♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

30

අවසන් දිගහැරුම

RL

[ සියලුම කොටස් ]




"යොයිය ඉක්මනට වරෙන් බං. මම දැන් නිශාධිව එක්කන් ආව hospital එකට"


"අඩෝ මොකක්ද උනේ. මම එන ගමන් හිටහං"


"අමාරු උනා බං. නැන්දලත් එක්ක මම මෙ ආව දැන් hospital එකට. ඩොකා කිව්ව අදලු දවස. ඉක්මනට වරෙන්"


"අනේ බං ශික්. ඉඳහන් මම එනව."


"වරෙන් වරෙන්"


කුමාරයගෙන් ආපු කෝල් එකට ඉක්මනට දඩි බිඩි ගාල ඉස්පිරිතාලෙන් පැනගත්තෙ අලුත් ඩොක්ටර්ට සායනේ බාර දීල.


මගදිගට එක එක උන්ගෙන් කෝල් එනව. ඒ මුකුත් ගනන් ගන්නැතුවම කට් කරල දාල කාර් එකට නගිනකොට අපේ ඉස්පිරිතාලෙ ඩිරෙක්ටර් කාරය ආව කාර් එක ළඟට.


මමයි නිශුයි මේකට ආපු කාලෙ හිටපු කෙනා පෙන්ශන් ගිය නිසා දැන් ඉන්නෙ වෙන ගෑනියෙක්. ඒකිගෙ මොලේ හොඳයි අම්මප මම කියන්නෑ.


"මිස්ටර් යොහාන්. කොහෙද මේ යන්නෙ"


"හදිස්සියක් මැඩම්. මම ඕෆ් වෙනව"


"ඉතින් එතකොට ක්ලිනික් එක බලාගන්න ඕනෙ මමද"


"අලුතෙන් ආපු ළමය ඉන්නව මැඩම්"


"ආහ්. එතකොට හදිස්සියක් උනාම ඒ ළමයව අහු කරල දාල යන එකද ඔයාගෙ වැඩේ මිස්ටර් යොහාන්"


මම මේකිට කියන්න පට්ට කුණුහරප තොගයක්ම ලෝඩ් කරන අතරෙ දැකල පුරුදු මූණක් මේ ගෑනිගෙ පිටිපස්සෙන් මතු උනා.


"it'a ok මිස් රංජනී. මම යොහාන් වෙනුවට ඒ වෙලාව ඉන්නං. අද මට ඕෆ් දවසනෙ කොහොමත්"


හප්පට සිරි. ඒ අපි හොස්පිටල් එකට එනකොට හිටපු ඩොක්ටර්. ඩොක්ටර් කල්ප හංසජීව. නිකං ඩොකෙක් නෙවේ. මුඛ හනුක සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්.


මම මුල්ම කාලෙ වැඩ කලේ මේ ඩොක්ටර් එක්ක. නිශූ මුල් කාලෙ ආවට එයාට specialist කරන්න ඕනෙ කියපු නිසා එයා ආපහු ඉගෙනගත්ත. මම විතරක් මේකෙ හිටිය. ඩොක්ටර් කල්ප කියන්නෙ මට දෙවනි තාත්ත වගේ. හැමදාම වගේ අදත් මට අවශ්‍යම වෙලාවෙ උදව් කරනව ඇවිල්ල.


"යොහාන් යන්න මම බලාගන්නම්" ඩොක්ටල් කල්ප මට කිව්ව.


මම ස්තූති කරල අර ගොන් ගෑනිටත් ඔරවල එහෙම සැනික කාර් එක ගත්ත පාරට. ලෙල්ලටම පෑගුව ඇක්සලේටරේ ලෙලි රඹුටන් වෙන්නම.


නිශූයි මමයි බැඳල අපේ ජීවිත දෙක නීත්‍යානුකූලවම එකතු කරගත්ත. නිශූගෙ ආසාව නිසා අපි වෙනම ගෙදරක පදිංචියට ගියා. මුල් අවුරුද්දම අපේ ජීවිතේ විඳල අන්තිමට නිශූ තීරණය කලා specialist කරන්න ඕනෙ කියල. එයාගෙ තීරණේට මම කිසිම බලපෑමක් කලේ නෑ.


මාවත් නම්මගන්න හැදුවට කැම්පස් අවුට් උන දවසෙමයි මම තීරණේ කලේ මගේ ජීවිතේ මේ ඉස්සරහට ගියා ඇති කියල. මට ඕනෙ විවේකය නිදහස මිසක් දැනුමෙන් පොහොසත් වෙන්නවත් සල්ලි හම්බ කරල රජා වගේ ඉන්නවත් නෙවෙයි.


