♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

22

විසිදෙවන දිගහැරුම

RL
මතකයිනේ... ග්‍රීස් යකාව අල්ලපු මෙහෙයුම. හෙන ගේමක් දීල ඌව මාටු කරල දුන්නම අන්තිමට අපෙත් බෙල්ල ගහල යනව තව පොඩ්ඩෙන්. පුදුම රටක් ඕයි. දැන් විභාගෙට ලෑස්ති වෙමු එහෙනම්. පළවෙනි පාරට කැම්පස් එක්සෑම් එකක් ලියන්නෙ.


[ කලින් කොටසට ]




එතැන් සිට...


අපේ සෙට් එකම විභාගෙ නිසා හොඳට වැඩ කලා. පවනි ඇරෙන්න අපි පස් දෙනා බැරි දේවල් අහගෙන එකට සහයෝගෙන් ගේම ගහන් ගියා. පවනිගෙ සිස්ටම් එක මොකාටවත් තේරුම් ගන්න බැරි වෙලා තිබ්බෙ. අපි වැඩිය හොයන්න ගියෙත් නෑ. ඒක එයාගෙ වැඩක් නිසා.


වැඩ අස්සෙම කසුනගෙ කෑල්ල කැම්පස් එකෙන් අයින් උනා. ඒකිගෙ තාත්ත එක්ක ඒකි රට ගිහිල්ල. සමුදි තමා ඌව ශේප් කලේ. මම දන්නෑ මොකක් හරි හේතුවකට ඌ සමුදි කියන දේවල් උඩින්ම පිළිගත්ත. උන් දෙන්නගෙ සම්බන්ධතාවක් වත් තියේද කියල සැකපිට අපි හිටියෙ.


ඉතින් විභාගෙත් ආව. පේපර් කොල ටිකත් ගත්ත. නමුත් අවුල උනේ ඔක්කොම ඉංග්‍රීසි විතරයි. ඩෙන්ටල් උනාට අපිටත් තියෙනව ඇඟේ සෑහෙන සෙට් එකක් ඉගෙන ගන්න. වෝහාරික වෛද්‍ය විද්‍යාව ළඟින් යන සිලබස් එකක් අපිට තිබ්බෙ.


ඉතින් විභාගත් කරල ඉවර වෙලා අන්තිමට අපිට මාක්ස් දැම්ම. කැම්පස් එකේ සීන් එකක් තියෙනව බං කැම්පස් වල හැම විභාගෙටම ගන්න ලකුණු ඇතුලත් කරනව අන්තිම මාක් එකට. ඉතින් හැම විභාගෙම හොඳට කරගන්න ඕනෙ.


පළවෙනි සෙමෙස්ටර් එක්සෑම් එකෙන් පස්සෙ අපිට නිවාඩුවක් හම්බුනා සති දෙකක විතර. සාමාන්‍යයෙන් ඒක දෙන්නෙ බැරි උන ඒව කරගන්න සහ අනෙකුත් වැඩ වලට. අපේ බැජ් එකත් එක්ක එච්චර සෙට් වෙන්න කාලයක් හම්බුනෙත් නැති නිසා හැමෝම කතා කරගත්ත පොඩියට වැඩක් කරන්න.


මේක ඇවිල්ල තරඟයක්. හැමෝම සෙට් වෙනව කැම්පස් ග්‍රවුන්ඩ් එකට. අපේ බැජ් එකේ 110ක් හිටියනෙ. ඉතින් හැමෝම තමන්ට කැමති දෙයක් ඉදිරිපත් කරන්න ඕනෙ. ඒ කියන්නෙ පොඩි විවිධප්‍රසංගයක් වගේ.


වැඩේ කතා කරගෙන දවසක් තීන්දු කරන් එහෙම දවස් තුනකින් සෙට් වෙන්න බලන් විසිරිලා ගියා.


