♡ රාගයේ විලාපය ♡
DrgNo❦ හතර වන දිගහැරුම ❦

සිද්දිය මතකනෙ. නිශාධිත් එක්ක මාමලගෙ ගෙදර ගිහින් ආපු ගමනෙ සෑහෙන ඇඩ්වෙන්චරස් දේවල් ටිකක් කොලානෙ. ඒ අස්සෙ සඳලිට මාව ආපහු හම්බෙන්න ඕනෙලු.
[ කලින් කොටසට ]
එතැන් සිට........
මොන මල මගුලක් ද මේ. ඇයි බං. රෙද්දෙ ටෝක්ස් ටිකක් දීල බ්ලොක් කරල දාල දැන් ආපහු හම්බෙන්න ඕනෙලු. ඔය වෙලාවට තමයි ඉතින් අත මිට මොලවල කනට ගහන්න හිතෙන්නෙ පිට කොන්ද කඩල යන්න.
(දෙපාරක් විතර කියවහං. මට තේරෙන්නෙත් නෑ කියපු එක)
උදෙන්ම ඇහැරෙන්න එලාම් එකත් තිබ්බ අර මල හෝන්තුව හම්බෙන්න එන්න කිව්ව නිසා. උදේ 9ට ටවුන් එකට එන්නම් කියල මැසේජ් එකකුත් දැම්ම. මොනා නැතත් නමට හරි කෙල්ල වෙලා හිටියනෙ අවුරුදු දෙකක්. ඒත් මේකි මොන අඩව්වක් අල්ලන්න හදනවද දන්නෑ.
සඳලිට හිතෙන් බැන බැන එහෙමම නින්ද ගියා.
සැපට නිදාගෙන ඉන්නකොට එලාම් එකේ සද්දෙට ඇහැරුනාම මොකෝ බං උඹලට හිතෙන්නෙ. 😂. මට නං එලාම් එක අරන් හපල කාල ආපහු තව එකක් අරන් ඒකත් හපල කාල ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න ඕනෙ පට්ට කුණුහරප තොගයක්ම කියල.

කියන් පලයන් උඹලට හිතෙන දේවල්😂.
ඉතින් වැනි වැනි දත් ටික මදින්න ගියාම ටූත් පේස්ට් එක ඉවර වෙලා. යන්තං සන්තං පදං කියල පුරාණ ගත් කතුවරුන් කිව් පරිදි, ලබා ගත නොහැකි නම් අතහරින්න යන පාඨය හිතට අරන් දත් මදින්නැතුවම මූණ හෝදන් ඇඳුමක් ඇඳගත්ත. කෝමත් තව ටික කාලෙකින්ම දත් ඇන්දක් අලුතෙන් බඳින්න වෙනව බං. මාසෙටම දෙපාරක් විතර දත් මදින්නෙ. ඔබේ සිනා මුව මඬලට මම හරි ආසායි....... හිනා වෙන්න හොඳේ.....
නැන්ද ගෙදර හිටපු නිසා නැන්දටත් රටේ නැති බොරු තොගයක් කියල ගෙදරින් පිට උනා දෙයියනේ කියල. නිශාධිටත් මැසේජ් එකක් දැම්ම හදිස්සියකට ටවුමට යනව කියල. ඊට පස්සෙ මම එදාට වඩා ටිකක් හොඳ බස් එකක නැගල ටවුමට ආව. හොඳ බස් එකක් කිව්වට ලදරමක් තමයි. ඒත් අරක තරන් පෞරාණික වස්තුවක් නෙවෙයි.
බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැල තමා වෙලාව බැලුවෙ. හිතන් ආපු වෙලාවට වඩා විනාඩි 20ක් විතර කලින් ඇවිත්. අපායට ගියත් ආයෙ ලොවෙත් කලින් තමා යන්නෙ. උදේම නිසා කොල්ලො කවුරුවත් නැතුව ඇති මේ වෙලේ. උන්ට ඉතින් උදේ පාන්දර ටවුන් එන්න රුදාවක් නෑනෙ. මට මේ මගුලක් නිසානෙ මම කලින් ආවෙ.
මමත් ඉතින් වෙන කරන්න දේකුත් නැති නිසා සඳලිට කෝල් එකක් ගත්ත එනවද අහන්න. දෙපාරක්ම කෝල් කලා ෆෝන් එක උස්සන්නෑ. මල මගුල.
