මව් සෙනෙහස

මව් සෙනෙහස

Nirmali Rathnayaka


❤මවු සෙනෙහස❤


මං අම්මේ යනවා


අා මේ තේ එක බීලා යන්න මැණික


අද මට A/L පංති හවසට


මං එන්නම් එකන් යන්න


නැ නැ ඔයා එන්න එපා මට තනියම අාව හැකි ඔයා ඔයාගේ වැඩක් බලාගන්න මට තනියම අාව හැකි


අැය නමින් නිමේෂා නිමේෂාගේ අම්මා එ් කියන්නේ සිරියාවති නිමේෂව පොඩිකාලේ ඉදන් බලාගත්තේ අැහැක් වගේ නිමේෂගේ තාත්තා ගහකින් වැටිලා මිය යන්නේ නිමේෂට මාස පහක් සම්පුර්න වෙන්න ඉස්සල්ලා එදා ඉදලා සිරියාවති නිමේෂව බලාගත්තේ ඉදි අාප්ප තම්බලා එ්වා තැන් තැන් වල විකුනලා හම්බවෙන සොච්චමෙන්


අන්න අර පොට්ටිගේ දු කුමාරි එනවා

හැමදාම ඉස්කෝලෙට එනකොට එ්වගේ කතා අහන්න වෙනවා ළමයිගෙන්


පොට්ට විතරක් නෙවෙ බං බලපන්කෝ මුනේ හැට් දැකම දවසම මුසලයි අප්පිරියාවේ බැ එ් මදිවට මේකිත් එන්නේ අපේ ඉස්කෝලෙට


දුවටත් තියෙන්නේ අම්මා වගේම ඉදි අාප්ප වට්ටියක් ඔලුවේ තියාගෙන ඉදි අාප්ප විකුනන්න යන්න


නිමේෂව කවුරැත් ගනන් ගත්තේ නැත්තේ අැගේ මවගේ මුනේ තිබුන පිච්චිච කැලල නිසා එ් නිසා නිමේෂා ඉස්කෝල ළමයිගෙන් විතරක් නෙවේ සමහර ගුරුවරුන්ගෙන් පවා කොන්උනා එ්ත් නිමේෂා ඉගනගන්න එකනම් නතර කලේ නැ

එ්ත් ළමයි අතර කොන් වෙච්ච නිසා දවසින් දවස අම්මත් එක්ක තරහක් අැති උනා


අර අදත් අැවිත් මොකට එනවද මංදා මට තවත් මෙතන ලැජ්ජා කරන්න නිමේෂා තමාටම කියා ගත්තේ අහ්මා පාසල් ගේට්ටුව අසල සිට තමන් එනකම් බලන් ඉන්වා දැකලා


අා පුතේ මොකද පරක්කු මං එකයි අාවේ


අනේ අම්මේ මේ මං කිවනේ එන්න එපා කියලා බලන්නකෝ අැදන් අැවිත් ඉන්න එකේ හැටි මට තවත් ලැජ්ජා කරන්නද හදන්නේ මගේ දේවල් මං බලාගන්නම් ඔයා පාඩුවේ ඉන්න


නිමේෂා එහෙම කියද්දි සිරියාවති ගේ දැසට කදුලු. අාවේ අැයටත් නොදැනිමයි


අනේ අැයි මැණික මං එහෙම හිතුවේ නැ මං කැමති නැ මගෙ දුවට ලැජ්ජා කරන්න මං අායේ ඉස්කෝලේගාවට එන්නේ නැතුව ඉන්නම් එත් මට ඔහොම කතා කරන්න එපා පුතේ


එ් ගමන මෙතන අඩන්න තියා ගත්තද මං යනවා යන්න ඔයාට ඕන වෙලාවක එන්න කියලා නිමේෂා ගෙදර දිවුවේ අම්මාව එතන තනිකරලා


කොච්චර අග හිගකම් තිබුනත් නිමේෂට අඩු පාඩුවක් කලලේ නැ සමහර වෙලාවට අැය කන්නේ නැතිව දියනියගේ කුස පිරවු අවස්තා ගොඩක් තිබුනා


අා සිරියාවති කොහෙද බං මේ තකහනියක්ම යන්නේ


කුසුම් අක්කේ මං මේ කෙල්ලට තේ බොන්න මොනවා හරි ගේන්න කඩේ ලගට යනවා දැන් කෙල්ල ඉස්කොලේ අැරිලා එනවත් අැති


