♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

09

නම වන දිගහැරුම

ඉතින් මතකනෙ සිද්දිය. පංසලේ බණ මඩුවෙ ඩෙඟා නටල ඇවිල්ල නිශූටත් අතේ මාට්ටු උනා. නිශූව ගෙදෙට්ට ඇරලවල යනකොට කලු පාට බ්ලැක් කාර් එකක් මාව පාස් කරන් ගියා.......

[ කලින් කොටසට ] 👈මෙතනින්



එතැන් සිට.....


මොකාද බං ඒ පහු කරන් ගියේ. නිශූව පැහැරගන්න ඇවිල්ලද. අඩෝ අල්ලන්නෑ එකෙක්වත්... හම ගහනව දැනගනින්...


මටත් වැදිලනෙ ඉන්නෙ කුඩු වෙන්නම. මාර ගටක් බං ආවෙ හිතට. නිකං ගෙයක් උනත් කුඩු කරතෑකි ඒ පවර් එකට. හී හී ගෙයක්ම නං බැරි වෙයි. ගේක වීදුරුවක් වගේ නං පුලුවන් වෙයි.

හී හී ගෙයක්ම කුඩු කරන්න අමාරුයි ඒත්

බාහුබලී වගේ යෝධ බල යෝධ ශක්තිය ඇගට අරන් , පපුවත් ඉස්සරහට දාගෙන පලවෙනි අඩිය තියනකොටම දැක්ක දෙයින් ඇඟ සසල වෙලා ගියා.......


ඕ මේරේ පෙයාර් තුම් නේ......

ඒක බාර්.... ඒක බාර් පෙහෙලා නා ශා නේ කරතේකා.....

දුලීකා..... නදිකා.....


චීස් කෑල්ලකට වඩා පොඩ්ඩක් සුදු කිරි ටොයියා කෑල්ලක් බැස්ස කියහංකො කාර් එකෙන්. මම බකස් ගාල එතනම හිට්ටා කරකියාගන්න දෙයක් නැතුව.


නිශූ මගෙ දිහා , 'මගුලක් කරනවද? ඉක්මනට ගෙදර යනව' වගේ ලයින් එකකින් බලන් ඉන්නව.


නිශූ දිහා බලල අර කාර් එකෙන් බැස්ස කෙල්ල දිහා බලනකොට ඒකි මාව දැකල , මං දිහා බලල හිනාවක් දැම්ම කියාංකො....


අඩෝ මෝහිනී වගේ නිකං. සුදුම සුදු ගවුමක් ඇඳන් කොණ්ඩෙ කඩාගෙන හෙන සෙස්සි බැල්මට් එකකින් මගෙ දිහා බලල මහ කුරිරු හිනාවක් දැම්මෙ.


මෝහිනීටත් ළමයෙක් දීපු එවුන් ඉන්න ජාතියක මම මොකෝ බං මෙහෙම අයට බය වෙන්නෙ කියල හිත හදන් ගෙදර ආව. ඇවිල්ල හොඳට නාල කරල එහෙම ටිකක් නිදාගෙන රෑට කන්න ආව.


නැන්දල කතා වෙනව පංසලේ කොල්ලො දෙන්නෙක් බණ මඩුවෙ පිස්සුවක් කෙලල ආපු සීන් එකක් ගැන.


"බලන්නකො ඉතින් බණ මඩුවකවත් හැසිරෙන්න දන්නැති එවුන්නෙ දැන් ඉන්නෙ."


"කියල වැඩක් නෑ නිලානි. මේ යොහාන්ව එහෙම ඔය කොල්ලො එක්ක ආශ්‍රේට යවන්න එපා. එයත් නරක් වෙයි." මාමත් කියනව.


ඔක්කොම කරපු මාව? උන් එක්ක යවන්න එපා? මම නරක් වෙයි?

මෙතන තව වෙලා හිටියොත් නං බෙල්ල විකාගෙන මැරෙන්න තමා වෙන්නෙ. ඒ හින්ද කෝකටත් කියල සාලෙට වෙලා කාල නිදාගත්ත.


'ඩිස්ටක්කර ටකර ටකර ඩිස්ඩිං ඩුං ඩකට් ඩකට්'


ගහප් පොලේ එලාම් එක දැනගනින්. මල කරුමෙ. ඇයි යකෝ.


හත්තික්කේ..... එලාම් එක නෙවේ මගෙ ringing tone එක ඒ. නිශූගෙන් කෝල් එකක්.


