සිදගනා (04) 🥀🥀🥀

සිදගනා (04) 🥀🥀🥀

Yenu 💕(❄️🐻)







[අවසාන කොටස 🥀]

සිදගනා...(04)🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 🥀(short story ) 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

_____________________________________________________________________________



ඇස් අගට උනපු කදුලත් එක්ක කෙල්ල බඩගින්නෙම ඇදෙන් දිගා උනෙව් ඇගට තිබ්බ මහන්සියටම නින්ද එද්දි....



_____________________________________________________________________________



ඩින් ඩොං.....

ඩින් ඩොං........



  ගෙදර දොරේ ඇහෙන බෙල් එකේ සද්දෙට කෙල්ල අමාරුවෙන් උනත් දඩ බඩ ගාලා නැගිටලා පඩිපෙලත් බැහැගෙන ගියේ විරුන් ආවා කියල හිතාන..



 "හායි මැඩම්... මේ මැඩම්ගෙ oder එක..."



  හිනා කටක් පුරවන් දොර ඇරල බැලුවත්... ඒක එසැනින්ම මැකිලා ගියේ ඇවිත් ඉන්නෙ විරුන් නෙවෙයි කියල පෙනෙද්දී...



  ඒ මනුස්සයටත් සාමාන්‍ය විදිහට හිනා වෙලා සල්ලිත් ගෙවල කෑම ටික අරන් දොරත් වහල කෙල්ල ඇතුලට ආවා...



   ගෙනාපු කෑම ටික දිහා බලලා ලොකූ හුස්මක් පාතට දාපු කෙල්ල



  "හුම්... මේ ටික තව ටික්කින් ඇරේන්ජ් කරමු.."



  කියල හිතාන කෑම ටික කිචන් එකෙන් තියල සාලෙට ගිහින් ටීවි එක දාලා සැටියෙන් වාඩි උනා..



  බලන්න තියෙන ඒවා රිවයින් කර කර බැලුවත් කෙල්ලට දැන්නම් කම්මැලී...



  ඇරත් විරුන් නැතුව කාපු නැති කෙල්ලට හොදටම බඩගිනී... වෙනදට කොල්ල ගෙදර එන්න පරක්කු උනොත් ඊලග තප්පරෙන් කතා කරනවා ඒත් අද කතා කලෙත් නෑ ගන්න කෝල්ස් වලට ආන්ස්වර් කරන්නෙත් නෑ.. දුකට වැඩිය දැන්නම් කෙල්ලට තිබ්බෙ බයක්...



.

.

.

.

.

.

.

.

.

.

.

.



  "ම්ම්....දැන්නම් වෙලාව 11.30යි.. පැය බාගෙන් මට ගෙදරට යන්න පුළුවන්... පව්.. මගෙ කෙල්ල කාලවත් නැතුව බයේ ඇත්තේ... ටිකක් ඉන්න විනූ..තව ටික වෙලාවයී..."



  අතේ බැදන් ඉන්න ඔරලෝසුව දිහා බලාන කියවපු කොල්ලා මෙච්චර වෙලා පාර අයිනට කරල නවත්තලා තිබ්බ කාර් එක start කරලා පාරට දැම්මා..



ගෙදර ලගට එනකොට හරියටම වෙලාව 12ට කාලයි..



"අඩ්ඩෙහ්... දොලහට කාලයි මන් ඇවිත් නෙවේ පිඹලනේ.. කොහෙද මෙ මූත්‍රා බරක් සෙට් උනානේ මගුල... කමක් නෑ කාර් එකේම බඩු ටික තියලා ඇතුලට යනවා..."



ඇතුලට යන්න දොර වහල නිසා කොල්ලා extra key එකෙන් දොර ඇරගෙන ඇතුලට යන්න හදද්දී දැක්කේ දොර දැනටමත් ඇරිලා කියන එක... ඉතින් .. ඒ හිත මොහොතකට ගැස්සුන් නෑ කිව්වොත් බොරු...



"විනූ....විනූ...කොහෙද ඔයා ඉන්නේ...."



ගෙදර හැමතැනම ගිහින් කෑගැහුවත් කෙල්ලගෙ සද්දයක් නැති වෙනකොටම

   විරුන් 4n එක අතට ගත්තේ වයිබ්‍රේට් උන සද්දෙට...



"Enwa garden ekta.."



