විසේකාරී

විසේකාරී

❤️❤️

කතෘ අයිතිය සුරකින්න. මෙම කතාව උපුටා ගැනීම, අනවසරයෙන් වෙනත් සමූහවල පල කිරීම සපුරා තහනම්.


පෙර කොටසට

https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-04-07



~පස්වන කොටස~


"හරි ෂෝක් ලමිස්සියක් ගෙදර එන වෙලාව.හවස පහත් ප⁣හුවෙලා හයටත් කිට්ටුයි.මොකද මෙච්චර පරක්කු උනේ...."


ගෙදරට අඩියත් තියෙන්න හම්බුනෙ නෑ ගෙදර ශ්‍රියා කාන්තාවගෙ සුමිහිරි කටහඩ මගෙ සවනට වැකුනා.


"කොහෙද අත්තම්මෙ අම්මා..."


ස්කූල් බෑග් එකත් පුටුවට විසික් කරන ගමන් මං ඇහුවා.


"වත්තට ගිහිං දැන් එයි.මොකද උබ පරක්කු උනෙ ගෙදර එන්න පොඩි එකත් ගෙදර ආවා පන්ති ඇරිලා..."



අඩේ පොඩි එකත් ගෙදර ඇවිත්ද...තමුසෙට නම් හොදක් වෙන්නෙ නෑ කේෂ්....



"මේකනෙ සුදු බෝලේ මං හේනක් කොටන්න ගි⁣යානෙ ඒකයි පරක්කු උනේ..."


බටර් පාරකුත් ගාගෙන ශේප් එකෙ පැන්නා කුස්සිය⁣ට.


"බලපන් මේනකා උබ මේ කෙල්ලව හදලා තියෙන විදිහ....එසෙ මෙසෙ කටක් නෙමෙයි මේකිට තියෙන්නේ...."


හැමදාම අත්තම්මගෙ බණ කතාව දිගාරින්න පටන්ගන්නකොට අම්මත් නැති එකේ උස්සලා බැලුවා බිස්කට් ටිං එක.


තිබ්බ නයිස් පැකට් එකෙ බිස්කට් දෙක තුනක් සාක්කුවේ ඔබාගෙන දෙකක් කටෙත් දාගෙන හැරෙනකොට ගෙදර පොඩි එකා කට මුල හිටගෙන.


"මොකද බං කර⁣න්නෙ.ලෙඩක් හැදිලද.තව ඩිංගෙන් බිස්කට් එකත් හිරවෙනවා."


අමාරුවෙන් හපන ගමන් කියලා දැම්මා.


"⁣ඒක නෙමෙයි මොකද අක්කෙ ඉස්කෝලෙ ටැප් කඩන්නෙ ඔයා...."


ඇරියා නේද බෝක්කු කට....


"මොකක්ද දෙවෙනි ටැප් කතාවක් මල්ලි කියන්නේ. "


එහෙම කියාගෙන කුස්සිය⁣ට ආවේ මගේ සදාදරණීය මව්තුමිය. 



"ආ....මේ...ඒක...මේ...."



ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ...


ඒ අස්සේ පොඩි එකා දාගෙන විරිත්තනවා. දෙන්න හිතෙනවා හොම්බ කට සමතලා වෙන්න.හිවල් මොටා.....අවුස්සලා යස අගේට හිනාවෙනවා....

ඊටකලින් අති උත්තම මව්තුමියගෙන් බේරෙන්න එපැයි😫. 



"ආ මේ නෙමෙයි...ඒක මොකක්ද කියලා තමයි මාත් අහන්නේ.අදත් මොකක්හරි ජල්ලියක් නටලද ගෙදර ආවේ...."



අතත් පිහදන ගමන් අම්මා කුස්සියට ආවා. ටික ටික ලංවෙනවා රාක්කේ පැත්තට.



ලග තිබ්බ පොල්කටු හැන්දනම් ගත්තේ හොදකට නෙමෙයි සමාධියෝ...මගේ කුඩා මොලේ එහෙම කියනකොට කටට ආපු බොරුව එහෙමම කියලා දැම්මා. මොනවා උනත් සේෆ්ටි ෆස්ට් ඇගට ගුණයිනේ. 