"හෙලෝ නිශූ කියන්න"


"අනේ යොහාන් අද දවල්ට නං මට ඔයාව හම්බෙන්න වෙන්නෙ නෑ. අපේ නංගි කෙනෙක් ගෙදර ගෙනල්ල. අද එයත් එක්ක ඉන්න වෙනව. මම පස්සෙ කියන්නං ඔයාට විස්තරේ."


"ආහ් හරි නිශූ. හෙට යමු අපි. මටත් මේ අද වැඩ ටිකක් තියෙනව කරන්න"


"හරි මැණික..... පරිස්සමින් කරන දෙයක්...."


"හරි නිශූ ඔයත් පරිස්සමින්"


"ආ මේ මැට්ටො. මට මුකුත් අමතක නෑ හරිද. අල්ලගන්නන්කො ඉන්නකො...."


"හේ හේ මම දුවන්නෑ ඉතින්"


"හා හා දැන් යමූ... උම්ම්ම්ම්මා......"


"හරී.... මම යනව නිශූ... උම්ම්ම්ම්ම්මා...."


මිශන් ඉම්පොසිබල් වැඩක් නං ශේප් කලා. නිශූගෙ නංගි ලස්සනයිනෙ ඕයි නිශූට ව.......

නෑ නෑ නිශූ තමා ලස්සනම කෙල්ල මේ ලෝකෙ.


දැන් අද වැඩකුත් නැති එකේ සේපට ඇලට් එකක් දාන් සැපේ හිටියෑකි...


දන්නවද බං කරුමෙ කියල එකක් තියෙනව. ඔය කියන කරුමෙ උපරිමෙන්ම තිබ්බ කොල්ලෙක් තමා මම. කරුමෙ කොච්චර ලොකුද කියනව නං නිශූගෙ කෝල් එකෙන් පස්සෙ ඇඳට වැටිල නිදාගන්න හදපු ගමන් නැන්ද කතා කලා.


නැන්ද කතා කලා කියන්නෙ ලොවෙත් පොල් පරාලයක් මගෙ ඔලුවෙ ගහන්න තමා ඉතින්. නැතුව මට චොකලට් ගෙනල්ල කතා කරන්නෑ.


"යොහාන් පුතා එන්නකො පොඩ්ඩක්. මේ චතුමිණී අක්ක ඇවිල්ල."


හෑ.... හදිස්සියක් වෙන්නැති නේහ්. (චතුමිණී අක්කව මතකයිනෙ)


"එනව නැන්දේ...."


කොල්ලෙක්ට බෑ බං කවදාවත් උදේ නැගිටපු ගමන් බය නැතුව ගෙදර අයට මූණ දෙන්න. කොහොමත් ඇහැරිලා ටෙන්ට් එක ආශ්‍රිත ප්‍රදේශයේ උච්ඡ අවපීඩන තත්වය සමනය වෙනකං ඉඳල තමා යන්නෙ.


මමත් ඔය කිව්ව වගේ ඒ progress එක ඉවර වෙනකං ඉඳල ගියා චතුමිණි අක්ක හදිසියේම මාව හොයන් ඇවිල්ල තියෙන්නෙ මොකෝ බලන්න.


මෙකිව දැක්ක ගමන් අමාරුවෙන් පාලනය කරල තිබ්බ අවපීඩන තත්වය පට ගාල නැග්ග නැගිල්ලක් මටත් හිතාගන්න බැරි උනා. චතුමිණී අක්ක දණහිස ගාවට විතර ලෙගීන් එකක්ද මොකක්ද මගුලක් ඇඳල බ්ලවුස් එකක් හෙම ගහගෙන හෙල්මට් එකකුත් දාගෙන තව හෙල්මට් එකක් අතේ තියන් ඉන්නව.


"ආ මල්ලි මේ උදව්වක් කරනවකො"


"කියන්න අක්කෙ"


"මේ ඇඳුමක් දාන් එනවකො ටවුමට යන්න. මට ලැප් එකක් ගන්න ඕනෙ. හොඳ එකක් බලාගන්නත් ඕනෙ"


"ඉතින් මං මොකෝ."


"උඹලනෙ බං ඕව ගැන දන්නෙ. පොඩ්ඩක් උදව්වක් දෙනවකො."


"හා හා ඉන්න මම මූණ කට හෝදන් එන්නම්" කියල මම සේපෙ අක්කගෙ ඇඟත් බලාගෙන කැපුණ.


