සිදගනා (01) 🥀🥀🥀

සිදගනා (01) 🥀🥀🥀

Yenu 💕(❄️🐻)





සිදගනා...(01)🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀(Short story )🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

_____________________________________________________________________________

"විරුන්............"



"විරු.........න්"



"මේ ඕයි මනුස්සයෝ...."



මේකා නෑනෙ යකෝ..



"අඩේ මගෙ මිනිහා කියන එකෝ................."



  "විනුලී... තමුසෙ මගෙන් අහගන්න යන්නෙ ඔය ඈ...."



"පොඩ්ඩක් ඉන්නවා එන්නම්... කෑගහන්නේ...."



"විරූ....න් හූ... විරුනයෝ... ඒයි අයියේ.... කොහෙදෝ...."



  මේකිවනම් හදන්න බෑ. හැදෙන්නෙත් නෑ..



"දැන් මන් කිව්වෙ කටවහන් හිටපිය කියල නේද..ඇ... කෑ හගන්නෙ මොකටද දැන්......."



කාර් එක හෝද හෝද හිටපු විරුන් ආවෙ කෙල්ල තොර තෝන්චියක් නැතුව කෑ ගහන නිසා...



  "ඕයි.... විනූ... කොහෙද තමුසෙ...."



"මේ මෙහෙ අනේ.... එන්නකෝ...ඉක්මනට...

  ඉක්මනට ඉක්මනට එන්න අයියෝ......"



"කටවහපන් බන්.. තව ගෙවල් වල මිනිස්සු ඉන්නවා..."



 "ඉතින් අපිට මොකෝ... 

       තමුසෙ බොරුවට කෑ ගහන් නැතුව එනවකො...."



"ඉන්නවා ඕයි... මේ වංගුවේ..."



"ආ... එන්ඩ එන්ඩෝ...."





"මොන ම...."



කුස්සියේ පැන්ට්‍රි කබඩ් එක උඩ නැගගෙන, ලොකුම ලොකූ බැගී ටී එක්කට චූටි ශෝටක් ඇදන් අයිස් ක්‍රීම් කන කෙල්ල දැක්කම කොල්ලගෙ ඇස් දෙක නලලේ...

   විහිලුවට හරි කියල හිතාන කෙල්ලට බනින්න ආවත්... කොල්ලා සයිලන්ට්.





"ඇ.ඇයි ම්.මොකද දැන් තමුසෙ මට කතා කලේ...."



 ඉනටත් අත් දෙක තියාන කෙල්ලගෙන් ඇස් අහකට ගන්න අසාර්ථක උත්සහයක යෙදෙන ගමන් කොල්ලා ඇහුවෙ.



"මේ...මෙහාට එන්නකෝ අනේ..ලගට ලගට......"



එක අතකින් අයිස්ක්‍රීම් කප් එකයි අනිත් අතෙන් හැන්දයි අල්ලගෙන මූණත් පොඩි එකෙක් වගේ හදාන ඔලුව හොල්ල හොල්ල කියන කොට ඉතින් නොයා කොහොමද..



"ගෑනු මායම් 64ම තියෙනවා බන් උබට, ඇයි දැන්..."



"මේ....අයිස්ක්‍රීම් නේ අතේ..."



"ඉතින්...."



"ඉතින්.... කොන්ඩෙ බදින්නකෝ සුදෝ...."



කොල්ලා කෙල්ල දිහා බලන් ඉන්නෙ අමුවෙන් කනවද බැදල කනවද වගේ බැල්මට් එක්කින්..



"හී.... අලායු නේ ඉතින් කෝ එන්නකෝ... මේ කොන්ඩේ හරි වදේ ඕයි..තමුසෙ කපන්න දෙන්නෙත් නෑනේ..."



"ආ...නෑ නෑ අතතියන් නෑ.. බෙල්ලෙන්ම කපන්නේ කොන්ඩෙ කැපුවොත්.. ඉන්නවා කෝ එනවා ඉතින් ..."



   කෙල්ල ලගට ගිහින් දණහිස ලගට දිග කොන්ඩෙ කොල්ලා සීරුවෙන් එකතු කරලා බන් එකක් ගැහුවා.