තුන් වෙනි කෝල් එකට යන්තං ආන්සර් කලා.
"කොහෙද ඉන්නෙ මම බස් ස්ටෑන්ඩ් එකට ආව"
"ආ ඉන්න මම එන ගමන්. ඔයා පරණ බස් නවත්තන තැනට ඇවිල්ල ඉන්නකො. මම එතෙන්ට එන්නම්."
"හා හා ඉක්මනට එනව මට යන්න ඕනෙ. තව වැඩ තියෙනව."
"අනේ හරි මං එන්නම් ඔයා එතනින් ඉන්න."
මමත් මුකුත් නොකියම කෝල් එක කට් කලා.
පරණ බස් නවත්තන තැනට අපේ කොල්ලො කෙල්ලො කියන්නෙ මල් වත්ත කියල. අලුත් ස්ටෑන්ඩ් එක හැදුවට පස්සෙ බස් ඔක්කොම ගාල් කලේ අලුත් එකේ. පරණ තැන තියෙන්නෙ ඔය බස් වල බොඩි , පරණ බස් අනං මනං. ආයෙ ඉතින් හෝටලේක කාමරේක වගේ නැතත් වටේටම ෆුල් කවර් , ඉඳගන්න ඕනෙ නං ඉඳගන්න පුලුවන් ඕනෙ මගුලක්. එතෙන්ට යන ගමන් කඩේකින් චුයින්ගම් දෙකකුත් ගත්ත. දත් මැදල නෑ කියල මීටර් උනොත් හරි නෑනෙ නෙහ්. ඒකත් හප හප එතනට වෙලා ඉන්නකොට නිශාධිත් rply එකක් එවල.
"හරි යොහාන්. පරිස්සමට ගිහින් එන්න. මමත් අද අම්ම එක්ක ගමනක් යනව. හවසට යයි බොහෝ විට. බුදු සරණයි. උම්ම්ම්මා......"
මමත් හාට් ඉමෝජි දෙක තුනකුයි උම්මා කියලයි දාල යැව්ව.
මම ඉතින් මල් වත්තට(පරණ බස් නවත්තන තැන) වෙලා දැන් ඔහේ බලන් ඉන්නව. කපල් එකා එකා දැන් බස් අස්සටයි බස් බොඩි අස්සටයි රිංගනව පේනව. කපල් කිව්වට මේ මහ ලොකු අද හෙට බඳින සයිස් එවුන් නෙවෙයි. සිස්යත්ව පංති යන පොඩි එවුන් කෙල්ලොන්ව තුරුල් කරන් බස් අස්සට යනකොට තමා ඉතින් හික් ගෑවෙන්නෙ. මුන් මේ වයසෙන්ම පවුල් කන්න පටන් අරනුත් අපි ඒ කාලෙ බැකෝ ඩෝසර් වලින් බෲම් බෲම් කර කර හිටිය නේ කියල මතක් වෙනකොට

මෙහෙම පොඩි එවුන්ගෙ සෙස් සීන්(secs seen) බල බල ඉන්න අතරෙ මගෙත් ලේඩිග් සෛල වලින් ටෙස්ටොස්ටෙරෝන් ශ්‍රාවය කරල ශුක්‍රාණු ජනනය ප්‍රවර්ධනය වෙනව. ඉතින් සියුම් විසර්ජන මගින්..... නෑ බං ඒව ඕන්නෑ.😂✊.
ඔහොම ටිකක් වෙලා එතන ඉන්නකොට සඳලි එනව සායකුයි බ්ලවුස් එකකුයි ඇඳන්. මට බූටක් තිබ්බ කෙල්ල උනත් ඒ ලුක් එකේ නං පොඩි සෙස්සි ගතියක් තිබ්බ. මාත් එක්ක ඉන්න කාලෙ තමයි මේකිට මෙහෙම අඳින්න බැරි උනේ. ඒ කාලෙ අඳින විදිහට මූණයි කටයි ඇරෙන්න ඇඟේ හැඩයක් වත් පේන්නෑ මගුල. ඒත් දැන් අඳිනවනෙ. එක්කො ඔන්න ඔහේ ඕන්නෑහ්...... හුම්ම්...

"යොහාන් සොරි ටිකක් පරක්කු උනා. ඔයා කාලද ඉන්නෙ උදේට"
" තාම නෑ. ඇයි එන්න කිව්වෙ. මට ඉක්මනට යන්න ඕනෙ."
