සදට පෙම් බදින ඈ. ❤ 15 කොටස

සදට පෙම් බදින ඈ. ❤ 15 කොටස

@d1108s
https://t.me/sithalu_niwahana

මුලින්ම කියන්න ඕනි ඇගිල්ල හොද වෙන්න කියලා පාර්ථනා කරපු හැමෝමටම තැන්කු.


ඒ වගේම කියන්න ඕනි යම් හේතුවක් මත කතාව දෙන්න බැරි වුනොත් මම ඒක දැනුවත් කරන්නෙ mge blog එකේ විතරයි කියන එකත්.


අනිත් ඒවාට එහෙම පණිවිඩ එවන්න විදියක් නෑ. අප්ඩේට් දැන ගන්න මගේ personal blog එකට ජොයින් වෙලා ඉන්න.


https://t.me/sithalu_niwahana - my personal blog .


කතාවට ....


15 කොටස.  


ඔන්න අද කතාව ගේනවා. දැන් ටිකක් හොදයි 🙂 කමෙන්ට් ඕනි ඉතින් වෙනදා වගේ ම  ගොඩාක් 🤗



ඉතින් සමනලී  ශාන් විභාගයයට යන්නයි සූදානම. 


 මෙතැන් සිට. 👀 


  අද නම් ලස්සන දවසක්.  සමනලී ශාන් දෙන්නම  උදෙන්ම නැගිටලායි හිටියේ.  සමනලී  නම් උදෙන් නැගිටලා  එයාගේ අම්මා  කුසුමාට  උදේ ආහාර හදන්න  උදව් කරමින්  තමයි හිටියේ.  


  ගුඩ් මෝනින්  නෝනා. 

ගුඩ්  මෝනින්  කුසුමෝ. මොකෝ මේ  සමනලී  කුස්සියට වෙලා.  


 අනි  මම කිව්වා නෝනා ගිහින් පොතක් බලාගන්න කියලා.  මට නෝනාගෙනුත් බැනුම්  අහන්න තමයි වෙන්නෙ කියලා. 


 එකනේ එකනේ. සමනලී.  


 ඕ නෝනා  මම  අම්මාට  උදව් කරලා යන්නම් නෝනා.  දැන් පාඩම් කරලා ඉවරයි.  


 හරි හරි මම දැන් ඉන්නවානෙ.. සමනලී යන්නකෝ.  ගිහින් වාඩි වෙලා ඉන්න.  අන්න පුතාත්  ඉන්නවා  ඉස්සරහ.  


 අනේ  ඕන නෑ නෝනා. මම දැන්  උයලා  ඉවරයි.  මේ සම්බෝලෙ හදලා ගන්න විතරයි  තියෙන්නෙ.  මේක ඉක්මනට  හදලා  මම තේ හදලා මේසෙට ගේන්නම් නෝනා.  


 ඉන්න ඉන්න කුසුමා  මම අද තේ ටික හදන්නම්කෝ. කුසුමා  හදන සම්බෝල  රසයිනෙ.  කුසුමා  හදන්නකෝ   


 හරි නෝනා 😊  


 ඔන්න ඉතින්  ඔ ගෙදර නම් හරි හරියට  වැඩ.  ඔව් ඔව්  අද විභාගය නිසා තමයි.  කුසුමා  උදෙන් නැගිටලා  කිරිබත් හදලා ඒකටම  හරියන්න  සම්බෝලයක් හදලා  තේ කෙසෙල් සමග  මේසෙට යැව්වා.  


 ඉතින් සමනලී  ශාන්   උදේ කෑමත් අරන්  ස්කූලෙට යන්නයි හදන්නෙ.  අද ශාන්ගෙ  තාත්තා මේ නිසාම  ගෙදර තමයි ඉන්නෙ.  


 ඉතින්  ශාන් සමනලී ශාන්ලගේ කාර් එකේ ස්කූලෙට ගියා.  


සමනලී නම් මේවා හිතලා තිබුන දේවල් නෙවෙයි.  ඒත් දෛවයේ තිරණයකට  සමනලීගේ  වාසනාවකට මන්දා දැන් සමනලීට මේ දේවල්  හිමි වෙලා තියෙනවා.  

 ඉතින් සමනලී සතුටින් විභාගයට පෙනී සිටියා.   


 ඒ වගේම  ශානුත් හොදට එක්සෑම්  එක කරා.  එක්සෑම් කාලයත් ගෙවිලා ගිහින්  සමනලී  ශාන් සතුටින්  එක්සෑම්  ලියලා  ඉවර  කරා.  


 ඉතින්  දෙන්නම බලන් හිටියේ රිස්ලාට්  එනකන් තමයි.  


 දෙන්නම හොදට පාඩම් කරලා තිබුන  නිසා  එච්චර  අමාරු වුනෙත් නෑ..



ඒ වගේම සඳ කැලුම්  අරුණ  උදේම කොලබ යන්න  ලෑස්ති  වෙමිනුයි හිටියේ.   ඉතින්  දෙන්නම  උදේ  බස් එකේ  යන්න පිටත් නව  ඇරඹුම  සුභ වන ලෙස ප්‍රර්ථනා  කරමිනුයි.  


