මතු උපදින හැම සංසාරේම....🤍

මතු උපදින හැම සංසාරේම....🤍


(කෙටිකතාවකි)

Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

ගැහෙන පපුවෙන් කොහොම නුඹ දුරින් තියන්නද?❤️✨




ඒක දිග ම දිග කතාවක්....

ඒක අගක් මුලක් හොයන්න බැරි දිගම දිග කතාවක් ...

නිමාවක් නැති කතාවක්......

දුරින් ඉදන් රහසින් පෙම් කළ දිග ම දිග කතාවක්.....

ඔයා දන්නේවත් නැතුව ඇති මගේ හිත අඩන හැටි.....



දන්නවද...

ඇස් වලින් නැවතිල්ලක් නැතුව කඳුලු ගලද්දී...

කාටත් හොරෙන් මං ඒ කඳුලු හලද්දී......

හැමදාම මට මතක් වෙන්නේ...

මං අසරණ වෙන ඔය රූපේ...




මතක තමයි මිනිස්සුන් ව ජිවත් කරන්නේ...

මතක මිනිස්සුන් ට හුස්ම දෙනවා......

සමහර මිනිස්සු මතක නිසා ම නොමැරි ජිවත් වෙනවා....

සමහර මිනිස්සු මතක නිසා ම මැරි මැරි ජිවත් වෙනවා....




ආදරණිය මතක වගේ ම....

ආදරණිය නොවන වේදනාව පිරිච්ච මතක...

අපේ ජිවත වල ඕන තරම් ඇති.....

මගේත් තියනවා...

ඒ වගේ ම ඔයාලගේත් ඇති....

ඒ මතක මතක් කර කර වේලාවකට මං විදවනවා....

තවත් වෙලාවක ඒ මතක මතක් කර කර ම මං පිස්සුවෙන් වගේ හිනා වෙනවා....




ඔයා මගේන් මගේ වටිනාම දේ හොරකම් කරා....

හ්ම්ම්...

කාගෙවත් ලග නතර නොවුණ මගේ හිත ඔයා හොරකන් කරා දෙනෙත් ම...

හ්ම්ම්...

එයා දෙනෙත් ම...

මගේ එක පාර්ශවික ප්‍රේමයේ අයිතිකාරයා දෙනෙත් ම....

ඔයා මගේ හිතට රිංගුවේ මටත් හොරෙන්....




මං ඔයාට ආදරෙයි...

එක මං විතරක් ම දන්න කතාවක්...

මං කරන්නේ තනි අතින් අත්පුඩි ගහන්න උත්සහ කරනවා වගේ දෙයක්....

ඒත්,

මං ඒ දේට ආසයි දෙනෙත් ම...

ඔයා දිහා....

හොරෙන් බලලා මගේ හිත ආදරෙන් පුරෝගෙන...

බලාපොරොත්තු ගොන්නකින් මගේ හිත පුරවගෙන....

ඇස් වල කඳුලු පුරවන් ඔයා දිහා බලන් ඉන්නවා දෙනෙත් ම....




කවදා හරි දවසක මට දැනිච්ච මේ හැගිම....

ඔයාගේ හිතටත් දැනිලා...

කවදා හරි දවසක මං ඔයාට ගොඩක් ආදරෙයි ගිම්හානි කියලා....

ඔයා මගේ ඇස් දිහා බලාගෙන ම කියයි කියලා.....

ඒත්,

ඒ දේ එහෙම වුන් නෑ දෙනෙත් ම...




මං ඔයාට පණටත් වඩා එක හිතින් ආදරේ කරද්දී....

ඔයා පණටත් වඩා එක හිතින් ම වෙන කෙනෙක් ට ලං වෙලා...

වෙන කෙනෙක් ට ආදරේ කරන්න පටන් අරන්...

වෙන කෙනෙක් ඉස්සරහ මගේ ඇස් දෙක ඉස්සරහ ම ඒ අතින් අල්ලන් ඇවිදින්න පටන් අරන්....




මට දුකයි දෙනෙත් ම....

මට දුකයි...

මගේ පපුවට පිහි තුඩු සීයකින් එකපාර අනින්නා වගේ....

කියාගන්න බැරි වේදනාවක් දැනෙනවා දෙනෙත් ම....



මට වෙලාවකට හිතෙනවා සෙතුමි ගොඩක් වාසනාවන්තයි කියලා...

මොනද දෙනෙත් ම ඔයා ගේ ඒ ආදරේ හිමි වෙන්න...

සෙතුමි ගොඩක් පිං කරන්න ඇති....

මගේ හිත දහස් වාරයක් පිච්චි පිච්චි දැවෙනවා...

ඔයා මගේ ඇස් ඉස්සරහම සෙතුමිගේ අත පටලන් හිනාවෙනවා.




දන්නවද...

මං ආස කරන ඔය ඇස්වල අයිතිකාරි සෙතුමි...