" යොහාන් අනේ ප්ලිස් මතීශට ඔයා අර එදා කියපු එක කිව්වෙ වැරදි දෙයක් හිතල නෙවෙයි කියන්න. එයා ඊට පස්සෙ කතා කලේ මාව බඩුවක් ගානට දාල"
අඩෝ ඒක. බඩුව කිව්වලු. මිසයිලෙකට මිසයිලෙ කියන්නැතුව ජ@ගිය කියනවද බං.😅.අනේ යකෝ.
"මොකක්ද මම උට කිව්වෙ"
"අනේ අර එදා ඔයා cd කඩේ ළඟදි අමුතු කතාවක් කිව්වෙ. අශ්ඨක මොකක්ද එකක්. අනේ එයාට ඒ කතාවෙන් පස්සෙ සැක හිතිල. එයා මට කියනව මම දැන් ගෑනියෙකුත් වෙලා ඇතිලු."
"ඉතින් ඕයි මමද තමුසෙට කිව්වෙ මාව අතෑරල ඌ එක්ක යාලු වෙලා අවලමේ යන්න කියල."
"ඒයි. තමුසෙ තමයි මට හරියට ආදරේ කලේ නැත්තෙ. අඩු ගානෙ තමුසෙ මගෙ උපන් දිනේටවත් මට මුකුත් දුන්නෑ. දන්නවද තමුසෙගෙන් ගන්න තෑග්ගක් ගැන හිත හිත කොච්චර ඇඬුවද කියල. විභාගෙ ඉවරවෙනකං තමුසෙ එක්කම හිටියෙ තමුසෙට ආදරේ නිසා තමයි. තමුසෙ නැත්තං මෝඩය වගේ බීල බීල ආපහු විභාගෙ කෙලවගත්තොත් කියල හිතල. තමුසෙ ලව් කරනව කිය කිය කලේ මාත් එක්ක කතා කරන එක විතරයි. එතන කොහෙවත් ආදරයක් තිබ්බෙ නෑ. ඒත් මතීශ මගෙ යාලුවෙක් වෙලා ඉන්න කාලෙත් තමුසෙට වඩා මට ආදරෙන් කතා කලා. තමුසෙ ගැනම හිතල හිතල මමයි වරද්දගත්තෙ. තමුසෙ නං ගොඩ ගියා. අන්තිමට ආදරේ හොයපු මමයි බඩුව උනේ"
සඳලි අඬන්න ගත්ත ඒක කිය කිය.
ඒකනං වැදුන බං මට හොම්බෙන් යන්න හොඳේ.
ඒ වෙලේ තමයි මගෙත් හිත පත්තු උනේ. එයා කියපු කතාවත් ඇත්ත තමා ඉතින්. සමහර දවස් වලට මම සඳලිට gm කියලවත් කිව්වෙ නෑ. කට උත්තරත් නැති උනා මට ඒ දීපු වදනට. අපි වගේ පොඩි එවුන්ට මොන ලව් ස්ටෝරිද බං. අනේ නිකං හිටින්. හිමීට සඳ බැස ගියා වගේ යන්තං කටට වචන ටිකක් දාගෙන කතා කලා.
"ඉතින් අඬන්න එපා ඕකට. මම උට කියල ශේප් කරන්නං" ප්‍රශ්න අහන්නැතුවම එකඟ උනේ අරම අහගත්තම නිකං ඉල්ලන් පු@(කේ) මාමයිට් ගාගත්ත වගේනෙ ඕයි. ලව් කරන්න දන්නෑ කිව්වම. මේ මම. චරිතෙ විනාසයි. අනික මොනා උනත් ඒකිත් සතුටින් ඉන්න එපැයි.
ඔය වෙන කපල් වලට උදව් කරන උන්ට තමා බං හොඳම එවුන් පස්සෙ සෙට් වෙන්නෙ.
කොච්චර වෙන කපල් වලට උදව් කරලත් තාම කොල්ලෙක්/කෙල්ලෙක් නැති නිහතමානී කෙල්ලො/කොල්ලො ටික මේක ඇහුවම

"මට සමාවෙන්න යොහාන් ඔයාව අතෑරියට. මට ඕනෙ උනේ මට ආදරේ දෙන්න පුලුවන් කෙනෙක්ව හොයාගන්න. ඔයාට වැරැද්දක් කරන්න නෙවෙයි"
තව මෙහෙම ඉමෝශනල් වදන් ටිකක් දුන්නොත් නං සඳලිට වඩා හයියෙන් මට ඇඬෙන ලයින් එකක් තිබ්බෙ.
