♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

21

විසි එක්වන දිගහැරුම

RL
මතකනෙ සීන් එක. යකාව අල්ලන කේස් එකෙන් නැවැතුනානෙ. කසුනත් කෙල්ලගෙ සීන් එකෙන් පස්සෙ සමුදි එක්ක හොඳට කතා කරනව දැක්ක. ඔක්කොම හොඳ වේගෙන වගේ එන්නෙ.


[ කලින් කොටසට ]




එතැන් සිට...


හවස බෝඩිමට ගිහිල්ල කාල බීල එහෙම අපේ කාමරේට සෙට් උනා. සඳුන මුලින්ම ගිහිල්ල දොර වහල ජනෙල් වහල එහෙම එන්ටර් උනා කතාවට.


"යොයිය සොරි ඈ. වැරදි තැන ඇහුවෙ"


"අවුලක් නෑ බං. දැන් බහිමුකො වැඩේට. මොකෝ කියන්නෙ"


"මම අවුලක් නෑ. සමීරයත් ඉන්නව. උඹත් ඉන්නව නං ගේමක් දෙමු. මොකද ඌ ආපහු ආවොත් නිශාධිලටත් කරදරයක් වෙන්න පුලුවන්. අනික කිසි උද්‍යෝගයක් නෑ බං. ඔහේ හිටියම "

සඳුන කියනව.


"ඔව් බං. ගේමක් දෙන්න ඕනෙ ඕකට. කොහොමද ඉතින් අල්ලන්නෙ ඌව. ඌ එන තැනක්වත් අපි දන්නෑනෙ බං."


සමීරයත් සෙට් උනා කතාවට.

"ඇයි බං ඌ දැන් එන පැත්ත අපි දන්නවනෙ. අපි ඒ පැත්තට ගිහින් බලන් ඉමු. කොහොමත් රෑටනෙ ඌ එන්නෙ."


"හරි දැන් කවද්ද ඕක කරන්නෙ"


"අද කරමු" සඳුන හිනා වෙවී කියනව ගානක් නැතුව.


mun who can know. who to.

"යකෝ අද.?"


"හෙට කැම්පස් නෑ බං. ඒ නිසා අද කරමු. මම රෙඩී. සමියත් රෙඩී."


ආ ඔව්නෙ. හෙටයි අනිද්දයි කැම්පස් නෑනෙ.


"එහෙනම් ඉතින් ඔන්න ඔහේ කරමු. උඹල ප්ලෑනක් මොකක් හරි ගහගෙනද ඉන්නෙ දැන්."


"සමිය කියහං උඹේ ප්ලෑන් එක"


සමීරය කතා කරන්න ගත්ත.


"මෙහෙමයි දැන් වෙන්නෙ. අපි දන්නෑනෙ ඌ මොන ගෙදරට යනවද කියල. ඌ අද එයිද කියලවත් දන්නෑනෙ. ඉතින් අපිට තියෙන්නෙ ඌ ආපු පැත්තට යන එක. ගිහිල්ල පොඩ්ඩක් හොයන්න වෙනව. උගෙ හෝඩුවාවක්වත් තියෙද කියල. හදිස්සියෙවත් ඌව හම්බුනොත් එතනින් එහා මම බලාගන්නං"


මූ මේ නිකං යුද්ධෙට යන්න වගේ නෙ බං කතා කරන්නෙ.

"පොඩි බඩු ලිස්ට් එකක් ඕනෙ කරනව"


"ඒ මොනාද"


"වැලි පුරවපු පොඩි ශොපින් බෑග් හත අටකුයි , මූණ වහගන්න රෙදි කෑල්ලකුයි , තව ඔය පොලු කෑලි දෙකක් විතර."


"වැලි මොකටද බං"


"ඇඟේ තෙල් තියෙනකොට අල්ලන්න බෑනෙ. ඉතින් ඌව දැක්ක ගමන් වැලි වලින් ගහන්න ඕනෙ. වැලි තෙල් වල රැඳෙන නිසා ගොරෝසු වෙනව. ඊට පස්සෙ ඌව අල්ලගන්න ඕනෙ."


