වෘක නාදය 02 කොටස

වෘක නාදය 02 කොටස

Prince caspian



01 කොටසට


" ඔයාලා ඕම තනිම ඇවිල්ලා අතරමන් වෙනවද ? නැත්තම් අපිත් එක්කම එනවාද?"


════❖❀ꗥ~ꗥ❀ ❖════


" එයා අපීව දැකලා ............." 


රොන් බය වෙච්ච කටහඩකින් කීවා.


" ශ්................. "


කියමීන් හර්මයිනී එයාට රවලා බැලුවා.

" හැරී, හර්මයීනී, රොන් මන් දන්නවා ඔය තුන්දෙනා අපී පස්සෙන් එනවා කියලා. දැන් වත් ඔය සලුව අයින් කරන් අපී එක්ක ආවෝත් නරකද "


" ඒත් ඔයා කෝමද............. "


මම නොපෙනෙන ලෝගුව අපෙන් අයින් කරන ගමන් ම ඇහැව්වා. 


" මන් ජනේලයෙන් දැක්කා. ඔයාලා හොරෙන් හොරෙන් සිරියස් ලගේ පස්සෙන් එනවා. ඒකමයී මම ජනේලේ නොවහා ඔයාලාට කතාව ඇහෙන්න සලස්සව්වේ. යන් යන් අය අපිත් එක්කම "


" කට්ටිය කොහොමද දෑන ගත්තේ අපී අද යනවා කියලා කැලේට .. ඒ නැතත් මායි ලුපින්යී එනවා කියලා.. අපීව ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් හැමොටම හොරෙන්නෙ ඉස්කෝලේට අඩගහලා තිබ්බේ "


සිරියස් මාමා අපී දිහ හිනා වෙලා බලන ගමන් ඇහැව්වා


" මෙ හර්මයිනීගෙ වැඩ තමා "


රොන් මාමා දිහා බලල කීව..


" බොහෝම හොදයී පුන්චී මායාකාරි "


කියන ගමන් හර්මයිනී දිහා බලන ගමන් මමා හිනා වුනේ ඇයගේ දක්ශකමට ප්‍රශන්සාවක් විදිහට


අපිත් ඉතින් එයාගේ පස්සෙන් යන්න පටන් ගත්තා.


 ඇත්තටම මේ කැලේ අපේ ඉස්කෝඒ Hogwarts Witchcraft සහ Wizardry පිටියේ මායිම් වෙලා පිහිටපූ වනාන්තරයක්. මේ වනාන්තරය බොහෝ රහස් තියාන හුගක් ජීවීන් රඳවා තියාගෙන ඉන්න ගොඩක් පරන තැනක්. අඳුරු සහ භයානක, මේ වනාන්තරයේ ගස් හුගක් පරනයී. ඒවා වසර ගණනාවක් මූලද්‍රව්‍යවලට නිරාවරණය වීම නිසා  ඝන සහ රළු පෙනුමකින් යුක්ත වෙනවා.


 වනාන්තරයේ නමට අනුවම, මේ වනාන්තරය ට ඇතුලූ වීම සිසුන්ට දැඩි ලෙස සීමා වුනා. භයානක ඉන්ද්‍රජාලික ජීවීන් රඳවා තබා ගැනීම හෝ විටින් විට එහි සිදු වූන ඉන්ද්‍රජාලික ජීවීන්ගේ රැකවරණය පාඩම් හැරන්න අපට මේ කැලේට එන්න ඉඩක් ලැබුනේම නැතී තරම්. ඉඩක් ලැබුනත් ලමයී මේකට එන්න හිතන්නේවත් නෑ . 