   සඳ කැලුම්  නැවතත්  තම  යහලුවාගේ  නිවසෙහි  බෝඩ් වී  දෙවන වර විභාගයට පෙනී සිටින්නට සූදානම් වූයේ සමනලී  සතුටින්  රිසාල්ට්  එන තෙක් බලා සිටින අතරයි.


 අරුණට ද සඳ කැලුම්  ගේ මාර්ගයෙන්  සිකුරිටි  ජොබ් එකක් ලැබෙන්නේ  අරුණගේ  බලාපොරොත්තු  කනපිට පෙරලමිනි.  

 

 සඳ කැලුම්ගෙන් තව  දුරටත් පලිගන්නට  අරැණ  කොලබට පැමිණියත්  ඔහුත්  එම  ආයතනයේම සිකුරිටි  සේවිකාව හා පෙමක් ගොඩ නැගෙන්නේ  ඔවු නොවුන්ටත් නොදැනිය.


 සඳ කැලුම් ද තමන්ගේ  ඉලක්කය  වෙනුවෙන්  කෙසේ  හෝ වැඩ  කිරිමට  අදිටන් කරගන්නේ මේ අතර තුර  සමනලීව සොයා ගැනිමේ  අරමුණින් හිතා දරා ගෙනයි.  


 මේ  අතර  සමනලී.....🤔🤔🤔  


 කට්ටිය  තව ටිකක් කතාව දිගට අදින්නම් නේද ඉතින්. ☺  ඔයාලා කැමති නෙ කතාවට...  


   සමනලී  

 ඔව් ශාන් කියන්න.  


 රිස්ලාට්  එනකන්  මෙහෙම ඉන්න ද  හදන්නෙ ඉතින්.  


 ඔව් ශාන්.  ඔයා මොකක්ද කරන්නෙ.  


 මම නම් ඉතින්  English course කරන්නයි හැදුවේ.  


 ම්ම් ඒක හොදයි  .


  හ්ම්  ඔයත් එනවා ද.  


 අනේ බෑ ශාන්  මට ඉතින්  එච්චර අවුලක් නෑනෙ.  


 හ්ම්ම්  ඔයාට හොදට  engslih පුළුවන්.  ඒක හොදයි.  ඔයා මුල ඉදන්ම  ඒක හදා ගත්ත  එක.  


 හ්ම්  කමක් නෑ ඉතින්.  ඔයත් කෝස්  එකකට ගිහින් හදා ගන්නකෝ. 😊  


 හරි.

  

ශාන්


 ඕ.  


මම මේ ආවෙත් කඩේක වැඩට යන්න හැදුවේ මේ දවස් ටිකේ.  


 මොකක් ඇයිඒ.  


 නෑ ඉතින්  දැන් කැම්පස් යනකොට  ඕනිනෙ.  


 අහ්  ඉතින්  අපි දෙන්නම්.  


  ඒ වුනාට  එහෙම හලි නෑ ශාන්.  ඔයාලා නිසා තමයී අපි මෙහෙම ඉන්නෙ.  


 හරී හරි  ඉතින්  ඕක හැමදාම කියනවනෙ.  


 ඉතින් ඒක ඇත්තනෙ.  


 හරි බන්.  ඒ වුනාට  ඕවාගෙ වැඩ පුළුවන් ද.. 


 පුලුවන් ශාන්. මම කලින් වැඩ කරානෙ.  

ඒ කෙහේද.  

 අපි හදුන්කූරෑ  විකුණුවා.  

ගෙදර හදලා ද.  


 ඔව්.  


 ඉතින්  ගෙදර  ඉදන් ඒක කරන්නකෝ ඔච්චර  ඕන නම්. මම  අම්මාටත් කියන්නම්.  


 හා.  මම නෝනාට කියනවා අද හවස.  


 හ්ම්. කුසුමා  අම්මා  මොකද කිව්වෙ


 එයා හා කිව්වා😊


 හ්ම්. 


  ශාන් පුතා තේ බොන්න එන්න.  


 හරි අම්මා  මේ එනෝ.  


  අහ්  මේ  හැලප කොහෙන්ද  කඩෙන් ගේනාවාද


 නෑ පුතේ  කුසුමා අම්මා  හදාලා තියෙන්නෙ  


අඩේ ශෝක් ආ  ටැන්කූ  ඉතින්.  


 හරි හරි  කුසුමා අම්මාට කියන්නකෝ.  


 හා හා මම කියලා එන්නම්.  

කුසුමා අම්මා කුසම් අම්මා.  


අනේ මන්දා මේ ලමයා නම් තාම පොඩි ලමයා වගේ නෙ. 🤭  


 ඕ සුදු මහත්තයා.  හැලප කන්නෙ නැද්ද.  


 නෑ නෑ අනේ  මම මේ ඒක කි යන්න තමයි ආවේ.  තැන්කු හොදේ.  