හම්මට ඔව්නෙ. ඔන්න නිශූ කෙල්ලෙ ඔයගෙ වීරය වැඩේට බහින්න හදන්නෙ. හේ හේ.

සමීරය කිව්ව වගේ සේපට පිටිපස්සෙ දොරෙන් එලියට ඇවිල්ල වැලි ටිකක් පුරවගත්ත ශොපින් බෑග් හයකට. කොස්ස අරන් ඒකෙ පොල්ල කරකවල ගැලෙව්ව.


රෑ 11 විතර වෙනකොට අපි මූණුත් වහන් කොහු මිටි අතේ තියාගෙන වැලි පුරවපු ශොපින් බෑග් එහෙම එල්ලගෙන කෙලින්ම ආයෙ නයිට් වරු තුන් දෙනා වගේ ගැම්මට එලියට බැස්ස.


කැම්පස් ආවට පස්සෙ තාම හරියට ආතල් එකක් ගත්තෙත් නෑනෙ.


අපි තුන් දෙනා දැන් එලියට බහින විදිහ:-


කෙලින්ම ගියා වැටේ කම්බි ඈත් උන තැනට. ගිහිල්ල බඩු ටික එහා පැත්තට දාල අපිත් රිංගල ගියා. සමීරය ටෝච් එක අරන් හෝදිසි කර කර කැලේ අස්සෙන් ඇවිල්ල ඇවිල්ල අඩි පාරක් ගාවට ආව. එතන කෙලවරේම ගෙවල් දෙකක් තියෙනව. මෙතනින් වෙන්න ඇති එන්නෙ.


"යොහාන්. මෙතන ගෙවල් දෙකෙන් වෙන්නැති එන එකා එන්නෙ. මොකෝ කියන්නෙ බලමුද"

සමීරය අහනව.


ඌ ඒක අහනකොටම එක ගෙදර ගේට්ටුවක් ඇරෙනව ඇහුන නිසා අපි සැනික ගස් දෙකකට මුවා වෙලා බලන් හිටිය. ගෙදර ලයිට් එකකින් එන එලියෙන් ලාවට ටිකක් පේනව.


කලුවරේ නිසා හරියටම මූණ පෙනුනෙ නෑ. ඒ උනාට කෙට්ටු පොරක් වගේ දැක්කෙ. අපිත් සද්ද බද්ද නොකර බලන් හිටිය.


මෙන්න එක පාටම ඒ යකා කලිසමෙන් අල්ලල පාත් කලා.


අපි


මූ ඒ පාර හෙලුවෙන්ම ගිහිල්ල ගේට්ටුව පිටිපස්සෙන් පොඩි භාජනයක් අරන් ආව. හත්වලාමයි. මූ තමා ග්‍රීස් යකා. මූ අර භාජනේ තිබ්බ මොකක්ද මගුලක් ඇඟේ උලාගන්නව. මූ නං මොලේ විකාර එකෙක්. අච්චර ගෙයක් තියෙනව. මූ මේ ගෑණු බලන්න රෑට ගෙවල් වලට පනිනව. ගෑනියෙක් ගෙනාවනං ඉවරනෙ.


සමීරය දත් මිටි කනව වගේ දැකපු නිසා මම ඌ දිහා බැලුව. ඌ අතේ තියෙන කොස්සත් අල්ලගෙන වැලි බෑග් එකක් අතට ගත්ත.


"මාත් එක්ක වරෙන්" කියල ඌ හිමීට ඉස්සරහට ගියා.


මමයි සඳුනයි ත් ඌ පස්සෙන් ගියා. සමීරය අතින් පෙන්නුව වැලි බෑග් ටික අතට ගනින් කියල. මම බෑග් දෙකක් අතට ගත්ත. සඳුනත් දෙකක් ගත්ත.