"යොහාන් ඔයා මොකක්ද කරන්නෙ" නිශූ මගෙන් අහනව.


"අනේ මංද ඉතින් හිතල බලන්න ඕනෙ. සාමාන්‍යයෙන් මට මෙලෝ මගුලක් බෑනෙ." හේ හේ


"මෝඩයෝ සින්දුවක් වත් කියන්න පුරුදු වෙනව."


"ඒක හැමෝම කියන එකනෙ ඉතින්. එහෙම නෙවේ වෙනස් වැඩක් කරනව මායි කසුනයි"


"මෝඩ වැඩ නොකර ඕනෙ දෙයක්"


නිශූ සමුදි එක්ක නැටුමක් කරනවලු. සමුදි නැටුම් කරපු කෙනෙක් නිසා එයා උගන්නවලු. සඳුනයි සමීරයි එකතු වෙලා ලබ්බට කෝටු ගහන හැටි පෙන්නනවලු.(ඒක මට තේරුනෙත් නෑ. එදාට තමා බලන්න වෙන්නෙ). පවනි මොනා කරයිද කියල දෙයියො තමා දන්නෙ. මම මොන මගුලක් කරන්නද කියල දහ අතේ කල්පනා කරනව ඉතින්. ඒක පස්සෙ බලමුකො. දැන් ඊට වඩා විශේශ වැඩක් තියේ.


පහුවදා උදේම සමුදි හෙනට ඇඳ පැළඳල කැටයම් දාගෙන එහෙම බෝඩිමෙන් පිටත් වෙලා ගියා. කොහේ ගියාද දන්නෑ.


මටත් නිශූ එක්ක පොඩ්ඩක් නිවී හැනහිල්ලෙ කතා කරන්න හෙනටම උවමනා වෙලා තිබ්බ නිසයි, නිවාඩු හම්බුනු නිසයි නිශූ එක්ක ටවුන් එකේ රවුමක් ගහන්න යන්න එයාව කැමති කරවගත්ත.


දවල් වෙලා ඇවිල්ල බස් එකේ බස් ස්ටෑන්ඩ් එකටම ගිහිල්ල බැහැල පොඩ්ඩක් වටේ පිටේ ඇවිද්ද.


නන්නාඳුනන ටවුන් වල ලව් කරන්නත් බයයි හැබැයි. මොකද අඳුරන්නෑනෙ මෙලෝ යකෙක්ව. හදිස්සියක් වත් උනොත් එහෙම. සමීරය මේ පැති ගැන දන්න නිසා උට කෝල් එකක් දීල පොට් එකක් අහගත්ත.


ඌත් කිව්ව මෙන්න මෙහෙම පොට් එකක් තියෙනව එතනට පලයන් කියල.


ඌ කියපු තැනට ගිහිල්ල බලනකොට ඒක් පරණ බිල්ඩිමක පිටිපස්ස කෑල්ලක්. තණකොල එහෙම වැවිල පුටු බංකු ඩෙස්ක් අනං මනං ඔක්කොම එක්ක. බිල්ඩිම නිසා මෙලෝ යකෙක්ට පේන්නෙත් නෑ.


"මැට්ටො. අනේ මෙතන බෑ. කවුරුවත් නෑනෙ"


මං දැනගත්ත නිශූ නං කැමති වෙන එකක් නෑ කියල.


"අයියෝ බයද මම ඉන්නවනෙ වස්තුව" කියල මම නිශූගෙ අතක් අරන් කිස් එකක් දුන්න.


"ඒක තමා මෝඩයෝ බය"


හේ හේ....


ළඟ තිබ්බ පුටුවක් අරන් ඒකෙ දූවිලි පිහිදල ඒක උඩින් වාඩි උනා. නිශූ ඇඳන් ඉන්නෙ ඩෙනිමක් නිසා පොඩියට...... නෑ ඕන්නෑ හුම්ම්...


