♡ රාගයේ විලාපය ♡
13❦ දහතුන් වන දිගහැරුම ❦

පෙර කොටස් මතකදෝ. මගෙ පාර්ශ්වයෙන් හැමොම දැන් නිශූ ගැන දන්නවනෙ. නිශූ මාත් එක්ක කතා කරන්න ඕනෙ කියල ස්පොට් එකකට ආව. අපි කතාත් කරල නිශූව මගෙ ඔඩොක්කුවට ගත්ත.
[ කලින් කොටසට ]
එතැන් සිට.....
"මෝඩයො මාව වැටෙයි හරිද. අල්ලගන්නවත් තැනක් නෑ මෙතන"
"ඉතින් මගෙ කකුල් දෙකට අත තියන්න. නැත්තං මගෙ ඇගට හේත්තු වෙන්න"
"බැහැ මෝඩයො මම ගවුමක් ඇඳන් ඉන්නෙ"
නිශූට සෙට් වෙන්නෑ එහෙම ඉන්න එක. එයා ඉන්න ඈන්ගල් එකට මගෙත් කකුල් දෙක රිදෙනව.
ආදරයේ වේදනාව මේකද බං.

"නිශූ මේ. මෙහෙම පැත්තට හැරෙන්නකො. කකුල් දෙක මෙහෙට දාල. හානෙ."
නිශූ එහෙමම මගෙ සයිඩ් එකට හැරුන. ඒ හැරුනු වෙලේ එයා ඉඳගෙනමනෙ හැරුනෙ. මගේ ශරීරයේ පරිබාහිර නිදහසේ චලනය විය හැකි දණ්ඩක් වැනි කොටස ඇඹරිලා ගියා. සැපයි. ආදරයේ වේදනාව.
දැන් නිශූ මගෙ උකුල උඩ ඉන්නෙ මෙන්න මෙහෙම. පොටෝ එක බලපං කුණුහරප ඔලුවට මවාගන්නැතුව.

"දැන් ඉන්න පුලුවන්ද"
"පුලුවන් පුලුවන් මෝඩය. අනේ කවුරු හරි එයි.... අපි එහා එකට යමුකො. ඔයා මාවත් නරක් කරනව අනේ."
"නෑ නෑ කවුරුත් ආවම මොකෝ ඔයා මගෙ කෙල්ලනෙ. නේහ්"
මම එහෙම කියන ගමන් එයාගෙ බඩින් අල්ලල මගෙ ඇඟට තද කරගත්ත.
"නිශූ..."
"ම්ම්ම්ම් කියන්න."
"උම්ම එකක් දෙන්නකො"
"ම්ම්ම් හා....."
නිශූ මගෙ නලලට දිග.... උම්ම එකක් දුන්න.
"ඔතනට නෙවේ අනේ. මෙතෙන්ට"
මම මගෙ තොල් දෙකට ඇඟිල්ලක් තියල කිව්ව.
"ආ යසයි යසයි. ටවුන් එකේ මම මේ ඔයගෙ ඇඟ උඩ නැගගෙන ඔයාව කිස් කරනව දැක්කොත් කවුරු හරි."
"හම්ම් හම්ම්... " මම සෑඩ් මූඩ් එකකින් කිව්වා.
(tips 4 boyz - කෙල්ල මොකක් හරි බෑ කිව්වොත් හම්ම් හම්ම් , හා හා ඉතින් , හුම්ම් හෝ එවැනි වචන භාවිත කිරීමෙන් එය කෙල්ලට කියා කරගත හැක.)
(tips 4 girlz - කොල්ල මොකක් හරි කිව්වොත් ලයින් නොදී ඒක කරහන්, කරන්න පුලුවන් නං😂)
නිශූ මගෙ කම්මුලෙන් අල්ලල මුණ උස්සල එයාගෙ පැත්තට හරවගෙන මගෙ තොල් වලට කිස් කලා.
මුලින් හෙමින් හෙමින් පටන් ගත්තු කිස් කිරිල්ල පොඩ්ඩ පොඩ්ඩ දරුණු උනා.
නිශූ දැන් මගෙ කම්මුල අතෑරල පිට හූර හූර මාව කිස් කරනව. මමත් නිශූගෙ ඉන වටේ අත දාන් ඉඳල පොඩ්ඩ පොඩ්ඩ උඩට අත ගෙනාව. උඩටම ගෙනල්ල අදාල කඳු පාමුල හරියෙදි නිශූ මගෙ අතින් අල්ලල,
"මෙතන එපා යොහාන්" කියල අත පහලට කලා.
මෝල තද වෙලා පැනගෙන බදාගන්න හිටපු මම.

