♡ රාගයේ විලාපය ♡
20❦ විසි වන දිගහැරුම ❦

මතකනෙ. මගෙ පස්සෙන් ආපු කෙල්ලවත් අපේ බෝඩිමට ගෙන්නගත්ත නිශාධී. ඉතින් රෑ නිදාගෙන ඉන්නකොට මට සද්දයක් ඇහිල ඇහැරුනා. එක පාරටම කෑගහන සද්දයක් එක්කම වීදුරුවක් බිඳෙන සද්දයක් ආව.
[ කලින් කොටසට ]
එතැන් සිට...
"ඕයි සඳුන ඇහැරියන්" කියල සඳුනට කතා කරල මම පට ගාල දිව්ව සාලෙට. මං යනකොට හිමාලි ඇන්ටි කාමරේ දොර ගාවට වෙලා ඇස් ලොකු කරන් කාමරේ දිහා බලන් ඉන්නව.
මම පටාර් ගාල කාමරේ ගාවට ගිහින් බැලුවම ඇන්ටිගෙ ජනේලෙ කෑලි කෑලි වලට කැඩිල. ග්‍රිල් ගහලත් නෑ.
"ඇන්ටි මොකක්ද උනේ"
හිමාලි ඇන්ටිගෙ මූණ සුදුමැලි වෙලා ගිහිල්ල.
"ඌ.... ඌ... ආව කාමරේට..." කිය කිය ඇන්ටි ගොත ගහනව.
එතකොට සඳුනත් ඇහැරිලා ආව. නිශූලත් ආව සාලෙට.
හැමෝම බය වෙලා සීන් එක දන්නැතුව. ඇන්ටිට කතා කරගන්නත් බෑ එයා බයවෙලා.
මම එහෙම්ම ඇන්ටිව අරන් ගිහින් සාලෙ සෝෆා එකකින් වාඩි කරල නිශූට කිව්ව බලාගන්න කියල. සමුදිට කිව්ව වතුර එකක් ගෙන්නල්ල ඇන්ටිට දෙන්න කියල.
"සඳුනා අරූ නිදිද?"
"නෑ බං ඇහැරුනා"
"එක්කං වරෙන්. ෆෝන් දෙකත් අරන් වරෙන්" කියල මම හිමාලි ඇන්ටිගෙ කාමරේට ගියා.
ජනේලෙ ලී ෆ්‍රේම් එක කැඩිල. වීදුරු දෙකත් කැඩිල.
සඳුන , සමීරයවත් එක්කගෙන ආව ෆෝන් දෙකකුත් අරන්. අපි තුන් දෙනා ටෝච් එක දාගෙන එලියට ආව.
හිමාලි ඇන්ටිගෙ කාමරේ ගාව තෙල් ගඳයි. ජනෙල් කන්ඩියෙ ලේ පැල්ලමක් තියෙනව දැකල මම ටෝච් එක එහෙට ඇල්ලුව.
"සමීරය. උඹනෙ මේවට වැඩ්ඩ. බලහන් මොකක්ද වෙලා තියෙන්නෙ කියල"
මම කලිනුත් කිව්වනෙ. සමීරය ඇවිල්ල මොල ගෙනාපු නැවක කැප්ටන් ගෙ නෝනගෙ තාත්ත වගේ ඩයල් එකක්. ඌ ටිකක් වෙලා ජනෙල් කණ්ඩිය දිහා බලන් ඉඳල ජනේලෙන් කාමරේ ඇතුල බැලුව. ආපහු එහෙම්ම ෆෝන් ටෝච් එක ගහගෙන වත්ත හරහා තාප්පෙ ගාවට ගියා. ආපහු තාප්පෙ දිගේ ගේට්ටුව ගාවට ගිහිල්ල අගුල කැඩිල කියල පෙන්නුව.