"ආ....ඒක මෙහෙමනේ අම්මා....ඉස්කෝලේ ස්පෝට් මීට් එක ලග නිසා ලොකු පන්තිවල ශ්‍රමදානයක් තිබ්බා. ඒකට ඔය පරණ ටැප් එහෙම කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා ශුද්ධ කරලා හැදුවා. ඒක වෙන්න ඇති මේ මනුස්සයා දකින්න ඇත්තේ. බොරුනම් අහන්නකෝ ආශුගෙන්...."



මං එහෙම කිව්වම බලන්න වටිනවා අම්මගේ චූටී පුතාගේ මූණ.



මහසෝනා දැකලා වගේ කටත් බාගෙට ඇරිලා🤣



හොද වැඩේ🤣



ආවා මෙතන අම්මට කේලම් කියන්න...



"දෙවනි....මල්ලිට කථා කරන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලා.... ඔයාලා තාම පොඩි ලමයි..."


ආපු කුරිරු සතුට පෑල දොරෙන් පැනලා ගියා.අම්මටත් ඉතිං අනිත් හැමෝම හොදයි මං නරකයි. 


"හරි හරි😒මං එහෙනම් හෝදගන්න යනවා...."


"නෑ...අම්මා...."


පොඩි එකා ආයෙත් කට අරින්න යනකොටම පෑගුවා හයියෙන් කකුල තරූ විසික්වෙන්න.


"මොකක්ද පුතා කියන්න ගියේ..."


රෑට උයන්න එලවලු තෝරන ගමන් අම්මා මල්ලිගෙන් ඇහුවා.


"ආ...නෑ..මුකුත් නෑ...අම්මා...බඩගිනි..."


පව්...කකුල පෑගුව පාරට රිදිලද කොහෙද කදුලුත් පැනලා පොඩි එකාගේ.මොනවා කරන්නද ඉතින් දුක උනාට මට අම්මගෙන් ගුටි කන්න බෑනේ නොකරපු වරදකට.


"හරි ඉන්න මං තේ හදන්නම් හැමෝටම.දැන් අප්පච්චිත් මග එනවා ඇති..."


අම්මා කුස්සියේ වැඩ කරන්න පටන් ගන්නකොට මං පොඩි එකාටත් විරිත්තලා කාමරේට පැනගත්තා.


හිතේ හැටියට උණුවතුරෙන් ඇග හෝදගෙන කුස්සියට ගිහින් බිස්කට් හතර පහකට වැඩේ දෙන ගමන් මං ආසම කිරි කෝපි එකක් හදාගෙන බිව්වා.


මොලේ සමනල ගැටේ ගැහුනේ අද දීලා තිබුන ගනන් ටික දැකලා.


සීතල කොහෙන් ගියාද මන්දා...


පයිතගරස්ව හොයං යන්න හිතෙන්නේ ඔය වෙලාවට තමයි😒


වෙලාවකට හිතෙනවා මෙව්වා මොලේ අනිත් පැත්ත ගහලා හදලත් මොනවා කරන්නද කියලා.


මොනවා වෙන්න හරි කියලා ගනන් ටිකත් හදලා පැයක් විතර අනිත් විෂයයන් දෙක පාඩම් කලා.


දැන් නම් ලාවට නිදිමතක් එනවා.


ඒත් නිදිමත කියලා බෑ...කුස්සිය පැත්තට ඔලුව දාලා අද ලකුණු ගැන අම්මට කියන්න ඕනෙ..


"දෙවනි...මොකද හොර ගල් අහුලන්නේ....වැඩක් නැත්තන් මට පොල් ටිකක් ගාලා දෙන්න..."


කුස්සියට ඔලුව දැම්මා විතරයි මට ඩියුටි එක හම්බුනා.


"ඔයාට කොහොමත් මාව දැක්කම පොල් ගාගන්න තමයි මතක් වෙන්නේ😒...ඒක නෙමෙයි කොච්චරක් පොල් ගාන්න ඕනෙද..."


මේසේ උඩ තිබ්බ පොල් බෑය අතට ගන්න ගමන් මං ඇහුවා.


"හරි ඕක බැරිනම් තියලා තියන්න මං කරගන්නන්නම්.මට පොල් බෑයක් වගේ ගාගන්න ඕනෙ..."


පරිප්පු ටික හෝදන ගමන් අම්මා කිව්ව නිසාම ඒ ගමන්ම ලකුණු ගැනත් කියන්න හිතාගෙන කතා කලා.


"අම්මා....."



"ම්ම්ම්...."



"අම්මා...."



"කියන්න ලමයො මං අහගෙන ඉන්නේ..."