එහෙමම ටිකක් වෙලා පොඩියට කිස් කර කර අනං මනං කරල අපි එතනින් ආව. දවල්ට කන්න ගිහින් නිශූට කියල කවාගෙන අපි බස් එකෙන් ගෙදර ආව.
එහෙම ඉතාමත් සුන්දර විදිහට සති දෙකක් විතර ගෙවිල ගියා ඉතින්.
විටින් විට හම්බුනා නිශූව. හැබැයි පුතෝ කිස් එකෙන් එහාට නං එක අඟලක් ඉස්සරහට ගියෙ නෑ.
මට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ අලුතෙන් හම්බුන ඇපල් ෆෝන් එක මං ලග තියෙන නිසා මගෙ එක නිශූට දෙන්න විදිහක් සෙට් වෙන්නැති එක.
මාස්ටර් මයින්ඩ් ප්ලෑනක් ගහල නිශූට ෆෝන් එක දීමට කාලය එළඹ ඇත. ඉවසුවා ඇති. බහිමු පාරට. ගනින් බෝඩ් එක.
ආහ්හ් දැන් ඒව ඕන්නෑනෙ. ගෝල් ෆේස් එකේ උද්ඝෝශණ කරන්න වෙනම පොට් එකක් හදල දීලනෙ තීන්නෙ.
මාස්ටර් මයින්ඩ් ස' ආපු කාලෙ අපේ රටේ මිනිස්සු.

මේකට නං ඉතින් නෝමල් ප්ලෑනක් නෙවෙයි. මහින්ද මහත්තය රට බේරගන්න ගහපු ප්ලෑනටත් වඩා ලොකු ප්ලෑනක් ගහන්න ඕනෙ. මෛත්‍රී මහත්තය දින සීයෙන් රටක් ගොඩ ගන්න ගහපු ප්ලෑනටත් වඩා ලොකු ප්ලෑනක් ගහන්න ඕනෙ. ඒ ඇතිද. නෑ නේ. බැසිල් මහත්තය ලංකාවට අරින්න හදන ප්ලෑන්ටත් වඩා ලොකු ප්ලෑනක් ගහන්න වෙනව නිශූට මේක හරියාකාරව දෙන්න.
අනික නිශූට කිව්වොත් මේක හොරෙන් තියාගන්න කියල දවස් දෙකක් තියාගනී ඕනෙ නං. ලොවෙත් අම්මට මාට්ටු කරගන්නව.
හම්ම්.... මොකද කරන්නෙ.....
කුමාරයට කිව්ව නං හරියයි වැඩේ.
ගත්ත කෝල් එකක්.
"හෙලෝ යොයිය කියාන් බං"
"මේ උදව්වක් ඕනෙ"
"කියාන් සහෝ"............
කුමාරයට සීන් එක කිව්ව. ඌත් ගේමට එන්ටර් වෙන්න රෙඩී කිව්ව. කුමාර in😎. පේශලයට කෝල් එකක් අරන් උටත් කිව්ව. ඌත් සෙට් උනා වැඩේට. කුමාර & පේශල in.
අපි සෙට් එකම ටවුන් එකේදි මුණගැහිල දැන් ප්ලෑනක් ගහන්න හදන්නෙ. ටිකක් වෙලා යනකොට තමා තේරුනේ මුන් දෙන්නව මේකට පටලවගෙන මම කරගත්තු මෝඩ වැඩේ.
99 GAME PLAN REVIEW!!!!
කුමාරය කොහෙන්ද අහුලගත්තු බෝඩ් කෑල්ලක කොටු ටිකකුයි ඉරියි අඳින්න ගත්ත.
"මොකක්ද බං අඳින්නෙ. යකෝ ප්ලෑනක් ගහන්න ආවෙ. චිත්‍ර අඳින්න නෙවේ. බෑනෙ උඹල එක්ක"
"හිටපං පරයො මේ නිශාධිගේ ගෙවල් සහ වටපිටා ව අඳින්නෙ. ප්ලෑන් එකේ බේසික් එක. උඹල මේ ආකියොලොජිස්ට්ල නොවුනට මම ඔය ගැන දන්නව බං. කටපියන් බලන් හිටහන්කො ප්ලෑන් අඳින විදිහ."
අමෝ අමෝ ආකිටෙක්.

