"සිතින් විතරක් පෙම් කරන්නම්"

"සිතින් විතරක් පෙම් කරන්නම්"

Wihangi🍁

8ᵗʰ Episode


තිනුෂ්ගෙ කෝල් එකෙන් පස්සෙ කල්පනා කරේ සෙහස් ගැන...මන් ළග මේ මාස හතරම හිටියෙ නැති උනාට මන් ගැන හැම තත්පරේම හොයලා බැලුවා...ඇයි මට දැනෙන්නෙ අපි දෙන්නා අතර තියෙන්නෙ යාලුකමකට එහා ගිය බැදීමක් කියලා...අයිශෝ විහගි... මොනාද මේ මන් කල්පනා කරන්නෙ...හෙට සෙහස් එනවා ...මට දැනෙන සතුට ...අම්මෝ දරාගන්න බෑ...හෙට උදේම ලෑස්ති වෙන්න ඕන...





ලොකූ...ළමයො නැගිටින්න අද යනවා කිව්වා නේද අර ළමයි එක්ක එයාපෝට්


අම්මා පහල ඉදන් කෑගහනකොට තමා මතක උනෙ ...දෙයියනෙ වෙලා ගිහින්වත්ද...නෑ නෑ තාම 7.30යි...ඉක්මනට ලෑස්ති වෙන්න ඕන


"ඔව් අම්මා අද යනෝ..මන් ලෑස්ති වෙලා පහලට එන්නම්"


ඉක්මනට එන්න ළමයො...


"හරි අම්මා"


මන් ඉක්මනට වොශ් දාගෙන ඇවිත් බැලුවෙ මොකක්ද ඇදන් යන්නෙ කියලා...ගොඩ දවසකින් සෙහස්ව දකින්නෙ හොදට ලස්සනට යන්නත් එපැයි...මුලු ඇදුම් අල්මාරියම බිම...හොයලා හොයලා අවසානෙට ඇන්දෙ හීනි පටි අත් තියන දණහිසට චුට්ටක් විතර උඩට තියන තද නිල් පාටයි ලා නිල් පාටයි මික්ස් වෙච්ච චූටි ගවුමක්....ඉතුරු අයට වගෙ ලස්සන දිග කොන්ඩයක් නැතත් තියන නැට්ට කඩලා දැම්මා...ගවුමටම හරියන්න ශූස් දෙකකුත් දාගත්තා...ඉතුරු අය හන්දියට යන්නත් මේකප් දානවනෙ..ඒත් මන් ආසම නැති වැඩක් තමා මේකප් දාන එක ...මට තියන පාට හොදටම ඇති..ඒක නිසා ඕඩි කොලොන්ග් එකෙන් ටිකක් ඇගටත් හලාගෙන සාලෙට යනකොට අම්මා කෑම බෙදලා...ඒකත් කාලා ඉවර වෙනකොට තිනුවයි නිහයි එනවා....මට වෙලාවකට හිතෙනවා මුන් දෙන්නා අපිටත් නොකියා ලව් කරනවද කියලා...මොන වැඩෙ කරන්න ගියත් මුන් දෙන්නා එකටම


"අම්මො තිනුවා බලපන්කො මේකි බෝනික්කෙක් වගෙ"


"ආව් ආව් ...අකේන්ව බලන්න යන්නනෙ මෙ ඔක්කොම නේද නිහා"


"අනෙ විහිලු කරන්න එපා අප්පා...යමු වෙලා යනවනෙ"


"අම්මා අපි ගිහින් එන්නම් "


පරිස්සමින් ගිහින් එන්න පුතාලා


අපි ඔක්කොම අම්මටත් වැදලා තිනුෂ් හයර් කරන් ආව කැබ් එකට නැග්ගා....එක එක ඒවා කියව කියව යනවා මේ දෙන්නා....නැග්ග ගමන් මන් ශටර් එකෙන් එලිය දිහා බලන් ගියෙ මට බස් වල ,කැබ් වල යන්න බෑ වමනෙ යන නිසා


"විහා අපි ආවා නැගිටින්න"


මන් ඇහැරුනෙ නිහාගෙ කටහඩට...එනකන්ම මට හොදට නින්ද ගිහින් ....දැන් සෙහස් ඇවිත් ඇති


"මට ටිකක් නින්ද ගියානෙ නිහා..යමු අපි"


"හොද ටික ඈ"