මේ කැලය බීච්, ඕක්, පයින්,සිකාමෝර්, සහ යූ වැනි ගස්වලින් පිරිලා තියනවා. ඒ වගේම ගැට තෘණ සහ කටු වගේ පඳුරු, හැම තැනම දකින්න පුලුවන්. බුබොටුබර් සමග කළු මල් මේ වනාන්තරයේ හැදෙනවා. කෝම උනත් පාරවල්, ඔයවල් සහ සමහර එළිපෙහෙළි කිරීම් මේ වනාන්තරය ඇතුලේ දකින්න පුලුවන්.

ප්‍රධාන මාර්ගයෙන් බැහැරවෙලා මිනිසුන් ඒ හරහා ගමන් කරලා තිබුනත් ඇක්‍රොමැන්ටූලස් සහ ෆෝඩ් ඇන්ග්ලියා වගේ සෑම විශාල ප්‍රමාණයේ ජීවීන් ගෙන් බේරීලා එහා මෙහා යන්න ඒ ගොල්ලොන්ට පුලුවන් උනත් මේ කැලේ තියන පාර දිගේ ගමන් කරන්න හැකියාවක් ලැබුනේ නෑ. 


මේ කැලය හොග්වාර්ට්ස් ක්‍රීඩාංගනයේ කොටසක් වූනත් බලකොටුවට නොපෙනෙන ප්‍රදේශ වනාන්තරයේ මායිම් වටා තිබුනා.


 හැග්‍රිඩ් හිපොග්‍රිෆ් සඳහා පිට්ටනියක් මෙවැනි ප්‍රදේශයක හදා ගත්තා වගේම පළමු කාර්යය සඳහා ගෙන්වාගත් මකරුන් මෙතැනට සීමා වුනා.


මෙය සම්පුර්ණයෙන්ම පාසලේ සීමාව තුලම පිහිටලා තිබුනේ නෑ. කොම උනත් Bartemius Crouch Senior හට ඉන් පිටත කොතැනක හෝ සිට තහනම් වනාන්තරය හරහා පයින්ම ක්‍රීඩාංගණයට ඇතුළු වීමට හැකි වුනා.


මේ කැලය අවසානයේ පාසල් භූමියෙන් පිටත හා එය ආරක්ෂා කරන මන්ත්‍ර මායිම්වලින් පිටත අවසන් වෙලා තියනවා.


 කලුවර නිසා යන්තම් නොපෙනෙන ගස් මුල් සහ කඳන් තිබූ නිසා මේ වගේ රාත්‍රියේදී වනාන්තරයේ ගමන් කරන එක අමාරුයී. මේ වනාන්තරය පුළුල් හා අමුතු ජීවීන් සමූහයකට නිවහන වුනා. ජීවත් වීමට ස්ථානයක් අවශ්‍ය වන ඕනෑම භයානක හා භයානක දෙයක් මේ කැලයට තමා ගෙනත් දාන්නේ

 අපේ රුබියස් හැග්‍රිඩ්ගේ පැල්පත පිහිටා තිබුණේ තහනම් වනාන්තරයේ මායිමේ. ඒක නිසා එයාට මේ කැලේ ඇතුලට එන්න ලේසී.


අපී මේ වෙනකොටත් කැලේ ගොඩක් දුර ඇවිල්ලා ඉවරයී රෑ 7 ටත් ලගයී. පුර හදත් තව ටිකකින් පායයී. 


" අපි කෝමද දැන් ඌව හොයා ගන්නේ. "


"පෝඩ්ඩක් ඉන්න"


ඒම කියපූ ගමන් මාමා ලොකූ කලූ බල්ලෙක් විදිහට හැරිලා එයා පස්සෙන් එන්න කියාන්නා වගේ අපී දිහා බැලුවා.


"ඉක්මනට යමූ එයා පස්සෙන්" 


හැග්‍රිඩ් ලන්තෑරුමත් අරන් ඉක්මට ඇවිදන් යන්න ගත්තා. අපිත් ඒ පැත්තට ගියා.


