♡ රාගයේ විලාපය ♡
25❦ විසි පස්වන දිගහැරුම ❦

සිදුවීම් ටික මතකදෝ.... අන්තිම exam එකට නිවාඩු දීපු නිසා ගමේ මල ගෙදරක ගියා. කුමාරයවත් හම්බුනා පේශලයගෙ කේස් එකත් අහගත්ත. අන්තිමට නිශූ මැණික එක්ක දොයියගෙන පහුවදා බෝඩිමට ආව. ඒ මාස දෙකේ වැඩ කරල දැන් final axam එකට සෙට් උනා.
[ කලින් කොටසට ]
එතැන් සිට...
සාමාන්‍යයෙන් final exam එකෙන් උඩම ලකුණු ගන්න කීප දෙනාට කැමති hospital එකක් තෝරගන්න දෙනව. අනිත් අයව වෙනිය අනුව බෙදනව. ඉතින් නිශූ ගානටම ලිව්ව නං ගැම්මට එකම hospital එකකට සෙට් වෙතෑකි.
final exam එකත් ලියල ඉවර උනාම හිතට ආවෙ පට්ට සැහැල්ලුවක්. කවදාවත් නැතුව 'ආපහු ඉගෙනගන්න ඕන්නෑ' වගේ හැඟීමක් හිතට ආවෙ.
exam එකෙන් පස්සෙ බෝඩිමේ ඉතුරු උනේ මමයි නිශුයි සමුදියි විතරයි. අනිත් අය ගෙවල් වල ගියා. අපි එකසැරේම යන්න හිතන් ඒ මාසෙත් හිටිය. මොකද ලව් කරන්නත් එපැයි. අනික ඇන්ටි කිව්ව last month එක free කියල.

free දෙනව නං අපායට ටිකට් එක හරි පැනල අරගන්න ජාතියෙ එකෙක් නිසා මම එකෙන්ම ඒකට එකඟ උනා.
ඒ දවස් කීපය නිශූ එක්ක එහෙ මෙහෙ රවුම් ගගහ ගෙවල දැම්ම.
පස්සෙ අන්තිමට අපිට final result ආව. මම මැද හරියෙ. නිශූ හය වෙනිය. කෙල උනා තමා කියල හිතන් හිටියෙ.
සාමාන්‍යයෙන් ඩෙන්ටල් තියෙන්නෙ මූලික රෝහල් වල විතරයි. ඩෙන්ටල් ක්ලිනික් ග්‍රාමීය රෝහල් වලයි වතු ඉස්පිරිතාලවලයි නෑ. මම දැන් බයේ ඉන්නෙ ඩොටේ hospital එකක් සෙට් වෙයිද කියල.
මතකද බං අර මගෙ කරුමෙ. ඌ මෙච්චර කල් මට වධ දීල දීල අන්තිමට ඌ මාව අතෑරිය.
මට සෙට් උනේ නැන්දලගෙ ගෙවල් ළඟ තියෙන hospital එකමයි. නිශූත් ඒකම ඉල්ලල තිබ්බ නිසා ආපහු දැන් දෙන්නටම එහෙ ඉන්න පුලුවන්.
කොහොමත් බින්න විවාහයක් වෙන සීන් එකක් තමා දැන් එන්න එන්නම පේන්න තියෙන්නෙ. හේ හේ.

අන්තිමට උපාධි දෙන දවසත් ආව. ඉස්සර වගේ අර තොප්පිය දෙන්නෑනෙ බං දැන්. ශිශ්. ඒක දුන්න නං ප@ය වගේ උඩ දාල ගැම්මට dp පොටෝ එකක් ලයින් කරගන්න තිබ්බ.
අපේ සෙට් එකම ඉතින් දැන් බෙදෙනව. ආපහු සෙට් වෙන්න වෙන්නෙත් හෙන කාලෙකින් තමා.
අම්ම නං හෙන උද්‍යෝගෙන්. තාත්ත කෝමත් මේ සබ්ජෙක්ට් එකේ නෑනෙ. ඉතින් don't care.
අම්මට ෆුල් හැපී මම ඩොකෙක් උනා කියල. ඒත් ඉතින් ඉස්සරහට "දත්"කෑල්ලක් එනවනෙ.
