වෘක නාදය 18 කොටස

වෘක නාදය 18 කොටස

prince caspian



17 කොටසට


ඉතින් අනික් වෘකයෝ ටිකත් ඒ දෙන්නා ලගින් නතර වුනා


" එයා කගවේන ලේ ගෙනල්ලා. "


ඇල්රික් ගේ පිරීමී සහයකයා ඇල්ෆා කුඩාරම දිහා බලාගෙනම කීවා.


" එයා ඒ ගැන අර ලොඩ් කියන කෙනාට කියනවා ඇහුනා "


" ඒ කියන්නේ තව එක පැලයයී හොයා ගන්න තියෙන්නේ. ඒක හොයා ගත්ත ගමන් මෙයාගෙ වැඩේ සාර්තකයී "


වේන් කීවේ කූඩාරම දිහාම බලාන


" මම හිතන්නේ නෑ වේන් ඒ පැලේ අත්‍යාවශය ම වෙයී කියලා "


හර්මයීනී වේන් දිහා බලන ගමන් කීවා


" ඇයි ඔයා ඒම කියන්නේ "


" ඒ පැලෙන් වෙන්නේ ඒ දෙවල් ඇග පුරා පැතිරිලා යන එක නවත්තලා වලලූකර ලගින් නතර කරන එකනේ. ඒත් ashitaba පැල එක්ක කගවෙන ලේ එක්ක මිශ කරපු එක බිලා විනාඩී දෙකක් ඇතුලත අත් දෙකේම අදාල තැනින් ඉරක් අදීන ගමන් ඔය දෙවල් අවහිර කරන මන්ත්‍රයක් කීවා නම් ඒක එතනින් ඉවරයී.. ඊට සතීයකට දෙකකට පස්සෙ එයාට එයාගෙ තරුන ස්වරූපය ලැබෙනවා. "


" ඒ කියන්නේ අපී එයාව දැන් ම නවත්තන්න ඔන "


" ඔව් "


ඔය විදිහට ඇල්ෆා කදවුර දිහා බලාන විනාඩී කිහිපයක් ගත වුනා. ඒත් එක්කම , හැරී , හර්මයීනී , රොන්  , සිරියස් , ලුපින් ඇතූලූ පිරසට ඇගට අසීරූතාවක් දැනෙන්න වුනා.


" ඔයාලාගේ ඇගට අවුලක් දැනෙන්නේ නැද්ද ? "


රොන් ඇහැවුවේ අමාරුවෙන්


" අපටත් දැනෙනවා. "


අනික් ටික උත්තර දුන්නා


" ඒත් අපට අමාරුවක් නෑනේ . හදීසීයේම ඔයාලට මොකද වෙන්නේ "


රිඩියන් ඇහැවුවේ පුදුම වෙලා


හැරී වේන් දිහා බැලුවේ අහම්බෙන්


" වේන්........ "


හැරී වේන් දිහා පුදුම වෙලා බලාගෙන කතා කරන්න පටන් ගත්තා.


"ඔව් කියන්න "


" ඔයාගේ ඇග... අලූ පාටට දීලීසෙනවා "


හැරී එම කියනවත් එක්කම වේන් බැලුව්වා තමන් දිහාම


" ආ මේක ගනන් ගන්න එපා . මේ හැටී. පොඩීකාලේ ඉදන් මේම වෙනවා. "


" පොඩ්ඩක් ඉන්න "


හර්මයීනී කීවා.


" මම හිතන්නෙ ඔය ආලෝක ය නිසා තමා අපට මේම වෙන්නෙ. ඔය ආලෝකයෙන් අපව දුර්වල කරලා දානවා "


වේන් පුදුම වෙලා බැලුවා. ටික වෙලාවක් බලන් හිටිය එයා


" මම හිතන්නේ වොල්ඩමෝර්ට් ගෙන් ඔයාලාවත් ආරක්ශා කරන් වොල්ඩමෝර්ට් වත් පරාද කරන්න ක්‍රමයක් මට හම්බ උනා මම හිතන්නේ. ඔයාලා පරිස්සමෙන් මෙතන ඉන්න. මේක දැන් ම කලොත් හොදයී මම හිතන්නේ "


" ඔයාට හොදටම විශ්වාසද "


හැරී වේන් දිහා පුදුම වෙලා ඇහැව්වා .


