සංකර කෙල්ල 💋💗

සංකර කෙල්ල 💋💗


🏷️ කතෲ අයිතිය සුරකින්න.

🏷️ කතෲ අවසරයකින් තොරව උපුටා ගැනීම 2003 අංක 36 දරණ පණත යටතෙ දඩුවම් ලැබිය හැකි වරදකි.

▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃


Episode No 12

https://telegra.ph/%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9A%E0%B6%BD%E0%B6%BD-03-28

Episode No 13

සෙනාශී යෙහස් ආදරේ ලස්සනට ගෙවිලා ගියා කාලයක්..🌼💗

කාලෙත් එක්ක සෙනාශී තාත්තා එන්න එන්නම ලෙඩ උනත් ඒ දේවල් සෙනාශීගෙන් හංග ගත්තේ එයා ජීවත් වෙන ලස්සන ලෝකෙන් මිදෙන්න දෙන්න හිත දුන්නෙ නැති නිසාමයි..

_____________

අද සෙනාශී යෙහස් එක්ක ඇවිදින්න යන දවසක්.කෙල්ල ලස්සන දිග ගව්මකුත් ඇදගෙන බීච් එකට ගියේ යෙහස්ව බලන්න..

යද්දි බෙන්ච් එකක් උඩ ඉදගෙන ඉන්න යෙහස් ව දැක්ක සෙනාශී ටික වෙලාවක් ඇස් පිය නොහෙලා බලන් හිටියේ ඒ නිවිච්ච රූපේ දිහා..

තමන්ගේ තාත්තාගෙන් පස්සේ තමන්ට උහුලන්නවත් බැරි ආදරයක් දුන්න එකම කෙනා යෙහස්..කාලයක් දුක් විදපු කෙල්ල අද ගොඩක් සතුටින් ඉන්න එකම හේතුව යෙහස්..

යෙහස්..
ම්ම්හ්..මං තරහයි..

( සෙනාශී ලගට ගිය ගමන් යෙහස් අහක බලාගත්තෙ හරියට පොඩි ලමයෙක් තරහ වෙලා ව්ගේ..)

ඇයි තරහ..
ඒක වැඩක් නෑනේ..මෙහෙට එනවා..

( සෙනාශීගෙ අතින් අල්ලපු යෙහස් කෙල්ලව බංකුවෙන් වාඩි කරවලා කෙල්ලගෙ උකුලෙන් ඔලුව තියාගෙන බංකුවේ උඩු අතට හැරුනා..)

හ්ම්ම්..දැන් බලන් ඉන්නව ඇස් දිහා මගේ..
ඒ මොකද..
එහෙම් තමයි..ඒවා ආදරනීය දඩුවම්..
ම්ම්හ්හ්..හරි හරි බලන් ඉන්නම්කෝ..
සෙනාශී.
ඕ..ඇයී..
අද ලස්සනයි..
හී..
හී නෙවෙයි..මගදි එද්දි කොල්ලො බල බලා යන්න ඇති..මට ඉරිසියායි.
අනෙ කෝලම.මං දිහා එහෙම බලන්නෑ..
කව්ද දන්නේ..
ඇත්තටම..
හ්ම්..කිස් එකක්.
ඈ.දැන්ම..
ඔව්..ඇයි බැරිද..
ලැජ්ජයි නේ..
ආ..ඒ උනාට කමක් නෑ..දෙන්න

සෙනාශී ලැජ්ජාවෙන් ඇබරීගෙන යෙහස්ට කිස් එකක් දුන්නා..

______________

මේ කාලෙදි යෙහස් ගෙයි සෙනාශීගෙයි සම්බන්දට චූටි අය්ය කොහෙත්ම කැමති වෙන්නෙ නෑ..ඒ නිසා එයා කොහොම හරි බලන්නෙ යෙහස් ව ඈත් කරගන්නමයි..කොච්චර උත්සහා කරත් චූටි අය්යාට ඒ දෙ කරන්න බැරිඋනාම තමන්ගෙ යාල්වා යෙහස් ගැන චූට් අය්යා යන්නෙ යෙහස් ගෙ අම්මයි තාත්තායි ලගට..

