♡ රාගයේ විලාපය ♡
24❦ විසි හතරවන දිගහැරුම ❦

මතකනෙ සීන් ටික. අපේ බැජ් එකෙන් චූටි විවිධප්‍රසංගයක් තිබ්බ. ඉතින් මමත් පොඩියට ඇක්ට් එකක් දැම්ම. ඒ වැඩෙත් අහවරයි එහෙනං.
[ කලින් කොටසට ]
එතැන් සිට...
විවිධප්‍රසංගයෙන් පස්සෙ එහෙම වැඩක් කරන්න හම්බුන්නෑ ආපහු. දිගටම වැඩ කරන් ගියා අපි. අවුරුදු හතරක් පුරාවටම කැම්පස් ජීවිතේ අපි සෑහෙන දේවල් ඉගෙන ගත්ත. ජීවිතේ ගැන නොහිතන පැති අපි දැක්ක. ජිවිතේ සංකීර්ණ භාවය අපිට තේරුනා. නිවාඩු දුන්නම දවස් දෙක තුනකට ගෙදර ගිහින් ආවොත් මිසක් වෙන කොහෙවත් ගියේ නෑ.
අපිට වඩා අවුරුද්දක් වැඩිමල් බැජ් එක කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ අපි තමා අපේ ෆැකල්ටි එකේ ලොකුම සෙට් එක උනේ. වැඩ්ඩො තමා හරිතේ....

මේ අතරෙ ගමේ අර වෙඩි තිබ්බ මිනිහ, අපේ අමරතුංග මාමා නැති වෙලා. මිනිහ ඉන්නකං කාලකන්නි වැඩ සේරම කරල දැන් ඉතින් නැති වෙලා. කොටින්ම සතෙක් සිව්පාවෙක්ටවත් වත්තට එන්න දුන්නෑ ගල් වලින් ගහනව.
මොනා උනත් මලාට පස්සෙ පේන්න හරි අවමගුල ගන්න එපැයි.
ඉතින් අපිට ෆයිනල් exam එකට නිවාඩු හම්බුනු නිසා මමයි නිශුයි ගමේ ආව. අම්මලත් මෙහෙ ඇවිල්ල තිබ්බ නිසා ආපහු අමුතුවෙන් එහෙ ගෙදර යන්න ඕනෙ උනේ නෑ. අපි මේ මාස දෙකකින් විතර ගෙදර ආවෙ.
මලගෙදරක් උනත් නිශූ ඇවිල්ල තියෙනව දැක්කම, මැරුණු එකා අමතක කරල නිශූ එක්ක කතාවට වැටුණා ගෙදර මිනිස්සුත්.
මැරුණු අමරතුංග මාම

කැම්පස් ගිහිල්ල ඇවිල්ලත් කවුරුත් මාව ගණන් ගත්තෙ නැති උනාම මම

"අඩෝ යොයිය. දන්නෙත් නෑ හු@%" කියාගෙන කුමාරය ඇවිල්ල පිටට කෙලිය. හිමීට තට්ටුවක් දාල කතා කරන්න පුලුවන් එකේ, පිට කොන්ද කඩල යන්න තරන් හයියෙන් ගහල කතා කරන එක කොල්ලොන්ගෙ හැටියක්. ඒ නිසා කෙල්ලො හිතන්න එපා අපි කොල්ලො එක්ක හෙන සැහැල්ලුවෙන් ඉන්නව කියල.😂.
කුමාරය ගැන කියන්නත් බැරි උනානෙ. මූ දැන් private factory එකක machine operator කෙනෙක් හැටියට වැඩ කරනව. කැම්පස් ඇවිල්ල කට්ට කන වෙලේ එහෙම මගුලක් කරානං හොඳයි හැබැයි.
"ඊයෙ රෑ බං ආවෙ. කියන්නත් බැරි උනා" මම පිට අල්ලගෙනම කිව්ව.
"අඩෝ එල එල බං. නිශාධිත් ආවද"
"ඔව් බං ඔය පැත්තෙ ඇති"
"එල එල. උඹලට අන්තිම විභාගයක් තියේලු නේ. වැඩ කරන් යනවද දැන්."
"ශේප් බං. උඹේ වැඩේ කොහොමද"
"ආයෙ ලොවෙත් නෑ මචෝ. බොසාව ශේප් කරන් ඉන්නෙ දවස් දෙක තුනකින් headquarters වල පොට් එකකට දාගන්න. මේ මගුලෙ වැඩක් කරගන්න බෑ බං පාඩුවෙ."
"කරන මගුලක් හරියට කරපං එච්චරයි"
"යස් යස් මාත් ඕක තමා කියන්නෙ."
"පේශලය එහෙම් කෝ බං දැන්"
"හම්මට කලින් ආපු වෙලේ කියන්න අමතක උනානෙ බං."
"ඇයි බං මොකෝ සීන් එක"
"පේශලය අර ඉස්කෝලෙ කාලෙ යාලු වෙලා හිටපු කෙල්ල මතකද"
"ඔව් ඔව්. මූ අර මගුලක් කියල කෙල උන කෑල්ලනෙ"
"අන්න ඒකි. මූ ආපහු ඒකි එක්ක යාලු වෙලා මෙදා පොටේ ඇත්තටම ඒකිවත් කැමති කරවන් වැඩේ දීල."
"මොකක්.අඩෝ. මූ අන්තිම step එකටත් ගිහිල්ලද?"
"ඔව්නෙ ඒකනෙ කේස් එක"
"ඇයි මොකක්ද කේස් එක"
"ඌ දැන් තාත්ත කෙනෙක් වෙන්න යන්නෙ යකෝ"
මම