දුකටම මම ගිහිල්ල සඳලිව බදාගෙන පපුවට තුරුල් කරගත්ත. එයත් මට තුරුල් වෙලා හයියෙන් ඇඬුව. මගෙ ඇස් වලත් කඳුලු.
කවුද දෙයියනේ දන්නෙ මෙහෙම සීන් එකක්. එක්කො කියන්න ඕනෙ මට කලින්. දැන් නං මමත් නිකං වැරදිකාරයෙක් ගානට වැටෙනව වගේ.
ගෑනියෙක්ගෙ හිතේ තියන දේවල් තියෙනව නේද බං. මේ ආත්මෙකට කිසිම පිරිමියෙක්ට ගෑනු හිතන විදිහ හොයාගන්න බෑ. මේ දැන් කටින් එකක් කියල ඊළඟ තත්පරේ ඒකට වලියක් දාගන්නව. ලෝකෙ භයානකම කොට්ඨාසය තමා ඔය. (කෙල්ලො සුන්දරම ජාතිය කියල හිතන් ඉන්න කොල්ලොන්ට කිව්වෙ.😂 - අත්දැකීමෙන් කියන්නෙ)
"යොහාන් යමු. කවුරුහරි දැක්කොත් හරි නෑනෙ. මතීශ ඉන්නව අතන library එකේ බංකුව උඩ. ඔයාගෙන්ම අහගන්න ඕනෙ කිව්ව සිද්දිය. ඒකයි මම ඔයාට එන්න කිව්වෙ. කැමති නං කියන්න. නැත්තං ඔයා ගෙදර යන්න යොහාන්"
"නෑ අවුලක් නෑ මම කියන්නම්. මටත් සමාවෙන්න ඔයා ඉල්ලපු ආදරේ ඔයාට දෙන්න බැරි උනු එකට. ඔයා වැරැද්දක් කරලත් නෑ ඉතින් එහෙම බලනකොට"
මමත් දාර්ශනික වචන කීපයක් එකට තියල ගැටගහල කියල දැම්ම. නැතුව පදිරි වෙන්න පුලුවන්ද ලව් කරන්න තේරෙන්නෑ කිව්වට පස්සෙ.
"නෑ යොහාන් අපි දෙන්නම වැරදී. ඒවගෙන් වැඩක් නෑ. අපි ඒක අමතක කරමු නේද."
"හම්ම්. යමු මං මතීශට කතා කරන්නං"
සඳලී මමයි පුස්තකාලෙ ලගට ගියා. යනකොට මතීශය ඉන්නව බංකුවක කකුලක් උඩ කකුලක් දාගෙන කෑල්ල වගේ(කෙල්ලො ඉන්න විදිහ අර සායක් හරි ගවුමක් හරි ඇඳන් ආවම. කොල්ලො ඉන්නෙ ගාම්භීර විදිහටනෙ)😅. ඉඳකින් ලොන්තය. පොඩ්ඩක් ගැම්මට හිටපං කෙල්ල එක්ක ඉන්නකොටවත්. නල්ල මලේ ආදරේ.
මාව දැක්කම මතීශය රවාගෙන නැගිට්ට. සඳලිත් මගෙ අතින් ඇල්ලුව. සඳලි හිතන් ඇත්තෙ ඌ මට වඩා කැ@යෙක් කියල වෙන්නැති.
මමත් සෙකන්ඩ් වෙන්නැතුව උට කතා කලා මහ කැ@ය වගේ. කෑල්ල නොවුනත් පරණ කෑල්ල ඉස්සරහ චාටර් වෙන්න බෑනෙ.
"මතීශ පොඩ්ඩක් වරෙන් කතා කරන්න දෙයක් තියෙනව"
"මෙහෙම කියපන් අවුලක් නෑ"
"උඹේ කැමැත්තක්. සඳලි ඔයා එහායින් ඉන්න. මම සිද්දිය කියනකං."
සඳලින් එතනින් අයින් වෙලා එහාපැත්තෙ බංකුවක් ළඟට වෙලා හිටගෙන අපි දිහා බලාගෙන හිටිය.
