මං ආදරෙයි !!

මං ආදරෙයි !!


(කෙටිකතාවකි)

Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

මං ආදරෙයි!!!



අහසේ තරූ ගොඩායි...

එක එක තරූ රටා ගොඩායි...

ඒත් ඒ තරූ පොකුරු පිටින් තිබ්බත් ඇස් හොයන්නේ...

එයාව..

වටකුරුවට ඉන්න...

එයාව...

දිලිසි දිලිසි බැබලි බැබලි ඉන්න හඳ ව..

පුංචි කාලේ වගේ කියනවා නම්,

හඳ මාමා ව,




මිදුලේ එක එක වර්ගේ මල් පිපෙනවා...

සුවඳ හමන මල් කෝටියක් තිබ්බත්!

පාටපාට මල් වරුසාවක් තිබ්බත් !!

පුංචි කාලේ හරි ආසාවෙන් හොයපු,

පුංචි කාලේ හරි අසාවෙන් පුජා කරපු,

මුලින් ම සල්මල කියලා කියපු..

සිංහල පොතේ තිබ්බ..

අමර කඩන සල් මලට,

මතකද,



අමර කඩන මල්

නයනා කඩන මල්

මුනිඳු පුදුන මල්

ගෙනයමු පන්සල්




අතීතේ,

පුංචි කාලේ ගෙවපු අතීතේ ට!!

සැහෙන්න මම ආදරෙයි!!




කවුරු හරි මගෙන් ඇහුවොත්!!

අතීතේට යන්න ඕන නම් මොන කාලේටද යන්න ඕන කියලා..

මම කියන්නේ ම පුංචි කාලේ ට කියලා....




+ ලොකු කල්පනාවක වගේ,



_ එහෙම නෑ..



+එහෙනම්...



_මන් බලන් හිටියා ...



+ කොහෙද ?



_අර ඈතින් පේන අහස දිහා



+ ඇයි ඒ



_ හේතුවක් නෑ.බලන්න හිතුණා බැලුවා.



+ හ්ම්ම්...ඒත් තමුසේ දුකින් මහිමා..



_ නෑ...මට දුක නෑ..



+ එහෙනම් ඇයි ඇස් වල කඳුලු



_ ඒ කඳුලු අස්සේ තියාගෙන ඉන්නවට වඩා හොදයි මෙහෙම පිට කරන එක



+ හේතුව,



_ ජීවිතේ කරන කියන හැම දේට ම හේතු කාරණා තියනවා කියලා හිතනවද හංසි.



+ ඔව්




_ නෑ...එහෙම නෑ.සමහර දේවල් සමහර මිනිස්සු ඉන්නවා හේතුවක් නැතුවම ජිවිතේ ට එනවා.හේතුවක් නැතුවම ලංවෙනවා.හේතුවක් නැතුවම ජිවිතෙන් යනවා.ඒත්,




+ ඒත් කිව්වේ ඇයි?




_මම ආසයි !!



+ මොනවටද ?




_ අතීතය දිහා හැරිලා බලන්න.අතීතය මතක් කරන්න.මෙහෙම හිත පාර වගන්න. චුට්ටක් විදවන්න



+ පිස්සුද ? කොහොමද ?එහෙම කරන්නේ ?



- මනසින්



+ ඒ තරම් අතීතේ මතක වලින් පිරිලද?




_ ඔව්.ජිවත් වෙච්ච මේ පුංචි කාලේට වඩා මතක සැහෙන්න හිත අස්සේ පිරිලා




+ ඒ මතක සුන්දර යි ද ?




- නෑ... මතක සුන්දර නම් ඇස් අස්සේ මේ තරම් කඳුලු පිරෙයි කියලා හිතනවද?



+ මතක අමතක කරලා දාපන් මහීමා




_ මතක වුණත් තියෙද්දී ඒ මතක සැරින් සැරේ හිත රිදෙද්දී හිතට හරි සනීපයි. දන්නවද ඒවා සැරින් සැරේ හිත පාරද්දී ඉඹේ ම හිත පැරෙද්දී දැනෙනවා ජිවත් වෙනවා කියලා.




+ එතකොට තමුසේ ගේ ජිවිතේ තේරුම මැරි මැරි ම ජිවත් වෙන එකද ?



_ නෑ.



+ එහෙනම්




_හදවතේ පරණ මතක ඉතුරු වුණත් සිතුවිලි වලින් ක්‍රියාවෙන් ඉදලා මම අලුත් ඉතින් මම අලුත් සිතුවිලි වලින් පිරිච්ච නැවුම් මනුස්සයෙක් !!!




+එහෙනම් ඇයි විදවන්නේ ?




- ජීවිතේ කියන්නේ දිර්ඝ ගමනක් ! අපි මැරෙනකම්ම ඒ ගමන ගමන් කරන්න ඕන.අපේ ගමන් මඟ ඉවර වෙලා නියමිත ගමනාන්තයට එනකම් ම හොද වගේ ම නරක දේවල් වලටත් අපිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මුහුණ දෙන්න ම වෙනවා.





+ මග හැරුනු , දාලා ගිය අය ගැන දුකක් නැද්ද ?




_ දුකයි ,වේදනයි. ඒත් මම දන්නවා ජිවිතේ අමාරුම තැන් වලදී එකට ඉදලා එක ම ගමන් මගක යන්න බැරි මිනිස්සු ඇදලා ,බැදලා ,ගැට ගහලා තියා ගත්තත්.

අපේ අන්තිම ගමනාන්තයට යන කොයි ම මොහොතක හරි අපි අතින් අර බැමි බුරුල් වුණාම එයාලා නිදහස් වෙලා යනවා.


ඉතින් ! මං ආදරෙයි .



වෙන කාටවත් නෙවෙයි.මං සැහෙන්න ම මට ආදරෙයි. ඒ නිසා ම මං ජිවත් වෙනවා. මතක මතක් කර කර වුණත්, මතක මාව මැරි මැරි රිද්දුවත් මං ජිවත් වෙනවා.මගේ හදවතේ අන්තිම හුස්ම පොද පිට වෙනකම් ම මං ජිවත් වෙනවා !!මොකද මම වැඩිපුරුම ආදරේ මට නිසා......



🌙🤍


මුලින් ම ඔයා ඔයාට ආදරේ කරන්න පුරුදු වෙන්න....


Aυƚԋσɾ Mσσɳ 🌙✍ 


Report Page