♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

14

දහහතර වන දිගහැරුම

මතකයිනෙ එහෙනං. නිශූට ෆෝන් එක දුන්න. ඉංග්‍රීසි කෝස් එකකට සෙට් උනා. මෙලෝ මගුලක් තේරුන්නෑ හැබැයි. අන්තිමට අන්තිමම මොහොතෙ නිශූගෙ අම්මට මාට්ටු උනා....😐


[ කලින් කොටසට ]




එතැන් සිට....


නිශූ ගැහෙනව සට සට ගාල.


හෙන පිරිමිය වගේ හිටියට මාවත් ගැහෙනව පට පට ගාල. කාන්ති ඇන්ටිගෙ මූණ නිකං කොතල හුඹුටු වගේ.


මෙච්චර කල් කාන්ති ඇන්ටිව යාලුවෙක් වගේ පෙනුනට අද නං පේන්නෙ නිකං කාලි මෑණියො වගේ. අද නං වැලේ වැල් නෑ මහත්තයො.


"නිශාධි මොකක්ද මේ යොහාන් එක්ක කරන්නෙ"

කාන්ති ඇන්ටි ටිකක් දැඩි කටහඬකින් හැබැයි පොඩ්ඩක් ලෙන්ගතුගමකින් වගේ අහනව.


නිශූ අඬනව මගෙ පිටට මූණ ඔබාගෙන.


මගේ මොලය සහ හදවත් දැන් මගෙ ඇඟ ඇතුලෙ යුද්ධයක ආපහු.


හදවත : යොහාන්. පිරිමියෙක් වෙයන්. කාන්ති නැන්දට ෆේස් කරහන් බය නැතුව. නිශාධිට බනින්න දෙන්න එපා. ප්‍රශ්නයක් වෙන්න දෙන්නත් එපා. හැමදේටම වැරැද්ද උඹ භාරගනින්.


හිත කියන්නෙ නිශූව ශේප් කරල මට ඇම ගිලින්න කියල. ඔව් එහෙම තමා පිරිමි කරන්න ඕනෙ.

කෝකටත් මොලේ කියන එකත් අහල ඉමු.


මොලේ : ගොන් ප@යො නිශාධි නිසා තෝ පරිප්පුව කන්නද හදන්නෙ. ඔතනින්.......


brain was disabled....


හැමවෙලේම මොලේ කියන දේ අහන්න ඕනෙ කියල එකක් නෑනෙ. නිශූව අහු කරල යන්න මම ලොඳයෙක් නෙවේනෙ. වෙන දෙයක් උනාවෙ. ඕනෙ මගුලක්.


"ඇන්ටි නිශාධිගෙ වරදක් නෑ. අනේ ඇන්......"


"යොහාන් මම ඔයාට නෙවෙයි කතා කරන්නෙ. නිශාධි එන්න ගෙදර යන්න."


"අනේ ඇන්ටි. එයාට බනි...."


"යොහාන් මම එක පාරක් කිව්වනෙ. එයා මගෙ දරුව. එයාට මම එන්න කියල කියන්නෙම් එයාව එවන්න"


අඩෝ කාන්ති නැන්ද මට නිදහසට කරුණු කියන්නවත් චාන්ස් එකක් දෙන්නෑනෙ බං. නිශූව තියාගන්නත් බෑ. මම නරක මිනිහ වෙනව.


මම මෙහෙ කරන දේ හිතන අතරෙ නිශූ මාව අතෑරල අම්ම ලගට ගියා බිම බලන්.


"එන්න ගෙදර යමු." නිශාධිගෙ අතින් ඇදන් කාන්ති ඇන්ටි යන්න ගියා.


නිශාධි මැලවුනු මූණකින් මගෙ දිහා එක පාරක් හැරිල බැලුව ආපහු. එක කඳුලු බින්දුවක් එයාග මූණ මැදින් හිමීට පහලට යනව.


වෙච්ච දේ එක සැරේ මොලේට ගන්න අමාරුයි. ආ අමතක උනානෙ. මොලේ disable කරලනෙ තියෙන්නෙ.

setting > මොලේ setting > power on


මාව නිකං කන්දකින් පහලට තල්ලු කරල පොල්ලෙන් ඔලුවට ගැහුව වගේ. නිකං ජීවිතේ හෙන හිස්තැනක් වගේ දැනුනෙ. කොටින්ම කිව්වොත් විකාර වෙලා ඉන්නෙ දැන් මාව.