පටාර් ගාල මූණ හෝදන් දත් ටිකත් එහෙන් මෙහෙන් මැදල දාල මගෙ ජාතික ඇඳුමෙන් සැරසුනා. ශෝටයි අත් දිග ටී ශර්ට් එකයි බාට සෙරෙප්පු දෙකයි. අපායට ගියත් ඔය ඇඳුම් කට්ටලේ ඇඳන් තමා. කෝමත් අපායට තමා යන්න වෙන්නෙ.


මට බයිසිකල් එලවන්න බෑ කියල දන්නවනෙ. ඒත් චතුමිණී අක්කට පුලුවන්. පුලුවන් කියන්නෙ එයා එලවනව. හැබැයි එලවන්න තේරෙන්නෑ. ඔය සමහර අක්කල ඉන්නෙ බයිසිකල් වලින් ගිහින් ගෙවල් වල නිදාගෙන ඉන්න මිනිස්සුන්වත් හප්පල මරන. එහෙම කෙනෙක් තමා චතුමිණී අක්කත්.


මමත් බයෙන් බයෙන් හෙල්මට් එකත් දාගෙන නැග්ග ස්කූටරේට. ඉස්සරහට වෙන්න බෑ අක්කගෙ......... වදිනව. පස්සට වෙන්න බෑ මේකි මාව වට්ටයි කියල බය නිසා.

දෙලොවක් අතර මා තනි උනා......... අප ලං වී හමු වී....


අපේ පාර සාමාන්‍යයෙන් ටිකක් අබලන් පාරක්. යහපාලන ආණ්ඩුවෙ මන්ත්‍රී කෙනෙක් කෝටි ගාණක් වියදම් කරල, ප්‍රතිසංස්කරණ කටයුතු කියල මගුලක් ලියපු පත බෝඩ් එකක් එහෙම ගහගෙන රඟපු, මාර්ග සංවර්ධන අධිකාරියෙන්වත් හදන්නැති පුන්චි පුන්චි වලවල් ගොඩාක් තිබ්බ අපේ පාරෙ. චතුමිණී අක්ක පොහොට්ටුවෙ නිසාද කොහෙද ඒ පුන්චි පුන්චි වලවල් වලට බම්බු ගහගන්න කියල ගානට ටයර් එක වලවල් උඩින්ම තියල අල්ලනව. ඩාං වෙනව ඩූං වෙනව. උඩ ගිහින් වැටෙන වැටෙන සැරේට වෘශණ දෙක ලෙප්ට්.

බස් එකේ එනවට වඩා අමාරුවෙන් මෙයා එක්ක බයිසිකලේ ඇවිල්ල එයාට ටිකක් හොඳ සාධාරණ ගානකට ලැප් එකක් සෙට් කරල දුන්න.


ඕකත් අරන් ආපහු ගෙදර එන ටිකට ආපහු වෘශණ කෝශ ලෙප්ට්.


චතුමිණී අක්කට ලැප් එක දීල මම ගෙවල් ගාවින් බහින්න හදනකොටම අක්ක කතා කලා.


"ඒ මල්ලි කොහෙද යන්නෙ. මේක හයි කරල දිල යනවකො."


"ඕකෙ මොනා හයි කරන්නද බං අක්කෙ. ඔක්කොම හයි කරලනෙ එවන්නෙ."


"ඒක මං දන්නව බං. පොඩ්ඩක් බලල යනවකො. හොඳයිද කියලවත්."


"හා හා යමු යමු" කියල මම චතුමිණී අක්කගෙ ගෙදෙට්ට ගියා.


ලැප ඔන් කරල අනං මනං කරල එයා ඉල්ලපු සොෆ්ට්වෙයාර් ටික එහෙම දාල දීල අක්ක හදල දීපු කිරි කහට එකත් බීල එහෙම ගෙදර ආව දැන්වත් නිදහසේ ඉන්න පුලුවන් කියල හිතාගෙන.


ගෙදර එන ගමන් සාක්කුවට අත ගියාම නිකං කොල කෑලි ටිකක් වගේ අහුවෙනව.


මල කෙලියයි......!


පන්සලේ බණ මඩුවෙ ඉන්නකොට හම්බුණු ලොකු ලොකු සල්ලි කොල සේරම මම පෙට්ටියට නොදා සාක්කුවෙ දාගත්ත උපාලි මාමට දෙන්න කියල හිතාන. දෙන්න උනේ නෑනෙ ඌ අපිට ගහල පැන්නුවනෙ.