  ඒක දකිද්දිම මූනට ලාවට හිනාවක් ආවෙ..මොනව හරි දෙයක් කරල ඇති කියල හිතුන නිසාම කොල්ලත් ඒකට reply එකක් දාලා ආවා..



"Hitapan ganiye mata chu barai..😒"



"Ena athara maga oka karala enn brid thmuseta. Winadi phk dennm ikmnt enw"



"Ha ha "



මේකිත් එක්ක වසන්න බෑ කියල හිතානම කොල්ලා අවශ්‍යතාවයත් ඉක්මනට කරන් ආපහු කාර් එකට ගිහින් flower bouquet එකයි rings දෙකයි chocolate snacks soft drinks ටිකයිත් අරන් කොල්ලා ආවෙ ගෙදර පිටිපස්සහ garden එකට...



ඒ එනකොටත් එ පැත්තම කලුවරයි... කිසි දෙයක් පේන් නෑ... අතෙන් කටෙන් බඩු නිසා 4n එක ගන්නවා තියා හිතන්නවත් බෑ...



"4n එක අරන් flasher on කරොත් තමුසෙව මරනවා මන්.."



ඇහුන කටහඩත් එක්ක කොල්ලා කටහඩඇහුන පැත්තට හැරුනා..



"ආ...හ් තමුසෙ ඉන්නවද..කොහෙද ඕයි ඉන්නෙ මේ ලයිට් එකක් දාහන්කෝ..."





"බෑ...දැන්ම බෑ තව විනාඩි පහක් ඉන්නවා..."



"මොකක්ද ඕයි" 



"හොකැක්ද ඕයි නෙවේ...ඉන්නවා ටිකක්... තාම දොලහ උනේ නෑ..."



වෙලාව දොලහට ලන් වෙනකොට කෙල්ල ලයිට්ස් ඔන් කරනවා කියන්න දන්න නිසාම කොල්ලත් සට පට ගාල ලෑස්ති උනා පිලිවෙලකට බඩු ටික එහෙම හදාන..



.

.

.

 හරී... දොලහෙ එලාම් එක වදිනකොටම කෙල්ල ලයිට්ස් ඔන් කලා...

   හැමතැනම ලයිට්ස් දාල ඉටිපන්දම් පත්තු කරලා හරිම ලස්සනයී...



ඊටත් වඩා කොල්ලගෙ ඇස් නැවතිලා තිබ්බෙ කෙල්ල ලග..

 ලා රෝස පාට ගවුමට කෙල්ලව තවත් සුදුවට කැපිලා පෙනුනා...





"Happy Anniversary my love..."



එහෙම කියාන කොල්ලා ලොකුම ලොකු මල් පොකුර දික් කරද්දි කෙල්ල උඩ පැන පැන හිනා උනේ ඇස් වල කදුලු පුරවන්...



"ඔ..ඔයාට මතක තිබ්බද අයියේහ්..."



"මට කොහොම අමතක වෙන්නද මෝඩියේ... මගේ මේ සක්කරවට්ටම මගේ කර ගත්තු දවස මන් අමතක කරයිද...ආ.."



"මන් ආදරෙයි අයියේ...ගොඩක් ගොඩක් ගොඩාරියක් ආදරෙයි...."



මල් පොකුර පැත්තකින් තියපු කෙල්ල ඉක්මනට ලගට ගිහින් කොල්ලව තද කරලා බදා ගත්තා...



කෙල්ලව කොල්ලගෙ පපුවෙන් ටිකකට ඈත් කරලා සාක්කුවෙන් ගත්තේ කොල්ලා ඉස්සර තෝර ගත්තු rings දෙක.. කෙල්ලගෙ අත ඇරගෙන ඒ මුද්ද කෙල්ලගෙ ඇගිල්ලට දානවත් එක්කම බරම බර හාදුවක් ඒ නලලට...



  කෙල්ලත් අනිත් මුද්ද අරන් කොල්ලට දැම්මට පස්සෙ කොල්ලා හිමීට නැමිලා ඒ හීනි තොල් තමන් සතු කර ගත්තා...



විනාඩි ගානක සිපගැනීමකින් පස්සෙ කොල්ලා නලල් හාදුවක් තියලම කෙල්ලව ඈත් කලත් කෙල්ලගෙ මූනනම් තිබ්බෙ දෙක වෙලා...



"මොකො ම්ම්..."



"නෑ..... ඔක්කොම තිබ්බා.. ඒත් කේක් එකක් නෑනේ..."



"ආහ්...පිස්සි.. ටිකක් ඉන්නකෝ..."