"දැන් උඹ ඔය අඳින්නෙ ගෙදරක ප්ලෑන් එකක්ද."
"ඔව් ඇයි. මුලින් මේව ඇඳන් ඉන්න ඕනෙ. ඊට පස්සෙ වාතාවරණය කතා කරන්න ඕනෙ."
කුමාරය නිකං ඔස්තාර් වගේ කියනව.
"හම්ම්. එහෙනං ඒ අඳින ගෙදරට රෙදි කෑල්ලක් නැති කාමරයක් අඳින්න එපා."
"ඒ මොකෝ බං ඒ" කුමාරයයි පේශලයයි දෙන්නම අහනව.
"එතකොට තොපි වගේ එවුන් එවන්නැතුව අර රෙදි කෑල්ලකින් පිහිදල ඉවරයක් කරන්න පුලුවන්නෙ ඒ වැඩේ."
කුමාර සහ පේශල ලෙප්ට්

" ආ ආ ඒම කියනව නේ. එහෙනං ඉතින් උඹම ගහපංකො ප්ලෑනක්. අපි අහන් ඉන්නම්. මාස්ටර් මයින්ඩ් කියපංකො එහෙනං ප්ලෑනක්."
"පොඩ්ඩක් හිටපං ඉතින්. එක පාරටම එන්නෑ. ඔය විකාර නවත්තල උඹලත් හිතපල්ල."
අපි තුන් දෙනාම දැන් හිතනව එහෙන් මෙහෙන්.
අන්තිමට මට පොටක් පෑදුනා. අපේ ටවුමෙ පංති කරන තැනක සර් කෙනෙක් ඉංග්‍රීසි කෝස් එකක් නොමිලේ කරනව හැම අවුරුද්දකම කැම්පස් සෙට් උන එවුන්ට. මාත් ඕකට යන්න හිටියෙ. නොමිලේ නෙ. ගෙදරට කියනව 500ක් වගේ ගානක්. නොමිලේ කරගන්නව. අනික සර් online උගන්නන්නෙත්.
"අඩෝ මේ අර ***** ආයතනෙන් නොමිලේ ඉංග්‍රීසි පාඨමාලාවක් කරනව නේ. web එකකින්."
"ඔව්... ඉතින්. අපිට නං බෑ පුතෝ කඩ්ඩ ගාවගන්න. වීර පුරන් අප්පුල යුද්ධ කලේ ගෑනුන්ට ෆෝන් දෙන්නයි කඩ්ඩ ඉගෙනගන්නයිද යකෝ."
"තොපිව ගනීද යකෝ ආයතනෙකින්වක්. ඒක සති දෙකේ කෝස් එකක්නෙ බං. මම කාන්ති ඇන්ටිට කියන්නම් ඒක ගැන. එයත් නිශූ පංති යනවනං හෙන ආසයිනෙ. අනික නිශූත් ආසයිනෙ කඩ්ඩ ඉගෙන ගන්න."
"උඹ ඉතින් ෆෝන් එක දෙන්නෙ මොකක් කියලද."
"මම කියනව මට ෆෝන් එකක් හම්බුනාම් මෙහෙම කෝස් එකක් තියේ. ඉතින් නිශූට ඒකට සෙට් වෙන්න නං මොකක් හරි එපැයි. ඕනි නං මගෙ පරණ එක දෙන්නම් කියල"
කුමාරයයි පේශලයයි ඒකට එකඟ නෑ වගේ නිකං.
"ඒක සෙට් වෙනෑ බං. ඕම නෙවේ කරන්න ඕන"
"ඇයි කොහොමද කරන්න ඕනෙ."
"අපි නින්ජා කිට් ගහගෙන වහලවල් උඩින් පැනල......
