♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

26

විසිහය වන දිගහැරුම

අවුරුදු ගාණක් තිස්සෙ ඉගෙන ගෙන අන්තිමට කැම්පස් අවුට් උනා. මෙච්චර කල් ජීවිතේ බරක් පතලක් නොපෙනුනත් පොඩ්ඩ පොඩ්ඩ දැන් පේන්න ගන්නව. එහෙනං බලමු යොහාන්ගෙ නිශූගෙයි ජීවිතේ ඉදිරි ගමන ගැන.


[ කලින් කොටසට ]




එතැන් සිට...


" ජීවිතේ කෙටි නිසා හිනා වෙලා ඉන්නෝන

කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්නෝන

ලොවෙත් දවසක අම්මා තාත්තා සනසන්නෝන

මුල අමතක උන්ට කන පැලෙන්න...."


"ඕයි කොල්ලො ඕක පැත්තක දාල මෙන්න මෙහෙ එනව"


හෙඩ් සෙට් එක දාන් කනපැලෙන්න රැපක් අහ අහ ඉන්න ගමන් ඒ ආතල් එක කුඩු කරපු නැන්දට මගේ උපහාරය.


කැම්පස් අවුට් වෙලා දැන් මෙහෙ ඉස්පිරිතාලෙටම තේරුන නිසා මම නැන්දල එක්කම ඉන්න තීරණේ කලා. ඒත් ඉස්සර වගේ පාඩුවේ ඉන්න බෑ. දැන් ලොකු මිනිහලුනෙ. දැන් ගෙදර වැඩ කරන්න වෙලා. කරුමෙ. පොඩි කාලෙ වගේ හිටිය නං ශිශ්.


ඇඳෙන් නැගිටල ගියා මොකක්ද මේ නැන්ද කතා කරපු මහ ලොකු වැඩේ බලන්න.


"මේන් මේ තමාගෙ රෙදි ටික හෝදල අර වැලට දාන්න. දැන් ලොකු මිනිහෙක්නෙ. අපිට හෝදන්න බෑ දිගටම."


"ඉතින් වොශින් මැශින් එකට දාන්නකො"


"කැමති විදිහකට කරගන්න. අම්ම කිව්ව මුකුත්ම කරල දෙන්න එපා කියල. දැන් රෙදි හෝදගෙන දවල්ට කන්න එන්න. හවසට බඩු ටිකක් ගන්න යන්න තියෙනව."


අමෝ අමෝ අඩේ මොකෝ මේ. අද ගෙදර හිටියොත් නම් නිදහස ලෙප්ට්. මේ රෙදි කෑලි ටික එහෙ මෙහෙ ඔබල දාල සේපට පනින්න ඕනෙ. අපේ නිදහස අපිම හොයාගන්න ඕනෙ කියනවනෙ.


නැන්ද යනකං ඉඳල රෙදි ටික ඔක්කොම වොශින් මැශින් එකට දැම්ම. බාස්කට් එකේ තිබ්බ හැම මගුලම දැම්ම. කාගෙ කාගෙ ඒව තිබ්බද දන්නෑ. ඒක දාල මම සැනිකට ඇවිල්ල ශෝටක් ගහන් හොරෙන්ම එලියට පැනගත්ත.


ඇවිල්ල කුමාරයට කෝල් එකක් ගැහුව.


"කුමා. උඹ තාම වැඩද?"


"අඩෝ ඔව් බං. මේ හවස් වෙයි එන්න"


"ආ එල එල බං."


මූත් වැඩලු. නිශූලගෙ ගෙදර ගිහින් ඉන්නත් බෑ. හරි නෑනෙ.


හම්මට සිරි පේශලයව බලන්න ගියා නං ගොඩ. ඌව බලන්නත් බැරි උනානෙ කුමාරය සීන් එක කිව්වට පස්සෙත්.


එහෙම්ම ඇද්දුව නිශූලගෙ ගෙදෙට්ට. නිශූ available නං එයත් එක්කම යන්න.