"😁😁"


"යමු සෙහස් ඇවිත් ...අපි එනකන් බලන් ඉන්නවා"


"හ්ම්ම් යමු''


Akein pov


ෆ්ලයිට් එක ලෑන්ඩ් කරපු ගමන් ඔක්කොම වැඩ ටික කරගෙන එලියට ඇවිත් බලන් හිටියෙ සෙට් එක එනකන්...අම්මයි අක්කයි මාව ගන්න එන්නම් කිව්වත් මන් එපා කිව්වෙ තිනුවා කෙල්ලො දෙන්නා එක්ක මාව ගන්න එනවා කිව්ව නිසා...එයාලා දැන් එනවා ඇති ...ඔව් මට පේනවා ඈතින් එනවා මගෙ කෙල්ල...මොකක් මගෙ කෙල්ල මොනාද මන් මේ හිතන්නෙ...ඔහ් විකාරද අකියා උබට මන් මටම කියාගත්තා....නිල් පාට චූටි ලස්සන ගවුමක් ඇදලා හිනා කටක් පුරෝගෙන බෝනික්කෙක් වගෙ එනවා ..මාස හතරකට පස්සෙ දකින්නෙ..මට දැනෙන්නෙ කියාගන්න බැරි සතුටක්...මන් ගාවටම එනකොට ඒ මූනෙ තිබ්බ හිනාව ටික ටික මැකිලා ගියා ...ඒත් ඇයි


"චූටි අයියෙ ඇයි අනෙ මාව ඒක ඇතුලෙ දාලා ආවෙ"


"තමුසෙ බබෙක් නෙවේනෙ තිසු"


විහගිගෙ හිනාව මැකුනේ ඉෂු ආව නිසාද...එහෙම වෙන්න පුලුවන් විහගි මන් ගාවට එන්න හදනකොටම මේකි ඇවිත් මගෙ අතින් අල්ලගත්තනෙ...


"මේ කවුද චූටි අයියෙ"


"විහගි "


"හායි විහගි අයිම් ඉෂෙලි...චූටිගෙ කසින්


"හායි අයිම් විහගි.."


මන් එයාට හිනා වෙලා අතට අත දුන්නා...පෙනුමෙන්නම් නපුරු කෙනෙක් නෙවෙ වගෙ ....ඒ උනාට එයා සෙහස්ගෙ කසින් කියන කෑල්ල බර කරලා කිව්වෙ...ඉතින් මට පාන්ද කසින් නෙවෙ ශොපින් උනත්


"අකියා උබ එහෙනම් ආවා...පාටි දියන් ඈ"


තිනුෂ් සෙහස්ව බදාගෙන මොනාදො කියවනවා...ඒත් මට මොකක්දො අමුතු දුකක් ඇයි මේ...මන් සෙහස් ගාවට යන්න හදනකොටම කෙල්ලෙක් ඇවිත් එයාගෙ අතේ එල්ලුනා....මට හිතුනෙ සෙහස් මට ගොඩක් දුරයි වගෙ....ඒ ගෑනු ලමයා ලස්සනයි ...පිටරට ඉන්න නිසා එයාගෙන් වෙස්ටන් ලුක් එකක් බලාපොරොත්තු උනත් එයාට එහෙම පෙනුමක් තිබුනේ නෑ...කොන්ඩෙ ඉන ගාවටම දිගයි..අමුතුම ලස්සනක් තිබුනා එයාට...හොද කෙනෙක් කියලා නොහිතුනාමත් නෙවෙ

නිහයි තිනුවයි සෙහස් ගාවට ගිහින් කතා කරලා ඉවර උනාම මාත් සෙහස් ගාවට ගිහින් අපි එනකොට ගත්ත ලිලී මල් පොකුර දීලා හිනා උනා විතරයි...එයාගෙ ඇස් දිලිසෙනවා...හරි අමුතුම කතාවක් ඒ ඇස් වල...