"මතීශයො. එදා කතාව කිව්වෙ සීරියස් නෙවෙයි. මම කලින් සඳලි එක්ක යාලු වෙලා හිටිය. පස්සෙ අපි දෙන්නම කතා වෙලා ඒක නැවැත්තුව. මොකද අපි දෙන්න සෙට් වෙන්නෑ කියල අපිටම තේරුනා. ඒකිට බනින්න එපා බඩුවක් ගානට දාල. මමවත් ඒකිගෙ අතින් මිසක් වෙන කොහෙන්වත් අල්ලල නෑ. ඒ නිසා ශේප් එකේ හිටපං. ඒකි වගේ කෙල්ලෙක් ආපහු උඹට හම්බෙන්නෑ."
කොහොමත් මේ පො@න්නයට ආපහු කෙල්ලෙක් හම්බෙන්නෙත් නෑ😅. ඌත් ඒක දන්න නිසාමද කොහෙද ටිකක් කූල් එකේ කතා කලා.
"නෑ බං උඹ එදා කිව්වෙ නිකං මෙයා මේ ඔක්කොම කරගෙන වගේ. ඒකයි මටත් සැක හිතුනෙ. උඹ ගැන කිව්වම තවත් කේන්ති ගියා මට. හම්ම්. දැන් අවුලක් නෑනෙ එහෙනං."
"නෑ මට නං ප්‍රශ්නයක් නෑ. මොනව උනත් ඒකිත් එක්කම හිටපං. ඒකිට ඕනෙ ආදරේ මට දෙන්න බැරි උනා. උඹවත් ඒක කරපං. දැන් ප්‍රශ්න දාගන්නැතුව හිටපං මීට පස්සෙ."
"හරි හරි බං. මමත් හෙන පඹ ගාලක පැටලිලා හිටියෙ කරකියා ගන්න දෙයක් නැතුව. ලොකු දෙයක් බං මෙහෙම කියපු එක."
කියල මූ මාව බදාගත්ත කියහංකො. ඊය හු@තො. කොලුකාරය.
හැබැයි මුගෙ හිත හොඳයි. අපි වගේ අවලමෙක් නෙවෙයි.
මතීශයට සමු දීල ආපහු සඳලි ගාවට ගිහින්
"දැන් හරි. ප්‍රශ්න දාගන්න එපා. ඌ ආයි මුකුත් හිතන එකක් නෑ. හිතේ තියෙන ඒව කියන්න උට. බොරුවට හංගං ඉන්නැතුව." කියල කිව්ව විතරයි මේකිත් ආපහු මාව බදාගත්ත.
"තෑන්ක් යූ යොහාන්. මිට පස්සෙත් අපි හොඳ යාලුවො වගේ ඉමුද"
"හරි හරි ඒකට කමක් නෑ"
සඳලි මාව බදාගෙන ඉවර වෙලා අයින් වෙනකොටම පිටිපස්සෙන් කටහඬක් ඇහුන.
"යොහාන්........."
අල්ල උකයි නල්ල සිකේ කිව්වලු. නිශාධි අපි දෙන්න දිහා බලන් ඉන්නව.
කෙල්ලගෙ ඇස් දෙකේ කඳුලු පිරුණෙ අපි බලන් ඉන්නකොටමයි.
"නිශාධි එහෙම එක....." කියන්න ආපු එක නැවැත්තුවෙ කාන්ති ඇන්ටිත් එතෙන්ට ආපු නිසා.
යකෝ හවස යනව කියපු ගමන උදේ ආවෙ මොන මගුලකටද. රෙද්දෙ රෙවිල ඉන්න වෙලේ තවත් හෙනයක් වැදුන සැප කනේ හිටින්න.
"ආ යොහාන් පුතා. අපි මේ library එකට ආව" කාන්ති නැන්ද නං ඔටෝ චූන් එකේ සඳලි දිහාත් හොඳට බලන් කියාගෙන ගියා.
library බැරි නං ඕනෙ ලබ්බක පලයන් කියල හිතල නිශාධි දිහා බැලුවම එයා කඳුලු පිහිදාන් මං දිහා ටිකක් වෙලා බලන් ඉඳල අම්මත් එක්ක library එක ඇතුලට ගියා.
මල කෙලියයි ජූලි හැත්තෑවයි මා ප්‍රිය රසික රසිකාවියනි.....
ඊළඟ කොටසින් හම්බෙමු........