හම් හොදයි බං කෙල්ල මොනවා නැතත් හොදට ඉගනගන්නවා අනික කොච්චර අඩු පාඩු තිබුනත් උබ කෙල්ලට අඩු පාඩුවක් කරන්නේ නැනේ බං කෙල්ල කවදා හරි කෙල්ල හොද තැනකට අැවිත් උබවත් බලා ගනියි බං එ්ත් මේ ගමේ මිනිස්සුනට අැහේ කටු අනිනවා වගේ එවා බලන් ඉද්දි උන්ගේ දරුවොත් එ විදියට තමා හැදිලා තියෙන්නේ


මං දන්නවා අක්කේ මගේ මුන නිසා කෙල්ල ලැජ්ජා වෙනවා කියලා එ්ත් මං කියලා මොනවා කරන්නද අක්කේ කෙල්ලව බලාගන්න මං විතරයි ඉන්නේ මට හිතෙනවා කෙල්ලව මල්ලිට බාර දිලා කොහෙ හරි යන්න උන් දෙන්න මගෙ කෙල්ලට හරි අාදරෙයි

සිරියාවති කදුලු අතරින් කිවේ අැයට දුක බෙදාගන්න ඉදහිට හෝ හිටියේ කුසුම් පමනි


අනේ මං දන්නවා නංගියේ උබ ඉස්සර හිටපු මට කෙලිට මේ සේරෝම කියලා දාන්න හිතෙනවා අැ බං උබ මිනිහා නැති වෙච්ච දවසේ ඉදලා විදින්නේ සුලු පටු දුකක්ද බං


එ් දේවල් දැන් වැඩක් නැ අක්කේ මං යනවා දැන් කෙල්ල එනවත් අැති


හම් මාත් යනවා එහෙනම්


අවුරැද්දකට පසු ❤❤


කුසුම් අක්කේ කුසුම් අක්කේ


අා සිරියාවතියෝ මොකද මේ කලබලෙන්


අනේ අක්කේ මේ නම්බරේට කෝල් එකක් අරන් දියන්කෝ අපේ මල්ලිට කෙල්ල කැම්පස් තේරිලා අක්කේ


අනේ ලොකු දෙයක් බං මට හරි සතුටුයි උබ කොහොමහරි කෙල්ලව ගොඩ දාගත්තා නේද


අනේ ඔවු අක්කේ මං මේ අපේ මල්ලිාගේ ගෙදර කෙල්ලව නවත්තන්න කියලා එහෙ නතර කරලා කෙල්ලව කැම්පස් යවන්න පුලුවන්නේ


කෝ දියන් නම්බරේ කුසුම් සිරියාවතිගෙන් දුරකතන අංකය ඉල්ලගෙන අැමතුමක් ගනි

අා මෙන්න කතා කරපන්කෝ මං තේ ඩින්ගක් හදාන එනකම්


හෙලෝ මල්ලි මං මේ අක්කා කතා කරන්නේ

අා කියන්න අක්කේ කොහොමද දුව එහෙම හොදින් ඉන්නවද


අනේ ඔව් මල්ලි කෙල්ල කැම්පස් තේරිලා


අනේ කොච්චර දෙයක්ද අක්කේ කොහෙ කැම්පස්ද


රජරට


ඉතිම් මෙහෙ ඉදලා යවුවහැකිනේ


අනේ ඔව් බං මං එක අහන්නමයි කතා කරේ


කවද්ද යන්න තියෙන්නේ


ලබන සදුදට මල්ලියේ


අා තව සතියක්ම තියනවනේ කමක් නැ මං හෙට එන්නම් එතකොට අක්කටත් අපිත් එක්ක ටික දවසක් ඉදලම අාව හැකිනේ


හා මල්ලියේ මං තියන්නම් එහෙනම්

බුදු සරණයි


බුදු සරණයි අක්කේ. මං හෙට එනවා එහෙනම් ලැස්ති වෙලා ඉන්න


හා හොදයි


අා මේ තේ එක බිලා ඉන්න සිරියාවතියෝ මොකද මල්ලි කියන්නේ


මල්ලි හෙට එන්නම් කිවා අක්කේ කෙල්ලව එක්කන් යන්න අපි දෙන්නටම ලැස්ති වෙලා ඉන්න කිවා

එහෙනම් අක්කේ මං ගිහින් එන්නම්


හොදයි උබලට වරදින්නේ නැ බං මාත්

එන්නම්කෝ පුලුවන් උනොත් එ් පැත්තේ


හා අක්කේ


දුවේ දුවේ


අැයි


මාමා හෙට උදේට එනවා කිවා ලැස්ති කරගන්න තියෙන බඩු ටික හදා ගන්න මොනවා හරි ඕනෙනම් කියන්න මං ගාව ඉතුරු කරගත්ත සල්ලි වගයක් තියනවා