"විහගි මන් ආවට සතුටු නැද්ද ආ"


"සතුටුයි සෙහස් ...අපි යමු නේද"


"මන් හිතුවෙ මීට වැඩිය සතුටු වෙයි කියලා"


"මට ගොඩාක් සතුටුයි ....ඔයාට මහන්සිත් ඇතිනෙ ..අපි යමු සෙහස්"


"ඔයා අමුතු වෙලා විහගි"


" එහෙම නෑ අයිශෝ...එන්නකො යමු අර කට්ටිය යනවා"


එහෙම කියලා සෙහස් මගෙ අතින් අල්ලගන්න ගියත් සෙහස්ගෙ කසින් ඇවිත් සෙහස්ව අල්ලගෙන ඉස්සරහට ගියා...අයිශෝ මට දැනෙනවා මගෙ ඇස් වලට කදුලු පිරෙනවා...මට මොකක්ද මේ වෙලා තියෙන්නෙ එයාලා එහෙම ගිහින් වාහනෙන් වාඩි වෙනකොට මන් තනියම ඇවිත් වෙනම ඉදගෙන ශටර් එකෙන් එලිය බලාගෙන හිටියා...මට මොනා වෙලාද කියලා මටවත් හිතාගන්න බෑ...


" විහා මොකද බන් මේ මූඩ් ගහලා වගෙ...උදේ උඩ පැනගෙන නේද ආවෙ සෙහස් එනවා කියලා...දැන් ආවට පස්සෙ සතුටු නැද්ද උබට"


"අයිශෝ තිනු එහෙම එකක් නෑ ...මට ගොඩක් සතුටුයි"


" විහගි මතකද මන් යන්න කලින් කිව්ව දේ"


"මොකක්ද සෙහස්"


"ආවට පස්සෙ ඔයාගෙ අතින් කෑම එකක්"


"හරි හරි අනෙ මන් හදලා දෙන්නම්"


"හ්ම්ම් තිනුවා කෙල්ලො දෙන්නව ගෙදරටම දාපන් ...අම්මා ඇවිත් ඇති අපිව එක්කන් යන්න...මන් හවස එන්නම් ඒ පැත්තෙ"


"විහගි පරිස්සමින් යනවා හරිද

නිහා අපි ගියා එහෙනම්"


"හරි සෙහස් ඔයත් පරිස්සමින්"


"බායි ලමයිනෙ ...පස්සෙ හම්බෙමු"


"බායි ඉෂෙලි"


එයාලා බැස්සා මගින් ...තිනුෂුයි නිහයි මාව ගෙදරටම දාලා තමා ගෙදර ගියෙ...මන් ගෙට යනකොට අම්මා ඉන්නවා මන් එනකන් බලාගෙන


ලොකූ අකේන් ලමයා ආවද...හොදින් ඉන්නවද කට්ටිය


"ඔව් අම්මා ...එයාගෙ නැන්දගෙ දුවෙකුත් ඇවිත් ඉන්නවා...එයත් අපෙ ඉස්කෝලෙටලු යන්නෙ"


හ්ම්ම් එහෙමද පුතෙ...යන්නකො නාගෙන එන්න..මන් කෑම බෙදලා තියන්නම් ..මල්ලිලත් ගනන් පන්ති


"හා අම්මා මන් එන්නම්...මල්ලිලාව බලන්න පාරටවත් යන්න වෙයිද"


5.30 විතර වෙයි ලොකු පුතෙ එනකොට ...ඒ වෙලාවට හන්දියට ගිහින් එන්න පුලුවන්ද...


"හා අම්මා මන් යන්නම්"


අම්මත් එක්කත් කතා කරලා මන් ඇවිත් නාගෙන බතුත් ටිකක් කාලා ඇදට පැන්නෙ ෆෝන් එකත් අරන්...උදේ සෙහස් එක්කන් එන්න යන්න කලින් තිබ්බ සතුට දැන් නැති වෙලා වගෙ...මට දැනෙන්නෙ මගෙ යාලුවා දැන් මට ගොඩක් දුරයි වගෙ...තාම තුනයි වෙලාව පහයි කාලට විතර යන්න ඕන කිබුල්ලු දෙන්නව දක්කන් එන්න...ඔක්කොම ප්‍රශ්න අමතක වෙන්න කියලා ටිකක් නිදාගත්තා....



හන්දියට යන්නත් විනාඩි 20ක් විතර යන නිසා කලින්ම ලෑස්ති වෙලා අම්මටත් කියලා පාරට ආවෙ කිබුල්ලු දෙන්නා දක්කන් එන්න යන්න ...වහින්නත් වගෙ කුඩයක් ගන්නත් බැරි උනා...ඒ මදිවට ෆෝන් එකත් දාලා ඇවිත්...දැන් කොහොමද කිබුල්ලු දෙන්නව හොයාගන්නෙ... කොහොම ගියත් පාක් එක ගාවින් යන්න ඕනනෙ කියලා පාක් එක ගාව ඉදගෙන හිටියා...