සමහර විට සෙතුමිටත් කලින් මට ඔයාට ආදරේ හිතුනා වෙන්න පුලුවන්....

ඒත් එයා මට වඩා අඩි ගාණක් ඉස්සරහින් හිටියා....

ඒකයි දෙනෙත් ම අද ඔයා සෙතුමිගේ අත අල්ලන් ඉන්නේ...




පසුතැවීමක් නෑ කියලා හිතුවට හිත ඇතුලේ ලොකු පසුතැවිමක් තියනවා...

මගේ හිතේ දුකකුත් නෑ කියලා හිතුවට මගේ හිතේ දුකකුත් තියෙනවා....

ඒත් ඔයා හිනාවෙනවා...

ඒ නිසා මට ඒ හැම දුකක් ම පසුතැවීමක් ම අමතක කරන්න පුලුවන්...

හැමදාම ඕන කරේ ඔය ඇස් වල හිනාව දකින්න....




ඔයා ගැන කියාගන්න බැරි ආදරයක් දලු ලද්දී...

ඔය ඇස් දෙක දිහා බලලා මං ගොඩක් ආදරෙයි දෙනෙත් ම කියලා කියන්න මං උත්සහ කරා....

ඒත් මං කරේ පැත්තක ඉඳන් ඔයා දිහා හොරෙන් බලාගෙන හිටපු එක විතරමයි...

අපි එක ඉස්කෝලේ ලමයි වෙලත් හිතේ තියන අදහස ඔයාගේ මුණ දිහා බලාගෙන මට කියන්න බැරි වුණා....




කාලය ටික ටික ගත වුණත් මගේ හිතේ තියන ඒ අදහස...

ඒ ආදරය....

වැඩි වුණා මිසක අඩුවුණේ නම් නෑ...

මං බලන් හිටියා සැහෙන කාලයක් දෙනෙත් ම......

ඔයා සෙතුමි එක්ක ආදරෙන් ඉන්න විදිහ....

ඒත් ඔයා ලා දෙන්නා අතර ට ඇවිත් මට තුන්වෙනියෙක් වෙන්න මට ඕන කරේ නෑ.....




ඒත් එක පාරට ඔයා ඇක්සිඩන්ට් වුණේ...

මගේ තුන් හිතකවත් නොතිබ්බ විදිහට....

ඔයා ඇක්සිඩන්ට් වුණා කියලා මම දැන ගද්දී...

මං පිච්චුණ තරම් ඔයා දන්නවා නම් දෙනෙත් ම....

ඔයා ට ගොඩක් අමාරු වුණා මහත්තයෝ....

මැශින් එක්ක හුස් ම අල්ල අල්ල ජිවත් වෙන්න දගලද්දී....

මගේ හුස්ම ඔයාට දිලා ඔයාගේ වේදනාව මට ගන්න තිබ්බා නම් කියලා මට හිතුණා...

මං හැමදාම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරා....

ඉක්මනට සනීප වෙන්න කියලා...





ඔයා ඇක්සිඩන්ට් වුණාට පස්සේ ඔයා පණ වගේ ආදරේ කරපු සෙතුමි...

ඔයා දිහා එක පාරක්වත් බැලුවේ නෑ මහත්තයෝ.....

එක පාරක්වත් එයා ඔයා බලන්න ආවෙත් නෑ....

මං හැමදාම අයි.සී.යු එකේ විදුරුවෙන් ඔයා දිහා බලන් හිල්ලුවා ඇරෙන්න....

මට කරන්න දෙයක් ඉතිරි වෙලා තිබ්බේ නෑ....

මගේ දෙනෙත් ම....





ඔයා එච්චරට ම අවාසනාවන්ත කෙනෙක් නෙවෙයි දෙනෙත් ම...

අන්තිම මෙහොතේ දෙවියෝ ඔයාගේ හුස් ම බේරලා ගෙනත් දුන්නා...

ඔයාට හොද වුණා....

සිහිය ආවා.....





සෙතුමි ගැන ඇත්ත ම දැනගද්දී ඔයා ගේ කායික වේදනාවට වඩා...

මානසික වේදනාව වැඩි වුණා...

ඒක මං මගේ ඇස් දෙකෙන් ම දැන ගත්තේ...

ඔයාගේ ඇස් ඇතුලේ හැංගිලා තිබ්බ කඳුලු පොකුරු නිසා....





වෙනදා වගේ ම අදත් මං හවස පහට සුප් එකකුත් හදන් දෙනෙත් ම ව බලන්න ගියා....

ඇදට වෙලා එයා මං එනකම් මඟ බලන් හිටියා....

මං හිනාවෙලා ම ගිහින් මං ගෙනියපු බෑග් එක එතන කබඩ් එකෙන් තියලා....

සුප් එක ටිකෙන් ටික පොවන්න ගත්තා....