හරි හරි මං ඕනා උනොත් කියන්නම්


දුවේ ඉක්කනට ලැස්තිවෙයන් දැන් මාමා එනවා අැති සිරියාවති නිමේෂාට කීවා


නිමේෂා ලැස්තිවෙලා බැග් එකත් අරගෙන එලියට එද්දි සිරියාවති සාරියකුත් අැදගෙන මල් දාපු වතුර විදුරුවකුත් තියාගෙන දොර ලග ඉන්නවා අැය දුටුවා


අම්මා කොහෙයන්නද අනික ඔය වතුර විදුරුවකුත් තියාගෙන කරන විකාරේ මොකක්ද


අනේ අැයි පුතේ ඔයා කැම්පස් එකට යද්දි මාත් එන්න එපායැ


අනේ අම්මේ මේ. ඔයාට ඕනේ එතනට අැවිල්ලත් මට ලැජ්ජා කරන්නද හදන්නේ ඔය මුන පෙන්නලා එතනවත් මට සැනසිමේ ඉගනගන්න දෙනවද මාමා එන්න ඉස්සෙල්ලා ඔය මගුල ගලවලා දාන්න


අනේ පුතේ මං එහෙම හිතුවේ නැ උබට ලැජ්ජා වෙනවනම් මං එන්නේ නැතිව ඉන්නම් මැණික එත් ඔහොම කතා කරන්න එපා පුතේ මට වාවන්නේ නැ පුතේ

අැය හැඩුවත් නිමේෂා කනකටවත් ගත්තේ නැ


එ් ගමන අඩනවද මෙතන මේ හොද ගමනක් යන්න හදද්දි


සිරියාවති හැඩුම් නවතාගෙන ගේ අැතුලට ගොස් නැවත අාවේ ගවුම් කැල්ලක් අැදගෙන එ්ත් එක්කම ගේ ඉස්සරහා වැන් එකක් අැවිත් නතර කරා


මල්ලිලා අාවද මං හිතුවේ නැ මෙච්චර උදෙන් එයි කියලා මං කොකටත් කියලා කෙල්ලට ලැස්තිවෙලා ඉන්න කිවා


ටිකක් උදෙන්ම අාවා අක්කේ අහපවු යන්නත් ඕනේ වැඩවගයක් තියෙනවා


කොහොමද දුවේ


හොදයි නැනදේ


කෙල්ල තවත් ලස්සන වෙලා. නේද ජයේ


ලස්සන නෙමෙයි ඉගනිම අතරිනුත් දුව හොදයිනේ ශ්‍රියාණි

එන්න නංගියේ අැතුලට අපේ දිහානම එහේ වගේ පහසුකම් නැ ඉතිම්


අනේ වෙලාවක් නැ අක්කේ මට අක්කත් එක්ක ටිකක් කතා කරන්න තියනවා අක්කත් ලැස්ති වෙලා එන්නකෝ

අනේ මේ මල්ලි මම එන්නම ඕනෙද

ඔව් අැයි අක්කේ

මල්ලිලා යන්න මං පස්සේ දවසක එන්නම්

අක්කේ දුව කැම්පස් යනකොට අම්මා ඉන්නම ඕනේ

එහෙමද මල්ලිට බැරිද මං වෙනුවට යන්න

අැයි අක්කේ දරැවගේ අම්මා ඔයානේ

දුව අම්මට කිවේ නැද්ද ලැස්ති වෙන්න කියලා

නිමේෂා එකට උත්තරයක් දෙන්නේ නැතිව සිරියාවතිගේ මුන බැලුවා

අම්මේ ටිකක් එනවද

නිමේෂා සිරියාවතිට අඩගහලා පිටිපස්සට ගියා

අැයි පුතේ

අම්මට ඔනේ එ මනුස්සයෝ ඉස්සරහ මාව තවත් චාටර් කරන්නද අැයි එ් ගොල්ලන්ට පෙන්නන්න ඕනේ මං එන්න එපා කිවා කියලද