"අනේ හු@තො වද නොදී පලයන් මෙතනින්. පැනපං ලිඳට."
මේ ඔටු ලබ්බො දෙන්නව මේකට සෙට් කරගත්ත මටයි ගහන්න ඕනෙ.
මම ඒ ආයතනයට ගිහින් රෙජිස්ටර් වෙන්න කොල දෙකකුත් අරන් නිශූලගෙ ගෙදරට ගියා.
නිශූලගෙ අම්මට නිව්ස් එක කිව්ව විතරයි හප්පටසිරි. බලන්න එපෑය. ආතල් එක. කාන්ති ඇන්ටිගෙ මූණ නොරොක් උනේ ඒ ක්ලාස් එක online එකක් කිව්වට පස්සෙ.
නිශූගෙ අම්මටයි තාත්තටයි තිබ්බෙ පරණ බටන් ෆෝන්. නිශූටත් ඒකක්නෙ. සල්ලි නැති නිසා නෙවේ. සරල නිසා.
ඉතින් ක්ලාස් එක ඔන්ලයින් කිව්වට පස්සෙ තමා කාන්ති ඇන්ටිගෙ ආතල් කුඩු උනේ.
මම හිමීට වෙඩි නුල පත්තු කලා ඒනං හොඳේ.😉.
"ආ ඇන්ටි මට යාලුවෙක් ගෙන් අලුත් ෆෝන් එකක් හම්බුනා. මගෙ පරණ එක දෙන්න කෙනෙක් නැතුව හිටියෙ. නිශාධිට ඔනෙ නං මං ඒක දෙන්නං. ඉගෙනගන්න වැඩකටනෙ ඉතින්"
"අනේ ඉතින් පුතේ පුතාගෙ ෆෝන් එකනෙ. අපි එකක් අරන් දෙන්නං. පුතා කෝස් එකට යන්නකො. අපි වෙන එකක් බලන්නම් මෙයාට."
"නෑ ඇන්ටි ඉතින් මට වැඩක් නෑ ඒක. නිකං සවුත්තු වෙලා යන එකේ නිකං තියල නිශාධිට දෙන්නම් මං ඒක. එයාටත් කෝස් එකට එතෑකිනෙ."
කාන්ති ඇන්ටි නිශාධිගෙ තාත්තත් එක්කත් කතා කරල වැඩේට කැමති උනා.
එවෙලෙම ගෙදරට දුවල ඩේට ට්‍රාන්ස්ෆර් කරන අනං මනං රෙද්දවල් ටික කරල නිශූට ගෙනිහින් දුන්න ෆෝන් එක.
දවස් දෙකක් විතර යනකං නිශූ එක්ක වැඩිය චැට් කිරිලි අනං මනං නොකලෙ එයාගෙ අම්ම හෙන අවධානයෙන් එයාව නිරීක්ෂණය කරනව කියල මට නිශූ කියපු නිසා. ඉතින් සේප් එකේ දවස් දෙකක් විතර ගෙව්ව. ඔහොම ඉඳල තුන් වෙනි දවසෙ කෝස් එකත් පටන් ගත්ත. ඔක්කොම හත් දෙනෙක් ඉන්නව අපේ පැත්තෙන් කැම්පස් තේරුනු.
ඉතින් සෙට් එකම ඔන්න පළවෙනි දවසෙ කොස් එකේ මීටින් එකට සෙට් උනා.
හත්තික්කේ යකෝ.... මොනාද ඒ සර් කාරය කියන කුණුහරප. මොන මගුලක්ද යකෝ ඒ.

දැන් තමා තේරෙන්නෙ මෝඩකම. සර්කාරය මොකක්ද බයිලාවක් කියවන් යනව. ඒක අහන් ඉන්න මම.

