♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

28

විසිඅටවන දිගහැරුම

මතකනෙ සීන් ටික. ඉස්පිරිතාලෙට සෙට් උනා. කුමාරයගෙ මගුල් ගෙදර ගියා. අන්තිමට බියුටිපුල් විදිහට නිශූට ප්‍රපෝසල් පාරක් දැම්ම.


[ කලින් කොටසට ]




එතැන් සිට...


නිශූගෙ මූණෙන් එන හැඟීම් මට තේරෙන්නෑ. අඬන්න වගේ හිනාවෙලා දුකින් ටිකක් බයවෙල වගේ නිකං. නිශූගෙ අම්මයි තාත්තයිත් කන්පියුස් වෙලා. වෙඩින් හෝල් එකම මීයට පිම්බ වගේ.


මේ වගේ අවස්ථාවකත් "නෑ යොහාන් අපි යාලුවො වගේ ඉමු" කිව්වොත් එහෙම මේක බලන් ඉන්න උන්


නිශූගෙ ඇස් වලින් කඳුලු වැටෙන ගමන්ම එයාගෙ ගැහෙන අත මගෙ පැත්තට දික් කලා.


ඒ කියන්නෙ එයා කැමතී...


(කැමති වෙන්න එපැයි යකෝ. කතාව මෙච්චර ලියල කැමති නොවී බම්බු ගහන්නද?)


මම මයික් එක බිමින් තියල මුද්ද අරන් එයාගෙ ඇඟිල්ලට දැම්ම. නිශූගෙ ඇස් වලින් කඳුලු බේරෙනව. එහෙම්ම නැගිටල මම එයාව තුරුල් කරගන්න කොට වෙඩින් එකේ හිටපු හැමෝම අත්පුඩි ගැහුව.

(අත්පුඩි ගහපං කියල රුපියල් 100 ගානෙ දීල තුන් දෙනෙක්ව ලෑස්ති කරන් හිටියෙ තැන් තැන් වල)


ගොඩක් එවුන් කුමාරයට සුභ පතල ඒ ගමන්ම අපිටත් සුභ පැතුව. බැන්ද වගේ තමා ඉතින්.


නිශූගෙ අම්මලටත් සතුටුයි. නැන්දටත් සතුටුයි. කුමාරයට ඔක්කොටම වඩා සතුටුයි. උටත් අද ඉඳන් ඩිස්ඩි ඩිඩිං ඩකර ඩකං තමා. අර කෙල්ල පව් හැබැයි. මුගෙ මෝල දන්නව නං ඒකිව නූලක් පන්නලවත් සෙට් කරගන්න වෙන්නෑ.


වෙඩිමෙන් පස්සෙ මම නැන්දල එක්ක කෙලින්ම නිශූලගෙ ගෙදර ගිහිල්ල නිශූගෙ අම්මයි තාත්තයි එක්ක කතා කලා. කොහොමත් ඉතින් කලින් ඉඳන්ම වැඩේ තීන්දුයිනෙ. දැන් ඉතින් මගුලක් තමා. අම්මලටත් කෝල් කරල එන්න කිව්ව.


අම්මලයි නැන්දලයි සාකච්ඡා කරල wedding එක ගන්න නැකැත් දවසක් එහෙම වෙන් කරන් සැපේ ඉන්නකොට දවසක් මාම කතා කරල කිව්ව හැමදාම බස් එකේ එහෙ මෙහෙ යන්න බෑ, දැන් ලයිසන් වත් ගන්න කියල.


නාගන්න වෙන්නෙ ඉතින්. මේ වයසෙ කොල්ලෙක් එලවන්න ඉගෙන ගන්න ගියාම කෝමද නෝන්ඩිය.


මාමගෙ බලකිරීම නිසාම ලර්නස් එකකට රෙජිස්ටර් උනා. තව සෙට් එකක්ම හිටිය. ගොඩක්ම හිටියෙ කෙල්ලො. කොල්ලොන්ගෙන් හිටියෙ මමයි තව මට වඩා අවුරුද්දක් විතර බාල කොල්ලෙකුයි. වයසට ගියාට බයයි හැබැයි. හැප්පිලා කෙල උනොත් ඒම.