ළඟ hospital එකක් සෙට් උන්නැත්තං රාජිත වගේ ඉල්ලනව ඡන්දෙ. ඇයි යකෝ. නිකං පදිරි වෙන්න පුලුවන් ද.
final ceremony එක දවසෙ කැමති කෙනෙක්ට speech එකක් කරන්න කිව්ව. සාමාන්‍යයෙන් ඒක කරන්නෙ බැජ් ෆස්ට් උනත් අපේ එහෙම එකක් කිව්වෙ නෑ. අනික අපේ බැජ් ෆස්ට් වෙච්ච කෙල්ල , ලොකු පිරිසක් ඉස්සරහ කතා කරන්න බයයි.
එකාට එකාට පාස් වෙවී ගිහිල්ල අන්තිමට මට තොප්පිය වැටුන. මොකද කසුනයි නිශූයි සෙට් එකම මගෙ නම යෝජනා කලා.
මම

ඉතින් දන්න කැටයම් දාල වැඩ හැටම දාල අනං මනං කරල කොලේකත් ලියාගෙන පාඩම් කරගෙන කතාව කරන්න ලෑස්ති උනා.
"එහෙනං ඔබ වෙනුවෙන් සමස්ථ දන්ත වෛද්‍ය පීඨයම වෙනුවෙන් අද දවසේ අවසාන කතාංගය ඉදිරිපත් කරනුයේ... යොහාන් පලිහවඩන."
ඇවිල්ල හිටපු හැමෝගෙම අත්පොලසන් මැද්දෙ ස්ටේජ් එකට නැග්ගම මතක් උනේ ලියාගෙන හිටපු කොලේ අරන් ආවෙ නෑ නේ කියල.
ඉතින් ඔන්න ඔහේ මොනා හරි කියල දාමු.
මම පඹය වගේ මයික් එක ගාවට ගිහිල්ල හිටගෙන බොරුවට වෙලාව කන්න මයික් එක හදල එහෙම සෙට් උනා.
"හැමෝගෙන්ම අවසරයි........
සමුගැනීමේ කතාව
හැමෝගෙන්ම අවසරයි!. මුලින්ම මම ස්තූති වන්ත වෙනව මට මේ අවස්ථාව ලබා දුන්න එකට. නමුත් පොඩි ගැටලුවක් මතු උනා ස්ටේජ් එකට එන වෙලාවෙ. මම කලින් කියන්න හිතන් හිටපු කොල කෑල්ල දාල ඇවිල්ල. ඉතින් මම කතා කරන්න හිටපු සීමාවෙන් එලියට ගිහිල්ල මගෙ හිතේ තියෙන දෙයක් කියන්නෙ අද.
මගෙ අතින් වැරදි දෙයක් කියවුනොත් සමාවෙන්න කියන ඉල්ලීම මම මුලින්ම කරල ඉන්නම්.
අද මම කතා කරන්න යන්නෙ අපි ගැන යමක්. අපි සහ අපි ඉන්න මේ ලෝකය. මේ සමාජය ගැන. මම පොඩි කතාවකින් ම පටන් ගන්නම්.
ඔන්න එකමත් එක කාලෙක එක්තරා ගමකට අලුත් මිනිහෙක් ආව පදිංචි වෙන්න. එයා ආවෙ නගරයක ඉඳන්. ඉතින් මේ මිනිහ හිතුව මේ අලුත් ගම මොන වගේ ඇතිද කියල. එයාව ඒ ගමට මැච් වෙයිද කියල. ඒ ගම එයාට හිතට අල්ලයිද කියල.
ඉතින් මේ මිනිහ ගියා ගම් ප්‍රධානියව හම්බෙන්න. ඒ ගමේ ප්‍රධානියව හම්බෙලා ඇහුව,
"ඔබ හිතනවද මම මේ ගමට කැමති වෙයි කියල. මේ ගමේ මිනිස්සු මොන වගේද? "
කියල.
ඊට පස්සෙ ගම් ප්‍රධානියා ඒ මිනිහගෙන් මෙහෙම ඇහුව.