අර යකා මේ මුකුත් නොදැන නිවාඩු පාඩුවෙ ලෑස්ති වෙනව ග්‍රීස් යකා කිට් එක දාගෙන.


"ගහපං යකෝ" කියල හෙනගහන්න වගේ සමීරය කෑගහපු නිසා මමයි සඳුනයි බෑග් ටිකෙන් අරූට දමල ගැහුව. පොඩි කාලෙවත් බෝලෙකින් විකට් එකට ගහපු නැති මම, විසි කරපු එක ඩොටේ ගියා. සඳුන නං ගැහුව ඇගටම. හේ හේ.


ඒ අස්සෙ සමීරය ගිහිල්ල අත දිගඇරල කොසු මිටෙන් කෙලිය අරූගෙ කකුලට. මූණු වහල නිසා අපිව හොයන්නත් බෑනෙ. ග්‍රීස් යකත් කෑ ගහන්න ගත්ත "මෙන්න මිනී මරනවෝ" කියල.


අපි තුන් දෙනා ආපු පාරෙන් යන්නැතුව වටෙන් දුවගෙන ආව. කැලේ අස්සෙන් ඇවිල්ල හිමීන් සැරේ බෝඩිමට ගොඩ උනා. අපි යනකොටත් සාලෙ පැත්තෙන් ඇන්ටි කතා කරන සද්දයක් ඇහුන.


"දුවේ. කොල්ලො ටික නිදිද. මම සද්දෙ මොකක්ද කියල බලල එන්නම්. ඔයාල දොර ලොක් කරන් ඉන්න"


අපිත් පටාර් ගාල පිටිපස්සෙ දොරෙන් ඇතුලට පැනල කාමරේට රිංගගත්ත.


සැනිකව එහෙම්ම ශෝටකුත් ගහන් නිදාගෙන හිටල ආව වගේ සාලෙට ගියා.


"මොකෝ වෙලා තියෙන්නෙ"


නිශූ සමුදිගෙ අතින් අල්ලන් ඉන්නව කාමරේ දොර ගාවට වෙලා.


"ඇයි අනේ ඇහුන්නැද්ද මෙන්න මිනීමරනවෝ කියල කෑගහනව ඇහුනෙ"


හුටා. ඒක මෙහෙටත් ඇහිලද. කෙලිනවනෙ. මුකූත්ම උනෙ නෑ වගේ හෙමීට ඇවිල්ල නිදාගන්න ඇඳට ගොඩ උනා. ගේමක් දීපු නිසා ආයෙ ගෙයක් දොරක් කුඩු කරන්න උනත් ගටක් ඇවිල්ල තිබ්බෙ හිතට. ආතල් මනෝ පාරක් ගගහ ඉන්න ගමන් එහෙම්ම නින්ද ගියා.


පහුවදා නිවාඩු නිසා පොඩ්ඩක් වෙලා නිදාගන්න හැදුවෙ. ඒ උනාට හදිස්සියෙම ඇහැරුනේ සඳුන කතා කරපු නිසා.


"ඕයි ඕයි යොහානය ඇහැරියන්. මාර කේස් එකක් ඕයි"


හයියෝ අදවත් මූ නිදාගන්න දෙන්නෑනෙ. මම නිදිමතේම සඳුන දිහා බැලුව.


"ඇයි බං. මොකෝ අවුල"


"යකෝ මාර නිව්ස් එකක් ගම වටේ ගිහින් තියෙන්නෙ"


"ඒ මොකක්ද"


"ග්‍රීස් යක්කු තුන් දෙනෙක් ඇවිල්ල මිනිස්සුන්ට ගගහ යනවලු. දැන් පොලිසියෙන් එනවලු හොයන්න."


හත්තික්කේ යකෝ.