මේව වියදම් කරන්නත් බයයි හැබැයි. හෙන ගහන අපරාදනෙ බං. දැන් ඊට පස්සෙ ගමේ කතාවක් යයි බණ කියපු කොල්ලො දෙන්න සල්ලි අරන් මාරු වෙලා කියල. ඒ හින්ද මම එහෙමම කුමාරයට කෝල් එකක් දිල සීන් එක කිව්ව.


මූ ගත් කටටම කිව්වෙ'

"බොමුකො හු@තො ඔය සල්ලි වලින් කියල"


"බොන්න නෙවෙයි පරයො මේ ටික ගිහින් දෙමු. මම නිශූ අතේ යවන්නම්. ආ මේ 500 ක් තියාගන්නම්. කෑල්ලක් ගහන්න."


"අඩේ යොයියා උඹ දෙයියෙක් ඕයි. සල්ලි තියාගනින්. මම පේශලයට කියල කෑල්ලක් හොයාගෙන තියාගන්නන්."


"එල එල බං මම යනව."


"එලම යොයියා"


කෑල්ලක් කියන්නෙ බං තණමල්විලින් එන ඉම්පෝටඩ්(imported) කොල ජාතියක්. හෙන ශාකසාර අඩංගු ඖෂධීය පොට්ටනියක්. රුපියල් පන්සීයයි. ඒ දුම ආඝ්‍රාහණය කලාම "අපේ ගමෙන් හඳට යන්න අඩි පාරක් තියෙනව" කියන සීන් එකේ ඉන්නෙ.


ඉතින් මම නිශූලගෙ ගෙදෙට්ට එහෙම්ම පයින් ගියා. නිශූ නං නෑ එලියෙ. සැනික කෝල් එකක් ගහල ගෙන්නගත්ත.


"මෝඩයො අම්මලත් ගෙදර. ඇයි හදිස්සියෙම."


මමත් සීන් එක කිව්ව ඉතින්.


"ඔක්කොම සල්ලි මෙතන තියේනෙ අඩුවක් නෑනෙ කීයක්වත්. " නිශාධි නිකං මාව සැකපිට අතඩංගුවට ගන්න වගේ අහන්නෙ.


"නෑ නෑ නිශූ ඔක්කොම තියේ. ඔයා උපාලි මාමට ගෙනිහින් දෙන්නකො."


"හා හා දැන් ගෙදර යන්න. රස්තියාදු ගහන්න එපා."


"ආ මේ අර නංගා කවුද."


"පස්සෙ කියන්නම් මැට්ටො දැන් ගෙදර යන්නයි කිව්වෙ" කියල නිශු මට උම්ම එකකුත් දීල ගේ ඇතුලට ගියා.


නිශු යනකං ඉඳල මම කුමාරයගෙ ගේ පැත්තට පියමන් කරන්න ගත්ත. බඩු රෙඩී වෙනවනෙ එහෙ. ඒ උනාට පංසලෙන් උස්සපු සල්ලි වලින් මගුල් කරල කෙල වෙයිද දන්නෑ හැබැයි. කමක් නෑ. නේහ්.


මම යනකොට පේශලය ඇවිල්ල වෙන අයිය කෙනෙක් එක්ක. ඌ තමා බඩු සප්ලයි කරන්නෙ. උට ගාන දීල කුමාරයගෙ ගෙදර ඉඳන්ම එතුව රෝල. දැන් ගහන්න තැනකුත් හොයන්න එපෑය.


"යොයියා කොහෙටද යන්නෙ පොට් එකක් කියහංකො."


"මම දන්නවද යකෝ පොට්. උඹලනෙ දන්නෙ ඕව. මම ප්‍රාග්ධනය යොදවනව විතරයි ඉතින්. ශ්‍රමය උඹල යොදවපං."


"අමෝ අමෝ ඉකොනොමිකල් ටෝකක්" පේශලය කින්ඩි දානව මට.


"යොයියා පන්සල ඉස්සරහ කැලේ නං පුලුවන්"


"හෙන ගහන කතා කියන්න එපා බල්ලො. වෙන තැනක් ඇත්තෙම නැද්ද."


කොච්චර සාකච්ඡා කලත් වෙන පොට් එකක් ලයින් උනේම නෑ. ඒ නිසා කුමාරය කිව්ව වගේ පංසල ඉස්සරහ කැලේට සෙට් වෙන්න තීරණෙ කලා.


හෙමීට හෙමීට පංසල වෙතට ඇදිල කාටවත් නෝන්ඩි නොවී කැලේට පැනගත්ත. පැනල පත්තු කරන් ගහනව දැන් තුන් දෙනාම.