 ඒ ඇයි සූදු මහත්තයා.  


  අයියෝ  ඔයා දන්නෙ නැද්ද.  හැලප වලට මම ආසයි☺☺😋😋  ඉතින්  ඔයා හදලානෙ.  ඒකට ඉතින් 🙈  ආදරෙයි හොදේ🙊🙊  


  අනේ අනේ සුදු මහත්තයා  ඕකට ද. මට නෝනා කිව්වා සුදු මහත්තයා  කැමති කියලා.  ඒක නිසා  ඔන්න හැදුවා.  තව  මොනවා හරි තියෙනම් කියන්නකෝ.  


 හලියෝ  හෝ හෝ හෝ හෝ😁😁😉😉😉  


  සුදු පුතා  හෙමින් කන්න ලමයෝ.  බලන්නකෝ  අර සමනලී දූත් හිනා වෙනවා.  


 ආ  අම්මා මොකක්ද කිව්වෙ🧐🧐  


අනේ ආනේ සුදු පුතා  මම කියපු දේ ඇහුනෙ නැද්ද.  


නෑනෙ අම්මා.  කන වේලාවට කරදර කරන්න හොද නෑලු..  ඔයා දන් නෙ නැද්ද ඒක🙄🙊  


 දන්නව දන්නවා ලමයෝ. මම කිව්වෙ හිමින් කන්න කියලා.  උදුර ගන්නෙ නෑ.  තව අර පැත්තෙ තියෙන වා.  


 හා හා අම්මා  ඔයා කන්නකෝ. පස්සෙ කතා කරමු😋😋  


 හ්ම්  


  ටික වේලාවකට පසු.

 අම්මා.  

 හ්ම්.  


 මේ සමනලී  මොකක්ද වැඩකට යන්න හදනවානෙ  


 අ ඔව් පුතා මට කිව්වා දැන් ඔයා එන්න කලින්. මම නම් කිව්වෙ කඩවල් වල වැඩට යන්න එපා කියලා.  


  ඒත් නෝනෙ  කැම්පස්  එහෙම යනකොට මෙයාට සල්ලි එහෙම  ඕන වෙනවානෙ.  


 ආ ඒවා අපි බලා ගන්නම්  කුසුමා.  කුසුමා  ඒවා පශනයක් කර ගන්න එපා.  


  අනේ නෝනා එහෙනම් මම ගෙදර ඉදන්  වැඩක් කරන්න ද.  


 ඒ මොකක්ද සමනලී.  


 අම්මා  මෙයා කියනවා මෙයාට  හදුන්කූරෑ හදන්න පුළුවන්.  කලින් හදුන්කූරෑ හදලා විකුණාවලු.  


 ආ ඇත්තද.  


 ඕ නෝනා  ඉස්සර සමනලී තමයි හදුන්කූරෑ හදලා තාත්තා  එක්ක  හවසට ගිහින්  විකුණන්න නෙ.  


 ඔව් නෝනා  


 එහෙනම්  සමනලී  ඔයා ගෙදර  ඉදන් හදුන්කූරෑ හදන්න.  අපිට පුළුවන් ඒවා කඩවල් වලට දාන්න.  


 හරි නෝනා.  මම හෙට  කඩේට ගිහින්  ඕන  බඩු ටික ගේන්නම්.  


හරි මම සල්ලි දෙන්නම්.  


 අනේ නෝනා සල්ලි ඕන නෑ. මේ මාසේ නෝනා දුන්න පඩිය තියෙනවා. මම ඒක දෙන්නම් සමනලීට.  මදි වුනොත් අපි පස්සෙ ගමුකෝ.  

හරි. මදි වුනොත් ඉල්ලන්න ඕන.  

ඉතින්...



කමෙන්ට් දාගෙන යන්න පුළුවන් හැමෝම.  



  To be continued next episode ....... 


 කතාව උපුටා ගැනීම සපුරා තහනම්🚫🚫 කර්තෘ අයිතිය සුරකින්න. ⚠️


 කිසිදු හේතුවක් මත අවසරයකින් තොරව අනෙකුත් සමාජ මාධ්‍ය තුල ශෙයා කිරීම සපුරා තහනම්. 🚫🚫⚠️ විකෘති කිරීම, අච්චාරු කිරීම සපුරා තහනම්. 🚫🚫⚠️

කතාවක් ඕන් නම් direct ඉල්ලන්න මගෙන්. 🤨👀


 ටෙලිග්‍රෑම් චැනල් 9 ක පමණයි ශෙයා කිරීමට අවසර තියෙන්නෙ. ✔️✔️

කමෙන්ට් එකක් දාන් යන්න. 😊


 පරණ කතා මග ඇරනු අයට හා අලුත් කතා මග ඇරනු අයට ඒවා හොයාගන්න අමාරුයි නම් මගේ personal blog එකෙන් කියවන්න පුළුවන්. 😊 


Join link. 

https://t.me/sithalu_niwahana

 බුදු සරණයි. හැමෝම පරිස්සමින්.  

 Plz comnend . ✍️

Report Page