එලවලු ටික කපන ගමන් ඔලුව උස්සන් නැතුව කිව්වේ ටිකක් තරහ ගිහින්ද මන්දා...


"අද...මේ අර පේපර් එකේ ලකුණු දුන්නා..."


පොල් ටික ගාන ගමන් කියලා දැම්මා.


"කොහොමද ඉතිං ලකුණු ගිය පාර වගේ අඩු නෑනේ මේ පාර...අඩුයි කියලා නම් කියන්න එපා දෙවනි උබලට මෙච්චර නැහීගෙන හැමදේම කරන්නේ හොද තැනකට කවදාහරි යන්න ඕනෙ නිසා..."


ඒ පාර එලවලු කපන එකත් නතර කරලා පිහියත් දික්කරන් හැරුනා මගේ පැත්තට.

"එහෙම ලකුණු අඩු වෙන්නේ නෑ නේද දෝණි...මේනකා ඔයා එහෙම කියන්න එපා.එයා හොදට ලකුණු ඇරන් ඇති..."


කුස්සියට එන ගමන් චොකලට් මල්ලක් මගේ අතේ තියලා අප්පච්චි කිව්වේ මව්තුමියගේ මූණ ඇදවෙනකොට.


"ඔයත් මෙයාලව සුද්ද කරන්න.ඔයා හින්දම තමයි මේ තුන්දෙනාම එන්න එන්නම නරක් වෙන්නේ...."


අම්මගෙ සුපුරුදු නෝක්කාඩුව පටන්ගත්තා.


"ඒකනම් ඇත්ත පුතේ.මේ ලමයිගෙ දාංගලේ වැඩී.පොඩි එකාටත් නැති විසයක් තමයි දෙවනිට තියෙන්නේ...."


තේකක් වෙනුවෙන් කුස්සියට එනගමන් අත්තම්මත් අම්මගෙ කතාව පලවෙනි පාරට අනුමත කලා.


ඔක්කෝටම වඩා මායි අප්පච්චියි මූණට මූණ බලාගත්තේ ඒ කතාවට.


"එහෙම තමයි අම්මේ මෙයාලා තාම පොඩි ලමයිනෙ...ඔය වයසට නැතුව අපේ වයසට ඇවිල්ලා දග කරන්නද..."


අප්පච්චි කොහොමත් හැමදාම ගන්නෙ අපේ පැත්ත. ඒ නිසා අවුලක් නෑ අම්මයි අත්තම්මයි මොනවා කිව්වත්.


"ඒක නෙමෙයි මේනකා...අද මට ප්‍රගීත්ව හම්බුනා..."


ඒක කිව්වා විතරයි අප්පච්චිගේ මූණ බැලුවා නෙමෙයි බැලුනා.


සුබසිංහ සර් මේ සැරේ මොනවා කියලා ඇතිද😥 ගිය පාර පොඩි රණ්ඩුවකට මැදි උනා කියලා අම්මගෙන් හොදටම ගුටි කෑවා😒


ඒත් මං හිතපු දේ වෙනුවට හරි ලස්සන හිනාවක් ඒ මූණේ ඇදුනා....


"ඉතිං මොනවද කිව්වේ...."



"දෝණි ගොඩක් හොදයි කිව්වේ...දැන් ඉස්සරට වඩා උනන්දුවෙන් වැඩ කරනවා කිව්වා.අද ලකුණු දුන්නා කිව්වා අර කලින් කරා කිව්ව පේපරේ....පන්තියෙ වැඩිම ලකුණු අපේ දෝණිටලු...."


අප්පච්චි ආඩම්බරයෙන් එහෙම කිව්වේ ඒ ඇස් සතුටින් දිලිසෙනකොට.


"කොච්චර හොදද දෙවනි ඔහොම දිගටම වැඩ කලානම් ඇති විභාගෙට හොද රිසාල්ට් එකක් ගන්න පුළුවන්..."


අම්මත් එහෙම කිව්වම අප්පච්චි ආයෙත් කතා කරන්න පටන්ගත්තා.


" ප්‍රගීත්ගෙ පුතත් අලුතින් ඉස්කෝලෙට දැම්මලු මේනකා...හරි අහිංසක ලමයා...ඔයාට මතකද මන්දා ඉස්සර අපි එහෙ යනකොට හිටිය පොඩි කොල්ලා..."