පළවෙනි දවසෙම need for speed වගේ ලයිනක් අල්ලන්නට ගියාට උන් මුලින්ම අපිව පංති කාමරයකට වගේ ගෙන්නල හෙන කතන්දර ටිකක් කිව්ව.


ඌ දැන් හෙන දේශනයක් දෙනව.


"දැන් බලන්න මෙහෙම පාරෙ වාහන එලවන එක ආතල් එකක් නෙවෙයි. මේක හෙන වගකීමක්. කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් නං ඔයාල දන්නව හදිස්සියෙ කෝච්චියට මිනිහෙක් යට උනොත් සතියක් නිවාඩු දෙනව දීමනාවකුත් එක්කම. මොකද කෝච්චියට මිනිහෙක් යට උනා කියන්නෙ ඒක ඩ්‍රයිවර්ගෙ වැරැද්ද නෙවෙයි. ඒ ඩ්‍රැයිවර්ගෙ මනස හදාගන්න නිසා එහෙම නිවාඩු දෙනව අවම දවස් 6ක. ඕනෙ නං සතියකට පාරක් එකා ගානෙ යට කරල ගෙදරටම වෙලා ඉන්නත් පුලුවන්"


ටෞකන්ඩ දාල. මූ යකාගෙ ටෝක් දෙන්නෙ.


"හැබැයි මහාමාර්ගයේ වාහනයක් එලවනව කියන්නෙ ඔයාට ජීවිත දාස් ගානක වගකීමක් අතට එනව. ඔයාගෙ ජීවිතේ වගේම ඒ වෙලාවෙ පාරෙ ඉන්න හැම කෙනෙක්ගෙම ජීවිත වල වගකීම ඔයාට එනව. ඔය ස්කූටර් නංගිල වාහනේ එලවනකොට නං පාරෙ ඉන්න අය විතරක් නෙවෙයි ගෙවල් වල පස් වෙනි තට්ටුවෙ නිදාගෙන ඉන්න අයගෙ ජීවිත වල වගකිමත් ඒ නංගිලට එනව"

"ඉතින් ඔයාල මේ අරගන්නෙ වීර පට්ටමක් නෙවෙයි. සල්ලිත් ගෙවල ගන්න මහා වගකීම් ගොඩක්. ඒ නිසා හරියට හිතල බලල තීරණයක් ගන්න."


මුගෙ ටෝක ඇහුවම බස් එකේ යන්නත් බයයි who to. මට නං ඕන්නෑ ඉතින් ලයිසන් ගන්න. මාමල කියනවනෙ.


මුලින්ම තිබ්බෙ ලියන විභාගයක්. අපිට දවස් හතරක් අරන් මාර්ග නීති අනං මනං රෙද්දවල් ටිකක් උගන්නල විභාගෙ තිබ්බ. ඒක ලිව්වට පස්සෙ සමහරුන්ව ආපහු ලියන්න දැම්ම. පාස් අයව තෝරගත්ත වාහන පුහුණුවට.


මම ඉතින් එලවන්න බැරි උනාට පාඩම් කරන්න පුලුවන් එකා නිසා ඒ වැඩේ එක පාරින්ම ගොඩ දැම්ම.


දැන් නං සෙට් ලැම්බොගිනියක් දුන්නම ඒක එලවන් යනව නිකං යෑමක්. පාරවල් ලෙප්ට් වෙන්නම. ආයෙ වංගු කපනව කනේ වැලි ගෑවෙන්න.


හීන කෝටි ගානක් තියාගෙන ඇවිල්ල වාහනේ දැක්කම මගෙ බොක්ක රත් උනා.


ඔන්න වාහනේ. හිච්චි නගේ බාලේ හිට හැංගි හොරා කිව්වලු. මේකෙ ලෙල්ල යන්න පෑගුවොත් සයිලන්සර් පාරෙ හිටිවී.


ට්‍රේනර් හැටියට ආවෙ මැදිවයසෙ ඩයල් එකක්. උගෙත් හෙන ලයින්. ලර්නස් එකක වැඩ උනාට හිටියෙ නිකං toyota සමාගමේ HR මැනේජර් වගේ ලයින් එකකින්. දෙන්නං බක පණ්ඩිතයට කියල හිතල ස්විච් එක එහෙම දාල අරින්න හැදුවෙ ඇරිල්ලක් උට.


