♡ රාගයේ විලාපය ♡
27❦ විසිහත් වන දිගහැරුම ❦

මතකනෙ. පේශලයව බලන්න ගිහින් පේශල්ගෙ නෝනවත් බලල කතා බහ කරල ගෙදර ආව. ගෙදර එනකොට කුමාරය ඇවිල්ල හිටිය. ඌ රතු පාට කාඩ් එකක් දුන්න මට. ඒ වෙඩින් කාඩ් එකක්!
[ කලින් කොටසට ]
එතැන් සිට...
හත්තික්කේ යකෝ. මෙන්න මේක බඳින්න යනව. කාඩ් එකේ නම තිබ්බෙ කුමාර සිංහවංශ සහ මෙතුනි ජයවීර කියල.
"කවුද යකෝ මෙතුනි ජයවීර කියන්නෙ. මම එහෙම නමක් අහලවත් නෑනෙ."
"අපේ කම්පැනියෙ මේ බ්‍රාන්ච් එකේ මැනේජර්ගෙ දුව බං. හී.
උක් කනව දාල. මූ කෙලින්ම ටෝක් කරන් තියෙන්නෙ බොසාගෙ දුවමයි. යකෝ දියුණු වෙනව කියල මෙහෙමත් තිරිසන් විදිහට දියුණු වෙනවද කියපංකො.
"කවද්ද යකෝ සෙට් උනේ. මම දන්නෙවත් නෑනෙ. අනික තෝ මට කිව්වෙවත් නෑනෙ. මෙලෝ මගුලක්."
"හරි හරි බං. සොරි ඉතින්. දැන් අවුරුද්දක් විතර වෙනව. හේ හේ"
"බොසාව කැමති කරගත්තෙ කොහොමද? "
"බොසා කෝමත් මගෙ ෆිට් එක බං. මම ගිය මාසෙ කිව්ව බොසාට අපේ සම්බන්ධතාව ගැන. බොසා මාව ගෙදර එක්කන් ගිහින් කතා බහ කරල කැමැත්ත දුන්න."
"මරුනෙ බං"
"ඔව් ඔව්. මේ වරෙන් එහෙනං ඈ. මම නිශාධිගෙ ගෙදරටත් කාඩ් එකක් දීල ආවෙ."
"එල එල බං"
යකෝ මූ. හෙන ගහන්න වගේ මෙන්න බඳිනව. දැන් මුගෙ මගුලට යන්නත් ටයි කෝට් දාගන්න එපැයි. ශිශ්.
තාම නිකං මැන්ටල් වගේ කුමාරය බඳිනව කිව්වම. කවුද යකෝ ඒ අසරණී.
පහුවදා මම ටවුමට ගියා වෙඩිමට අඳින්න සූට් එකක් හදාගන්න. රෙන්ට් එකට ගත්තත් දෙදාහක් ඉල්ලුව කියහංකො. වෙඩින් කියන්නෙ ණය අරන් අරන් ලෝකෙට පේන්න තමන්ගෙ තත්වෙ පුම්බන්න හදන එක උත්සවයක්නෙ.
ඉතින් හරිම අකමැත්තෙන් දෙදාහ කඩේ එකාට පූජා කරල මැශිමන්ට් දීල ආව. මැශිමන්ට් දුන්නෙ කෝට් එකක් මහන්න නෙවෙයි හොඳේ. ඇජස්ට් කරගන්න. කෝට් මහන්න බැරි වෙයි දන්ත වෛද්‍ය රස්සාවෙන්. හේ හේ.
නිශූටත් හිතාගන්න බෑ මේක ඇත්තටම වෙන්න යන වෙඩිමක් ද කියල. කුමාරය නිකං පිස්ස වගේ ඉඳල ඉඳල බොසාගෙ දූව ටෝක් කලා කිව්වම අපිටත් හික් ගෑවෙනවනෙ ඉතින්. කෝම කෝම හරි මුගෙ වෙඩිමට නිශූ අර අමුතු ජාතියෙ සාරියක් අඳිනව කිව්ව. අර නිකං සාය වගේ යටට ඇවිල්ල සාරි පොටක් දාල මොකක්ද මගුලක් තියෙන්නෙ. (නම දන්නව නං කමෙන්ට් එකක් දාපං නම කියල)අන්න ඒකක්ලු.