"නැන්දේ...... නිශූ...... ගෙදර ඉන්නවදෝ"


කාන්ති ඇන්ටි ඇවිල්ල දොර ඇරිය.


"ආ පුතා. මෙහෙ මොකෝ"


"මේ යාලුවෙක් බලන්න යන්න. තනියම යන්න කම්මැලී වගේ. නිශූ එක්ක යන්න පුලුවන් එයත් එක්ක යන්න ආවෙ. හී...."


"ඕන් ඔහේ හිටිය මෙලෝ වැඩක් නොකර. දුවේ..... යොහාන් ඇවිල්ල."

කාන්ති ඇන්ටි නිශූට කතා කරල මගෙ දිහා සීරියස් ලුක් එකකින් බැලුව.


"කලුවර වෙන්න කලින් ගෙදරටම ගෙනත් දාන්න ඕනෙ. ඔයත් එයත් එක්කම ඉන්න ඕනෙ. ටවුන් එකේ රස්තියාදු ගහන්නෑ. යාලුවගෙ ගෙදර ගියා ගෙනත් දැම්ම. හරිනෙ."


ඔව් ඔබ ඒ දුටුවේ නැන්දම්මා වෝස් පුතා සීතල යුද්ධයක එක පැතිකඩක්.

"අහ් හරි නැන්දෙ."


නිශූත් දොර ගාවට ඇවිල්ල සීන් එක ඇහුව. පේශලයව බලන්න යන කතාව කිව්වම එයත් කැමති උනා.


"අහ් නිශූ... ගවුමක් ඇඳන් එන්න" මම හෙමීට කිව්ව කාන්ති ඇන්ටිට ඇහෙන්නැති වෙන්න.


"මැට්ට" කියල මගෙ නහයත් මිරිකල නිශූ ලෑස්ති වෙන්න ගියා.


ගෑනු ලෑස්ති වෙන්න ගියාම හත් අවුරුද්දක් වත් යනවනෙ ඔක්කොම ලෑස්ති වෙලා ඉවර වෙන්න.


නිශූ එනකං අව්වෙ එලියෙ හිටගෙන ඉන්න මම.


නිශූත් රතු පාට ගවුමක් ඇඳන් කාන්ති ඇන්ටිගෙ අවවාද අනුශාසනා නීති රීතී අරක මේක නොකී කී සියල්ලම අහගෙන එලියට බැස්ස.


"මේ මෝඩයෝ හැමදාම දැන් බස් එකේ යන්නද කල්පනාව"


හේ හේ... බයික් පදින්න බැරි කම උපතින් ආපු එකක්නෙ.


"නෑ නෑ බයිසිකල් වල යන එක අවධානම් ලු ගොඩක්. අනික අපි එක සැරේ කාර් එකක් ගම්මු බයිසිකල් අනවශ්‍යයි. හේ හේ"


"හරි ඉතින්. එලවන්න බැරි නං බෑ කියන්න එපැයි. ඔච්චර පම්පෝරි ඕන්නෑනෙ."


නම්බුව ආපහු ලෙප්ට්.


බස් එකේ දැන් සෙනඟ අඩුයි. මොකද ඉස්සර විනාඩි 40න් 40ට ගිය එක දැන් 20ට 20ට යනව. අලුතෙන් බස් එකක් දාල.


ඉතින් නිවාඩු පාඩුවෙ ඉඳගෙන එහෙම මලක් කඩ කඩ බස් එකෙන් ගිහිල්ල බැස්ස ටවුන් එකට. පේශලයගෙ ගෙවල් තිබ්නෙ ටවුන් එකේ ඉඳන් පයින් යන දුරක.


නිශුට ඇවිදින්න බෑ කියපු නිසා ත්‍රී විල් එකක් හයර් කරන් ගියා.


කලින් මාස දෙකකට කලින් කුමාරය කිව්වනෙ සීන් එක වෙලා මාස හයක් විතර කියල. දැන් ඉතින් හෙට අනිද්දම බබා හම්බෙන පාටක් ඇති.