ඔව් ඉතිං එතකොට අනුකම්පාව ගත්තහැකිනේ

අනේ එහෙම නෙවේ දුවමනේ කිවේ මට එන්න එපා කියලා

අනේ මේ ලැස්ති වෙලා එනවද නැත්නම් මං එන්න එපා කිවා කියලා ගිහින් කියන්න පුලුවන්නම්

මං ලැස්තිවෙලා එන්නම්

සිරියාවති එහෙම කියලා ලැස්තිවෙන්න ගියා

අා අක්කේ හරිද ලැස්ති උනාද

යමු මල්ලි

යමු නේද අක්කේ සේරම හරිනේ

අාා පොඩ්ඩක් ඉන්න මල්ලි මට බැග් එක ගන්න අමතක උනා

එහෙම කියලා සිරියාවති ගිහින් බැග් එකක් අරගෙන අැව්ත් වැන් එකට නැග්ගා

මාමේ ඔය ඉස්සරහින් පොඩ්ඩක් නවත්තනවද මට කොල වගයක් ගන්න තියනවා

දුව ගාව සල්ලි තියනවද

සිරියාවති නිමේෂාගෙන් අැහුවා

ඔව් ඔව් මංගාව සල්ලි තියනවා

දුව ඉන්න මාත් එන්නමකෝ දුවට තනියම පාර පනින්න බැ නේ

අනේ අම්මේ මේ මොන මගුලක්ද හැම තිස්සෙම මගෙ පස්සෙන් එන්නේ මට පාර පනින්න පුලුවන් නිමේෂා එහෙම කිවම සිරියාවති බිම බලාගත්තත් ජයසේකර නිමේෂට කතා කලා

දුව පොඩක් ඉන්න අැයි අම්මට එහෙම කතා කරන්නේ අා

අනේ මාමේ මෙයා නිසා මං ඉස්කෝලෙන් හැමදාම ලැජ්ජා උනා මට තවත් ලැජ්ජා කරන්න එපා කියන්න මං කැම්පස් එකට කියන්නම් අම්මා නැ කියලා

එක අහපු සිරියාවතිට අැඩුම් අාවේ කවදාවත් තමං හිතපු නැති විදියට නිමේෂා කතා කරපු නිසා

නිමේෂා කට වහගන්න දන්නැති දේවල් කතා කරන්න එපා ශ්‍රියාණි එහෙම කිවත් නිමේෂා වැන් එකෙන් බැහැලා ගියා

එ්ත් නිමේෂා පාර පනිද්දි කොහෙනදෝ අාපු වාහනේකට නිමේෂව හැප්පුනේ කවුරුත් හිතුවේ නැති විදියට

නිමේෂා සිරියාවති නිමේෂා වැටිලා හිටපු. තැනට ගියේ විලාප තියාගෙන

මං කිවානේ මැණික ඔයාට තනියම යන්න බැ කියලා අනේ නැගිටින්නකො රත්තරනේ අැස් අරින්නකෝ මැණික


කට්ටියම එකතු වෙලා නිමේෂව වැන් එකට දාගෙන ස්පිරිතාලෙට ගෙනියනකොටත් නිමේෂාට සිහිය අැවිත් තිබ්බේ නැ


අනේ මල්ලියේ මගෙ දරුව


අක්කේ අඩන්නේ නැතිව ඉන්නකෝ ඩොක්ටර් ගියානේ නිමේෂාව බලන්න පොඩ්ඩක් ඉන්න මං බලන්නම්

ජයසේකර එහෙම කියලා ICU එක පැත්තට ගියා


අනේ මගෙ දුව මගෙ අැස් දෙක නංගියේ


අනේ අඩන්න එපා අක්කේ අක්කගේ දුවට මොකුත් වෙන්නේ නැ


ටික වෙලාකින් ඩොක්ටර් අාවා එලියට


අනේ දොස්තර මහත්තයො මගෙ දරුවට මොකද වෙලා තියෙන්නේ කෝ එයා මට බලන්න ඔනේ සිරියාවති ඉකිගගහා කියපු විදියට එතන හිටපු නර්සලගේ අැස් වලට පවා කදුලු අාවා