"අම්මප කියපං. බොරු නේ උඹේ"
"සිරා බං. දැන් මාස හයක් වෙනව. තව මාස දෙකකින් විතර හම්බෙයි. කොල්ලෙක් කියල කියන්නෙ."
"අඩෝ ඉතින් ප්‍රශ්නයක් වෙලා නැද්ද බං"
"පේශලය අපි හිතන් හිටපු එකා නෙවේ බං. ඌ තරන් හොඳ පිරිමියෙක් අර කෙල්ලට ලැබෙන්නෙත් නෑ."
"ඒ මොකෝ එහෙම කියන්නෙ."
කුමාරය මට කිව්ව සීන් එක. පේශලයා නිසා අර කෙල්ල අම්ම කෙනෙක් වෙන්න යනව කියල දැනගෙන ඒ කෙල්ලගෙ ගෙදරින් මේකිව පන්නන්න හදල. පේශලය තනියම කුමාරය වැඩ කරන තැනට ගිහිල්ල රස්සාවක් ඉල්ලන් අර කෙල්ලව බාර අරගෙන. පොඩියට වෙඩිමකුත් අරන්.
සාමාන්‍යයෙන් ඔහොම කේස් එකකදි කොල්ල පැනල යනවනෙ කෙල්ලව දාල. ඊට පස්සෙ බඩේ ඉන්න ළමයත් සුන්. පේශලය ගැන මාර භක්තියක් ඇති උනේ කතාව අහපුවම. කුමාරය කිව්වත් වගේ අපි දැනං හිටපු පේශලය නෙවේ මේ. ඌව බලන්නත් යන්න ඕනෙ පුලුවන් උනොත්.
ළමයව හදපු විදිහ දන්නවද?