ගේ දොර ගාවට ඇවිල්ල බෙල් එක ගහපුවම දොර ඇරියෙ පේශලයගෙ කෑල්ල. සොරි.පේශලගෙ නෝන. මගෙ මූණ වෙනස් වෙලා නැති නිස පට ගාල මාව අඳුරගත්ත. නිශූවත් ඒ නිසා අඳුරගත්ත.


අපිව අඳුරගත්ත නිසාද මංද කෙල්ලට ලැජ්ජ හිතුන. මුකුත්ම නොකිය බිම බලාගත්ත.


"මිනූ... කවුද ආවෙ" කියාගෙන පේශලය ආව දොර පැත්තට.


ඌව මේ දකින්නෙත් මං අවුරුදු දෙකකින් විතර. මොකෝ ගෙදර ආවට මූව බලන්න හම්බුනේ නෑනෙ.


මාව අඳුරගත්ත ගමන් උගෙ පෙනුම අප්සට් ගිහිල්ල හෙන අඬන ලුක් එකකට ආව.


"අනේ බං යොයියා" කියාගෙන දුවගෙන ඇවිල්ල ඌ මාව බදාගත්ත.


මේ ටික කාලෙට මූ මාර විදිහට වෙනස් වෙලා. ඉස්සර පිස්සු කෙල කෙල හිටපු එකා දැන් හෙන සංවේදී පොරක් වෙල. තව සති කීපෙකින් තාත්ත කෙනෙක්.


"යොහාන් වරෙන් ඇතුලට. නිශාධි එන්න ඇතුලට"


මමයි නිශූයි ඇතුලට ගිහින් වාඩි උනා. ගෙවල් දොරවල් එහෙම දැන් ලස්සන වෙලා. ඉස්සර නිකං අපායට ගහපු කැලැන්ඩරේ වගේ මේ සාලෙ තිබ්බෙ. පේශලය වැඩ්ඩෙක් ඒ අතින්.


"මිනූ තේ ටිකක් හදන්නකො"

පේශලය කෙල්ලට කිව්ව.


ඒක අහපු ගමන් මට මල පැන්න.


"පිස්සුද යකෝ. බඩක් තියාගෙන තේ හදන්න කියන්න. ඒ ලබ්බවල් ඕන්නෑ. උඹලව බලල යන්න ආවෙ"


පේශලය මගෙ දිහා බය වෙලා වගේ බලන් ඉඳල ආපහු කෙල්ල දිහා බලන් හිටල අඬන්න ගත්ත.


" අනේ සොරි බං. මම.... මම...මම දන්නෑ බං මොකක් කරන්නද කියල. මම පුලුවන් හැටියට තමා බං කරන්නෙ." කිය කිය මූ අත් දෙකෙන් මූණ වහන් අඬනව ඒ පාර.

බෑනෙ කරන්න ඉතින්. මටත් ඇඬෙන්න ගත්තොත් එහෙම මෙතන ඔක්කොම විනාසයි.


"අඬන්න එපා බං. මෙහෙ වරෙන් එලියට යමන් කතා කරන්න"


"හම්ම්"


"නිශූ. මෙයා එක්ක ඉන්න."


මම පේශලයවත් අරන් එලියට ගියා.


"උඹට මොකක්ද දැන් තේරෙන්නැත්තෙ."


"මම දැන් මොකක්ද බං කරන්නෙ. මට මුකුත් අහගන්නවත් කවුරුත් නෑ. මම දන්න දේනං මට පුලුවන් බං. මම නොදන්න දේවල් මම කොහොමද බං කරන්නෙ."