එයත් හරි ආසාවෙන් සුප් එක ටික ටික ම බිව්වා....




"වෙනදට වඩා අද සුප් එක හරි රහයි....."




දෙනෙත් ම මගේ ඇස් දෙක දිහා බලන් කිව්වා...

මං හිනාවෙලා එයාට තව සුප් හැන්දත් පොවන්න කට ලගට ලංකරා...



"ඇයි දන්නවද අද රහ වැඩි..."



දෙනෙත් ම ඇස් හිනි කරලා අහද්දී මම දන්නෑ කියලා කියන්න...

ඔලුව දෙපැත්තට වැනුවා....




"වෙනදාට වඩා අද ආදරේ වැඩියෙන් දාලා... "




එයා කිව්වේ හිනා වෙවි...

හරි ම සැහැල්ලුවෙන්...

මං ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා දිගටම බලන් හිටියා....





"මං දන්නවා ගිම්හානි....ඔයා මට ගොඩක් ආදරෙයි කියලා.....ජීවිතේ සමහර තැන් තිබුණා කොච්චර දුකක් දැනුනත් කියන්න කවුරුත් ම ළඟ නැති වුණ තැන්..මට ආදරෙයි කියලා හිතන් හිටපු අය ම මට අමාරු කාර්තු වලදී මාව මගඇරලා ගියපු හැටි..ඒත් ඔයා මගේ ජීවිතේ මේ කරන කැපකිරී ම තියනවා නේද? ඒ කැපකිරීම ඔයා ඔයා වෙනුවෙන් ම කරපු දෙයක් නෙවෙයි..ඔයා මං වෙනුවෙන් කරපු දෙයක්.ඒක සම්පුර්ණයෙන් ම මම වෙනුවෙන් කරපු කැපකිරීමක්... ඔයාගේ ජිවිතේ සමහර කාර්තු තියෙන්න ඇති දුක වගේම සතුට සමව විඳපු...ඒත් ඒ දුක සතුටු මිශ්‍ර වෙච්ච කාර්තුව අදින් ඉවරයි...අදින් පස්සේ ඔයාට ලැබෙන්න සතුට විතරක් ම පිරි කාර්තුවක්.... ඉතිං ඒ සතුට විතරක් ම පිරිච්ච කාර්තුවට මාවත් ඔය අතින් අල්ල ගන්නවද? "




දෙනෙත් ම ගිම්හානිගේ අත ස්පර්ශ කරද්දී...

ගිම්හානි දෙනෙත්ම මගේ අත තද කරලා අල්ල ගත්තා...



කටින් කියන්න බැරි දාහක් දේවල් ඇස් වලින් තෙරේනවලු...

දවසක් කවුද මන්දා කියනවා මට ඇහුණා....

ඒත් ඒක හරියට තෙරුණේ දෙනෙත්ම අද මට ආදරෙයි කිව්ව දවසේ...




මං හිතා ගත්තා ඔයා ව අතාරින්නෑ කියලා....

සෙතුමි අතැරලා දාලා ගියපු ඔයාගේ අත මං හයියෙන් අල්ලගත්තා...

ගොඩක් හයියෙන්...

ආය මාව දාලා යන්න බැරි වෙන්න තදින් ම අල්ලගත්තා.....

ආය කවදාවත් ම මේ අත අතෑරෙන්න දෙන්නෑමයි කියලා...

හිත ඇතුලේ තදින් ම කොටාගෙන......



"මතු උපදින හැම සංසාරේම ඔයා මගේමයි දෙනෙත්ම......🤍"






මේ තවත් කතාවක්,මේ කතාව සම්පුර්ණයෙන් ම ඇත්ත කතාවක් ... ඒත් ඇත්තම කතාවේ අවසානය මේ තරම් සුන්දර නෑ. මට මේ කතාව ලියන්න කියලා රික්වෙස්ට් කරේ ඊයේ රෑ 11.54 නංගී කෙනෙක්.මේක එයාගේ අයියාගේ කතාව....ඒත් මේ කතාව ඇතුලේ තියන සතුට ඒ ඇත්ත කතා ව ඇතුලේ නෑ කියලා මං හොදටම දන්නවා..නංගී ගේ පෙරැත්ත අනුවමයි.අවසානය වෙනස් කරේ.ඉතිං මං එක දෙයක් කියනවා කතාවට අසාධාරණයක් වුණා නම් මං සමාව ඉල්ලනවා....



ඉතිං මං හදවතින් ම එක දෙයක් ප්‍රාර්ථනා කරනවා....


දෙනෙත්ම&ගිම්හානි

(මතු උපදින හැම සංසාරයක් පුරාවට ම ඔයාලා දෙන්නා හමුවෙන්න ඒ වගේ ම හිමි වෙන්න......)


Aυƚԋσɾ Mσσɳ 🌙✍ 


Report Page