ශේත්....

ශේත්....

Sewwandi

දහතුන්වෙනි කොටස


මොකෝ මේ මූඩ් ගහල උදේ පාන්දර..

අයියේ.....


මොනව හරි කිව්වද බන්.


මොන ලෝකෙද හලෝ ඉන්නෙ. මන් කීයෙ ඉදලද කතා කරන්නෙ. මන් හොදට බලාගෙන නැගිටපු වෙලාවෙ ඉදල කල්පනා කරනව.


ඊයෙ තව පොඩ්ඩෙන් ශේදි වාහනේකට හැප්පෙනව. මන් ඉදියෙ නැත්තන් මොනව වෙයිද කියල හිතා ගන්න බෑ.


මොකක් ඒ කොහොමද.. කිසිම සිහියක් නෑනෙ ඉතින්...


පාර පනින්න හදනකොට..


ඉතින් උබ කොහේද එහේ..


ඊයෙ ඉදලම හිතට හරි නෑ. ඉතින් පන්ති අරින වෙලාවට මන් ස්ටෑන්ඩ් එකට ගියා. එත් වෙලාවට ආවෙ නැති නිසා බලන්න ගියා. එතකොට තමා.


ඉතින් ඒකට සතුටු වෙන්න ඕනෙනෙ.. බේරගත්ත එකට.


ඒක නෙවේ බන් මන් කෙල්ලට බැන්න.. මට ඒ වෙලාවෙ මාර කේන්තියි බන් ඒකි එක්ක..


හරි හරි කොහොමත් එහෙම තමා ඉන්න ඕන. හුරතල් කරල හරියන්නෑ. පුදුම පන්ඩිත කමක් තියෙන්නෙ..


ඒත් බන් මන් කවුද කියලවත් මොනවද කරන්නෙ කියලවත් ඒකි දන්නෑ. එහෙම එකේ කවුද කැමති දන්නෙ නැති මනුස්සයෙක්ගෙන් බැනුම් අහන්න.. මට ඒකට අවුල් ඕයි..


හරි හරි බලමුකෝ. මන් කියන්නද මේ ගැන..


බෑ කොහොමවත් බෑ. එයා හොදට ඉගෙන ගන්න ඕන. මන් කැමති නෑ ඒ වැඩ අවුල් කරගන්නවට. දැනට දුර ඉදන් බලන් ඉන්න තිබුනම ඇති මට..



අයියගෙ ඇස් වල ලාවට කදුලු. කවදාවත් එයා මෙහෙම නෑ...


ම්ම්ම්...


මල්ලි.. මම හෙට යනව. ආයෙත් එන්නෙ මාස හතරකට විතර පස්සෙ.. ඊට පස්සෙ ග්‍රැජුවේශන් එක.. කොහොමත් මේ අලුත් අවුරුද්දනෙ..


ඔව් අපිත් ලබන සතියෙ දහතුනේ නෙ. මොකද්ද දැන් වෙන්න ඕනෙ..


මට එයාව තව එක සැරයක් බලන්න ඕන. පුලුවන්නම් මට ඒක විතරක් කරල දීපන්. මන් හෙට දවල් 1.00 බස් එකේ යන්න ඕන..


මන් කරන්නම් උබ දන්නවනේ මන් ඉන්නව උබට ඕනම දේකට..


ම්ම්ම්



අයිය වෙන අය වගේ නෙවේ. ඇත්තම කියනවනම් එයා අම්ම වගේ මම තාත්ත වගේ. අයිය ලේසියෙන් දුක් වෙන කෙනෙක් නෙවේ.



ගිහින් දැම්මෙ ශේදිට මැසේජ් එකක්.



මේ උබට අද ටවුන් එකට එන්න පුලුවන්ද..


ඒ මොකටද ඒ..


හෙට අයියගෙ බර්ත්ඩේ එක බන්. ඌට ඇදුමක් ගන්න ඕන. උබට ඉතින් හොද තේරීමක් තියෙනවනෙ වරෙන්කො හොද එකී වගේ.


හාකො.



අයියේ.......


මොකෝ යකෝ බෙරිහන් දෙන්නෙ.. මගේ කන් ඇහෙනව.


ඒකි එනව කිව්ව. දැන් ඉතින් යමන් ටවුන්.


ඔය ඇත්තමද.. උබට ඔනෙ දෙයක් කියපන්..


ඒව හිතල බලල කියන්නම්කො දැන් ඉතින් යන්න ලේස්ති වෙයන්කො..


එහෙනම් මන් මෙහෙම්මම යනව පොඩී. මට ඒක ලේසියි. බෝඩිමට ගිහින් ඉන්නත් වෙලාව තියෙනවනෙ..


හ්ම්ම්..



ඇත්‍තටම හෙට අයියගෙ බර්ත්ඩේ එක. එයටවත් මතක නෑ..



Pov ශේදි


ඇදට වෙලා ඉන්නකොට මැසේජ් එකක්.


කේශ්ගෙන්.


හෙට එයාගෙ අය්යගෙ බර්ත්ඩේ එකට ඇදුමක් තෝරල දෙන්න එන්නලු. මොකක් උනත් ඇදුම් තෝරන වැඩේටනම් මන් කැමතියි..


කොහොමත් මටත් කාලෙකින් ටවුන් එකේ රවුමක් දාන්නත් බැරි උනා. ඉතින් ඌටත් එන්නම් කියාගෙන ගියේ ලේස්ති වෙන්න.


අම්මටත් කියාගෙන ආවෙ බස් එකට. එච්චර තහනමක් නෑ ඉතින්. මන් හොද ලමයෙක්නෙ ඉතින්.


2.30 විතර වෙනකොට ටවුන් එකේ. කේශුත් ඇවිල්ල ඉදියා.මට නිකන් අමුතුයි වගේ. කේශ් ඉන්නෙත් මේ සිහියෙන්නම් නෙවේ. එක එක වැල්වටාරම් දොඩවනව.


ස්ටෑන්ඩ් එකෙත් පැය බාගයක් විතර ඉදල ගියේ ඇදුමක් ගන්න..


මට හිත ගියපු ටී ශර්ට් එකකුයි තව මොනවද එයාට ඕනෙ දේවල් ටිකකුයි අරන් බිල් එකත් පේ කරල ආව.


මටත් පොඩි බඩු වගයක් ගන්න තිබුන ඉතින් ඒ ටිකත් අරන් එනකොට 5.00 විතර වෙලා.


ඒත් කේශුත් අද හරිම අමුතුයි.. අනේ මන්ද...


ගෙදර එනකොට 6.00 විතර වෙලා.. එනකොට පුන්චිල ඇවිත්..


එයාල එනවට නම් මම කැමතියි. මොකද එයාල ආවම දවස් දෙකක් විතර ඉදල තමා යන්නෙ. ඉතින් ඇවිදින්නයි කෑම හදන්නයි එක එක වැඩ.


.......................................................................


කමෙන්ට් වලට ආදරෙයි ගොඩාක්...❤️❤️❤️🫶🫶❤️❤️❤️

මම

Sewwandi💙




Report Page