නිශූටත් සල්ලි වලට ආසාවක් නැතත් එයා දැනුම පස්සෙ එලෙව්වෙ පුදුම ආසාවකින්.


අවුරුදු හතරකට පස්සෙ නිශූ විශේෂඥය දන්ත වෛද්‍යවරියක් උනා. මම නිකංම දත් ඩොකා උනා.


අපි බැඳලත් දැන් අවුරුදු හයකට කිට්ටුයි.


දවල් කුමාරගෙන් ආපු කෝල් එකට කලබල වෙලා නිසා තමා මම මේ හදිස්සියෙම නිශූ ඉන්න ඉස්පිරිතාලෙට යන්න ආවෙ.


පොඩි කාලෙ ඉඳන්ම මමයි කුමාරයි පේශලයයි එකටම හිටියෙ. එහෙම යාලුකමක් මට හම්බෙන්නෙත් නෑ ආපහු. එකාට එකා කොටාගන්න කාලෙක අපි එකෙක් වෙනුවෙන් මැරෙන්න උනත් ආව. පේශලය දැන් trade center එකක manager කෙනෙක්. කුමාරය උගෙ කම්පැනියෙ බොසාගෙ දූව ටෝක් කරපු නිසා දැන් ඌ ඒකෙ ලොක්ක. සඳුනයි සමීරයි රට ගියා. මගෙ කැම්පස් යාලුව කසුන් , සමුදි ව බැඳල දැන් ලස්සන ජීවිතයක් ගෙවනව.


ගෙවුනු ජීවිතේ ගැන ඇත්තටම සතුටුයි. යාලුවො හම්බුනා. නැති උනා. සතුටු උනා දුක් උනා. හරිම අමුතුයි ඒ ගැන මතක් වෙනකොටත්. හරියට නිකං අපේ මේ ජිවීතේ කතා පොතක් වගේ. අපිම තමයි අපේ කතාව වෙනස් කරගන්නෙ. අපිම තමයි අපේ කතාවෙ අවසානය තීරණය කරන්නෙ. අපිම කරගන්න දේවල් නිසාම තමයි කතා පොත අවසානයක් නැතුවම වැහිල යන්නෙ.


කතාවෙන් කතාවෙන් hospital එකටම ඇවිල්ල. එහෙම්ම ගේට්ටුවෙන් ඇතුලට දාල නවත්තල ඉක්මනට වාට්ටුවට ගියා.


මම යනකොටත් නිශූව දාල තියටර් රූම් එකට.


කුමාරයයි පේශලයි නැන්දයි නිශූගෙ අම්මයි තාත්තයිත් ඇවිල්ල බලන් ඉන්නව පුටු වලට වෙලා.


මාව දැක්ක ගමන් කුමාරය නැගිටල පට ගාල දුවන් ආව.


"යොයිය අවුලක් නෑ වෙලාවට ආව"


"නිශූ කෝ බං මම ආව කියල කියහං."


"පස්සෙ කියපං ඒව මුලින් ඒ වැඩේ කරන් ඉමු."


"අනේ අමාරු උනාද බං. ඇඬුවද නිශූ. මම පොරොන්දු උනා බං එයා අඬනකොට ළඟින් ඉන්නවමයි කියල"

"නෑ නෑ බං එහෙම අවුලක් නෑ"

"අනේ උඹ බොරු බං කියන්නෙ. නිශූ ඇඬුව නේද නං. අනේ වරෙන්කො බං එයාට කියමු මං ආව කියල. එයා මාව හොයයි බං නැත්තං"


පටාස් ගාල ගැහුව කුමාරය කම්මුලට. හැමෝම ගැස්සිලා බැලුව අපි දිහා.


"මිනිහො. කට වහන් හිටපං. තෝ දත් දොස්තරනෙ. අදාල දොස්තරල ඒක බලාගනී."


කුමාරයගෙ කීමට මම කට වහන් එතනට වෙලා ඉඳගෙන හිටිය.

විනාඩි දහයක් විතර ඉන්නැති.

එකපාටම නිශූ ඇතුලෙ කෑ ගහනව ඇහිල මම දොර ඇරන් යන්න හදනකොට කුමාරයයි පේශලයයි අමාරුවෙන් මාව නවත්තගත්තෙ.


"යන්න දීපං යකෝ. මගෙ ගෑනි කෑගහන්නෙ. මම ආව කියල කියන්න දිපං"


"වධ නොදී හිටහං පරයො" කියල කුමාරයයි පේශලයයි මාව පුටුව උඩට දාල අල්ලන් හිටිය හෙල්ලෙන්නවත් නොදි.