" ඔව් බය නැතුව ඉන්න "


කියන ගමන් මෙච්චර වෙලා හැන්ගිලා හිටිය පදුරූ වලින් එලියට ආව වේන් ඇල්ෆා කුඩාරම දිහාට ඇවිදගෙන යන්න පටන් ගත්තා.


ඇල්ෆා කූඩාරම දිහාට ඇවිද්ගෙන ගිය වේන් හීමීට කූඩාරම ට ඇතුලූ වුනා. ඒ වෙනකොටත් වොල්ඩමෝර්ට් මිශ්‍රනයේ අන්තිම ටික මිශ්‍ර කරන ගමනූයී හිටියේ.


" ඔහ්.. වෙන් .. ඔයා ආව එක හොදයී. මම මේ මිශ්‍රනයේ අන්තිම ටික හදන ගමනුයී හිටියේ. ඒත් මට නාගීනී කීවා. කැලේ වුන දෙවල්. මම මේක ඉවර උනාම මැඩොක් ගැන බලා ගන්........ "


වොල්ඩමෝර්ට් ට කීයා ගන්න පුලුවන් වුනෙ එච්චරයී . එයාට එක පාරටම එයාගේ ඇග දුර්වල වෙලා යනවා දැනෙන්න ගත්තා. හරියට එයාගේ ඇගේ සාරයම මොකක් හරී දේකට ඇදීලා යනව වගෙ.


" උතූමානනී .. මොකක් හරී කරදරයක්ද ඔබට "


කියන ගමන් නාගීනී පියවර දෙක තුනක් ඉදිරිට තිබ්බේ වොල්ඩමෝර්ට් එක පාරටම ඉස්සරහාට වැටෙන්න වගේ ගිය නිසා . නාගීනී වොල්ඩමෝර්ට් ට උදව්කරන්න ඉස්සරහාට ආවත් , නාගිනීත් බොහොම අමාරුවෙන් වැනී වැනී ඉන්නේ කියලා වොල්ඩමෝර්ට් ට පේන්න ගත්තා


බොහොම අමාරුවෙන් අතක් උස්සපූ වොල්ඩමෝර්ට් නාගිනීට නවතින්න සන්නා කලා. ඊට් පස්සේ වොල්ඩමෝර්ට් ගේ ඇස් ගියේ වේන් ඉන්න දිහාටයී.


" වේන්...... මොකක්ද .... ඔ.. ය .. මායා.. ව "


වොල්ඩමෝර්ට් මොහොම අමාරුවෙන් වේන් දිහා බලාන වචන අමූන ගන්න පටන් ගත්තා.


ඒත් ඒකට උත්තර බදීන්න තරම් ඉක්මන් නොවුන වෙන් එක පාරටම වොල්ඩමෝර්ට් දිහාට පැන්නේ එයාට හිතා ගන්නවත් බැරී වුන වේගේකින්. ඊට පස්ස්‍ර්‍ර් මේ වෙනකම් බාජනයකට දාන ගමන් හිටිය අර මිශ්‍රය ඇදල ගත්ත වේන් ඒ කුප්පියේ පියන වහලා තමන්ගේ ඇදුමේ සාක්කූවකට ද ගත්තා


ඒතොක දැකපූ වෙන් දිහාට නාගීනී එයාගේ වොන්ඩ් එක් දික් කලත් එයා දිහාට වේගෙන් පැන ගත්ත වේන් එයාගේ වොන්ඩ් එක උදුරලා අරන් කෑලී කරලා දැම්මා.බොහොම අමාරුවෙන් වැනී වැනී හිටිය නාගීනීට කර ගන්න දෙයක් නැතී වුනා. වේන් ඊට පස්සේ එයාගෙ අත එයා ඇදන් හිටිය සාක්කූවකට යවලා ඒ සාක්කූවේ තිබුන පැලයක් ඇදලා අරන් පොඩී කරන්න ගත්තා. ඊට පස්සේ ඒ පැලය පොඩී කල අත නාගිනීගේ නහයට අල්ලනවත් එක්කම තප්පර ගානක් ඇතුලත නාගීනී බිමට ඇද වැටුනේ සිහිය නැතී වෙලා.