"සමීරය මොකෝ වෙලා තියෙන්නෙ"
"ආපු එකා ඇවිල්ල තියෙන්නෙ ගේට්ටුවෙන් නෙවෙයි. ගේට්ටුවෙ ඉබ්බ කඩල දාල තියෙන්නෙ ඒ පැත්තෙන් ආව කියල පෙන්නන්න. මේ අඩි පාරවල් පේනවනෙ. ගේට්ටුව පැත්තෙන් ආව නං ආපු පාර විතරයි පේන්නෙ. ඒත් මේකෙ දෙපැත්තටම අඩි පාරවල් පේනව."
"ඉතින් බං ඌ දැන් ගියේ මෙතනින් වෙන්නැති. ඒ නිසා අඩි පාරවල් දෙපැත්තට වදින්නැති"
"නෑ බං. මුලින්ම ඌ ගේ පැත්තට ඇවිල්ල ඊට පස්සෙ ඌ මෙතනින් ගියා නං උඩින් හිටින්නෙ එලියට ගිය අඩි සලකුණ. මෙතන තියෙන්නෙ අනිත් පැත්තට. ඌ ගේ පැත්තෙ ඉඳන් ඇවිල්ල ඉබ්බව කඩල ගේ පැත්තට ගිහිල්ල. ඊට පස්සෙ ගොඩක් වෙලා ඇන්ටිගෙ කාමරේ ගාව ඉඳල. එතන පැල එහෙම පොඩි වෙලා හුඟක්. ඊට පස්සෙ ඌ පිහිතලයක් දාල ජනේලෙ අගුල පන්නල කාමරේට ගිහිල්ල තියෙන්නෙ."
හම්මට සිරි. ජීනියස් ග්‍රීස් ලිහිසි තෙල් යකෙක් නෙ.
"ඊට පස්සෙ මොකක්ද වෙලා තියෙන්නෙ"
"ඌ ඇන්ටිගෙ කාමරේට යනකොට පිහිතලේට උගෙ අතක් හෝ ඉනෙන් උඩ තැනක් කැපිල තියෙනව. ඒ පිහි තලේ කාමරේ තිබ්බ. ඒකෙ ලේ තිබ්බ. ඇන්ටිගෙ කෑ ගැහිල්ලට ඌ පැනල ගියේ."
"ඒ කෑ ගැහිල්ලට ඌ නෙවේ බං අපිත් පැනල යනව" සඳුන හිනා වෙවී කියනව.

සමීරය ආපහු පටන් ගත්ත උගෙ විග්‍රහය.
"ඌ ජනේලෙන් පනින්න ජනෙල් කන්ඩියට අත තියනකොට හෝ ඇඟේ තිබ්බ ලේ එතන ගෑවිල. ඊට පස්සෙ ඌ ජනෙල් ෆ්‍රේම් එක කඩාගෙන කෙලින්ම තාප්පෙ ළඟට ගිහිල්ල. එතනින් පැනල ගිහිල්ල."
"එතකොට ඌ ආවෙ ගේට්ටුවෙන් නෙවේ නං, ඌ කොහෙන්ද ආවෙ.?"
"යමං පිටි පස්සට" කියල සමීරය අපිවත් එක්කන් ගියා.
"මෙන්න මෙතනින් ඌ ආවෙ" කියල සමීරය අපිට පෙන්නුව කම්බි වැටක කම්බි ටික ඈත් කරපු තැනක්.
" ඒ කියන්නෙ ඌ ආවෙ මේ පැත්තෙන් කියන එකද, ඒ පැත්තෙ ගෙවල් තියේද බං?"
"ඔව් නෙ. ගෙවල් දෙකක් තියෙනව" සඳුන කිව්ව.
එහෙනං දැන් වැඩේ තේරෙනව. ඌ ඒ පැත්තෙන් ඇවිල්ල පාරෙන් ආව වගේ පේන්න ගේට්ටුවෙ ඉබ්බ කඩල දැම්ම. ඒ කියන්නෙ මූ අනිවාර්යෙන් අර ගෙවල් පැත්තෙ ඉඳල එන්නෙ.
