♡ රාගයේ විලාපය ♡
19❦ දහනව වන දිගහැරුම ❦

මතකනෙ. සිද්දි ගොඩක් වෙලා අන්තිමට මේ මාවයි වෙන කෙල්ලෙක්වයි ජෝඩු කරල කැලෑ පත්තරයක් ගියානෙ. ඕක ගැන හොයන්න ගිහින් දඩ සීන් එකකටත් මාට්ටු උනා.
[ කලින් කොටසට ]
එතැන් සිට...
නිශූට මුල ඉඳන් අගටම වචනයක් තියා ඇලපිල්ලක් වත් මිස් කරන්නැතුව කෙලින්ම කියාගෙන කියාගෙන ගියා. මොකද මගේ පෙර අකුසලයක් නිසා හදිස්සියෙවත් මම නොකියපු අකුරක් හරි නිශූ දැනගත්තොත් මම අනාථයිනෙ. කෙල්ලො එක්ක ගණුදෙනු පරිස්සමින්!
ඔක්කොම කිව්ව ඉතින්. සාමාන්‍යයෙන් මෙහෙම සිද්දියකදි මෙතන කෙල්ලො දෙන්න මුහුණට මුහුණ ගහගෙන WWE Tag team championship එකක් වෙනවනෙ. ඒත් නිශූ එහෙම නෑ. මම කලිනුත් කිව්වනෙ. නිශූ මෝඩ කෙල්ලෙක් නෙවෙයි කියල. මගෙන් සීන් එක ඔක්කොම අහගත්තට පස්සෙ නිශූ මට කතා කලා.
"යොහාන්. දැන් යමු අපි. තව ටිකකින් ලෙක්චර්ස් පටන් ගන්නවනෙ. මම මෙයාව එක්කන් එන්නං. ඔයා යන්න."
"ඕකේ මැඩම්. ඔයා කියන දෙයක් තමා" කියල මම නිශූගෙ අතට කිස් එකක් දීල ආව.
මම ආපහු එනකොට කසුනා හෝල් එකට ගිහින් මටත් ඉඩක් අල්ලං ඉන්නව. උගෙ කෑල්ල නං අද පේන්න නෑ. මම හෝල් එකට එනකොටම ඌ අත උස්සල තැන පෙන්නුව.
"යොහානය මොකෝ උනේ"
"හරි හරි බං. ශේප්. එතන ලොකු කේස් එකක් තියෙනව මොකක් හරි. නිශාධි බලාගනී ඒක. මම එයාට කිව්ව විස්තරේ"
"ආ එල එල බං. සොරි බං හොඳේ"
"අවුලක් නැ. පොඩ්ඩක් හොයල බලල බැනපං. හැමදේටම එක සැරේ හිතන්න කරන්නැතුව තීරණ ගන්නත් එපා. ඒක උඹටත් ප්‍රශ්නයක් අනිත් අයටත් ප්‍රශ්නයක්"
"ඔව් ඔව් බං. මාත් පොඩි අවුලකින් හිටියෙ ඒකයි."
"ඒ මොකක්ද?"
"මේක ඉවර වෙලා කියන්නං බං"
කසුනත් අප්සට් මූඩ් ගහල. උගෙ කෑල්ලත් නෑ අද. මොකක් හරි කෙලියක් වෙලා වගේ. ඒ ගමන් නිශූත් හෝල් එකට ආව අර කෙල්ලත් එක්ක. මටත් හිනාවක් දාගෙනම අර කෙල්ලවත් එක්කන් ගිහිල්ල එයා ළඟින් වාඩි උනා.
පැය හතරකින් විතර ලෙක්චර්ස් ටිකත් ඉවර උනා. එදා වෙන මුකුත් තිබ්බෙත් නෑ ආපහු. ප්‍රශ්න ගොඩයි ඉතින්. මුලින්ම කසුනගෙ මගුල අහල ඉන්න කියල හිතන් ඌ ගාවට ගියා. ඌ ෆෝන් එකෙන් කෝල් ගන්න හදනව කාටද මංද.
"කසුනා. මොකෝ කේස් එක."
"අරය ෆෝන් එක ගන්නෑ බං"
"ඒ මොකෝ බං."