මම දඟලන නිසා කුමාරය මගෙ අත් දෙක අල්ලන් පුටුවට තද කරන් හිටිය.


ඇතුලෙ මොන මගුලක් වෙනවද දන්නැ. අනේ මට නිශූට කියන්න බැරි උනානෙ මම වෙලාවට ආව කියල. ඇයි දෙයියනේ මම මෙච්චර කරුමක්කාරයෙක් උනේ.

නිශූ ඇතුලෙ කෑගහන සද්දෙ මෝලෙ අස්සෙ රැව් පිලිරැව් දෙනව වගේ.

"මිස්ටර් යොහාන් පලිහවඩන ඇවිල්ල ඉන්නවද"

තියටර් රූම් එකෙන් ආපු නර්ස් කෙනෙක් ෆයිල් එකකුත් අතේ තියන් මගෙ නම කියල කතා කරනව ඇහුන නිසා මම ඒ දිහා බලල නැගිට්ට.


"මිස්ටර් යොහාන් ද?"


"ඔ... ඔව් මිස්"


"ඇතුලට එන්න සර්"


මම ඉක්මනට ඒ නර්ස් පස්සෙන් ඇතුලට ගියා. කර්ටන් එක ඈත් කරන්නත් කලින්ම මට ඈත තියා ඇහුන සද්දෙට කකුල් දෙක පණ නැති වෙලා ඇඟ හිරිවැටිල ගියා.


නිශූ පුංචි දරු පැටියෙක්ව අතට අරන් තුරුල් කරන් අඬනව. දරු පැටියත් අත පය හොල්ල හොල්ල කෑ ගහනව.


දරුවෙක් අඬනකොට දෙමාපියො සතුටු වෙන එකම අවස්ථාව මේක කියල මම අහල තිබ්බට ඒක මෙච්චර පිවිතුරු හැඟීමක් කියල දැනන් හිටියෙ නෑ.


ඔව්... මම දැන් තාත්ත කෙනෙක්. නිශූව අමාරු වෙලා ගෙනාවෙ දරුව හම්බෙන්න ලං වෙලා. නිශූ අතේ චූටි කෙලි පොඩ්ඩක්.......


නිශූ මාව දැකල කලින්ටත් වඩා හයියෙන් අඬන්න ගත්ත.


"යොහාන්...."


"මම ආව වස්තුවෙ..... මට සමාවෙන්න... මම ඉන්නව මැණික"


දරුපැටියව නිශූගෙ අතේ තියෙද්දිම මම නිශූගෙ නලලට හාදු වැස්සක් දුන්නෙ නිශූ අඬන වෙලාවට මම ළඟින් ඉන්නව කියල උනු පොරොන්දුව මගෙ අතින් කැඩුන නිසා.


මනුස්සයෙක්ට ජීවිතේ තවත් ලැබෙන්න දේවල් තියෙනවද?


සල්ලි , බලය.... මේවද ජීවිතේ ලස්සන කරන්නෙ. අපෝ නෑ.... ජීවිතේ බෙදාගන්න පුලුවන් ජීවන සහකාරියක්.... අපේ පුන්චි කැදැල්ලට තව කුමාරිකාවක්..... තවත් මොන සතුටක්ද ජීවිතේ...


නිශූගෙ අම්මලත් සතුටින්. නැන්දයි අම්මයිත් මාර සතුටින්. කවදාවත් නැතුව තාත්තත් සතුටින්. කුමාරයයි පේශලයයි අද හවසට බොන්න ප්ලෑන් කරනව සතුටට.


මම දැන් තාත්ත කෙනෙක්..... ඔව් තාත්ත කෙනෙක් කියන්නෙ මොන වගේ උත්තරීතර පදවියක්ද කියල ජීවිතේ පළවෙනි වතාවට මට අද තේරෙනව. තාත්ත කෙනෙක් වෙන එක මෙච්චර බැරෑරුම් හැඟීමක් නං අම්ම කෙනෙක් වෙන්න..... ගෑණියෙක්ට කොච්චර ලොකු පීඩනයක් වෙන්නැතිද ඒක....


ජීවිතේ හරිම බැරෑරුම් දෙයක්. අද ඉඳන් අපිට තවත ජීවිතයක් පැටවෙනව. ඒක බරක් නෙවෙයි. ඒක අපේ ජීවන පීඩනයට සහනයක්.





මගේ කතාවට අවසානයක් අරන් එන ගමන්ම මම මෙතනින් සමුගන්නම්...




හම්ම්..... කතාව ඉවරයි බං එහෙනං.


එහෙනං මගේ ආදරණීය පාඨකයන්ගෙන් අවසරයි.....



Report Page