"යොහානය යමං බං නිදි මතයි දැන් නං" සමීරය ඈනුම් අරින ගමන් කිව්ව.
අපි තුන් දෙනාම ඊට පස්සෙ ගෙට ආව. අපි එනකොට නිශූ හිමාලි ඇන්ටිට පත්තරේකින් පවන් ගහනව. අපි එනව දැකල ඇන්ටි නැගිට්ට.
"ඇන්ටි වාඩි වෙන්න. කවුරුත් නෑ දැන්." සඳුන ඇන්ටිට කිව්ව.
"නිශාධි. ඇන්ටිව ඔයාලගෙ කාමරෙන් තියාගන්න. අපි සාලෙන් ඉන්නං."
එදා සෙට් එකම හෙන මීටරෙන් නිදාගත්තෙ. නිශාධිලගෙ කාමරේ ඩ්‍රිල් ගහල නිසා අවුලක් නෑ. සමීරය නං සතා වගේ නිදාගත්ත. මායි සඳුනයි ඇහැරිලා හිටිය.
පහුවදා උදේම හිමාලි ඇන්ටි පොලිසියට ඇන්ට්‍රියක් දානව කිව්ව. ඒ ගමන් ජනේලෙත් හදාගන්න කෙනෙක්ට කතා කරනව කිව්ව. අපිත් සීන් එක ගැන කයියක් ගහ ගහ ආව.
"යොහානය. මේක හෙන අවුලක් වෙන්න පුලුවන් බං" සඳුන මට කියනව.
"ඒ මොකෝ බං."
"අරූ දිගටම එන්න ගත්තොත් ගෙවල් අස්සෙ අපිටත් ප්‍රශ්නයක් නෙ බං"
"හම්ම්.. අපි කියල ඉතින් මොනා කරන්නද බං. පොලිසියට කියනව කිව්වනෙ. ඇන්ටි බලාගනී ඒක."
"අනේ ප@ පොලිසිය. ගමේ උන් එකතු වෙලා අල්ලගන්නකං උන් පොලිස් පොතේ ලිය ලිය හිටීවි"
ඇත්ත තමා කතාවත්. ඒ උනාට බං ග්‍රීස් නෙ. ග්‍රීස් උනත් යකානෙ. අපි මක් කොරන්නද ඌ එක්ක.

එදා හවස් වෙනකංම ලෙක්චර්ස් නිසා මට නිශූ එක්ක චැටක් දාන්නත් හම්බුනේ නෑ. අනික කසුනගෙ අවුල නිසා ඌව තනි කරල යන්නත් බෑ.
ඊටත් වඩා මට සමුදිට මූණ දෙන්න බෑ. නිශූටත් ඕන්නැති මගුලක් නෑනෙ. අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නව.
හවස 2ට විතර පොඩි රෙස්ට් එකක් හම්බුනු නිසා මම නිශූව හොයන් ගියා. කැම්පස් ආවත් හරි මට එයාගෙන් උම්ම එකක්වත් ගන්න හම්බුන්නෑ.
ඉතින් නිශූ ළඟට ගිහින් එයාට කතා.
"මේ නිශූ. වැඩකද ඉන්නෙ"
"නෑ යොහාන් කියන්න"
.
"පොඩි ගමනක් ගිහිල්ල එමුද. හී....... ඉක්මනට එමු අපි"
"ඒ කොහෙද?" නිශූ බය වෙලා වගේ අහනව.
"මේ ළඟකට ගිහින් එන්න පොඩ්ඩක් අනේ."
නිශාධිට තේරිලාද කොහෙද සීන් එක එයත් මාත් එක්ක එන්න හදල ආපහු නැවතුනා.
"යොහාන් දැන් බෑ. සමුදි තනියෙන්නෙ."
මම

"අනේ කමක් නෑ අනේ. කසුනට ඉන්න කියමු එයා එක්ක. අනෙ එන්නකො..... ප්ලීස්ස්ස්ස්ස්....."