කුමාරය එක්ක ටිකක් වෙලා කතා බහ කර කර ඉඳල මළගෙදර පැත්තට යනකොටම අපේ පෙරේත හැත්ත මළගෙදර කැරම් බෝඩ් තියාගෙන කැරම් ගහනව. සමහරු නං අපේ ගමේ එවුනුත් නෙවේ මං හිතන්නෙ. මළගෙයක් හම්බෙනකං බලන් ඉන්න උන් ඉන්නවනෙ ඔය ආතල් එකේ කාල බීල යන්න.
උන්ටත් කතා කරල නිශූටත් යනව කියල ආපහු නැන්දලගෙ ගෙදර ගියා.අම්මත් දැන් මෙහෙනෙ.
"පුතා කවද්ද දැන් යන්නෙ ආපහු" අම්ම අහනව.
"අනිද්ද වගේ යනව අම්මෙ. final එකට වැඩ කරන්න තියේනෙ."
"මගෙ රත්තරන් කොල්ල" කියල අම්ම මාව තුරුල් කරගත්ත.
"බෝඩිමේ අවුලක් නෑනෙ පුතේ"
"අපෝ නෑ අම්මෙ ඒක සුපිරී"
"නිශාධි දුවත් වැඩ කරගන්නව නේද"
"ඔව් අම්මෙ අවුලක් නෑ."
ඔහොම ටිකක් වෙලා අම්මයි නැන්දයි එක්ක කයිය ගගහ ඉන්නකොට නිශාධිලගෙ අම්ම ආව නිශාධිත් එක්ක.
"නිශාධිව අදට මෙහෙන් තියාගන්නවද. අරහෙ කොල්ලො බීලද කොහෙද පිස්සු නටනව."
"ආ මෙහෙන් තියාගන්නම් කාන්ති. ඔයා වැඩ ටික බලගන්න. මාත් එන්නං ඒ පැත්තෙ රෑ වෙලා." නැන්ද කිව්ව.
නිශූත් මං දිහා බලල කින්ඩි ලුක් එකක් දාල ගෙට ආව.
"කොහොමද දුවේ" කියල අම්මයි නැන්දයි පටන් ගත්ත කතාව. දැන් ඉතින් ආපහු ඕක ඉවර වෙන්නෙ පට්ට රෑ වෙලා. දන්නැද්ද ඉතින්. ගෑණු අය දෙතුන් දෙනෙක් කතා කරන්න සෙට් උනාම කටට බ්‍රේක් නෑනෙ.
මම නිදාගන්න යනව කියල ඇඳට ආව. යන්තං ඇස් පියන් එනකොට ඇඳට කවුරු හරි ආව වගේ තේරිලා ගැස්සිලා ඇහැරුනා.
"මම මෝඩයෝ දඟලන්න එපා" නිශූගෙ කටහඬ කණ ගාවින් ලාවට ඇහුන.
හම්මට සිරි. නිශූ එක්ක දොයියන්න යන්නෙ දැන්.
"මෙහෙ මොකෝ කරන්නෙ. අම්ම අවුලක් දැම්මෙ නැද්ද?"
"අම්මට මං කිව්ව ඔයා හීනෙන් බය වෙනව කියල. ඒ නිසා ඔයා එක්ක නිදාගන්නං කියල. කෝ කතා එපා දැන්. එන්න මං ළඟට"
මමත් සුන් ගාල ඇඳ දිගේ රෝල් වෙලා ගිහිල්ල නිශූගෙ ඇඟට තද උනා. නිශූ මගෙ නලලට කිස් එකක් දීල මූණ එයාගෙ පපුවට තුරුල් කරන් මගෙ කොණ්ඩෙ අස්සට අත යවල ඔලුව අතගෑවා.
මම

කාලෙකට පස්සෙ පට්ටම සැපට නින්ද ගියා. නිශූගෙ රස්නෙයි එයාගෙ උම්මයි නිසා.
පාන්දර සීතල හින්දද කොහෙද ඇහැරිලා මම කොට්ටයක් අරන් ඇඟ උඩට දාගත්ත. මගෙ දැඟලිල්ලට නිශූත් ඇහැරුනා.
එයා ඇඳෙන් නැගිටල ගිහිල්ල බ්ලැන්කට් එකක් අරන් මාව තුරුල් කරන් බ්ලැන්කට් එක පොරවගත්ත.
පහුවදා මම ඇහැරෙනකොට නිශූ හිටියෙ නෑ ඇඳේ. මම නිදිමරගාතෙම කුස්සියට යනකොට නැන්ද මගෙ දිහා බලල හිනා උනා.
"කොල්ලට නින්ද ගියාද ඊයෙ"
හේ හේ. නිදාගන්නව වෙලාවට ලව් කරන කැත පුරුදු නෑනෙ මං ළඟ. ඒක නිසා ගොඩක් චාන්ස් මිස් උනා ප්‍රෙන්ස්.
එදා දවසමත් ඉඳල පහුවදා උදෙන්ම අපි බෝඩිමට ගියා. මමයි නිශුයි සමුදියි විතරයි ඒ වෙද්දි ඇවිල්ල හිටියෙ. සඳුනයි සමීරයි දවස් දෙකකින් විතර එන්නං කිව්ව.
දැන් ඉතින් කැම්පස් එකේ අවසාන කාලය. මාස දෙක තුනකින්ම කැම්පස් ජීවිතෙත් ඉවරයි. ඊට පස්සෙ තමා නියම ජීවිතය පටන් ගන්නෙ.
සෙට් එකම එකතු වෙලා අන්තිම මාස දෙක වැඩ ටික කරගෙන විභාගෙට ලෑස්ති උනා. අම්මලත් හෙන සතුටින් හිටියෙ.
ඔහොමෙයි ඔහොමෙයින් ඒ මාස දෙකත් ගෙවිල ගිහිල්ල අන්තිමට අපි නැවතුනේ final exam එකට වාඩි වෙලා!
මතු සම්බන්ධයි...