ලංකාව දිනපු එකද වැරැද්ද?
#MyThinking#MyThinking

ලෝකෙ සවුත්තුම කාලකන්නිම ජරාම රසිකයො ඉන්නෙ ලංකාවෙ කියල ආපහු ආපහු ඔප්පු වෙනව. ඊයෙ දැක්කනෙ. ඕමාන් මැච් එක වෙලාවෙ ලංකාවෙ මහ ලොකු රසිකයො කියල කියාගන්න එක කොටසක් කියපු අවලං කතා ටික.
මුලින්ම සමාව අයදිනව අද මේ ලියන වාග් මාලාව ගැන. අද ආවේගෙන් ලියන්නෙ. අනික කාලකන්නින්ව හුරතල් කරල කතා කරන්න කිසිම උවමනාවක් නෑ. මේ ලිපි පෙලට අදාල ඇති. නැතුව ඇති.
ඊයෙ ඕමාන් මැච් එකේ අපි බැට් කරන මුල් ඕවර් 11 විතර වැඩි වාසි තිබ්බෙ ඕමානෙට. අපේ විකට් ටික කැඩිල නාගෙන හිටියෙ. ඒ වෙලාවෙ මේ අපේම උන් ඕමානෙට සප් එක කිය කිය ඩෙඟා නැටුව. සමහරු ප@ ටෝක් දුන්න මුන්වද යකෝ T20 world cup යවන්නෙ කියල. සමහරු ප@කු වගේ status දැම්ම මුලින්ම ආ වරෙන් වරෙන් world cup ඕන්නෑ කොණ්ඩයක් කපන් ගෙදෙට්ට වෙලා ඉමු කියල.
මොන තිරිසන් ගතිද බං ඒ. ඕමානෙන් නෙවෙයි සෝමාලියාවෙන් උගන්ඩාවෙන් හරි කොටින්ම මැඩගස්කරෙන් කැවත් යකෝ ඒ ශ්‍රී ලංකා ටීම් එක. අපේ රටේ ටීම් එක. අපේ ටීම් එක. තොපිල ඔයිට වඩා ඔස්තාර්ල නං ගිහිල්ල එක බෝලෙකට ෆේස් කරපං. ඇට දෙක පු@ වටේ ඔතන් එන්න වෙන්නෙ. බැට් එකක් උස්සගන්නවත් බැරි උන් රඟන එකනෙ ඉවසන්නම බැරි.
කට්ටිය දැන් ලංකාව පරදිනකොට ආතල් අරන් අරන් ඉඳල දස්සයි අවියයි පලන්න ගත්තම අර මුලින් කියවපු සත්තු ටික පේන්නවත් හිටියෙ නෑ. දසුන 50 ගැහුවම කියනව ඕමාන් වලට නං ගහයි ලීග් කබ්බ කියල. අවිය අච්චර ගහලත් කියනව ඔයිට වඩා ගහන්න තිබ්බ කියල. හදිස්සියෙ දසුන් අඩු ගාණකට ගියා නං ඒත් ඕකුන් කෑ ගහයි ඕමානෙටවත් ගහගන්න බැරි ලීග් කබ්බො කියල. අවිය 20ට විතර අවුට් උනා නං කියයි මූව සෙට් නෑ ඕයි. තව ඕනෙ තරන් එවුන් ඉන්නව ඔතනට යන්න කියල.
මොනාද බං මේ. තොපිලගෙ රටේ ටීම් එකට සපෝට් කරන හැටිද මේ. වැටිල ඉන්න එකාව තව වට්ටල කෙලම කරල දාන එක උඹලගෙ ජාන වලින් ආපු එකක්ද.
මැච් බලන්න බැරි නං මැච් පරදිනවනං එක්කො කට පු@ වහන් හිටපං. නැත්තං මැච් නොබල තොපි ගිහිල්ල ප්ලාස්ටික් බෝල උඩ දාපං. උඹලට ඒවනෙ පුලුවන්.
දැන් කොහොම හරි 162ක් ගහල විකට් 4ට පස්සෙ ඕමානෙ මුල් විකට් ටික යනකොටත් අර කාලකන්නි හැංගිලා. පස්සෙ උන්ගෙ විකට් කීපර් ඇවිල්ල කෙලින්න ගත්තම ආපහු අර සක්කිලි ටික ගෲප් වල status වල මතු වෙලා කියවනව ඕමානෙනුත් කන්න හදන්නෙ කියල.
මැච් එක දිනුවට පස්සෙත් කියනව ඊය ඕයි ඕමානෙටද මේ අමාරුවෙන් ගැහුවෙ කියල.
යකෝ උන්ගෙත් national team එක අපෙත් national team එක. උන්ගෙ ඒ ගහන්නෙ රටේ හොඳම එවුන් ටික. අපෙත් ගහන්නෙ රටේ හොඳම එවුන් ටික. උන්ගෙ එකම එකාටයි 40ක් හරි වැදුනෙ. ඌ කොහොමත් හැම මැච් එකේම ගහන එකෙක්.
දැන් ඔය සක්කිලි ඔස්තාර්ල කියන්නෙ අපි අඬන්නද ඕනෙ ඕමාන් මැච් එක දිනුවට. අපිට සතුටු වෙන්න බැයිද. අපි දුක් වෙන්න ඕනෙද ඒක දිනුවට.
හදිස්සියෙවත් පැරදුනානං තොපිලමයි රෙදි උස්සන් ඇවිල්ල කෑ ගහන්නෙ. ඕමානෙනුත් කනවනෙ ඕයි. ඊය ලැජ්ජ නැද්ද කියල.
නෑ මට ලැජ්ජාවක් නෑ. මම ක්‍රිකට් රසිකයෙක්. අපේ උන් 0ට අවුට් වෙලා උන් පළවෙනි බෝලෙටම 6ක් ගහල මැච් එක දින්නත් මට ලැජ්ජාවක් නෑ. ලැජ්ජ වෙන්න ඕනෙ උඹල. උඹලගෙ රටේ ටීම් එකකට ධාතු කතා කියන එකට.
ලංකාවෙ තිරිසන් සමාජයක් ඉන්නෙ කියන්න අමුතුවෙන් ආපහු උදාහරණ ඕන්නෑ. මැච් එකක් දින්නම වෙනදට සතුටු වෙනව. ඒත් ඊයෙ. සිරාවටම දුක් උනා ඇයි මේ රටේ මිනිස්සු මෙහෙම හිතන්නෙ කියල.

අදහස් බැරි නං ඕනෙ මගුලක් ප්‍රකාශ කරහන්. තිත්ත වෙලා ඉන්නෙ දැන්.