මම හිතුවෙ ග්‍රීස් යකාට ගහල වැඩා වගේ පේරාදෙණියේ ඇවිදින්න පුලුවන් වෙයි කියල. ඒ උනාට කෙලියනෙ තාප්පෙටම. දැන් පොලිසියෙන් එනව නං මොකක්ද යකෝ කරන්නෙ. දුවනව අම්මප පස්ස නොබල. ඉන්නෙ නං නෑ.


එදා දවසම ෆුල් භීතිකාවෙන් ගෙවාගෙන ගියා. අරුන් දෙන්නත් කතාවක් බහක් නෑ. කෙල වුනොත් ආයෙ කෙල වෙනව ලොස් නැතිවෙන්නම. ශික්. හවස් වෙලා පොලිස් ජීප් එකකුත් එහෙ මෙහෙ යනව දැක්ක. හිමාලි ඇන්ටිත් මාර චීත්තයක්. එයා මේ සයිඩ් එකේම හැමතැනම ඇවිදල ඇවිදල ඩීටේල්ස් එකතු කරගන්නව. හවස කෑම මේසෙදි හිමාලි ඇන්ටි කියපු දේ අහල තමා ඇඟට ලේ ටිකක් ඉනුවෙ.


"ඔයාල අර පිටිපස්සෙ ගෙවල් ළඟට එහෙම යන්න එපා. පොලිසියෙ මහත්තුරු ඇවිල්ල කට උත්තර ගන්න. ඒ වෙලාවෙ ගෙදර තිබිල තෙල් පීප්ප දෙකකුයි ග්‍රීස් කෑන් එකකුයි තව ග්‍රීස් ගෑවුන රෙදි කෑල්ලකුයි හම්බෙලා. පස්සෙ පොලිසියෙන් ප්‍රශ්න කරනකොට අර මිනිහ කියල මිනිහ තමා ග්‍රීස් යකා වගේ රෑට එහෙ මෙහෙ ගියෙ කියල. මහ ජරා මිනිස්සු."


අපි තුන් දෙනා දැන්:-


ගැම්මක් තමා ඉතින්. වැඩේ ගොඩ. අපි උඩ. එ උනාට හිමාලි ඇන්ටි ඊළඟට කියපු කතාවෙන් අර මොරාල් එක එහෙම් පිටින හේදිලා ගියා.


"කෝකටත් ඔයාල ගේ ඇතුලෙන්ම ඉන්න. අර ගහපු තුන් දෙනාව තාම හොයනවලු."


බෑනෙ කරන්න.


අපේ රට බං මහ පුදුම රටක් බං හරිද. වැරද්ද කරන එකා විතරක් නෙවේ ඌව අල්ලල දීපු එකාවත් හිරේ දානව. ඉතින් මිනිස්සු ඕවට මැදිහත් නොවී වෙන දෙයක් බලාගෙන ඉන්නව.


අපි එදා එලියට බහින්න ගියේ නෑ. නිශුට නං සැකයක් ඇවිල්ල වගේ වෙනදට වඩා සෝදිසියෙන් හිටිය මං ගැන. හිමාලි ඇන්ටිත් කොහෙවත් නොයා ගෙදරටම වෙලා හිටිය.


ඉතින් ඒ වැඩෙත් අහවරයි එහෙනයි. දැන් තියෙන්නෙ අපේ අපේ පළවෙනි සෙමෙස්ටර් exam එකට සෙට් වෙන්න. තව සති දෙක තුනකින් ඒකත් පටන් ගන්නවනෙ.


ගමේ හිටපු කාලෙ සිරාවටම ආතල්. හෙන නිදහස්. මෙහෙ කිසිම නිදහසක් නෑ. නිශූ ඉන්න නිසා ඉන්නව මිසක මෙලහකට කැම්පස් එකත් දමල ගහල යන්න ගිහිල්ල.


දැන් එහෙනං ආතල් කතා මදකට නවත්තල වැඩ කරන ටයිම් එක.


මතු සම්බන්ධයි....


Report Page