එහෙම කියල ගියපු විරුන් ආවෙ කේක් එක්කුත් අතේ තියාන..



  ඒකත් කපලා දෙන්නම කාලා

අනිත් කෑමත් කාලා දෙන්නගෙම දැන්නම් බන්ඩි පුල්...



කෙල්ල හිටියෙ බෙන්ච් එකට වෙලා ඉදගෙන ඉන්න කොල්ලගෙ අතක් අරන් ඒ උරහිසකට හේත්තු වෙලා...



  කෙල්ල ඊලගට කරපු වැඩෙත් එක්ක කොල්ල ගැස්සුනත් වැඩිය ගනන් ගත්තේ නෑ.



කෙල්ල හිමීට කොල්ලගෙ අතක් අරන් ගියේ කුස මතට..

  එක පාරටම හැරිල බලපු විරුන් ඇස් වලින් ඇහුවෙ ඇයි කියලා..



 මුකුත් නෑ කියන්න ඔලුව වනපු කෙල්ල ආපහු උරහිසෙන් ඔලුව තියාගද්දී විරුන් කතා කලා..



"මොකො ම්.... ඕනිද...."



"මොනාද...."



"බබෙක්...."



  කොල්ලා කන ලගට පාත් වෙලා රහසින් වගේ අහනකොට කෙල්ල රතු උනේ ලැජ්ජාවට...



"ඇයි...ලැජ්ජයිද ආ..."



"අනේ මේ ටිකක් ඉන්නවකෝ බඩ්ඩක් දෙන්න..."



"මොකක්ද..."

"ඉන්නකො ටිකක්..."



කෙල්ල නැගිටලා ගිහින් ඇවිත් කොල්ලා අතේ තිබ්බෙ පොඩි box එකක්...



"මොකක්ද මේ."



"ඇරලා බලන්නකෝ...."



කොල්ලා එ box එක ඇරිය පාර ඇස් වල කදුලු පිරුනේ තප්පරේට 



"මැණික...ම්.මේ ඇත්තමද බන්...."





"හ්ම්....."



"ඒ කියන්නෙ... ඒ කියන්නෙ මන් තාත්තා කෙනෙක්ද..."



"කවද්ද විනූ දැනගත්තේ..."



"ඊයේ..."



"ඇයි මට නොකිව්වේ...."



"අදම කියන්න ඕන කියල හිතුන මහත්තයෝ... ඉතින් ... කොහොමද මගෙ Anniversary gift එක...."



කොල්ලා කෙල්ල ලගින් දන ගහලා ඒ කුස මතින් මූණ තියා ගත්තා...





"පැටියෝ......

  ඇහෙනව නේද... දග කරන් නැතුව මෙතෙන්ට වෙලා ඉන්න හොදද... ඔයා දූ පැටියෙක් උනත් පුතු පැටියෙක් උනත් මේ තාත්තා ගොඩක් ආදරෙයි.. ඉතින් පරිස්සමට ඉන්න මගෙ මැණික...."





"අ.....දැන් මට ආදරේ නැද්ද..."



බොරු තරහක් අරන් කෙල්ල එහම කියද්දී..කොල්ල නැගිටලා ඒ තොල් වලින් කෙටි සිපුමක් තිබ්බා...



"මේ සතුට මට දුන්න උබට මන් මහ ගොඩක් ආදරෙයි බන්... තමුසෙ මගෙ පණ ඕයී.... මගෙ පිස්සී..දැන් නම් ඔය දග වැඩ අඩු කරන්න මැණික හොදේ ...."





"හ්ම්...ආදරෙයි මන්...."



"මමත්.... මට හම්බුන ලොකුම තෑග්ග ඔයා විනූ.... ආදරෙයි මන් මගෙ පණටත් වඩා.."

.

.

.

.

.



ඉතින් ........ එයාලා සතුටින් ඉන්න ඇති නේද ලමයි...



  එහෙනම් සිදගනා ඉවරයි........



කියන් යන්ද බලන්න අදහසක්

මගේ හිත හැදෙන්නවත් 🙃





ආ තව දෙයක්..ලමයි මගෙ personal blog එකක් තියෙනවා ඉතින් ඔයාලා මගේ කතා කියවන්න ආස නම් කියන්න මන් ඔයාලට ලින්ක් එක එවන්නම් ඕන කෙනාට 😊





මන්...



  Yenu 💕 (❄️🐻)

Report Page