✦ සාමයේ හෝරාව ✦

✦ සාමයේ හෝරාව ✦


මීළඟ ඇවටර් 𝚃𝚑𝚎 𝙽𝚎𝚡𝚝 𝙰𝚟𝚊𝚝𝚊𝚛

𓂀

ලින්ඩාත් සමඟ ලී පෙන්හෝ ගේ පන්සලට පැමිණියේ ඔවුන් නගරයෙන් පිටවී දින දෙකක් ගතවූ විටය. එම කාලය අතරතුර ලින්ඩා ඇගේ හැකියාවන් තම සහෝදරයාට පෙන්වීමටද අමතක නොකළාය.


පන්සලයක් කීවාට වැහිරී ගිය ගොඩනැගිලි කිහිපයකුත් කැලෑවට ගිය පිට්ටනියකුත් ඇරෙන්න එය පන්සලක් කීමට තරම් සාක්ශි තිබුණේ නැත. ජෙනරල් දික්වින්ඩ්ගෙ ආක්‍රමණයන් හමුවේ පාලුවට ගිය තවත් ස්ථානයකි මෙය.



පිටින් බැලූ බැල්මට එය පාලුවට ගියත් දොරටුවෙන් ඇතුලට යන විට ශේන් දුටුවේ නවීන cctv වර්ගයේ කැමරා ඉතා සූක්ෂ්ම ලෙස සවි කර ඇති බවයි. ගොඩනැගිලි කිහිපයක් පසු කරමින් ශේන් ව රැගෙන ගිය ලින්ඩා පාලුවට ගිය කුඩා නිවසකට ඇතුල් උනා. එය නිකංම හිස් නිවසක්. ලින්ඩා මීළඟට කලේ ශේන් කොහෙත්ම බලාපොරොත්තු වූ දෙයක් නොවේ.


නිවසට ඇතුල් වන තැනම පිහිටි කුඩා පින්තූරයක් පැත්තට ඇල කල විගසම ගෙබිමෙහි මැද අඩි දෙකක පමණ දොර පියන් දෙකක් විවෘත වී පහලට යන මාර්ගයක් සෑදුණා. එම දොර විවෘත උනේ පහළ නොපෙනෙන මානය තෙක් විහිදුන පඩිපෙලකට.


ලින්ඩාව අනුගමනය කරමින් ශේන් පඩිපෙල ඔස්සේ පහලට බැස ගියා. පඩිපෙලේ අවසානයට ඔවුන්ට හමුවුනේ විශාල වානෙ දොරක්.


ලින්ඩා ඇයගේ අත ස්කෑනර් යන්ත්‍රයකට තැබූ විට විශාල දොර දෙපැත්තට ලිස්සා ගොස් විවෘත උනා.


එවිටයි ශේන් දැක්කේ, ඒක පාලුවට ගිය නිකංම පන්සලක් නොවන බව.ඔවුන් ඒ ඇතුල් උනේ පොළවට යටින් පිහිටි ඔවුන්ගේ රහසිගත කඳවුරටයි. ලී පෙන්හෝ විසින් පන්සල පවත්වාගෙන යන කාලයේ ජෙනරල්ගේ සෙබල පිරිසක් පැමිණ එම පන්සල අතහැර යන ලෙසට අණ කර තිබුණා. එම නිසා පන්සලේ විසූ අනෙක් පිරිස් එයින් ඉවත් උනා. නමුත් ලී සහ ලින්ඩා ඇතුලු කණ්ඩායම මෙම රහසිගත බිම් මහලට වී ඔවුන්ගේ මෙහෙයුම් දියත් කලා.


"ශේන් දැක්ක කල්. සෑහෙන වෙනස් වෙලානෙ ඔයා"


පිටුපසින් තමාව ආමන්ත්‍රණය කලේ කවුදැයි බැලීමට ශේන් ආපසු හැරුනා.

ඒ වියපත් කුඩා ශරීරයක් ඇති නමුත් ශක්තිමත් දේහයක් ඇති බවට හැඟවූ මිනිසෙකි. මේ ලී පෙන්හෝ විය යුතුය යන සිතුවිල්ල ශේන් ගේ සිතට දැනුනා.