අමාරුවෙන් පැය දෙක හමාර ගෙවාගෙන ඉන්නකොට අන්තිමට සර් good bye children. see you tomorrow කියල කියනව විතරයි මතක.
පංතිය ඉවර වෙලා නිශූ වට්සැප් වීඩියෝ කෝල් එකක් ගත්ත.
(යා යා අපි දැන් දියුණුයි😎. gammac nethe....)
නිශූගෙ මූණ නිකං බස් එකකට යටවෙන්න ගිහින් අහම්බෙන් බේරිලා ආපහු ටිපර් එකකට යටවුනු කෙහෙල් ගෙඩියක් වගේ. සිග්නල් නෑනෙ ෆෝන් තිබ්බට.
"යොහා......අ......ඳට...... ග....තද..."
මම

මම කෝල් එක කට් කරල නිකං වොයිස් කෝල් එකක් ගත්ත.
"අනේ යොහාන් ෆෝන් එකේ අවුලක්නෙ. මට ඇහෙන්නෑනෙ මුකුත්."
"ආ නෑ නෑ ඒ සිග්නල් අවුලක්. හිතන්න එපා. ඩයලොග් සිග්නල් නෑ මෙහෙට. මොබිටෙල් තමා තියෙන්නෙ. මම මගෙ අනික් මොබිටෙල් එක දාල දෙන්නං ඕකට."
"ආ හරි හරි යොහාන්. ආ මේ අද තේරුනා නේ. සර් හොඳට කියල දෙනව නේ යොහාන්."
ම්ම්ම්ම්ම් යසයි යසයි හොඳට කියල දුන්න. තාම තේ රෙනෙව.
"අවුලක් නෑ නිශූ. හොඳයි සර්."
"ම්ම්ම්ම් හරී. දැන් යමු මට ගොඩක් වෙලා ඉන්න බෑ. රෑට කන්න වස්තුව..... පරිස්සමින් ඉන්න..."
"හරී මැනික... ඔයත් කන්න රෑට. පරිස්සමට ඉන්න...."
"ආහ් මෙ නිශූ මට පොටෝ එකක් එවන්නකො😁. wallpaper එකට දාගන්න."
"ආහ් හරී..... මං එවන්නම්. දැන් යමූ...."
උම්ම දිල අනං මනං කියල ඔක්කොම කරල කෝල් එක තිබ්බ.
දවස් පහ හයක් යනකොට හෝඩියවත් බැරි වෙලා හිටපු මට ගැටගහන් යන්තන් වාඛ්‍ය කෑලි අමුණගෙන කතා කරගන්න පුලුවන් උනා.
දැන් ඔන්න නිශූගෙයි මගෙයි ලව් ස්ටෝරි එකේ ටිකක් විසේ වැඩිම කාලෙ වගේ යන්නෙ. සයිලන්ට් චරිතයක් වෙලා හිටපු නිශූ දැන් නිකං නියමම ලාංකීය පෙම්වතියක් වගේ වෙලා ඉන්නෙ.
ඉතින් නිශූගෙයි මගෙයි ගමන් බිමන් ටිකක් වැඩි උනා. මාමයි නැන්දයි දන්න නිසා මට ඕනෙ වෙලාවක නිශූ එක්ක එහෙ මෙහෙ යන්න පුලුවන් ගේමක් නැතුව.
ඒ වගේම තමා නිශූගෙ අංග සම්පූර්ණ රේඩාර් පද්ධතිය නිසා මම දැන් හැම දෙයින්ම මිදිල ඉන්නෙ. (මත් වතුර වගේ). මොකද ඊළඟ පාර මාට්ටු උනොත් නං මන්නයක් අරන් කෙලී බෙල්ලටම ලෙල්ල හුටන් ලෙලි රඹුටන් වෙන්න.
නිශූ ගෙදෙට්ට අපේ සම්බන්ධය ගැන කියන්න සෑහෙන බයයි. නිශූ නෙවේ මාත් බයයි. බඳින දවසට උස්සන් යන්න තමා වෙන්නෙ ගෙදෙට්ට නොකියම. මරු හැබැයි.