"මං පස්සෙ කියන්නං බං. උඹ බෝඩිමට පලයන් දැන්"
මම උටත් යනව කියන් සමීරයයි සඳුනයි එක්ක සෙට් උනා. නිශූ තාම අර කෙල්ල එක්ක කතා කරනව. අරුන් දෙන්නවත් නවත්තන් හිටිය නිශූ එනකං.
නිශූත් ආවට පස්සෙ අපි හතර දෙනාම බෝඩිමට එන්න පිටත් උනා. පවනි කොහොමත් වෙනමනෙ යන්නෙ. ඉතින් එයා අපි එක්ක ආවෙ නෑ.
"නිශූ මොකෝ උනේ අරක"
"යොහාන්. ඒ ළමය පව් අනේ. ඒ ළමයට එයා ඉන්න ගෙදර එපා වෙලාලු තියෙන්නෙ. තව ප්‍රශ්න ගොඩක් තියෙනවලු. හිනාවෙලා කතා කලාට ඒ ළමය ළඟදිම දවසක මොකක් හරි කරගනී කියල බයත් හිතුන මට ඒ ප්‍රශ්න අහපුවහම. මම කිව්ව ඕනි නං අපේ බෝඩිමට එන්න කියල. එයා කිව්ව ගෙදර අය එක්ක කතා කරන් කියන්නං කියල."
"ආ හරි හරි"
නිශූ මගෙ ළඟට ඇවිල්ල මගෙ අත අස්සෙන් එයාගෙ අතක් දාගෙන මාව තද කරගත්ත.
"මගෙ කොල්ලට තමා හැම නැට්ටිච්චිම පෙරේත බැල්ම දාන්නෙ. මේ මෝඩයත් අහු වෙනවනෙ ඉතින් ඔක්කොටම."
"ඒයි මේ. මම නං අහු උනේ නෑ. මම ඔයාටත් එන්න කිව්වෙ ඒකයි. ඕක නැත්තන් තව ප්‍රශ්නයක් වෙනවනෙ."
"හා හා මැට්ටො. ඒ කෙල්ල නං පණ ඇරල ඔයාට හැබැයි. හදිස්සියෙ ඔයා එහෙම බැන්න නං ඒ කෙල්ල මොනා කරගනීද දන්නෑ."
මම

"මම නං දන්නෑ ඕව"
එතකොටම සඳුන කතා කලා මට.
"අඩෝ යොහානය. උඹ අර කේස් එක දන්නවද?"
"මොන කේස් එකද බං"
"කසුනගෙ කෑල්ලගෙ කේස් එක"
හප්පටසිරි. මොකක්ද ඒ ගමන. මොකක් හරි ලොකු අවුලක් කියල මටත් හිතුන හැබැයි.
"අඩෝ නෑ බං.කියහංකො. මොකෝ සීන් එක."
"ඇයි උගෙ කෑල්ල වෙන එකෙක් එක්ක affair එකක් තියන් ඉඳල ඒක break වෙලා. මූ දන්නෙත් ඊයෙලු."

ඔය ඉතින්. උක් කනවනෙ මෙයාලත්. ශික්. උට කතා කරන්නත් බැරි උනා. ඒක තමා මූ නිකං ලෝකෙ එපා වෙලා ලුක් එකකින් හිටියෙ. එහෙම්ම මැසේජ් එකක් දැම්ම හෙට අනිව වරෙන් කතා කරන්න ඕනෙ කියල.
බෝඩිමට ගිහින් වොශ් එකක් එහෙම දාන් ඇවිල්ල කාල බීල වැඩ ටිකත් කරල බලල කයියකුත් ගහල නිදා ගත්ත.
පහුවදා අපි කැම්පස් එක ළඟට යනකොට අර මට ටෝක් වෙන්න ගිය කෙල්ල වෙන නැන්ද කෙනෙක් එක්ක ගේට්ටුව ගාව ඉන්නව දැක්ක. නිශූ එහෙම්ම එයාල ලඟට ගියා. මම කසුනව හොයාගෙන ඌ ගාවට ගියා. මම එනකොට අපේ බිල්ඩින් අනිත් පැත්තෙ වත්තට වෙලා ඌ ගහක් මුල වාඩි වෙලා ඔහේ බිම බලන් ඉන්නව.