"ඔයා ආපු නගරෙ හිටපු මිනිස්සු මොන වගේද?"
ඉතින් ඒ මිනිහ,
"එයාල හරිම අප්‍රියජනකයි. එයාල හරිම පහත්. එයාල ජීවත් වෙන්නෙ හොරකමින් සහ මුලාවෙන්. " කියල උත්තර දුන්න.
මේක අහපු ගම් ප්‍රධානියා ඒ මිනිහට මෙහෙම කිව්ව.
"ආන්න ඒ ජාතියෙම මිනිස්සු තමයි මේ ගමෙත් ඉන්නෙ කියල"
ඉතින් මේ සංවාදෙ ඉවර වෙලා ඊට පහුවෙනිද ආපහු තවත් අලුත් මිනිහෙක් ගමට ආව පදිංචි වෙන්න හිතාගෙන.
මේ අලුතෙන් ආපු මිනිහත් ගම් ප්‍රධානියගෙන් ඇහුව, "මේ ගමේ මිනිස්සු මොන වගේද" කියල.
ඉතින් අර ගම් ප්‍රධානිය මේ අලුතෙන් ආපු මිනිහගෙනුත් අහනව,
"ඔයා කලින් හිටපු තැන මිනිස්සු කොයි වගේද" කියල.
අර අලුත් මිනිහ මෙහෙම උත්තරයක් දෙනව.
"එයාල හරිම නිහතමානී. හරිම අගෙයි. එයාල වෙන අය ගැන හරියට හොයල බලන බොහොම හිතවත් , පරාර්ථකාමී පිරිසක්".
ඉතින් මේ මිනිහට , ගම් ප්‍රධානිය මෙහෙම කියනව.
"ආන්න ඒ ජාතියෙම මිනිස්සු තමයි මේ ගමෙත් ඉන්නෙ කියල"
දැන් ඔයාල පුදුම වෙයි මේ ගම් ප්‍රධානිය අර මිනිස්සු දෙන්නටම එකම උත්තරේ දුන්නනෙ කියල.
එක්කෙනෙක් කිව්ව නරක මිනිස්සු ගැන එක්කෙනෙක් කිව්ව හොඳ මිනිස්සු ගැන. හැබැයි ගම් ප්‍රධානිය ඒ දෙන්නටම කිව්වෙ එයාල කියපු ජාතියෙ මිනිස්සු මේ ගමේ ඉන්නව කියල.
ඉතින් මෙන්න මේකයි මේ පුන්චි කතාවෙ හරය.
ඔයා ලෝකය දිහා බලන්නෙ කොහොමද, ආන්න ඒ විදිහටම තමයි ලෝකයා ඔයා දිහා බලන්නෙත්.
ඔයාට ලෝකෙ දකින්නෙ ආදරය , කරුණාව , බලාපොරොත්තුව නං ලෝකයාත් ඔයාගෙන් අන්න ඒ ටිකම දකිනව. ඔයා තුලිනුත් ආදරය කරුණාව බලාපොරොත්තුව දකිනව.
ඒ වගේම තමයි ඔයා ලෝකෙ දකින්නෙ දුශ්ඨ බව , නරක පැත්ත නං ලෝකයා ඔයාගෙන් දකින්නෙත් අන්න ඒ ටිකමයි.
ඒ නිසා අපි නිතරම ලෝකය දිහා හොඳ යහපත් විදිහට බලන්න පුරුදු වෙමු. ලෝකය අපි හිතන තරන් අවලස්සන තැනක් නෙවෙයි. අපි විසින්මයි ලෝකය අවලස්සන කරන්නෙ.
ඉතින් අපිම ලෝකය ලස්සන කරමු!
එහෙනං හැමෝටම ජය වේවා....
එහෙනං මචන්ල ආයුබෝවන් පේරාදෙණිය කැම්පස් එකට.
hospital එකට අනුයුක්ත කරපු නිසා සතියකින් ඒකට යන්න වෙනව. පඩියක් හම්බෙනව. ගැම්මට ඉන්න තමා තියෙන්නෙ නැන්දලගෙ ගෙදෙට්ට වෙලා.
මතු සම්බන්දයි...