"මේ මිස්ටර් ලී පෙන්හෝ විය යුතුයි. ඔබතුමාව හඳුනා ගැනීම සතුටක්. නංගි මට ඔබ ගැන බොහෝ දේවල් කිව්ව එන ගමන්"


"හොඳයි හොඳයි. ලින්ඩා අනෙක් අයවත් අරන් ඇවටර් ප්‍රතිමාව ළඟට එන්න. ශේන් එන්න මාත් එක්ක එතනට යමු. යනගමන් කියන්න දේවල් ටිකකුත් තියෙනව"


ශේන් , ලී පෙන්හෝ සමඟ ප්‍රතිමාව ළඟට යාමට පිටවුනු අතර ලින්ඩා සෙස්සන්ව කැඳවාගෙන ඒමට පිට උනා.


"ශේන් ට ලින්ඩාගෙ හැකියාවන් පිහිටලා තියෙනවද. ඒ කියන්නෙ අමුතු දේවල් වෙලා තියෙනවද මොනා හරි. වතුර සමඟ සම්බන්ධයක් මොකක් හරි තියෙනවද"


"අ.. නැහැ මිස්ටර් ලී. මෙච්චර කල් මට එහෙම කිසිම හැකියාවත් වත් ඉඟියක් වත් තිබ්බෙ නෑ. සමහර විට මම ජල හසුරවන්නෙක් නෙවෙයි වෙන්නැති."


"හම්ම්. අපි බලමු. අපි මේ යන්නෙ ඒ බව පරීක්ශා කරන්න. ඔබේ අතීත ජීවිතය සහ ඒ සියල්ල මගින් පුලුවන් ඔබ හසුරවන්නෙක් ද කියල බලාගන්න."


ඔවුන් දෙදෙනා ඉන් පසුව කතාබහකින් තොරවම ප්‍රතිමාව ළඟට පැමිණියා. එය දිලිසෙන සුලු ලෝහයකින් සැඳුම් ලත් ප්‍රතිමාවක්.


"ශේන් මේ ඉන්නෙ ලෝකයේ අවසන් වරට පහළ වූ ඇවටර්. මේ ඇවටර් ලෝශිංගේ මුර ප්‍රතිමාව.

ලී පෙන්හෝ මහතා ප්‍රතිමාව දෙසට හිස නවා ආචාර කරමින් කියා සිටියා.


"පුරාවෘත්ත වල හැටියට ප්‍රධාන බල හසුරවන්නන් දවසක මේ ලෝකයෙන් නැති වෙනව. එහෙම කාලෙකට ලෝකයේ සාමය ආරක්ශා කරගන්න ඇවටර් කෙනෙකුත් නැති වෙනව. ඒ නිසා ඇවටර් ලෝශිං දිගටම ලෝකය බේරගන්න තමාවම මෙහෙම ප්‍රතිමාවක් කරගත්ත කියල කියන්නෙ. ඒකෙ ඇත්ත නැත්ත කොහොම උනත් මේ ප්‍රතිමාව බලයක් සහිත ප්‍රතිමාවක්. මොකද මේකෙන් තමයි අපි හොයාගත්තෙ අපේ භූමි හසුරවන්නයි වායු හසුරවන්නයි."

"ආ මේ එන්නෙ කියනකොටම"


ලින්ඩා ඔවුන්ගේ සෙසු සාමාජිකයන් ද රැඟෙන යලි එතනට පැමිණියා. ඒ අතුරින් නිවුන් සහෝදරයන් දෙදෙනෙක් , මැදි වයසේ පුද්ගලයෙක් හා ලින්ඩාට වඩා මදක් වැඩිමහල් තරුණ කාන්තාවක් වූවා.


"ශේන් අඳුරගන්න සාමයේ දූතයන්ව." ලී ඔවුන් වෙතට ඇඟිල්ල දිඟු කරමින් පැවසුවා.


අනතුරුව ලී , නිවුන් සහෝදරයන් පෙන්වමින් "මේ ඉන්නෙ සයිමෝ සහ අයිවෝ. හසුරවන්නන් නෙවෙයි. ඒත් ඕනේම වර්ගයක තුවක්කුවක් යන්ත්‍රයක් පාලනය කරන්න දන්නව. ජෙනරල් ගේ අත්‍යවශ්‍යම අපරාධකරුවන් ලැයිස්තුවේ උඩින්ම ඉන්න දෙන්නෙක්."