"ඒකට තමා යකෝ ඉස්පිරිතාලෙ ගැබිණි මව්වරුන්ට වෙනම සායනයක් දාන්නෙ. තෝ මෙච්චර කල් ඒකට කෙල්ලව අරන් ගියෙ නැද්ද"


"අරන් ගියා බං. ඒත් මට හිතාගන්න බෑ බං. "


"මේ අහපං. උඹ දන්නවද උඹ මේ කරපු වැඩේ කොච්චර සීරියස් ද කියල. වෙන එකෙක් නං කෙල්ල බඩ වෙලා කියල දැනගත්තම කෙල්ලව අනාථ කරල කොහේ හරි පැනල යනව. තෝ මොකක්ද කලේ. තෝ ඒකිව ගෙදෙට්ටම ගෙන්නගෙන ඒකිට කවල පොවල දැන් ඒකි නිසා තාත්තෙක් වෙන්න යනව. යකෝ. මෙච්චර හරියක් උඹම හිතල කලා කිව්වම පොඩ්ඩක් හිතපං උඹ කොච්චර හිත හයිය පොරක්ද කියල. අනික තමුසෙම දැන් රස්සාවක් කරල ගෙදර හැමෝමලව බලාගන්නව. එච්චර දේවල් තනියෙන් කරපු උඹ ඇයි මේ මුකුත් තේරෙන්නෑ කියන්නෙ. උඹට මොකක්ම හරි ප්‍රශ්නයක් ආවොත් මට කෝල් එකක් දීපං. හරිද. කෙල්ලව බලාගනින් හොඳට. මේ කාලෙ හැටියට තමුසෙ තමා ඕයි නියම පිරිමිය. නියම වැඩ්ඩ. ඒ නිසා දන්නෑ දන්නෑ කියල මගුලක් කරන්නැතුව ඒකිව බලාගනින් හොඳට."


"උඹල මට ඉන්නව කියල දන්නව බං යොයිය. උඹලව අමතක නෑ කවදාවත්" කියල මූ ආපහු මාව බදාගත්ත.


ජීවිතේ කියන්නෙ නිකං චෙස් ගේම් එකක් වගේ බං. එක movement එකක් වැරදියට ගත්තොත් ආපහු එතනින් එහා මුලු ගේම් එකටම ඒක බලපානව. බොහොම කීප දෙනයි ඒ වැරැද්ද සේප් එකට manage කරල ගේම් එකේ දිගටම ඉන්නෙ. ඉතින් උඹලත් හිතන්න එපා අත පය නොහොල්ල දැන් මේ ගෙවන සැප ජීවිතේ හැමදාම හම්බෙයි කියල. උඹල තාම ඉන්නෙ බෝඩ් එකේවත් නෙවෙයි. උඹල තාම පෝන් ල. ගේම් එක පටන් ගන්නෙ තව ටික කාලෙකින්. ආපහු හැරෙන්නෙ බෑ.


ඌ එක්ක ටිකක් වෙලා කතා කර කර ඉඳල අපි ඇතුලට ආව. එනකොට නිශූ කෙල්ලගෙ බඩට කණ තියන් හිනා වෙවී ඉන්නව.


"අනේ යොහාන් මේ... බබා කතා කරනව"


මම


බබාගෙ විස්තර කතා කරල බබාගෙ අනාගතේ ගැන කියව කියව ඉඳල හවස් වේගෙන එනකොට කාන්ති ඇන්ටිගෙ වෝනින් එක මතක් උනා. නිශූවත් එක්කන් පේශලයට කියන්න ඕනෙ දේශනාව දීල ගෙදර ආව. තාම නිකං හීනයක් වගේ පේශලය දැන් දරුපවුල් කාරයෙක් කියනකොට.


ඒ කියන්නෙ පේශල නරක දේවල් කරල නේද යාලුවනෙ.


ගෙදර එනකොට කුමාරය ඉන්නව ඉස්සරහ පුටුවක වාඩි වෙලා එහෙම නැන්දල එක්ක කතා කර කර.


"හම්මට යොයියා. මේ එනකං හිටියෙ"


"ඇයි බං මොකෝ"


"පොඩි බඩ්ඩක් දෙන්න" කියල මූ රතු පාට කාඩ් එකක් මට දික් කලා.


කාඩ් එක ඇරල ටිකක් වෙලා බලන් හිටියෙ ඒකෙ තිබ්බ ඒව අදහගන්න බැරුව.


"තෝ බඳිනවද යකෝ"


ඒ වෙඩින් කාඩ් එකක්.


මතු සම්බන්ධයි...


Report Page