සාමාන්‍යය මිනිහෙක් නං මෙහෙම අවස්ථාවල හොඳට බෝතලයක් අරන් ගහනව කුණු වෙන්න. මමත් ඉතින් හරිම සාමාන්‍යය මිනිහෙක් නෙ.

කුමාරයට කෝල් එකක් ගත්ත. අතේ රුපියල් 40යි තියෙන්නෙ. බස් එකේ යන්න ගෙනාපුව.


"යලෝ යොයියා කියහං."


"කුමාරය. රුපියල් දාහක් තියේ නං ඒකත් අරන් වරෙන්කො"


කුමාරය මගෙ කටහඬේ ඇජස්ට්මන්ට් එක වෙනස් වෙලා කියල අඳුරගත්ත නිසාද මංද,

"යොයියා මොකක් හරි අවුලක්ද" කියල ඇහුව.


"වරෙන්කො සල්ලිත් අරන්. මම කියන්නං."


"ආ හිටහන් එන්නං"


ඌ කෝල් එක කට් කලා. මොනා උනත් මෙහෙම යාලුවෙක් ඉන්න එක හෙන වටිනව.


විනාඩි විස්සකින් විතර ඌත් ආව. ඇවිල්ල උට කියලම බෝතලයක් ගෙන්නගත්ත බිබීම සීන් එක කියන්න.

ඌ සැනිකෙට ගිහින් බඩු අරන් ඇවිල්ල අපේ පොට් එකට ආව.


"යොයිය බොන්න කලින් මට කියහන් සීන් එක"


මමත් ඉතින් කිව්ව නිශූගෙ අම්මට මාට්ටු සින් එකයි එයාව එක්කන් ගියා කියලයි.


"දැන් නං ජීවත් වෙලා වැඩක් නෑ බං මට. නිශූගෙ ගෙදරින් කීයටවත් මට කැමති වෙන එකක් නෑ බං. ශික්"


කුමාරය හෙන ගහන්න වගේ බෝතලේ ගැහුව පොලේ.


"මොකක්ද ප@යො ඒ කලේ. සක්කිලියෙක්නෙ තෝ" මල පැන්න පාර මට කියවුනා.


"යොයිය මේ. උඹට ආපහු අරක්කු ගංජ රෙද්දවල් මුකුත් කරන්න දෙන්න එපා කියල නිශාධි මගෙන් පොරොන්දුවක් ගත්ත. මට ඒක කඩන්න බෑ බං."


"මොකක්" යකෝ මුන් මගෙන් තව කීයක් දේවල් හංගල ඇතිද.


"සමාවෙයන් බං. උඹේම හොඳට. උඹට කෙල්ලෙක් ඉන්නව. දැන් කැම්පස් යනව. උඹේ ජීවිතේ විනාස කරන්න ඉඩ දෙන්න බෑ මට"


"හම්ම්"

මොනා උනත් ඌ කියන කතාව ඇත්ත. ඒත් මේ මට දැනෙන මහ අමුතු ෆීලින් එක මොකක්ද. නිකං හදවතේ හිලක් වගේ. ජීවිතේ හිඩැසක් වගේ. ඒක යවාගන්න බොන්නැතුව මොකක්ද කරන්නෙ.


"යොයිය. ගෙදර යමු බං. ඕව නිකංම හරි යයි ඔය ප්‍රශ්න."


මම නිශූට ආදරේ කරනව. ඒකයි මේ. මම නිශූට ආසයි නෙවෙයි. ආදරේ කරනව. මීට කලින් මම කාටවත් ඒක කියල නෑ. මොකද මම ආතල් එකේ ඉන්නව කියල හැමෝටම පෙන්නන්න ඕනෙ නිසා. මම ආපහු එහෙම කරන්නෑ.


මම ඕනෙම තැනක ඕනෙම ජගතෙක් ඉස්සරහ කියනව නිශාධි කියන්නෙ මගෙ කෙල්ල. මම ඒකිට ආදරෙයි කියල. මම ලැජ්ජ නෑ එහෙම කියන්න. කුමාරයටත් මට කියන්න තියෙන්නෙ එච්චරයි.