"කසුන වරෙන් අර බංකුවට යන්න." මම උට බංකුවක් පෙන්නල කිව්ව.
"ඕන්නැ බං මෙතන හොඳයි"
උට හොඳ නං මට මොකෝ. මාත් ඌ ළඟින් බිම වාඩි උනා.
"දැන් මට කියහං හරියටම සීන් එක"
කසුන ලේන්සුවක් අරන් කඳුලුත් පිහිදල එහෙම කතාව කියන්න පටන් ගත්ත.
"පෙරේද මට මැසේජ් එකක් ආව බං දන්නැති නම්බර් එකකින්. 'තොගෙ වේ@ තෝම තියාගනින්' කියල. ඉතින් මට මුලින් තේරුන්නෑ ඕක. පස්සෙ මීටර් වෙලා මම අරයගෙන් ඇහුවම එයා කිව්ව 'ඇයි මොකෝ. මට ඕනෙ විදිහට මට ඉන්න බැයිද' කියල. පස්සෙ මං අර නම්බරේට කෝල් කලාම ඌ කිව්ව ඔක්කොම. මෙයා මටත් කලින් ඌත් එක්ක යාලු වෙලා තියෙන්නෙ. මං ගැන දැනගත්තම ඌ affair එක නවත්තල. ඌ කියනකං මම දන්නෙත් නෑ මේ මුකුත්. මාව නිකං එයාගෙ සෙල්ලම් බඩුවක් කරන් බං ඉඳල තියෙන්නෙ. ඉතින් මං මොකක්ද බං කරන්නෙ දැන්?. මැරෙන්නද කියන්නෙ මට. මම එයාව ජීවිතේම කරන් ඉඳලත් ඇයි බං මෙහෙම කලේ?. වැඩක් නෑ බං කතා කරල."
කසුන ආපහු ඉකි ගහන්න ගත්ත. මම මුලින් හිතුවෙ කසුන හෙන ගල් පොරක් කියල. ඒ උනාට ඌවත් කාලනෙ දැන්.
"යමංකො දැන්. අද පොඩ්ඩක් නිදහසේ හිටහන්. වරෙන් යන්න. ලෙක්චර්ස් පටන් ගන්නව."
ඌවත් එක්කන් ගියා හෝල් එකට. අද අප්සට් ගොඩයි. කතිකාචාර්ය කෙනෙක් ඇවිල්ල හෙන ලෙක්චර් එකක් දුන්න. හැබැයි ඉංග්‍රීසියෙන්. හේ හේ. tooth කියන එක නං google translate දාල හොයාගත්ත. මරු හැබැයි.
අපේ ලෙක්චර්ස් ඉවර වෙලා හෝල් එකෙන් එලියට ආපු ගමන් මම කසුනට ලෙක්චර් එකක් දුන්න. මම කෝමත් හෑලි ලියන එකෙක්නෙ. 😁.
මම දක්ශ ඒ වැඩේට නිසා මම ඒක කරනව ඉතින්. කසුනට ත් කිව්ව කියන්න ඕනෙ ටික. දුක අඩු කරගන්න බෑනෙ ඉතින් වචන දාහක් කිව්වත්. ඒක manage කරගන්න හැටි කිව්වෙ.
පස්සෙ අපේ වැඩ ඉවර වෙලා දවල් කැම්පස් එකෙන් එලියට එනකොට නිශූ අර මට ටෝක් වෙන්න ගිය කෙල්ලයි , උදේ දැකපු ඇන්ටියි එක්කයි ඉන්නව ගේට්ටුව ළඟ.
"යොහාන් පොඩ්ඩක් එන්න"
මම නිශූ ළඟට යනකොට අර කෙල්ලයි ඇන්ටියි මාත් එක්ක හිනා උනා.
"යොහාන් මේ ඉන්නෙ සමුදි ගෙ අම්ම."
කව්ද යකෝ සමුදි?.

ආ මේ කෙල්ලගෙ නම වෙන්නැති.