නිශූවත් අරන් ඔඩොක්කුවෙන් වාඩි කරවගත්ත. එයාගෙ ඉන වටේ අත් දෙක දාන් එයාට තුරුල්...... වෙලා උම්ම එකක් දුන්න.


"යොහාන්"


"ම්ම්ම්ම් කියන්න."


"අපි එදා වැරැද්දක් ද කලේ."


"කවද්ද..."


"මෝඩයො. කියන්නකො අනේ"


"වැරැද්දක් නෙවේනෙ ඉතින්. අපි දෙන්නට දෙන්න ආදරේ නිසා අපි එකතු උනා. එච්චරයි"


"ඒක තමා මම අහන්නෙ. අපි ආදරේ කියල ඒ කලේ අනවශ්‍ය වැඩක් නේද"


"මෙහෙමයි. ආදරේ නිසා කරපු දෙයක්ම නෙවේනෙ. අපි දෙන්නම අපි ගැන විශ්වාස කරන නිසා අපි එහෙම කලා. ඒක අපේ ආසාව ඉතින්. ආදරේ තමා ඒකට අපිව පෙළඹෙව්වෙ."


"හම්මෝ හා හා. ග්‍රීස් යක්කුත් අල්ලන දාර්ශනික කොල්ලෙක්නෙ ඉන්නෙ මට"


ඩෙඩ්.


"ඔයා කොහොමද දන්නෙ. හී"


"අනේ මෝඩයො. සඳුන් එදා ඔයාට ඒක ගැන කියනකොටම මට සැක හිතුන. මොකක් හරි කරයි කියල. අනික මෝඩය වගේ කොසු මිට ගිය තැන දාල එන්න එපා. ගෙදර කොස්ස නෑ කියල දැක්ක ගමන් ඔක්කොම තේරුනා. අර මිනිහට ගහපු තැන කොහු මිටක් තිබ්බ කියලත් හිමාලි ඇන්ටි කිව්ව. මම සමුදිට කියල ඉක්මනට කාමරේ කොස්ස ගෙනත් දැම්ම. මෝඩය."


හත්වලාමයි. කොසු මිට එතන දාල ආව කියල මතක් උනේ දැන්නෙ.


"හේ හේ. මෙහෙම කෙල්ලෙක් ඉන්නවනං බය වෙන්න දේකුත් නෑනෙ"


නිශූ එක්ක ටිකක් වෙලා කතා කර කර ඉඳල අපි ආපහු එන්න පිටත් උනා. බස් ස්ටෑන්ඩ් එකට ආපු ගමන් දැක්කෙ කසුනව. ඌ වෙන කෙල්ලෙක්ගෙ අතින් අල්ලන් ඉන්නව. කෙල්ලව පෙනුන්නෑ හරියට.


ළඟට යනකොටනෙ කෙල්ලව දැක්කෙ. යකෝ ඒ සමුදි. ටෞකන්ඩ දාල. උදේම ඇඳ පැලඳගෙන ගියේ මේකට තමා එහෙනම්.


"ඕයි කසුනා"

මගෙ සද්දෙ ඇහිල කසුන මම දිහා බැලුව. මාව දැක්ක ගමන් සමුදිගෙ අත අතෑරිය ඌ.


"ආහ්... මේ... යොහාන්.... මේ..."


අපි ළඟට යනකොට සමුදිත් දැක්ක අපිව. නිශූට නං හිනා.


"ආහ් යොහාන්... නිශාධි.... මේ... කසුන් ව හම්බුනා....ඒකයි මේ...වෙන මුකුට් නෑ"


මුන් යකෝ. ගල් පැලෙන බොරුනෙ කියන්නෙ. ඇහැට දැක්ක එක නෑයි කියනවනෙ.


"අල්ලගනිව් අත් දෙක. එක එකා දැක්කම අත අතාරින්න. යකෝ අපි කන්න නෙවේ ආවෙ. ලව් බැරි නං ඕනෙ ඉලව්වක් කරගනින්."