"කුමා. මම නිශුට ආදරෙයි බං. දැන් එයාව නැති උනොත් මට මාවත් නැති වෙයි බං. ඒ නිසා නිශූව ගෙනත් දියන් මට."


"යොහානය පිස්සු කෙලින්න එපා බං. උඹට ඕනෙම නං මම විටක් අරන් එන්නං. ඒක කාපං."


"හම්ම්"


කුමාරය ගෙනත් දුන්න විටෙත් කාල මම බස් එකේ නැග්ග ඌ එක්ක.


ගෙදර ඇවිල්ල නැන්දයි මාමයි ඉස්සරහ ශේප් එකේ කතා කරල එහෙම්ම ඇඳට වැටුන. ෆෝන් එක බැලුව. කිසිම මිස් කෝල් එකක් වත් මැසේජ් එකක්වත් නෑ.


ෆෝන් එක පොලේ ගහල ඇති. තාත්ත. එයාටත් ගහනව ඇති. මම මොකක්ද දෙයියනේ කරන්නෙ.


එහෙම්ම බ්ලේඩ් එකක් අරන් අත කපාගන්න හදලත් පස්සෙ මීටර් උනා මොකක්ද මං මේ කරගන්න හදන්නෙ කියල.


මම එක දෙයක් දන්නව නිශූව මට හම්බෙන්නැත්තං මම කියල කෙනෙක් ලෝකෙ ආපහු නෑ🙂. (FOR R)


ඒක ගැන හිත හිත ඉන්නකොට එහෙමම නින්ද ගියා.


"ගුමුරු ටපර ගුමුරු ටපර ගුමුරු ගුමුරු ටපා ටා....."


නිශූගෙන් කෝල් එකක් එනව


(හදවතටම දැනිල කියවන් ආපු කතාව එක පාටම ගොන් ආතල් එකක් දීල කෑවට පස්සෙ පාඨකයො)


මම සට ගාල ෆෝන් එක අරන් ආන්ස්වර් කලා.


"යොහාන්. ඔයා ඊයෙ අවුලක් නැතුව ආව නේද ගෙදර."


"අනේ වස්තුව. තාත්ත බැන්නද. කරදර උනාද ඔයාට. අනේ මට සමාවෙන්න මැනික. මට තිබ්බෙ ඔයාව එතෙන්ට එක්කන් යන්නැතුව ඉන්න. රත්තරන් අනේ."


"අනේ මෝඩයො. නවත්තන්න ඔය කියවිල්ල. මට ඔයාට කියන්න දෙයක් තියෙනව."


"කියන්න වස්තුවෙ ඔනෙ දෙයක් කියන්න. මට බනින්න ඕනෙ නං. මට සමාවෙන්න මැනික. මට ඔයා නැතුව බෑ රත්තරන්."


"යොහාන්. බබෙක් වගේනෙ. මමනෙ අඬන්න ඕනෙ හරිනං"


"ඔව් මම බබෙක් තමයි. මම ඔයාගෙ බබා🥺"


"ආ හා හා බබෝ. මේ අම්මටයි තාත්තටයි ඔයාට කතා කරන්න ඕනෙලු. දවල්ට එන්න ගෙදර. 2ට විතර හානෙ."


කෙලිය තාප්පෙට. වටපෝරියල් එකක් සෙට් වෙන්න තමා යන්නෙ දැන්.


"ආහ්... හා... නිශූ... මම එන්නම්...."


"චන්ඩිය මොකෝ. මේ මම යනවා.. 2ට එන්න... පිලිවෙලකට ඇඳන් එන්න....."


"ආහ් හරි නිශූ. මම එන්නම්."


එයා කෝල් එක තිබ්බ.


දැන් මොකද කරන්නෙ. නිශූ නං අවුලක් නැති සින් එකක ඉන්නෙ හැබැයි. ඕනෙ මගුලක් බං දැන් නං.


දවල් දෙක වෙනකොට නාල කාල එහෙම ලෑස්ති උනා.