ඉතින් ඇඳුම් එහෙම ලෑස්ති කරල ඔක්කොම කරල අපිට හොස්පිටල් එකේ වැඩ භාරගන්න යන්න උනා. වෙලාවට මේ ඉස්පිරිතාලෙට මමයි නිශූයි විතරක් ඉල්ලුවෙ. මේකෙ දෙන්නෙක්ට විතරයි වේකන්සි තිබ්බෙ. ඉතින් අපිට පොඩියට පාටියක් එහෙම දාල පිළිගත්තෙ. රෝහල් අධ්‍යක්ෂ තුමත් හෙන හිත හොඳ බුවා. බුවා කිව්වට අවු.50ක් විතර ඇති.
ඉස්පිරිතාලෙට අලුතෙන් dentist ල දෙන්නෙක් අනුයුක්ත කරල කියල ආරංචිය ගිය ගමන් දත් නැති පොඩි එවුන්වත් කරේ තියන් ආවෙ කට්ටිය. අපේ පැත්තෙ සාමාන්‍යයෙන් ඉන්නෙ ඔය විටක් කාගෙන ආතල් එකේ ඉන්න එවුන්නෙ. ඉතින් එන එන හැමෝටම කියන්නෙ,
"විට දුම්කොල හුණු හරිම පිලිකාකාරකයි. කන්න එහෙම නෑ මීට පස්සෙ" කියල.
උනුත් ඒක සිරාවටම හිතට ගන්නව ඉතින්.
නිශූට වැටුනෙ 8 ඉඳන් 11 වෙනකං dental clinic එක. මට වැටුනෙ හවස ශිප්ට් එක. ඒකට අමතරව මට සිද්ද වෙනව patient කෙනෙක් ආපු ගමන් කෝල් එකට ඉස්පිරිතාලෙට යන්න. ඒවට අමතර ගෙවීම් කරනව ඉතින්. හේ හේ. දීමන දීමනා දීමනා... රටම දුවන්නෙ සුරාබද්දෙන් සහ දීමනා වලින්. yacai yacai.
වෙනද වගේ ආතල් එකේ ඉන්න හම්බුනෙත් නෑ ඉතින්. රස්සාවක් කරනව කියන එක මොන තරන් කට්ටක්ද කියල තේරුනේ රස්සාවට ආපුවහම. ඒ අස්සෙ පේශලයගෙ නෝනට බබා හම්බුනා. චූටි පුතෙක්. මම දන්නෑ හැම එකාම එහෙමද කියල. හැබැයි පේශලය එදා තරම් සතුටින් ඉන්නව මම දැකල තිබ්බෙ නෑ.
කෙල්ලගෙ අම්මලත් කෙල්ල එක්ක තරහින් හිටියත් දරුව බලන්න වේලසනම ඇවිල්ල තිබ්බ. මට දැනුනු විදිහට නං ආපහු ප්‍රශ්න ඇති වෙන එකක් නෑ. පවුල් දෙකම දැන් සෙට්ල් වෙයි.
ඊට පස්සෙ සති දෙකක් විතර විශේශ සිදුවීමක් නැතිවම සේපට ගෙවිල ගිහිල්ල කුමාරයගෙ මගුල දවසත් ලං උනා.
ඌ වෙනද හිටපු පිස්ස වගේ නැතුව කොණ්ඩෙ ගැම්මට කපල මූණට මේකප් එකක් එහෙම දාල ආයෙ සුපිරියටම හිටිය.
වෙඩිම දවසෙ අපේ සෙට් එකම ආපු නිසා තවත් පට්ටයි. කුමාරය බඳින්න හිටපු කෙල්ලව දැක්කෙ එදානෙ.
අඩෝ නිකං තායිවානෙන් ඉම්පෝර්ට් කරල වගේ. ආයෙ නිකං සුදු හඳුන් සාරයෙන් හදපු ලක්ස් ඇඩ් එකේ ඉන්න අක්ක වගේ. වාත්තු කරල වගේ මූණ එහෙම.
කුමාරය ගුරුකමක්වත් කලාද?..

නැකැත් අනං මනං මගුල් එක්ක පෝරුවෙ වැඩත් කරල උත්සවශ්‍රීයෙන් මනමාලියි මනමාලයයි අර උන්ට හදපු ලස්සන පුටුවෙ වාඩි වෙලා එන එන එකා එක්ක පොටෝ ගහනව.