ආන්ටී..
මිනෙත් පුතා..එන්න ඇතුලට..
Thank you aunty..
යෙහස් නම් ගෙදර නෑ පුතා..ආන් එලියට යනව ඉයල ගියා..
ඒක හොදයි ආන්ටි.මං ආවේ ඔයාල එක්ක කතා කරන්න..
ඒ මොනාද පුතේ..
යෙහස් ගෙයි සෙනාශීගෙයි සම්බන්ඩෙ ගැන..
අනෙ..කෙල්ල නම් හරි හොදයි පුතේ..
ආන්ටි ඔයාල හිතන තරම් හොද කෙල්ලෙක් නෙවෙයි එයා..
ඇයි පුතෙ එහෙම කියන්නේ..
සෙනාශී කියන්නෙ අනාචාරෙ ගිය ගෑනීයෙක් ගෙ දුවක් ඇන්ටි.ඒ ගෑනී කොහෙන්ද ලමෙක් හදන් ඇවිත් මාමාට බාර දීල ආපහු පැනල ගියා.මාමා ඒකිට අහු උනා..කාලයත් එක්ක ඒකි හැදුනේ කැනඩාවේ..එහෙ ඉගෙන ගත්ත කිව්වට ඒකි එහෙදි කරන තියෙන්නෙ අම්මා මෙහෙදි කරපු රස්සාවමයි.
මොකක්..
මට බොරු කියන්න ඕනෙ නැ ආන්ටි..සෙනාශී ලංකාවට ආපු දවසෙ ඉදන් මගෙ ඇගෙ එල්ලෙන්න පුදුම ගැටයක් දැම්මේ..ඕකි අහිංසක රගපලා හරි දක්ශ විදිහට යෙහස්ව අල්ලගත්තෙ මට අත තියන්න බැරි උන නිසා..
ආන්ටිට විශ්වාස කරන්න අමාරු නම් නෙත්මි ඉන්නවා.එයාගෙන් අහන්න..මං යෙහස්ව වෙනස් හැඩුවා..අන්තිම වතවටයි ඔයාල ලගට අවේ..පුලුවන් නම් යෙහස්ව බේරගන්න.යෙහස් වගෙ කොල්ලෙක්ට ඒවගෙ ගෑනියෙක් හරි යන්නෑ..ඌට දුක් විදින්න වෙයි ජීවත කාලෙටම..

මිනෙත් පුලුවන් තරම් විශ පුරෝලා එතනින් යන්න ගියෙ ලොකු වීරකමක් කරා වගේ..

___________________

සුදු පුතා..

හවස ගෙදර ආපු යෙහස් එක්ක අම්මා කත කරන්න ලෑස්ති උනා..

අම්මා..
බිසීද..
නෑ අම්මා එන්න..
ලොකු දෙයක් තියෙනවා කතා කරන්න..
ඒ මොනාද අම්මා.
අම්මට ගොඩක් ආදරෙයිද.
හ්ම්ම් .ගොඩක්..
සෙනාශී දුටත් වඩා.
අම්මා.
ඇහුව දේට උත්තර දෙන්න..
හ්ම්ම්..ඔව්..එයාටත් වඩා.
එහෙනම් අදම ඒ සම්බන්දෙ නතර කරන්න..මට ආයි කියන්න තියන්න එපා..
අම්මා..
ඇයි.බැරිද..ආ.
අම්මා ඇයි හදිස්සියෙම..
කිව්ව දේ කරන්න..
හේතුව කියන්නකො අම්මා..
තමුන්ට හේතු ඕනෙ නැනෙ..අම්මා කිව්ව නම් ඒ දේ කරනවා..
අම්මා ඔයා දන්නව සෙනාශී නැතුව හුස්ම ගන්නවත් බෑ කියල්..
.එහෙමද..එතකොට මං ඔයාව අවුරුදු 24ක් හැදුවෙ සෙනාශී ඉන්නකොටද ආ.

( අම්මා කින්ඩියට ඇහුවා..)

අම්මා..ඔයා දන්නව මං සෙනාශීට කොච්චර ආදරේද කියල..එයා නැතුව මට ඉන්න බෑ අම්මා..මට කියන්නකො ඇයි කියලා..

( යෙහස් ගොඩක් දුකෙන් ඇහුවා)

තමුන්ට අනාචාරෙ ගිය ගැනියෙක්වද මේ ගෙදරට ගේන්න ඕනෙ ආ..
මොකක්.එයා එහෙම කෙනෙක් නෙවෙයි.

( යෙහස් කේන්තියෙන් කිව්වා)

ඇත්තද..හහ්..දැන් එතකොට ඒවගෙ ගෑනියෙ නිසා උබ මට කටගහගෙනත් එනවද..ආ..
අම්මා මේ අහන්න..සෙනාශී කියන්නෙ ඒහෙම කෙනෙක් නෙවෙයි..එයාගෙ අම්මා ඒවඑ උනාට ඒ කෙල්ල එහෙම නෑ අම්මා..එය හරි අහිංසකයි..
තමුන්ට ඕකිව මෙහෙට ගේන්න ඕනෙ නම් මේ අම්මා නෑ කියල හිතාගනිම්..
අම්මා..

( යෙහස් ඔලුව බදාගත්තෙ උන දේ හිතාගන්න බැරුව)

_______________

ගොඩ දවසකින් තමයි දුන්නේ,

ඒකට නම් සොරි..මොකද මට එක දිගට පොඩි වැඩ ටිකක් තිබුනා..ඉතින් ගොඩක් බිසී උනා..ඒකට සමාවෙන්න..

හරි හරි..කෑගහන්නෙපා චූටි කෑල්ලයි කියලා..තව කෑල්ලක් අද අනිවාරෙන්ම දෙනවා..

ඉතින් ,

ඔයාලගෙ අදහස් කියාගෙන යන්න..💗

මං ආසයි ඒවා දැනගන්න..🌼

Nevirdi!🤍

Report Page