ඒත් එක්කම වොන්ඩ් එක වේන් දිහාට වේගෙන් දික් කරපූ වොල්ඩමෝර්ට් හිතින් මතුරපූ මන්තරයක් නිසා වේන් කූඩාරමෙන් එලියට විසී වෙලා ගියා . වේන් ගේ වීසී වීම ඇල්ෆා කූඩාරම පැත්තක හැන්ගිලා හිටිය හැරීලා දැක්ක . ඒ නිසා හැරී ගියේ එයාට උදව් කරන්න  . ඒත් ඇල්රික් නැගිට්ට හැරීව අතක් තියලා ආයම බිමීන් වාඩී කරව්වා. ඒත් එක්කම වොල්ඩමෝර්ට් කූඩාරමෙන් හීමීට වැනී වැනී එලියට ආව වොල්ඩමෝර්ට් වේන් දිහාට පනින්න ගියා.. ඒත් එක පාරටම වොන්ඩ් එකත් අරන් ලුපින් සහ සිරියස් දෙන්නා එතනට පැන්නේ එයාව තව පුදූම කරන ගමන්.


" ලුපින්, සිරියස් ඉතින් ඔයාලාව දැක්ම කල් "


වේන් දිහා හැරිලා හිටිය වොල්ඩමෝර්ට් එයාලා දිහාට හැරෙන ගමන් කීවා.


" ඒකනේ .. මොකද මේ වෙලා තුයෙන්නේ "


සිරියස් සමච්චල් විදිහට වොල්ඩමෝර්ට් ගෙන් ඇහැව්ව.


" තමුන් දන්නේ නෑද්ද කාටද කරන්නේ කියලා "


හොදටම තරහා ගිය වොල්ඩමෝර්ට් සිරියස් විහාට හැරෙන ගමන් කීවා


ඔය අවසරෙන් නැගිට ගත්ත වෙන්



"ඔයාට මෙක එපාද "


කියන ගමන් අර කුප්පීය අතට අරන් වොල්ඩමෝර්ට් ගෙන් අහන්න ගත්තා. ඒක ඇහුන ගමන් වොල්ඩමෝර්ට් ඒ දිහාට හැරුනා. මේ වෙනකොටත් ඇල්ෆා කදවුර වටේ තිබුන ඝෝශාවට අනික් වෘකයෝ එතනට වට වෙන ගමනුයී හිටියේ.


වොල්ඩමෝර්ට් වේන් දිහාට wand එක දික් කරන කොටම


" මේක අල්ල ගන්න "


කියන ගමන් අර බෙහෙත් කුප්පීය වේන් සිරියස් දිහාට වීසී කරා. එත් ඒකේ කූප්පීයේ පියන තදට වහලා නොතිබුන නිස ඒක අල්ල ගත්ත සිරියස් ගේ අත් දේකෙම ඒ බෙහෙත වැක්කරෙන්න පටන් ගත්තා.


ඒත් ඒක්කම එයාව එක පාරටම හිමින් හිමීන් තරුන වෙන්න ගත්ත. හරියටම එයාට එයාගේ තරුන කාලේ පෙනුම එයාට ලැබෙන්න ගියේ විනාඩී ගානක්. උරහිස ලගට වැවුන කලූ කොන්ඩේ , සෘජූ බැල්මත් එක්ක තරුනයෙක් විනාඩී ගානක් ඇතුලත එතන මැවෙන්න ගත්ත



" මගේ මහන්සිය "


කියන ගමන් වොල්ඩමෝර්ට් ඒ දිහාට එයාගේ wand එක දික් කලේ හරීම ඉක්මනට



...................................................



අද කොටසත් කොමද කියන්න ලමයී. 🙈🍃තව එක කොටසකින් කතාව ඉවර කරන්න මම හිතාන ඉන්නේ. ඒ නිසා පුලුවන් අය කමෙන්ට් කරන් යන්නෝ 🙈❤️

Report Page