සයිමෝ සහ අයිවෝ

"ඊට පස්සෙ මේ ඉන්නෙ ලියාමි වයිල්ඩර්. අපේ දිගු දුර sniper කාරිය. වගේම ඇය වායු හසුරවන්නියක්." ලී පියකරු පෙණුමක් ඇති කාන්තාව හඳුන්වමින් කියා සිටියා.

ලියාමි වයිල්ඩර්

ශේන් ඇයට ආචාර කල අතර ඇයද පෙරලා සිනහවකින් ඔහුට ආචාර කලා.


"එතකොට අන්තිමට මේ ඉන්නෙ කර්නල් ජෙෆ් රෝලන්ඩ්. භූමි හසුරවන්නෙක්. ජෙනරල් දික්වින්ඩ් ගේ සේනාංකයක් භාරව සිටි පුද්ගලයෙක්. කලකිරීම නිසා අතහැර ඇවිල්ල."

කර්නල් ජෙෆ්

කර්නල් ජෙෆ් , ශේන්ට ආචාර කලා. ශේන් ද පෙරලා ඔහුට ආචාර කලා.


"ඉතින් ශේන් අපි බලමු ඔයාට බලයක් පිහිටලා තියෙනවද කියල. ඔයාට කරන්න තියෙන්න ගිහින් ඇවටර් ලෝශිංගේ ප්‍රතිමාව ඉතාමත් සියුම්ව හිත සැහැල්ලු කරන් අත් දෙකෙන්ම අල්ලන්න."

"ඉතින් පස්සෙ ඔබට බලයක් තියෙනවනං ඔබටම තේරෙයි ඒක."


හොඳ හුස්මක් ගත් ශේන් පිලිමය ලගට ගියේ හිතේ සියලුම දේවල් අමතක කරමින්. ඔහු ප්‍රතිමාවට දෑත තබා ගෙන මද වෙලාවක් සිටියා.


මිනිත්තුවක් දෙකක් ගත විය.

කිසිවක් සිදු නොවීය....


ලී පෙන්හෝ දිගු සුසුමක් පිට කලේ ඔහුගේ සියලු බලාපොරොත්තු හා විශ්වාසයන් බිඳී ගිය හෙයිණි.


එහෙත් ඊළඟ මිනිත්තුවේ සිදු වූයේ කිසිවෙක් හීනෙකින්වත් නොසිතු දෙයකි.


ඇවටර් ලෝශිංගේ ප්‍රතිමාව එකවරම දිලිසෙන්න පටන් ගත්තේ ඔවුන්ගේ දෑස් නිලංකාර කරමින්.

ඇවටර් ලෝශිංගෙ ප්‍රතිමාව දිලිසෙමින්

එම පිළිරුව පමණක් නොවේ. ලොව සතර දිශාවේ පිහිටි සියලු ඇවටර් වරුන්ගේ පූජනිය මුර ප්‍රතිමා ද දිලිසෙන්නට විය. ජෙනරල් දික්වින්ඩ්ගේ බල ප්‍රදේශයේ පිහිටි ප්‍රතිමාවක්ද මෙලෙස දිලිසුනේ ජෙනරල් දික්වින්ඩ් ගේ පවා ඇස ගැටෙන ලෙසය. විනාඩියකට පමණ පසු දිලුසුම නැවතිණි. ඒත් සමගම ඇවටර් ලෝශිං ගේ ප්‍රතිමාව සියුම් කුඩු බවට පත් වී නොපෙණී ගියා.


මුලු ලෝකයෙන්ම දෙදෙනෙකුට හැර කිසිවෙකුටවත් මේ සිදු වුනු දේ තේරුම් ගත නොහැකි උනා.


ලී පෙන්හෝ සහ ජෙනරල් දික්වින්ඩ් සත්‍යාකාරවම දැනගත්තා ලෝකයේ සාමය රැකීමට මීළඟ ඇවටර් ලොවට පහළ වී ඇති බව. ඒ ශේන් ග්‍රෙගරි වොට්සන්.....

Report Page