"ම්...දැන් පාඩුවෙ ඉන්නවා හොදේ..."



එහෙම කියල කොල්ලා යන්න හැදුවත් වැඩක් උනේ නෑ.. අඩියයි තියන්න උනේ....



"අයියේ............"



සද්දෙටම පිටිපස්සහ හැරිලා බලපු කොල්ලා ඇස් වලින් ඇහුවෙ ඇයි කියලා..



"වඩා..."



"මොන විකාරයක්ද බන්.....

   මමත් බැදගත්තනේ කිරි බොන පොඩි එකෙක්ව.."



"දැන් තමුසෙට බෑද කියන්නේ..."



  කෙල්ල අඩන්න ඔන්නමෙන්න මූණ හදාන කියවනවා..



"බෑද කියන්නේ කියනවකො..."



"හ හරි මෙහෙ වරෙන්.. අපෝ බන් බලහන්කෝ පොඩි ඉන් පරාදනේ..."



කොල්ලා ලගට ගියපු ගමන් කෙල්ල කොල්ලගෙ ඇග වටේ කකුල් දෙක දාගෙන බෙල්ල වටේට අත් දෙක යවාගෙන බෙල්ල අස්සෙ මූණ හන්ග ගත්තා...



"ම්...මොකෝ මේ...ඇයි අයිස්ක්‍රීම් කෑව ඇතිද..."



"ම්....ඇති...   

   අලායූ ඒයි ගොඩක්..........

හෙට මට මොනාද අරන් දෙන්නෙ. .."



"හෙට..."



"හ්ම්ම්ම් ඔව්...."



"හෙට ඇයි බන් අරන් දෙන්නේ.. විශේශයක් නෑ..."



"අයියේ... තියහන්.. තියහන් අයියේ මාව බිමින්..."



"ඇයි විනූ...මොකෝ මේ..."



"යනවා..ඕන් නෑ... කතා කරන්න එපා අසූචි මිනිහා.."



"ඒ මොකක්ද යකෝ ඒ කුණුහරුපෙ.."



"නෑ ඉතින් මොනා උනත් තමුසෙ මගෙ මනුස්සයා වෙච්චි , මට බෑනෙ එක හිතකින් ජරා මිනිහා කියන්න... ඒකයි එහෙම කිව්වෙ."



"ඉතින් ඒ දෙකම එකයිනෙ කෙප්ප වැස්සියේ..."



"තමුසෙට එකක් උනාට මට දෙකක්... 

 යනව යන්න හලෝ හෙට මතක නැද්ද ඔයාට..."



"හෙට....ඇයි හෙට.

   ආ......... හෙට මතකයි මතකයි සුදු...."



"හ්ම්ම්...මන් හිතුවෙ අමතක වෙලා කියලා...."



 එහෙම කියන ගමන් කෙල්ල හිමීට ඇවිත් ඒ පපුවට තුරුල් උනා...



"මට කොහොම අමතක වෙන්නද මැණික... හෙට වගේ දවසකනෙ අපේ බලු තඩියව ගෙනාවෙ.. මතකද ඒ කාලෙ රෙක්සි චූටි පුලුන් බෝලයක් වගේ...."



"තමුසේ....තමුසේ ආයි කතා කරන්න එපා ජරා මිනිහා...නරකාදියා...

.යනවා යන්න."



කෙල්ල කෑගහන ගමන් කොල්ලටත් පපුවට හොදවැයිම් පාරක් ගහන ගමන්..



"දැන් ඔය කිව්වෙ දෙහිතකින් වෙන්න ඇති..."



"මොකෙන් කිව්වත් තමුසෙට වැඩක් නෑනේ..."



"ඒයි...කොට ඩයල්...ඔහොම ගස්සන් යන්න එපා..මට කෑලි අහුලන්න බෑ...."





"අනේ පලයන් අයියේ යන්න..."



_____________________________________________________________________________





හී..... නිකමට වගේ ලිව්වෙ ඉතින්.......

  මොකෝ කියන්නේ විනූ ගෙයි විරූ ගෙයි වලි ඉස්සරහටත් ඕනද.. තව එපියක් ඕනද කියල ඔයාලම කියාන යන්කෝ..





 මන්...

  Yenu 💕(❄️🐻)


Report Page