ඔහොම වටේට යව යව ගහල ඔන්න පන්දමත් ඉවර උනා. ඒකත් ඉවර වෙලා නැගිට්ට සුභ මොහොතින්. නැගිටින්නත් බෑ ඇස් නිල් වෙන්නම වැදිල තියෙන්නෙ. කුමාරයගෙ එහෙම ඇස් දෙක පියවෙලා උට පාරවත් පේනවද දන්නෑ.


පංසලේ සල්ලි වලින් , පන්සල ඉස්සරහම මෙහෙම සක්කිලි වැඩක් කරලත් තාම කෙල උනේ නැත්තෙ ඇයි කියල කල්පනා කර කර එලියට එනකොට තමා වැඩේ දැක්කෙ.


නිශාධි සහ අර අලුතෙන් ආපු මෝහිනි වගේ කෙල්ල ඉන්නව පන්සලේ ගේට්ටුව ලග ඉඳන් අපි දිහා බලාගෙන.


මට අරුන්ට එන්න එපා කියන්නත් බෑ. මම සිහියෙන් හිටියට කුමාරයට එහෙම ඩොට් වෙන්නම වැදිල අතේ මාට්ටු. එදා බීල මාට්ටු, අද ගහල මාට්ටු. මටමයි වෙන්නෙ ඕයි. ශිට්.


මම හෙන බැගෑපත් ලීලාවෙන් නිශාධි ලගට ගියා. නිශූගෙ නංගිත් මං දිහා බලන් කින්ඩි හිනාවක් දාන් ඉන්නව.


"නංගි මේක දීල එන්න. උපාලි මාම කෝ අහන්නකො. එයා ඇති ඔය ලග පාත. මෙතනට එන්න ඔය ටික දීල" කියල නිශාධි අර සල්ලි ටික නංගිට දීල පිටත් කලා.


එයා අඩියක් දෙකක් එහාට යනකං ඉඳල නිශාධි ඇල්ලුව කියහංකො කනෙන්. කනෙන් අල්ලගෙනම අරන් ගියා පන්සල ලග තාප්පෙ අයිනට. කණ නෑ වගේ පෙන්ස්.


තාප්පෙ ගාවට අරන් ගිහින් දුන්න කියහංකො කන් අඩි පැලෙන්න චටාස් පටාස් ගාල. අරුන් දෙන්නත් බය වෙලා මම දිහා බලන් ඉන්නව. මමත් බය වෙලා නිශූ දිහා බලන් ඉන්නව.


"යසයි තමුසෙ කරන වැඩ. මම ඈත තියාම දැක්ක තුන් දෙනා එනව. කැලේ අස්සට ගිහින් මොකක්ද කලේ කියනව."


මම බිම බලාගෙනම ඉඳිය මුකුත් නොකිය.


චටාස්..... පටාස්...... තව වදිනව හෝ ගාල...


"කටක් නැද්ද දැන්... කතා කරනව කැලේ ඇතුලට ගිහින් මොකද කලේ කියනව මම හාමුදුරුවන්ට කතා කරන්න කලින්."


ඔන්න එතකොට තමා මාවත් ඩිම් උනේ.


"අනේ නිශූ මුකුත් උනේ නෑ අපි යමුකො නිශූ"


"යොහාන් ඇත්ත කියන්න මට. මොකක්ද කලේ කැලේ අස්සෙ."


හරියන්නෑ බං. මෙයාට ඇත්තම කියන්න වෙනව.


"අනී නිශූ මම... මේ... මම.... (හෙන හිමීට) ගංජ කෑල්ලක්...."

කියල විතරයි කියන්න හම්බුනේ.


පටාස්.... පටාස්...... චටාස්.....


"දෙයියනේ යොහාන්" නිශාධිගෙ කඳුලු පෙරාගෙන මගෙ මූණ දිහන් බලන් කිව්ව......


මතු සම්බන්ධයි......




කිසිම ලෙසකින් කිසිම මත්ද්‍රව්‍යක් භාවිතය අනුමත කරන්නෑ. අරක්කු බොන , ගංජ ගහන එවුන් ව වෙන උන්ට ආතල් උනාට ඒක කරන එකාට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නෙ. කතාවට ඇතුලත් කලේ පාඨක රසවින්දනය පමණක්ම සඳහා බව තරයේ මතක තියාගන්න. ඔබේ හිතවතකු මේවාට යොමු වී ඇත්නම් නිශාධි කලා වගේ කණ පැලෙන්න ගහල හදාගන්න බලන්න. නැත්තං අතාරින්න. එච්චරයි!!


Report Page