"හරි අහිංසක😒මං නේ දන්නෙ අහිංසකයගේ තරම...."


අහක බලාගෙන මටම කියාගත්තේ අද උන හැමදේම මතක් වෙලා...


ඒත්....ටිකක් ඉන්න....


අඩේ මට එහෙම මතකයක් නෑනේ පොඩි කාලේ එහෙ ගිය වගක්🤔 අඩුම උගේ ගෙදර තියෙන තැනවත් හරියට දන්නෙ නෑ...අනේ මන්දා😒


"ඔව් මතකයි මතකයි... දෙවනිට එහෙ යනකොට මං හිතන්නේ අවුරුදු හතරක් වගේ ඇති...ඊටපස්සේ අපිට යන්නත් බැරි උනානෙ වැඩත් එක්ක.දැන් නම් කොල්ලා ලොකුත් ඇති...."


අම්මා එහෙම කියනකොට තමයි මටත් හරියටම තේරුනේ... 


"ඔව් මේනකා...ආයෙ යන එන වෙලාවක කොල්ලත් එක්කම ඇවිත් යන්න එනවා කිව්වේ...."


⁣අතේ තිබුන චොකලට් මල්ලත් වැටුනා ඒ කිව්ව හරුපෙට....


ඉක්මනට ඒක අහුලලා අතට ගත්තෙ හැමෝම මං දිහා කන්න වගෙ බලන් ඉන්නකොට....



 ඒත් කේෂ් මෙහෙ එනවා...නෑ නෑ එහෙම වෙන්න දෙන්න බෑ.....මට ඌව ඉස්කෝලෙට ආපු පලවෙනි දවසෙම එපා උනා...තව අපේ ගෙදරත් එනවලු....අප්පො බෑ...ඒක නම් කොහෙත්ම වෙන්න දෙන්නෙ නෑ මේ සමාධි ඉන්නකන්....


ඊලගට මොන නාඩගම නටයිද දන්නෙ නෑ මෙහෙ ඇවිත්😒


"ඒක නම් හොදයි චිරන්ත..කාලෙකින් කොල්ලව දැක්කෙත් නෑනේ...අනික දෙවනිගෙ පන්තියට වෙන්න ඇති ඒ දරුවත් ඇවිල්ලා ඇත්තෙ...අද හම්බෙන්නත් ඇති දෙන්නා...."


ඔන්න ඉතිං ආයෙත් පටන්ගත්තා මං ආසම නැති කෙනෙක් ගැන කියවිල්ල.


"සයන්ස් එකට ආවේ අම්මා....මට නම් හම්බුනෙ නෑ...ඒත් එක බස් එකේ ආවේ හවස...මං කාමරේට යනවා අම්මා තව වැඩ වගයක් තියෙනවා ඉස්කෝලෙ කරන්න දුන්න...."


චොකලට් කෑල්ලක් කටේ දාගන්න ගමන් කියලා දැම්මා.මොකද ඊලගට කොහොමත් අද පවුලේ මාතෘකාව වෙන්නෙ කේෂ්....ඉතිං මං එතැන ඉදලා වැඩක් නෑ...


"හරි හරි දෝණි ගිහින් ඒ වැඩ ටික කරගන්න.ඔය චොක්ලට් ටික අක්කටයි මල්ලිටයි දීලා කන්න හොදද..."


ඔලුවත් අතගාලා අප්පච්චි කිව්වම මං එහෙමම කුස්සියෙන් සාලෙට ආවා.


"ඔය ⁣⁣කහට ටිකක් වක් කරලා ගනින් මේනකා සීතලට..."


අත්තම්මා කියනවා ඇහුනේ එ⁣යාට කොහොමත් මේ වෙලාවට තේකක් ඕන නිසා.


"ඒත් අම්මේ තව ටික වෙලාවක් යයි කෑම ලෑස්ති කරන්න .ඉක්මනට පරිප්පුව ඉදුනම බත් ටිකක් කන්නම පුළුවන්නේ...මේ වෙලාවට තේ බීලා වැඩක් නෑ...ඒ නිසා තව ටිකක් ඉවසන්න...ඉක්මනට කෑම ලෑස්ති කරන්නම්..."


අම්මා එහෙම කියනවා ඇහුනත් නැන්දම්මා ලේලියගෙ වදන් කනකටවත් ගත්තෙ නෑ කියලා අති උත්තම මිනිබිරිය වන මට වැටහී ගියා.


