ලින්ඩා අසල තිබූ ගහක කඳකට හේත්තු විය.
"මිස්ටර් ලී අයියට මුකුත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද."
"නෑ ලින්ඩා බය වෙන්න එපා. ඔහු නැවත කායික ලෝකයට පැමිණි විට ඔහු දැන ගත යුතු සියල්ලම දැනගෙන තියෙයි."
මේ අතර ශේන් ඇවටර්වරුන්ගේ මානසික ලෝකයේ හිඳිමින්..........
ශේන් දුටුවේ විශාල පිරිසක් එහි තමා දෙස බලා සිටින බවයි. ඒ අතුරින් එක් අයෙක් ඔහු දෙසට පැමිණියා. ඔහුගේ හිසේ විශාල ඊ හිසක් කැටයම් කර තිබුනා.

ඔහු ශේන් ඉදිරියට පැමිණ,
"ශේන්.... මම ඇවටර් ඇන්ග්. ඇවටර් ලෝශිංට බොහෝ කාලයකට පෙර පහළ වූ ඇවටර්. ඇවටර් ලෝශිං ලෝකයේ සාමය උදෙසා ඇය තම මානසික ශරීරය ප්‍රතිමාවක් තුළට කා වැද්දුව. එනිසා ඇයට මෙතනට එන්න බැහැ."
"අපි දැක්කා ඔබ මුර ප්‍රතිමා සියල්ලම විනාශ කරන්න පුලුවන් තරමට බලවත් බව. ඔබට කායිකව පුහුණු වීමට කලය මදි දැන්. ඒ වගේම ඔබටම පමණයි පුලුවන් වෙන්නෙ නැවත ලෝකය සමබර කරන්න. ඉතින් ඔබ අපගේ ආත්මයන් සමඟ සම්බන්ධ වී ඇති නිසා අපට පුලුවන් ඔබව පුහුණු කරන්න."
ශේන් වහාම කටහඬ අවධි කලා,
"ඇවටර් ඇන්ග් ඔබ හමු වීම විශාල භාග්‍යක්. ඒත් ඔබට විශ්වාසද මට මේක කරන්න පුලුවන් කියල. තව කට්ටිය ඉන්න බව ඇත්ත. ඒත් අපි හත් දෙනෙක් තනියම සම්පූර්ණ හමුදාවක් සමඟම සටන් කරන්නෙ කොහොමද.මම මේකට සූදානම් මදි කියල හැඟීමක් එනව"
"ඇවටර් ශේන්. කවදාවත් ඔබ තනි වෙන්නෑ. අප සියල්ලන්ගේම ආත්මයන් එකිනෙකට බැඳිලයි තියෙන්නෙ. අපි හැමෝම ඔබත් එක්ක ඉන්නව. ඒ වගේම අපි කැමති අපේ දැනුම සහ හැකියාවන් ඔබත් සමඟ බෙදා ගන්න."
ශේන් මද වේලාවක් කල්පනා කොට ඇවටර් ඈන්ග් ට දණ නමා ආචාර කරමින්,
"එය මට විශාල ගෞරවයක්".
ඒ සමඟම ඔවුන්ගේ දෑස් දිලිසෙන්නට විය. ශේන්ගේ දෑස්ද දිලිසෙන්නට විය.

ලොව විසූ ඇවටර්වරුන් සියල්ලම ශේන් ගේ ඇවටර් ආත්මයට සම්බන්ධ විය.
කායික ලොවේ පවතින ශේන් ගේ සිරුර වටා ක්‍රමයෙන් වාත කඳක් කැරකෙන්නට විය.
"ලී.. ශේන්ගෙ ඇඟ වටේ වායු කඳක් තියෙනව." ලින්ඩා පැවසුවේ තැති ගත් මුවෙන්.
"ලින්ඩා බය වෙන්න එපා. ඇවටර් වරුන් ශේන්ට අදාල දැනුම ලබා දෙනව. ඔහු දැන් වායු හසුරවන්නන්ගේ දැනුම ලබා ගන්නව. තව ටිකකින් ජලය , භූමිය සහ ගින්දර හැසිරවීමට ඔහු ඉගෙන ගනී. අපි පොඩ්ඩක් ඈතින් ඉමු."
ඒ අනුව ඔවුන් ශේන්ව පේන තෙක් මානයකට ඈත් උනි.
ස්වල්ප වෙලාවකට පසු ශේන් වටා ක්‍රමයෙන් ජල කඳක්ද කැරකුණි. ඒත් සමගම ශේන්ගේ කායික සිරුරහි ඇස් ද දිලිසෙන්නට විය. පෙර විසූ සියලු ඇවටර්වරුන්ගේ දැනුම ඔහුට ලැබෙමින් පවතී.
මෙලෙසම ටික වෙලාවකින් ශේන් වටා කුඩා ගල් කැබලි සහ ගිනි ජාලාවක් කැරකෙන්නට විය.

ඇවටවරුන් දිගටම ඔහුගේ ආත්මය දැනුමින් පෝෂණය කරන්නට විය.
සෑහෙන වෙලාවකට පසු ශේන්ගේ ඇවටර් ආත්මය සක්‍රීය වී ඔහුගෙ මනසද සිරුරට ඇතුල් විය.
ශේන් නැවතත් දෑස් හැර බලන විට නැවතත් ඔහු සිටියේ පොකුණ ඉදිරිපිටය.
ලී පෙන්හෝ සහ ලින්ඩා ඔහු දෙසට දුව ආවෝය.
"අයියේ ඔයා හොඳින් නේද?" අසමින් ලින්ඩා ශේන්ව තුරුලු කර ගත්තේ සහෝදර ප්‍රේමයෙනි.
"ලින්ඩා මම හොඳින්"
"ඇවටර් ශේන්. ලෝකයට ඔබව අවශ්‍ය කරන වෙලාවක ඔබගේ සම්ප්‍රාප්තිය අපට විශාල ශක්තියක්" ලී පෙන්හෝ ශේන්ට හිස නමා ආචාර කරමින් පැවසුවා.
ලෝකයේ පහළ වූ මීළඟ ඇවටර් , ඇවටර් ශේන් ග්‍රේගරි වොට්සන් තමා විසින් ලෝකයට කල යුතු ශේරෂ්ඨ කාර්ය සක් සුදක් සේ දැනගෙන සිටී. තමා ප්‍රගුණ කල යුතු සියලු ශිල්පයන් වෙනත් කිසිඳු ඇවටර් කෙනෙක් කලාක් මෙන් නොකර තම ආත්මයට කාවද්දමින් එම දැනුම් සම්භාරය සමඟ සම්බන්ධ වී ප්‍රගුණ කලේය.
තවත් දින කිහිපයක් තුල ශේන් වඩ වඩාත් හොඳින් තම බලයන් හැසිරවීමට ඉගෙන ගත්තේ යුධ උපකරණ පිළිබඳ දැනුම සයිමෝ සහ අයිවෝ ගෙන් අසා ගන්නා ගනිමින්.
ලෝකයේ සාමය පිළිබඳ බලාපොරොත්තුවක් යළිත් ලොවට පැමිණි ඇත.
ඒ ඉතිහාසය පුරාවටම මෙලොවට බිහි වූ බලගතුම හා ශේරෂ්ඨතම ඇවටර් , ඇවටර් ශේන් මෙලොව සැරිසරන නිසා....