අපි ගියපූ කැලෑව ඇතුලටම යන්න ඇතී අපී දැන් ඉන්නේ කැලෑවේ මැද තනකොල පිට්ටනියක් ලග. එක පාරටම මාමා නතර වෙලා ඒ පිට්ටනිය උඩ තිබුන උස ගලක් දිහා බැලුවා. ඒ වෙනකොටත් නැගෙනහිර අහසේ හඳ පායගෙන ඇවිල්ල තිබුනේ.


හඳේ සුදු පාට ආලෝක කදම්භයක් ම ඒ ගල මතට පතිත වෙලා තිබුණා. ඒ ඒ ගල උඩට පතිත වෙලා තිබුණු හදේ එලියෙන් අපට දැක ගන්න පුලුවන් උනේ දුබුරූ පැහෑ ගත් දැවැන්ට්ත වෘකයෙක් ඒ උඩ හිට ගෙන ඉන්න විදිහ. එයා හරියට බලාන හිටියේ අපී එයී කියලා බලාපොරොත්තු වෙන් හිටියා වගේ අපී එන දිහාම බලාගෙන 


ඒත් එක්කම හැග්‍රිඩ් අපිට ටක් ගාලා 


" හැමෝම අහකට පනින්න" 


කියලා කෑ ගැහැව්වා.


මහාචාර්ය ලූපින් ඒ වෙනකොටත් හද එලිය නිසා warewolf ඒමත් නැත්තම් මිනිස් වුර්කයෙක් බවට පරිවර්තනය වෙන ගමනුයී හිටියේ.


එයාගේ මූන ඉස්සරහාම පේන්න හිටියේ අර වුර්කයා නිසා මිනිස් වුර්කයෙක් විදිහට හැරුන මහාචාර්‍ය ලූපින් ඒ දිහාට කඩාන පැන්නා. ඒත් සිද්ව වුනේ අපී නොහිතපූ දෙයක්. 


එක පාරටම කොහෙදෝ ඉදලා ආව තව වුර්කයෝ දෙන්නේක් ඒ මහාචාර්‍ය ලූපින් දිහාට පැන්නා. ( මේ වෙලාවේ ඉදන් මහාචාර්‍ය ලූපින් ව මම මිනිස් වුර්කයා හරී warewolf විදිහට හරී හදුන්වන්නම ) එක වුරකයෙක් එයාගේ අතක් තදින් අල්ලා හපන කොට අනික් කෙනා ඒ මිනිස් වුර්කයාගේ බෙල්ල පිටිපස්සේම එල්ලුනා. ඒ නිසා දැනුන ලොකූ වේද්නාව නිසාමදෝ එ warewolf මුලූ කැලෙම

දෙවනත් වෙන්න මහ හයීයෙන් කෑ ගැහැව්වා. උන් දෙන්නාව එටාගේ ඇගෙන් විසික්කා වෙන්න කොච්චර දැගලුවත් ටික වෙලාවක් යනකම් ඒක හරී ගියේ නෑ. ඒත් එක පාරටම අතේ එල්ලිලා හිටපූ වුරකයා පැත්තකට විසි වෙලා ගියා. ඉතින් ඒ warewolf බෙල්ලේ හිටපූ වුර්කයාව එක් අතකින් ඇදලා ඇරගෙන ගොඩක් වේගෙන් පොලොවට දමලා ගැහැව්වා.


ඒම කරාට පස්සේ ඒ warewolf ලෑස්තී උනේ අර ගල උඩ හිටපූ වුර්කයාගෙ ඇගට කඩාන පනින්න. ඒත් එ වුර්කයාගේ තිබුනේ මාර සන්සුන් බවක්. එත් එක්කම අර වුර්කයෝ දෙන්නා එකතු වෙලා warewolf ට සටනකට ආරාධනා කරනවා වගේ අවදානේ වෙන අතකට හරවලා කැලේ නැගෙනහිර පැත්තට අරගෙන ගියා. 