"යොහාන්. මම කිව්ව අපේ බෝඩිමෙ තව කෙනෙක්ට ඉඩ තියෙන නිසා මෙයාටත් ඕන්නං අපිත් එක්කම එහෙන් ඉන්න කියල. අර ගෙදර ඉන්න බැරි නං. කමක් නෑනෙ"
හේ හේ. මට දැන් මතක් වෙන්නෙ එක පාරක් ඔහොම පස්සෙන් ආපු අර මෝහිනී නංගිව. ඒකි නං වෙන ගෙදරක හිටියෙ. මෙයාව එක්කං ගිහිල්ල මොන ලබ්බක් වෙයිද දන්නෑ.

කමක් නෑ ඉතින්. නිශූට ශුවර් ඇතිනෙ.
"මට කමක් නෑ නිශූ"
මගෙත් අවුලක් නැති නිසා අපි බෝඩිමේ ඇන්ටිත් එක්ක කතා කරගත්ත වැඩේ. දැන් ආයෙ ගානටම 6 දෙනෙක් ඉන්නව බෝඩිමෙ.
නිශූටත් හෙන ආතල් දැන්. මොකද පවනි එක්ක හිටිය කියල නිශූ වැඩිය කතා කලේ නෑ එයා එක්ක. ඔය කෙල්ලන්ගෙ තියෙන්නෙ බං අමුතු ලයින් එකක් "මට ඕකිව එච්චර අල්ලන්නෑ" කියල. අන්න ඒ method එකම තමා මෙතන උනෙත්. පවනිගෙ හැසිරීම් රටාවට නිශූ පොඩ්ඩක් වත් කැමති උනේ නෑ. දැන් නිශූටත් මරු ඉතින්. කයියක් ගහන්නවත් යාලුවෙක් හම්බුනානෙ.
(කොල්ලො සාමාන්‍යයෙන් එහෙම එක එකෙක්ට වෙනස් වෙනස් විදිහට සලකන්නෑ. අපිට මොන ප@ය ආවත් ඌ බොක්කක් මුලින්. පස්සෙ තමා අභ්‍යන්තර මතිමතාන්තර නිසා කේස් වෙලා වලි දාන් කැපෙන්නෙ.)
ඉතින් ඔහොම්ම විවේක සුවයෙන් එදා රාත්‍රිය ගත කරනකොට තමා නොහිතන දෙයක් උනේ.
මැදියම් රැය පහු වෙලා ටිකක් වෙලා යනකොට මිදුලෙ සර සර ගාන සද්දයක් ඇහිල මට නිදිමරගාතෙම ඇහැරුනා.
තත්පර දෙකයි ගියේ,
"බුදු අම්මෝ........" කියල ඇහුන සද්දයක් එක්කම නිශූලගෙ කාමර පැත්තෙන් වීදුරුවක් බිඳෙන සද්දයක් ඇහුන.
අර ග්‍රීස් ලිහිසි තෙල් යකා ආපහු ඇවිත්ද? නිශූට කරදරයක්ද?
මතු සම්බන්ධයි.....
ගත යුතු දේ:-
- අපිට ඕනෙම දෙයක් එක පාරටම කියන්න කරන්න ලේසි. හැබැයි අපිට අමාරු වෙන්නෙ ඒ කරපු/කියපු දේක ප්‍රතිඵලය දරා ගන්න. ඒ නිසා කාටහරි දෙයක් කියන්න කලින් හෝ යමක් කරන්න කලින් හෝ අවම වශයෙන් දෙපාරක් වත් හිතන්න ඒකෙන් හම්බෙන ප්‍රතිඵලය මොනවගේ දෙයක් වෙයිද කියල. ක්ශණික තීරණ අවශ්‍ය වෙන තැන් තියෙනව. හැබැයි තමන්ගෙ ජීවිතේ කියන්නෙ එහෙම තැනක් නෙවෙයි!
- හිනා වෙලා කතා බහ කරන හැමෝම අපි හිතන තරන් ආතල් එකේ නෙවෙයි වෙන්න පුලුවන් ඉන්නෙ. මිනිස්සුන්ව පිටට පේන විදිහෙන මනින්න එපා. අභ්‍යන්තරයේ ජීවත් වෙන කෙනා පිටත ලෝකයට පේන කෙනාට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන්.