නිශූගෙයි මගෙයි ප්‍රේම පුරාණය ලියවුනේ පරණ බස් ගහපු තැන කොනේම තියෙන බංකුවක් උඩ. බංකුවට කතා කරන්න පුලුවන් නං කියයි........... කියපං අටපට්ටමට. වෙන මගුලක් නෑ.
සුපුරුදු පරිදි උදේම බස් එකේ නිශූගෙ පිටිපස්සෙ ඇවිල්ල තද වෙලා ටවුමට ආව.
"මේ මෝඩයො ඊළඟ දවසෙ මගෙ පැත්තෙන් ඉන්නව හරිද. මැට්ට වගේ මගෙ ඇඟ දිඟේ යනව. කොන්දත් රිදෙනව. මෝඩය."
"ආ එහෙනං මම ඉස්සරහින් ඇවිල්ල තද වෙන්නම් ඒක ජොලි වැඩේ නේ"
"ආනේ වැඩේමයි"
කතාවෙන් කතාවෙන් අපි ආව බංකුව ලඟට.
හත්තික්කේ....... මෙතන ටියුශන් පන්තියක්වත් දාලද යකෝ. පොඩි කොල්ලො කෙල්ලෙ ජෝඩු ජෝඩු හැම බිත්තියක් බිත්තියක් ගානෙමයි බංකු වලයි ලව් කරනව. මෙතන නං ඉන්න බෑ ලොවෙත්.
"අනේ යොහාන් මෙතන නං බෑ. කට්ටිය වැඩී"
නිශූ කැමැති නෑ කට්ටියවැඩි තැන් වල ඉන්න. උඹලට හිතෙයි කවුරුත් නැති තැන් වලට එයා ආස ඩිස්ටි ඩිඩිං කරන්න පුලුවන් නිසා කියල.
නෑ බං. අතින් ඇල්ලීම හෝ උකුලෙන් වාඩි වීම පවා එයා සලකන්නෙ ඉතා දරුණු ක්‍රියාවලි හැටියට. බැඳල කාර් එකට නගිනකොට මට තමා අඬන්න වෙන්නෙ.
එතන සෙට් එක වැඩි නිසා අපිට දැන් ඉන්න තැනකුත් නෑනෙ.
"නිශූ. පුස්තකාලෙ ගාව බංකු තියෙනව. එතනට ගිහින් නිකං කතා කර කර ඉමුද අපි."
"ඒත් යොහාන් අම්මත් ටවුන් ආව බඩු ගන්න. එයා එතනට ආවොත් එහෙම."
"අද එයා එන එකක් නෑ අනේ. බඩු අරන් ගෙදර යයි."
"හම්ම්. ඉක්මනට ගෙදර යමු හරිද"
ඉක්මනට නං යන කතාවක් නෑ ඉතින්. ගෙදර යමු.
නිශූයි මමයි පුස්තකාලෙ ලගට ගිහින් බංකුවෙ වාඩි වෙන්නත් කලින් මගේ කරුමෙ ඉස්සර උනා.
නිශූගෙ අම්ම, කාන්ති ඇන්ටි පුස්තකාලෙ ඉඳන් එලියට එනව. බඩු ගන්න ගියත් පුස්තකාලෙ සමග තියෙන අන්තර් විදේශ සබඳතා නං නවත්තල නෑ වගේ. වෙච්ච සීන් එක නිකං සඳකැන් දාන දඩාර වයිඩ් එකකට බැට් එක අල්ලල ටිප් උනා වගේ වැඩක්. මමමනෙ කිව්වෙ මෙතනට එමු කියල.
මමයි නිශූයි අතින් අල්ලන් ඉන්නව දැක්ක ගමන් කාන්ති ඇන්ටි ඩිම් වෙලා අපි දිහා බලන් හිටිය.
නිශූත් අම්මව දැක්ක ගමන් මගෙ පිටිපස්සට ඇවිල්ල අතින් තද කරන් ඇඟේ එල්ලුනා. නිශූ නං බය වෙලා අම්බානක.
මම ඉතින් ඊට වඩා බය වෙලා. හී හී. අපිත් මිනිස්සුනෙ. නේහ්. පිරිමි උනාට. හේ හේ.

වෙනදට හිමින් හිමින් ඇවිදින කාන්ති ඇන්ටිට අද උසේන් බෝල්ට්ගෙ ආච්චි වැහිල වගේ අපි ගාවට දුවන් ආව.
"නිශාධි මොකක්ද මේ කරන්නෙ යොහාන් එක්ක"
මතු සම්බන්ධයි......