හිටියා හිටියා නෑනෙ...

යකඩො දැන් පන්ති ඉවර වෙලා කී දෙනෙක් ගියාද මුන් දෙන්නා තාම නෑ ....මාව දාලා ගෙදරවත් ගිහින්ද දැන් වෙලාවත් හයට කිට්ටුයි..ෆෝන් එකවත් තිබ්බනම්..කලුවරත් වැටිලා...කමක් නෑ කිබුල්ලු දෙන්නා එනකන් හිමීට හිමීට යන්

යක්කුන්ට හොල්මන්ට බය නෑ ඒත් පොඩි කොස්සක්...මිනිස්සුන්ටනම් බයයි🙂








"අම්මෝ අපි ආවො....තාත්තා ආවදෝ"


කෝ චූටි අක්කා...දෙන්නව එක්කන් එන්න ගියානෙ


"ඈහ් එයා ආවෙ නෑනෙ අම්මා ...අපිට මගදි සසන්ක අයියගෙ ත්‍රීවීල් එක හම්බ උනා අපිව දාගෙන ආවා...අක්කා හිටියෙ නෑනෙ ...කෝල් එකක් දාලා බලමු"


ට්‍රීන් ට්‍රීන්


ෆෝන් එකත් ගෙදර දාලා ගිහින් තියෙන්නෙ මේ කෙල්ල...ලොකූ චූටි එක්ක වොෂ් දාලා කෑම කන්නකො මන් අක්කව එක්කන් එන්නම්


"අන්න අකේන් අයියා එනවා"


"ආ මල්ලිලා ක්ලාස් ගියාද...කෝ ආන්ටි විහගි මන් කෝල් ගත්තා අන්න්සර් කරන්නෙ නෑනෙ"


පුතෙ පොඩි දෙන්නා ක්ලාස් එකෙන් එක්කන් එන්නම් කියලා ගියා...තාම ආවෙ නෑ ..මේ දෙන්නා ත්‍රීවිල් එකක ඇවිත් තියෙන්නෙ...මන් බලන්න යන්න හැදුවෙ...මේ වැස්සකුත් එක පාරම කුඩයක්වත් අරන් ගිහින් නෑ


"ආන්ටි ඉන්නකො මන් බලලා එන්නම්..මන් ආවෙත් තිනුවලාගෙ පාරෙන්නෙ අර පැත්තෙන් ආවනම් විහගිව එක්ක එන්නත් තිබුනා"


අනෙ ලොකු දෙයක් පුතෙ පුලුවන්නම්...





Akein pov


වැස්සත් ගනන් ගන්නෙ නැතුව තෙමි තෙමීම බයික් එකට නැගලා ස්පීඩ්ම ආවෙ මොනා කරගනීද කියලා හිතලා...

රෑ වෙලා මොන මගුලෙ යනවද මන් දන්නෙ නෑ....බීපු මිනිස්සුත් පාරවල් ගානෙ...අනික වැස්ස කුඩයක්වත් නෑ...දැන් ඇති තෙමි තෙමි මේකි වැස්සට ලව් වැස්ස මේකිට ලව්නෙ...ර්.ර්...මට එන කේන්තියක් ඔය එන්නෙ තෙමි තෙමි කැරකි කැරකි මෙලො සිහියක් නෑ ....ඔක්කොම එලියෙ...ගිහින් ඇගෙ ගෑවි නොගෑවි බ්‍රේක් කරපු පාරට මේ මැටි ගහ ගැස්සිලා ගියා...


"මන් එදා මොකක්ද උබට කිව්වෙ ආ


කතා කරනවා...


කෝ


විහගි මොකද මේ "


ඒ ඇස් වල කදුලු ....හොදටම අඩලා වගෙ


"විහගි මොකක්ද උනෙ...


කියහන් බන් මොකක්ද උනෙ..."


මුකුත් නොකියා මේකි එක පාරටම ඇවිත් මාව බදාගත්තා....මට තුරුල් වෙලා හොදටම අඩනවා...


