සක්කරවට්ටම් කාව්‍ය ග්‍රන්ථය
01පළමු වැනුම ®

මේක කවියෙන්ම ගලන කතාවක්. එහෙනං තාලෙට කියවල තාලෙට හිනා වෙන්නකො...
ඕන් එහෙනං ආයුබෝවේවා කියල පටාන් ගම්මු අපේ සක්කරවට්ටම් කවි වැනුම. මූලික හැඳින්වීමක් විදිහට මම මේ ටික කියන්නම්..
~ හැදින්වීම ~
සිරිමල් කියලා කොල්ලෙක් ගමේ වාසේ කරනා...
කරපු කියපු හැම මගුලම මෙලෙස ඔබට කියනා...
ආතල් නං ආතල් ඔය මුවට සිනා ගෙනෙනා...
කාව්‍ය වැනුමක් උනාට කතාව ලෙස ගලනා...
හරිනෙ අන්ඩර්ස්ටෑන් උනානෙ..... අපි දැන් බලමු මොකාද මේ සිරිමල් කියන්නෙ කියල.
~ සිරිමල් ~
වයස දහ අටයි කොල්ලට ගමේ ගොඩේ ඉන්නේ...
කෙල්ලෙක් නෑ තාම මොකද අහිංසකය වන්නේ...
දෙමාපියන් සමග ගෙදර සුන්දරව වසන්නේ...
මෙතැන ඉඳන් සිරිමල් චරිතය මම පණ දෙන්නේ...
~ ආරම්භය ~
හේ හේ.... ගායිස්... ඉතින් අද තමා අපේ ඉස්කෝලෙ පළවෙනි වාර විභාගෙ ලකුණු දුන්නෙ. මම කරන සබ්ජෙක්ට් එකයි මගෙ ඉගෙනීමේ වැඩ ගැනයි අහගන්නකො.
උසස් පෙළට ආව මචෝ ආපු කාලෙ නතින්ලූ...
මාස දෙකක් ඉගෙනගද්දි පරණ මතය බිඳුනලූ...
බයෝ කලේ අනාගතේ ඩොකෙක් වෙන්න සිතාලූ...
ඩොකෙක් තියා කොන්දොස්තර කමටත් දැන් තරඟෙලූ...
ඔන්න ඕකයි මේ කාලෙ හැටි බං. ඉතින් මම කිව්වනෙ ලකුණු ආව කියල. ආපු කාලෙ රඟපු රැඟිලි නං නෑ බං දැන්. ලොස් නැතුව කෙල වෙලා ඉන්නෙ. ලකුණු ටිකත් අහලම ගෙදර ගිහින් අම්මගෙන් බැනුම් අහමුකො. එහෙනං අහමු ලකුණු ටික.
බයෝ , පිසිස් , කෙමෙස්ට්‍රි විශයන් වල දුන් ලකුණූ...
පේපරෙවත් මාරු වෙලා දෝ හරියට හිතුනූ...
අත පය ඔක්කොම තාලෙට සට සට ගා ගැහුනූ...
තුනම එකතු කරලත් සීයක් නෑ අද මැරුණූ...
සම්ජෙක්ට් තුනේම ලකුණු එකතු කරලත් ලකුණු 98යි. කෙලවෙනව කියන එකත් උඩින්ම කෙලවෙන්නෙ අපිට කෙලවෙනකොටනෙ. දැන් බලමු වටේ පිටේ එවුන්ගෙ ලකුණු ටික. උන්ටත් අඩු නං මට අවුලක් නෑනෙ. හේ හේ. මම පතනවා ඕකුන්ට 98ක් වත් නෑ කියල. සක්කිලි ප්‍රෙන්ස්. පංතියෙ බ්‍රයිට් කේස් දෙකයි. සත්මි සහ නිමල්. උන්ගෙ බලන්න ඕනෙ.
නිමල් කොලුව ඩෙස් එක යට ගහලා උගෙ පේපරේ...
ඒ කියන්නෙ කෙලවෙල ඇති නැති වෙන්නම මට හුරේ...
සත්මි නංගි අඬනව දුටු කෙල්ලො ටිකගෙ කට කරේ...
සියල්ලන්ට කෙල වී ඇත ඕකයි අපෙ උත්තරේ...
නිමල් කාරය පේපරේ ඩෙස් එක අස්සෙ ගහන් බය වෙලා ඉන්නව. සත්මි අඬනව. ඒක දැකපු අනිත් ඊරිසියාකාර කෙල්ලො කින්ඩියට හිනා වෙනව. ඒ කියන්නෙ හැමෝටම කෙල වී ඇත. අපේ උත්තරේ ඔන්න ඕකයි.
හම්මෝ දැන් හිත නිදහස් ගත නිදහස් වෙන්න....
අල්ලපියව් බීට් එකක් රඹටි පිටින් දෙන්න....
අඩෝ ඔන්න පිනා එනව අපිටම කෙලවන්න...
බීට් මිසින් කොල්ලො පැන්න ඇඟ බේරාගන්න...
අනූනවයෙන් පිනාගෙන් බේරිලා යන්තං ගෙදර ආව. ගෙදර එනකොටම අම්ම මාව දැකල හෙන සතුටු හිතින් ළඟට ආවා මගෙ ලකුණු අහන්න
ආනේ මගෙ කොලු පැටියා අද කලින්ම ගෙදර...
කෝ බලන්න මගෙ වස්තුගෙ ඉගැනුම් සිප් සතර...
පේපර් ටික ගන්න පුතේ ලකුණු නැතොත් එතෙර...
වෙන්න දෙනව ගන්නේ නෑ මායිමේ මේ හතර...
බය කරලම මගෙන් ලකුණු අහගන්න යන්නෙ. දැන් තමා ලණුව අඹරන්න වෙලාව.
මේ අහන්න මේ අහන්න කෝ මගෙ සුදු අම්මා....
නිමලුයි සත්මියි ඇඬුවා ලකුණු නෑනෙ සුම්මා...
මම දන්නව මට ඉන්නව මගෙ ආදර පෙම්මා...
ලකුණු නෑනෙ ගහන්නෙපා මගෙ ආදර අම්මා...
ලකුණු ටික බලපු ගමන් අර තිබ්බ සුකුමාල හිනාව හුළං බැහැපු ටයර් එකක් වගේ බැහැල ගියා.
නම්බුව කෑවා තෝ අපෙ බැහැපං දැන් දොට්ට...
අප්පච්චිට කියලා අද ගහනව මං පට්ට...
දන්නවාද තෝ වෙනුවෙන් අපි කෑවා කට්ට...
මෙහෙම ගිහින් ලොකු උනාම කරගහපං මුට්ට...
කච කච බචේ.... පටන් ගත්ත අම්මගෙන්. අද රෑට කාලත් හමාරයි වගේ..... අප්පච්චි ගෙදර ආවම මම ලෙප්ට්...
මතු සම්බන්ධයි.....