කොණ්ඩෙ පීරල සෙන්ට් එකක් ගහල චේන් මාල ගලවල අත්දිග ශර්ට් එකක් ඇඳල ඩෙනිමක් ගහල එහෙම ඩීසන් පිට ගෙදරින් එලියට බහින මම


පොර වගේ ගෙදරින් එලියට බැස්සට නිශූලගෙ ගේ ලගට යනකොට කොර.


හිමීට ගිහින් මම බෙල් එක ගැහුව. දොර ඇරියෙ අර නිශූගෙ මෝහිනි නංගි. ඒකි කින්ඩි හිනාවක් දාල මගෙ දිහා බලල යන්න ගියා. නිශූගෙ තාත්ත දොර ගාවට ඇවිල්ල,

"ඇතුලට එන්න. වාඩි වෙන්න. අපිට පොඩ්ඩක් කතා කරන්න ඕනෙ"

දැන් මම.


මමත් බබා වගේ ගිහින් කකුල් දෙකත් ලං කරන් පුටුවෙන් වාඩි වුනා. කාන්ති ඇන්ටි ත් ඇවිල්ල මගෙ ඉස්සරහ සෝෆා එකෙන් වාඩි උනා. මාමත් එයාගෙ එහාපැත්තෙන් වාඩි උනා.


දැන් නිකං හිරු ටීවි "සළකුණ" ප්‍රෝග්‍රෑම් එක වගේ. මම තමා ඇමති. චමුදිතයි අනෙක් එකයි වගේ ඇන්ටී මාමයි ඉන්නව මගෙන් හරස් ප්‍රශ්න අහල මාව නැති කරන්න.


දැන් ටිකකින් මට කෙල වෙන බව දන්න මම.


ඔව් ප්‍රිය හිතවතුනී ප්‍රශ්න ඇසීමේ මහා තරඟය කෙල වෙන බව දැන දැනත් මරු කටට ඒම අවසන් පූර්ව තරඟයයි මේ ආරම්භ වන්නේ. අපගේ වම් පසින් යොහාන් ලොක්කා සහ දකුණු පසින් ඇන්ටියි මාමයි සිටිනව. තරඟාවලිය දැන් ඇරඹෙනු ඇතී.....


අපගේ තරඟකරු යොහාන් මහතා සූදානම්....


දැන් ප්‍රශ්න ඇසීම ආරම්භ කරන්න....


"පුතා" නිශුගෙ තාත්ත කතාව ආරම්භ කලා.


"පුතාව අපි දන්නෙ පුතා මෙහෙට ආපු දවස් වල ඉඳන්. නිලානිල නිසා පුතාව අපිට අපේම දරුවෙක් වෙලා තිබ්බෙ."


අඬෝ මට ඇඬෙන්න එනව ඕයි. මම අඬන්නද දැන්. එපා නේ. බයත් එක්ක. මොනා අහන්න හදනවද දන්නෑ.


"පුතා නිශාධිත් එක්ක මෙහෙම සම්බන්ධයක් ඇති කරගනී කියල කාන්තියි මමයි හීනෙකින්වත් හිතුවෙ නෑ."


හරියට හරි. ඔය කියන්නෙ. ඒ කියන්නෙ ලොවෙත් කැමති නෑ තමා ඉතින්. හීනෙකින් වත් හිතුවෙ නෑලුනෙ. වැඩේ කචල් වගේ බං. ශික්.


"පුතාගෙන් මම ප්‍රශ්න කීපයක් අහනව. මට අවංකව පිළිතුරු දෙන්න. අපි ඊට පස්සෙ තීරණය කරන්නම් පුතා අපේ පවුලට සුදුසුද නැද්ද කියල."

මාම නිකං හය වන පැරකුම් රජු වගේ ගැම්මට ලයින් එකේ කියනව.


මොන මගුලක් අහයිද දන්නෑ බං. මෙතන තමා මචෝ ජීවිතේ තීරණය වෙන පොට් එක. මෙතන නෑවොත් නෑවම තමා. ඒ නිසා දැන් හදවතින් නැතුව මොලෙන් තීරණ ගත්ත නං හරි.


settings > heart settings > disable > back > back > brain settings > enable > maximum capacity.


මොලේ උපරිම ධාරිතාවෙන් ක්‍රියා කරන්න දැම්මට පස්සෙ මොලේ....

මතු සම්බන්ධයි.....




Report Page