"සෙ..හස් මාමා කෙ.නෙක් මගෙ පස්සෙන් ආවා...බය නිසා ම.න් අඩ අඩ දුවගෙන ආවෙ"


"මුකුත් කරදරයක් උනේ නෑනෙ...කෝ මෙහෙ බලනවා...රෑ ගමන් තියාගන්න එපා


තේරුනාද...යන් අම්මා බය වෙලා ඇති...

දැන් ඕක අමතක කරහන් හරිද...ගෙදර අයට කියන්න ඕන නෑ"


"සෙහස් අර අර මාමා පස්සෙන් ආවෙ...එයා මේ පැත්තට එන්නෙ"


මේකි ඉස්සරහින් කුඩයක් උස්සන් එන මනුස්සයෙක්ව පෙන්නලා එහෙම කිව්වෙ...මාත් බැලුවෙ කවුද කියලා...මේ මනුස්සයා අර කිව්වත් වගෙ එන්නෙ මේ පැත්තට....


"ආ මේ ඉන්නෙ කෙල්ල"


"ඇයි මාමෙ මොකක්හරි ප්‍රශ්නයක්ද"


"නෑ පුතෙ මේ දැරිවිගෙ අම්මා කෝල් කරලා කිව්වා අපෙ කඩේ ගාවින් එනවා දැක්කොත් වැස්ස නිසා කුඩයක් දීලා එවන්නයි කියලා"


මන් එතකොටම බැලුවෙ කෙල්ල දිහා ....ඔහොම බලන් හිටියොත් ඇස් එලියට පනී...


"මේ කෙල්ලට කුඩෙ අරන් පාරට එනකොට මේ කෙල්ල රේස් දුවනවා වගෙ දුවන්න ගත්තනෙ ලමයො"


හිනාව වාවන්නෙ නෑ දෙයියො...හිනාව කාගෙන ඒ මාමට කිව්වෙ මන් ගිහින් දාන්නම් මාමා යන්න කියලා...ඒ මාමත් ගියාට පස්සෙ මන් හැරුනෙ මේකි දිහාට....ඒ පාර හිනා වෙනවා....


"අනෙ මන්දා බන් උබත් ....මාමා කෙනෙක් පස්සෙන් ආවා...මන් අඩ අඩ දුවන් ආවා😁😁


"හරි ඉතින් බය හිතුනනෙ හලො...දැන් හිනා උනා ඇති ඉතින්...යන්කො වැස්ස අඩු වෙන පාටක් නෑ"


"තමුසෙ නිසා මාත් තෙමුනා...ඔහේට මොකද නේද...ඒත් බන් වස නෝන්ඩියි ඈ 😁😁


මන් කිව්ව ඒවා ආයෙම කියව කියව මේකගෙ කට කොනෙ මහ පචම පච හිනාවක්..මිනිස්සුන්ට වරදිනවා තමා...ඒත් ඔහොම හිනාවෙන්න ඕනද මන් අහන්නෙ...මාත් මනුස්සයෙක් එයත් මනුස්සයෙක් ඉතින් ඔහොම කරන එක හරිද


"නගිනවා ඉක්මනට ...මට ගෙදර යන්නත් ඕන"


ශොපින් කෑල්ලගෙ පාලු මකන්න වෙන්න ඇති...හිතුවා විතරයි ඉතින්..මාත් බයික් එකට නැග්ගා


"ආයෙ රෑ ගමන් තියාගන්න එපා හරිද...බලනවා තමුසෙට කියලා හදන්න බෑ බන්...තෙමිලා තෙමිලා ඔක්කොම පේනවා"


"හරි හරි අනෙ"


මට දැනුනා ආයෙත් ඉස්සර හිටපු මගෙ යාලුවම මන් ගාව කියලා...විනාඩි දහයක් ගියෙ නෑ කෙලින්ම ගෙදරට...

සෙහස් බයික් එකත් අරන් ආපහු හැරිලා යන්න ගියත්


මන් එයා ලගට ගිහින් කිව්වෙ....




_____________________________

_______________





කොහොමද ළමයිනෙ....

ෆ්‍රී වෙලාවෙ එපිය කොටාගත්තෙ


කමෙන්ට් රියැක්ට් දාපු මගෙ රීඩර් ලමයිට ගොඩක් ගොඩක් තැන්ක්‍යු ❤️



සමහර ඇස් තිබුනා ළමයි හරි හරියට අපිත් එක්ක දොඩමලු වුන 💫🖤🥀



ඊලග එපියෙන් හම්බ වෙමු ළමයිනෙ


Report Page