ආ.... නෑ මේ මම කිව්වෙ මේ වාහනේ රේස් කරල යන්න හැදුවෙ.


ඌ නැවැත්තුව කියහංකො.


"මිස්ටර් යොහාන් දැන් ඔයා මම කියන දේවල් හරියට කරල පෙන්නන්න ඕනෙ. මම ඒක බලල අන්තිම මාක් එක දෙන්නම්"


"ඕකේ මිස්ටර් තලතුලනා"


"excuse me?"


"ආ හිතන්න එපා. කෝ කෝ කියන්න. 100ටද 200ටද යන්න ඕනෙ."


"මුලින්ම මට පෙන්නන්න ස්විච් බෝඩ් එකේ තියෙන මම මේ කියන දේවල්. ඊට පස්සෙ ඒ එක එකේ කාර්‍ය විස්තර කරන්න."


මම


ඌ කියන කියන ඒව ගැන විස්තර කරල අනං මනං කරල අන්තිමට එලවන කෑල්ලට ආව.


උඹලට කියන්න බං එලවනව කියන එක ඇඟෙන්ම එන්න ඕනෙ දෙයක්. ඒව ආයෙ මෙහෙම පුරුදු කරන්න ඕනෙ ඒව නෙවේ. මමත් driving කියන එක ඇඟටම අරන් ඇක්සලේටරේ පාගල එහෙම ආතල් එකේ යන්න ගියා.


අරූ කෑගහනව. ඌ හිමින් පලයන් කිව්වට මට වැරදිලා බ්‍රේක් එක වෙනුවට ඇක්සලේටරේ පෑගෙනව. ඉතින් වෑන් එක කඩාගෙන ගිහිල්ල බකස් ගාල හිටිනව. පාරෙ ඉන්න උන් කකුල් කරේ තියන් දිව්වෙ. මමත් බය වෙලා අම්බානකට.


"who to.... who can know.... carry yo himin palayan besic puthoo.... phone naya...."


අන්තිමට ටෙස්ට් එක නං ෆේල් උනා. හැබැයි එලවන්න බෑ කියල දැනගත්ත.


ඊට පස්සෙ ආපහු ගිහිල්ල යන්තන් පාස් උනා. ට්‍රෑල් එකත් ගිහිල්ල ලයිසන් එකත් ගත්ත සැහැල්ලු වාහන වලට.


ලයිසන් අරන් අනං මනං කරන් ඉන්නකොට වෙඩිමත් ලං උනා. දැන් ගෙවල් දෙකේම හරි හරියට වැඩ. මමත් චූන් එකේ ඉන්නව ගෙදර මිනිස්සු ඔක්කොම කරල දෙනකං. හේ හේ.


නිශූත් හෙන ස්ටයිල් ඒ පාර. එක එක ජාතියෙ ස්ටයිල් දදා පුරුදු වෙනව. වෙඩින් එක තියෙන්නෙ දවස් දෙකක් උනාට සති ගාණක් මැරෙන්න එපැයි ඉතින්.


ඔහොම ඔහොම ගිහින් ගිහින් මගුල් දවසත් උදා උනා.


උදේම අම්මලට කතා කරල එහෙම නැකැතට ගෙදරින් පිටත් වෙලා කාර් එකට නැග්ග. කාර් එක සෙට් කලේ කුමාරය. උන්ගෙ කම්පැනි එකේම වාහනයක්. කාර් එක එලවන්න හිටපු එකාව දැක්කම බොක්ක රත් උනා.


"ආ යොයිය. කුමාරය කිව්වෙ බං සප් එකක් දියන් කියල. ඉතින් මාත් ආව."


ඒ අපේ පංතිවල වල හිටපු කොල්ලෙක්. දැනට දෙතුන් පාරක් හිරේ ගියා ඇක්සිඩන්ට් වලට.


"අම්මෙ. මම බස් එකේම යන්නද හෝටලේට?"


මතු සම්බන්ධයි...


Report Page