මමත් නැන්දල එක්ක ආවට නිශූගෙ මේසෙ හිටියෙ. හේ හේ. වෙන්න වයිපරේ නේ.
නිශූත් අර මං කිව්ව වගේ අමුතු ඇඳුමක් ඇඳන් ආව අම්මයි තාත්තයි එක්ක. ආයෙ ඉතින් බොම්බෙයි ලුකින් කල්කටා තමා. කොහේ බැලුවත් නිශූ පැත්තටමයි ආපහු හැරෙන්නෙ.
ඔහොම ඉන්නකොට කුමාරය පිටිපස්සෙන් ඇවිල්ල තට්ටු කලා.
"අඩෝ යොයිය. කට්ටිය පාක් එකට ගියා."
හම්මට සිරි. බඩු රෙඩි වෙනව ඇති එහෙ. මධු විතක් තොල ගාපු කාලයක් මතක නෑ.
"ආ එල එල. හිටහං. නිශූලගෙන් අහල බලන්න ඕනෙ. උඹ එනවද?"
"මට නං අවුලක් නෑ. පොඩ්ඩක් ගන්න කිව්ව"
"කවුද කිව්වෙ?"
"මෙතුනි බං"
කන්පියුස් උනා බුංගා.

මුගෙ ගෑනි කියල මුට පොඩ්ඩක් ගන්න කියල. ලොවෙත් මූ නං නූලක් පන්නල හරි බන්ධනයක් කරගෙන හරි තමා සෙට් කරන් ඉන්නෙ. නැත්තං යකෝ පාරම්පරික සංස්කෘතික අංගයක් එහෙම වෙනස් උනේ කෝමද.
ගෑනිගෙන් ඇහුවම පොඩ්ඩක් ගන්නද කියල ඒකි ඔලුව කන්න පැනගෙන එනවනෙ "තෝ මහ බේබද්දෙක්. තමුසෙවත් මට බඳින්න උනානෙ....etc" කියාගෙන.
දැන් ඉස්සර සංස්කෘතික අංග වෙනස් වෙලා ඇති කියල හිතල නිශූ ගාවට පුටුව කිට්ටු කලා.
"නිශූ මේහ්"
"ම්ම්ම්ම් කියන්න."
"මේ නිශූ මේ.. අද යාලුවො ටික හම්බුනානෙ නේ ගොඩ කාලෙකින්"
"ඔව්නෙ. හරි ශෝක් අනේ ඉස්සර වගේ."
"ඒකනෙ නේ. මේ ඉතින් ඒ නිසා මේ...."
"මොකක් හරි කියන්න තියෙනව නං කියන්න යොහාන්."
"නෑ මේ කොල්ලො ටික පොඩ්ඩක් පාක් එකට ගියා. මේ හෝටලේ බාර් එකක් නෑනෙ. මේ ඉතින් මේ...."
එච්චරයි ප්‍රෙන්ස් කියාගන්න හම්බුනේ.
ඇල්ලුව කනෙන් ලෙල්ල හුටන් ලෙලි රඹුටන් වෙන්නම.
"එක අඩියක් එලියට තියන්නෑ මේ හෝල් එකෙන්. ගියොත් හම ගහන්නෙ හම. ඔහොම ඉන්නව. යන්නෑ කොහෙවත්"
මම

හේ හේ. සංස්කෘතිය වෙනස් වෙලා නෑ. තාම එහෙම්මයි බං. හී...
ඒ වැඩෙත් අතෑරිය ඉතින්. යකෝ බඳින මනමාලයත් පොඩ්ඩක් එලියට ගිහින් එනව. අහිංසක මාව මෙතන බැඳල තියාගෙන වගේ.
දවල්ට බඩ පැලෙන්න කාල කාල අපේ උන් නං පදමට ගහල හවස් වෙනකොට සෙට් උනා නටන සීන් එකට. සාමාන්‍යෙන් බෝතලේක භාගයක් පැනල තව චුට්ටක් පහලට ගියාම තමා නටන්න ගන්නෙ. මොකද ඒ ගානට ආවම ආයෙ සිහිය නැති වෙන්නා වදිනව.
මාත් ප්ලෑන් කරපු වැඩේ දැන් කරන්න තමා වෙලාව. ආ උඹල දන්නෑ නේ මගෙ ප්ලෑන් එක. කියන්න වෙලා නෑ කරන ගමන් බලමු. හෙ හේ.