"හා හා මෝඩය. ගොඩක් දුර යන්න බෑ හොඳේ."
මම විසිල් එකක් ගහල හෝල් එකෙන් එලියට එන කසුනට අඬ ගහල කතා කලා.
"කසුන පොඩ්ඩක් මෙයාව බලාගෙන හිටහං. අපි ඉක්මනට එන්නං" කියල මම නිශූගෙ අතත් ඇදන් ආව.
කසුන මැන්ටල් වෙලා බලන් ඉන්නව මම දිහා.
අදාළ නෑ.
මම නිශූගෙ අතින් ඇදන් ආව කැම්පස් හෝල් එක පිටිපස්සට. එතන පොඩි ගස් ගොඩක් තියෙන නිසා ඈතට පේන්නෑ කවුරුත් හිටියත්. අනික මේ වෙලාවෙ මෙතෙන්ට එන්න එකෙකුත් නෑ.
මම නිශූව එක්කන් ගිහිල්ල වට පිට බලල මොකාවත් නෑ කියල සැක හැර දැනගත්තට පස්සෙ නිශූව තුරුල් කරන් තොල් කිස් කලා.
නිශූත් ඉස්සර වගේ ඈලි මෑලි නොකර මගෙ පිට තද කරල අල්ලන් ඉස්සිලා එයත් මාව කිස් කලා.
හම්ම්ම්ම්මාහ්හ්හ්හ්හ්හ්හ්......
කාන්තරෙ පතොක් මලකට ස්ප්‍රයිට් බෝතලයක් හැලුව වගේ මාර ෆ්‍රෙශ් එකක් දැනුනෙ.

නිශූව කිස් කරන ගමන්ම එයාගෙ පිටට තද කරන් තිබ්බ අත සේපට පහලට අරන් ගියා. ඉනෙන් චුට්ටක් පහලට යනකොටම නිශූ අතින් අල්ලල කිස් කරන එක නැවැත්තුව.
"යොහාන්. අපි කතා උනානෙ. කැම්පස් එකේ ඉන්නකං අපි පොඩ්ඩක් ඒව පැත්තකට දාමු."
"හුම්ම් හුම්ම් ඉතින් එහෙනං."
"අනේ ඉතින්. අපි කතා උනානෙ. හානෙ. පස්සෙ ඕනෙ දෙයක් හරිද. දැන් යමු."
නිශූට ආපහු කිස් එකක් දීල අපි දෙන්න ආපහු ආව. එනකොට සමුදියි කසුනයි කතා කර කර ඉන්නව හිනා වෙවී. කසුන එදා සීන් එකෙන් පස්සෙ හොඳට හිනා වෙවී කතා කරනව දැක්කමයි.
අපි දෙන්න එනව දැකල උන්ගෙ කතා බහ නැවැතුනා.
හවස ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදර යන ගමන් සඳුන කතා කලා.
"යොහානය, පොඩි වැඩක් තියේ කරමුද"
"මොකක්ද බං?"
"අපි අර යකාව අල්ලමුද?"
හත්තික්කේ නිශූ ඉන්න තැනක කියන්න ඔනෙ දේවල් ද මේ.

ඒක ඇහුන ගමන් නිශූ අපි දිහා කන්න වගේ බැලුව.
"නෑ නෑ මහත්තුරු ටික. පාඩුවෙ ඉන්න. ඒක අදාළ අය කරගනී."
සඳුනත් ගොන් වැඩනෙ කරන්නෙ. සමුදිත් හිනා වෙනව. නිශූ බැන්නට හැබැයි මගෙත් හිත යටින් වීරයා වෙයන් කියන සිග්නල් එක දුන්න. නිශූ ඉන්න තැන මේව කතා කරන්න බෑනෙ බං. ඒ නිසා පස්සෙ හිතල බලන්න ඕනෙ.
ඉතින්..? මොකෝ කියන්නෙ. යකාව අල්ලනවද පාඩුවෙ ඉම්මුද?
මතු සම්බන්ධයි...