නිශූට හිනා. කසුනගෙත් මූණ රතු වෙලා. සමුදිත් බිම බලන් හිනා වෙනව.


"උදේම ආවෙ මේකටද" මම සමුදිගෙන් ඇහුව.


"අනේ බං යොහානය. සමුදිට බනින්න එපා. මම ඇහුවෙ පොඩ්ඩක් කතා කරන්න යමුද කියල."


"පිස්සුද බං. මං බනිනව නෙවේ. මෙයා උදේම කාටවත් මුකුත් නොකියම ගිය නිසා අපිත් කුතුහලෙන් හිටියෙ. කලින් කියන්න එපැයි යකෝ"


"අනේ නෑ බං උඹල මං ගැන වැරදියට හිතයි කියල මම මුකුත් නොකිව්වෙ"


"මොකක්ද බං වැරදියට හිතන්නෙ."


"අනේ එහෙම නෙවේ බං. මං කිව්වෙ මේ..."


"උඹ දැන් කියන්නෙ අරකි ගිහිල්ල සතියක් යන්න කලින් උඹ වෙන කෙල්ලෙක් එක්ක යාලු උනාම අපි උඹ ගැන වැරදියට හිතයි කියලද"


කසුන බිම බලාගෙන ඔලුව වැනුව.


"යකෝ... තව ජීවත් වෙන්න තියෙන්නෙ අවුරුදු හතලිහයි. උඹ අරකි ගියා කියල ඒ හතලිහම කාගන්න එකට මම කැමති කියල හිතුවද. හැමදාම හැමදේම තියෙන්නෑ. ඒකි ගිහිල්ලත් උඹ මෙහෙම ජීවිතේ අරන් යනව කියන්නෙ උඹ බුද්ධිමත් එකෙක්. උඹ ඒකිට ආදරේ කරපු හැටි මම දන්නවනෙ. ආදරේ කරපු පලියටම උඹ ආපහු හැමදාටම තනියම ඉන්න ඕනෙ කියල එකක් නෑ. ඒකිගෙ වැරැද්දට උඹ දඬුවම් විදින්න ඕනෙත් නෑ. උඹේ ජීවිතේ උඹ ගෙවපං. ඒ නිසා මෝඩය නොවී මීට පස්සෙ කියපං මට"


කසුන ඇහේ කඳුලු පුරවන් මාව බදාගත්ත.


who to..... who can know.... ටවුම මැද්දෙ මූ මාව බදාගන්නව.


එදා කසුනත් එක්කම කැම්පස් එකට ඇවිල්ල මමයි නිශූයි සමුදියි බෝඩිමට ආව. සමුදි මාත් එක්ක කෝමත් වැඩිය කතාවක් බහක් නෑ. දන්නැද්ද. ඩාං ඩූං උනානෙ.


ඔන්න ඉතින් අපේ අර පොඩි විවිධප්‍රසංගයත් ආව. බැජ් එකේ 110ක් හිටියට ශෝ එක කරන්න ආවෙ 88ක් විතර. පවනි ඇතුලු කීප දෙනෙක්ම ආවෙ නෑ. අදාලත් නෑ. who the.


"එහෙනං හැමෝම නම් ටික දෙන්න. ගෲප් නං ඒ නම් ඔක්කොම එක තැන ලියන්න" අපේ සංවිධායක තුමා, මිස්ටර් කළණ අයියා කිව්ව. සෙකන්ඩ් ශයි. හෙන හොඳ බුවෙක්.


නම් දාල අනං මනං කරල ඔන්න පිළිවෙලට කතා කරන්න ගත්ත.


සංවිධායකතුමත් කොලේ අල්ලන් එහෙම කෑ ගහන්න ගත්ත.


"සචිත්මා සහ සිතුමි"


කෙල්ලො දෙන්නෙක් ආව.


මතු සම්බන්ධයි...


Report Page