ඒත් ඉතිං ඕක විසදන්න ගිහිල්ලා මටම තමයි අන්තිමේට බැනුම් අහන්න වෙන්නෙ...


"උබ ලෑස්ති කරන විදිහ දන්නේ මං නේ...තව කොහොමත් පැයක්වත් යයි...ඊට කලින් තේ ඩිංගිත්තක් වක් කරලා ගනින් මේ සීතලට...ඉන්න බෑ මාව වෙවුලනවා...."


අත්තම්මා එහෙම කිව්වම අම්මත් කතා කරන එක නැවැත්තුවා.


හැමදාම ඔය ටිකම තමයි වෙන්නේ.අත්තම්මා මොන දේ කිව්වත් අම්මා ඒවා අහගෙන විතරක් ඉන්නවා...


අප්පච්චිත් මුකුත් නොකියා ඉන්නෙ තමන්ගෙ අම්මට මුකුත් කියන්න බැරි නිසා.


ඔව්වා හිතන්න ගියොත් මටත් පිස්සු හැදෙනවා.


එයාලගෙ ප්‍රශ්න එයාලා විසදගයි කියලා හිතාගෙන ගියා සදාදරණීය අක්කණ්ඩියගෙ කාමරේට....


යනකොට ඔන්ලයින් මීටින්ග් එකක...


දැක්කම මට හිනත් යනවා...


කවදාවත් පිලිවෙලකට නැති කාමරේ එයාව screen එකෙ පේන තැන විතරක් ලස්සනට හදාගෙන ඉන්නවා 😂


එයාලත් අන්තිම ටික නිසාද කොහෙද අක්කගෙ පර්වොමන්ස් ගැන වර්ණනා කරනවා.ඒ අස්සේ පිලිවෙල ගැනත් ගොඩක් හොද කිව්වේ.....


ඇත්තමයි ලග හිටියනම් එක්කරගෙන ඇවිත් පෙන්නනවා මං පිලිවෙල ගැන 😂


පව් ඉතිං ජොබ් එක වෙනුවෙන් කන කට්ටක්


එයාට කරදරයක් නොකර බකමූණු පිලිවෙත අනුගමනය කරගෙන චොක්ලට් ටිකක් මේසෙ උඩ තියලා කාමරයෙන් එලියට ආවා.


දැන් ඉතිං ඉතුරු පොඩි එකාට චොක්ලට් දෙක තුනක් දෙන එක....


ඒක තමයි කරන්න අමාරුම වැඩේ...


එයාගෙ කාමරේට යනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඊලග දවසේ ඉස්පිරිතාලෙට යනවා කියන එක🥲


ඒ තරම් අධි ආරක්ෂිත කලාපයක් ඒක.


වනෙ වන සතුරෙකුටවත් යන්න බෑ මොකක්හරි අන්ඩක් කඩාගෙන එලියට එන්න වෙන්නෙ...


එච්චර මොකට ⁣සිකුරිටි දාලද මන්දා...


ඌට කියලා පරිස්සම් කරන්න දේකුත් නෑ අවුරුදු එකොලහට....


එහෙම හිත හිත තට්ටු කලා පොඩි එකාගෙ කාමරේ දොරට...


ම්හු...



කිසි සද්දයක් නෑ...



මේකා නිදිවත්ද....



නෑ ෂුවර් එකට ගේම් ගහනවා ඇති...


ආයෙත් තට්ටු කරලා බැරිම තැන දොරට එකපාරක් පයින් ගැහුවා.


යස අගේට දොර ඇරුනට පස්සේ එක අඩියයි ඇතුලට තිබ්බේ.....





මොකක් වෙන්න ඇතිද ලමයි🤔🤔🤔



හෙට බලමු හොදේ🌚🌚🌚


අද චූටී එපියක් තමයි.


මේ කොටසට තියෙන කමෙන්ට් ගාන සලකලා බලලා ඊලග කොටසේ දිග තීරණය වෙනවා හොදේ😁😁😁



ඔයැයිලා කමෙන්ට් කරන්නෙත් නෑනේ 😒 කතාව අවුල් නිසා වෙන්නැති


ඉතිං මට ලියන්න හිතෙන්නෙත් නෑ එතකොට 😢


ඊලග කොටස ඉක්මනට ඕනෙනම් ⁣කමෙන්ටුවක් කොටං යං😌😌😌



මම

Iru🙈



Report Page