ඔය අතරතුර අපී නොහිතපූ විදිහට අර ගල උඩ හිටපූ වුර්කයා අපී දිහාට පැන්නා. අපිව ආරාක්ශක කරන්න ඕන නිසාම වුර්කයෙක් විදිහට හැරිලා හිටිය අපෙ මාමා එයා ගේ ඇගට පැන්නා. මීලගට ඇරබුනේ ඒ වුරකයා හා අපේ මාමාගේ සටන. ඔය අතර සැරෙන් සැරේ කැලේ නැගෙනහිර දිහාවෙන් warewolf හයීයෙන් කෑගහන හඩ අපිට ඇහුනා


" එයාට කරදරයක් වෙයීද '


මේ උන දෙයින් ගොඩක් කලබල වෙලා හිටපු රොන් ඇහැව්වා.


"බය වෙන්න එපා එයා warewolf කෙනෙක් "

රොන් අහපු ප්‍රශ්නයට උත්තර ලැබුනේ හැග්‍රිඩ් ගෙන් 


අපී හිටපූ තැනත් සටන දරුනූවට යන්න පටන් ගත්තා. දැන් රෑ එකොලහටත් කිට්ටුයී. කෝම හරී මේ වෙනකොට මේ සටන නිසා අපේ මාමා නම් ගොඩක් මහන්සියෙන් ඉන්නවා වගේ දැනුනේ. 


එක පාරටම අනික් වුර්කයා ඈත ඉදන් දුවන ඇවිත් අපේ මාමාගේ ඇගේ හැපුනේ. මමාව් ලග තිබුනූ සද්දන්ත ගසක වදින තරම් වේගයකින්. නොහිතපූ වෙලාවක එල්ල උන මේ ප්‍රහාරය නිසා මාමාව විස්සකා වෙලා ගිහින්ලග තිබුන ගසක වැදීලා


" කින් කින් ......... "


ගාල හඩකුත් එක්ක බිමට වැටුනා.


ඒ පාර අර වුර්කයා ලෑස්ති උනේ අපී ඉන්න දිහාට එන්න.


එත් ඉට කලින් ඉක්මන් උන hermione Banishing Charm එකක් කරලා ඌව ඈතට විසික්කරලා දැම්මා


" දැන් අපී මොක්ද් කරන්නේ" 


මම ඇහැව්වා 


" අපී ආපාහූ යමූ වැඩී විස්තර හෙට තමා හොයන්න වෙන්නේ "


කියලා කිවූ හැග්‍රිඩ් එයා අතේ තිබ්බ ලන්තෑරුම මට දීලා ඒ වෙනකොටත් සාමාන්‍ය අතට පත් වෙලා සිහිනැතුව් සිටී මාමා ව අතට ගත්තා.


" එතකොට මහාචාර්‍ය ලූපින් "


" එයා ගැන බය වෙන්න එපා. එයා හෙට උදේ වෙද්දී එයී. අපී දැන් එයාව හොයන්න ගියොත් අපිටත් එයාගෙන් ගුටී කන්නයී වෙන්නේ"


අපී ආපාහූ යන්න පිටත් උනා. ඒ වෙනකොටත් warewolf බවට හැරුනූ මහාචාර්‍ය ලූපින් ගේ හඩ ඈත වනය තුලින් ලාවට අපිට අහන්න ලැබුනේ තාමත් සටන සිදූ වන බවට ඉගි කරමිනුයී


════❖❀ꗥ~ꗥ❀ ❖════


මතූ සම්බන්දයී.


═══❖❀ꗥ~ꗥ❀ ❖════

✍ Hermione granger ✍


එහෙනම් අද කොටස ඉවරයී. මතක ඇතුව comment එකක් දාන්න. රියැක්ශන් එකක් හරී දාන්න හොදේ. ❤️‍🔥 හොද කමෙන්ට් තිබ්බොත් ඉලග කොටස ඉක්මට ගේන්නම්. 😊😊 දවස් 2 පාරක් කතාව දෙන්න මම try කරනවා ❤🔮

Report Page