මම සැනිකට ස්ටේජ් එක උඩ සවුන්ඩ් සප්ලයි කරන එකාට සීන් එක කිව්ව. ලයිට් අනං මනං ඔක්කොම කොල්ලො ටික රෙඩි කරන් හිටියෙ. කැමරා එහෙමත් රෙඩී.
නිශූ මේ මුකුත් දන්නෑ. එයා හිනා වෙවී අම්මල එක්ක කතා කර කර ඉන්නව.
මන් සිග්නල් එක දුන්න සීන් එකේ මහමොලකරු කුමාරයට. ඌ අත පය වනල එහෙ මෙහෙ කරල කට්ටියට රෙඩි වෙන්න කියල ටිකකින් එකපාටම ලයිට් මියුසික් ඔක්කොම ඕෆ් උනා.
ටිකකින් හීනි ලයිට් තුනකින් විතර වෙඩින් හෝල් එක ලාවට එලිය උනා. එතකොටම අර ටයිටැනික් සින්දුවෙ ට්‍රැක් එක ප්ලේ වෙන්න දාල මියුසික් දෙන එකා මට මයික් එක දුන්න. ඒක වයර්ලස් මයික් එකක්.
මම කතාව පටන් ගත්ත.
"හැමෝගෙන්ම අවසරයි. හැමෝටම සුභ සන්ද්‍යාවක් වේවා කියල ප්‍රාර්ථනා කරනව. මුලින්ම සුභ පතනව අපේ ආදර යුවලට ඔවුන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න ලැබේවා කියල. අද අපේ මේ කුමාරයට ජීවිතේ ගොඩක් විශේශ දවසක්. තමන්ගෙ ප්‍රිය භාර්‍යාව සමග අතිනත ගන්නව. අද මේ උත්සවේ අපේ කුමාරයට විශේශ අවස්ථාවක් වගේම කුමාරයගෙ පූර්ණ අනුමැතිය යටතේ මටත් මගෙ ජීවිතේ විශේශ අවස්ථාවක් කරගන්නට කැමැත්තෙනුයි මම මේ කතා කරන්නෙ."
කැමරා එහෙම ඇටෙව්ව ගාණට.
"මටත් හම්බුනා අපේ කුමාරට වගේ මගේ ජීවිතය බෙදාගන්න පුලුවන් මේ ලෝකෙ මට හරියටම ගැලපෙන ගැහැණු කෙනෙක්ව. අවුරුදු හයකට කලින් පටන් ගත්ත ඒ සම්බන්ධය අදටත් මේ දැනුත් ඒ විදිහටම තියෙනව. ඉතින් මට හිතුන මෙච්චර කල් නිකංම සම්බන්ධයක් වෙලා තිබ්බ අපේ බැඳීම තව පොඩ්ඩක් වැඩි දියුණු කරගන්න ඕනෙ කියල. අපේ මේ සම්බන්ධෙ තවත් ශතිමත් බැඳීමක් කරගන්න මම කැමතී"
මම හෙමීට නිශූගෙ මේසෙ ගාවට යනකොට ලයිට් සප්ලයි කරන සෙට් එක නිශූගෙ මේසෙට ලයිට් එක ඇල්ලුව.
නිශූ නිකං සුදුමැලි වෙලා වගේ බලන් ඉන්නව. ඇස් ලොකු කරන් මූණ දෙල් වෙලා.
"අද මේ උත්සවේට එයත් ඇවිල්ල ඉන්නව ඔයාලට පේනව ඇති. මගෙ ජීවිතේ තිබ්බ හිස්තැන පුරවපු ඒ කෙනා"
නිශූ ගාවට ගිහින් දණ ගහල කෝට් එකේ සාක්කුවෙ තිබ්බ පෙට්ටිය අරන් ඒක ඇරිය.
පෙට්ටිය ඇතුලෙ තිබ්බෙ මල්වැල් දාපු හීනි මුද්දක්.
" විදානගේ නිශාධි රණවීර..... ඔයාගෙ ජීවිතේ මාත් එක්ක බෙදාගෙන මාව ඔයාගෙ ජීවන සහකරු හැටියට භාරගන්නවද?...."
මතු සම්බන්ධයි...