මේ කවුද පේෂන්ගේ ඩොක්ටර් ජයසේකර දිහාට හැරිලා අැහුවා


මං මාමා


ඔයා පොඩ්ඩක් එන්නකෝ

දරුවගේ තත්වේ ටිකක් බරපතලයි එයාගේ හදවතට ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ එයාට හදවතක් බද්ද කරන්නේ නැතිව ජිවත් කරවන්න බැ


ජයසේකරට කතා කරගන්න පාවා බැරි උනා එක අැහුවට පස්සේ එ් කියන්නේ ඩොක්ටර් දරැවගේ ජිවිතේ


එක තමා මෙතන තියෙන ප්‍රශ්නේ අපි හාට් එකක් හොයගන්නේ කොහොමද කියලා කවුරු හරි තමන්ගේ කැමැත්තෙන් හාට් එකක් දුනුනොත් දරුවගේ ජිවිතේ බේර ගත්ත හැකි

මං දෙන්නම්

පිටි පස්සෙන් අාපු කටහඩට දෙදෙනාම එකපාර බැලුවේ කවුද කියලා

සිරියාවති ඩොක්ටර් කියපු සේරම දේවල් අහගෙන හිටියේ

මං දෙන්නම් දොස්තර. මහත්තයො මගෙ සේරම දේවල් අරගෙන හරි මගෙ දුවව ජිවත් කරවන්න 😥😥


අක්කේ ජයසේකර සිරියාවති දිහා බැලුවේ කදුලු පිරි දෙනතිනි


ඔව් මල්ලි මං සේරම අහගෙන හිටියේ මං මගෙ දරුවව බේර ගන්නවා මගේ දරුවව බලාගන්න මල්ලි එයාව බලාගන්න ඔයලා විතරයි ඉන්නේ


ජයසේකරයි ශ්‍රියාණියි සිරියාවති කියන දේවල් අහගෙන හිටියේ අැස්වල කදුලු පුරවගෙන


හරි අපි මේ වෙලාවේ දරුවගෙ ජිවිතේ බේරගන්න ඕනනේ අම්මා කැමතිනම් අපිට ඔපරේෂන් එකට ගියහැකි


අනේ මං කැමතියි දොස්තර මහත්තයෝ මට එක සැරයක් දරුව බලන්න ඕනේ


හරි යමු

තිදෙනාම ICU එක පැත්තට ගියා

සිරියාවති නිමේෂා දිහා බලන් හිටියා

ජයසේකරට ඩොක්ටර් කතා කරලා එලියට ගියාට පස්සේ

සිරියාවති බැග් එකෙන් පොතක් අරගෙන. මොනවද ලිවා

ටික වෙලාවකට පස්සේ ජයසේකර ලගට සිරියාවති ගියා

මල්ලියේ


අක්කේ මේ. . . ඔයා ගත්ත තිරනේ


එ් ගැන කතා කරන්න එපා මං තිරනයක් අරගෙන ඉවරයි මේ පොත දරුවා අතටම දෙන්න


එ්. අතරේ නර්ස් කෙනෙක් අැවිත් සිරියාවතිව එකන් ගියා


පැය හතරකින් පසු


ශ්‍රියාණියි ජයසේකරයි ඩොක්ටර් එලියට එනකම් බලන් හිටියා

අන්න ජයේ ඩොක්ටර් එනවා


ඩොක්ටර් දුවට


බයවෙන්න එපා දුවව තව ටිකකින් වාට්ටුවට දායි


ශ්‍රියාණිත් ජයසේකර ඉන් පැත්තට අාවා

ජයේ ඩොක්ටර් මොකද කියන්නේ


තව ටිකකින් වාට්ටුවට දුවව දානවා කිවා


නිමේෂව වාට්ටුවට එක්කන් යද්දි ජයසේකරයි ශ්‍රියානියි එ් පස්සෙන් ගියා


මිස්ටර් ජයසේකර මෙයාව වැඩියේ මහන්සි වෙන්න දෙන්න එපා මොකද දැන් ටිකට ඉස්සෙල්ලනේ සිහිය අාවේ

ජයසේකරයි ශ්‍රියාණියි නිමේෂා ඉන්න තැනට ගියා


අම්මා..... අම්මා....


නිමේෂා දෝණි කොහොමද ඔයාට දැන්


මාමේමට මොකක්ද උනේ අැයි මේ මං හොස්පිටල් එකේ ඉන්නේ


දැන් ඔයාට හොදයි දෝණි ඔයා පාර මරු වෙද්දි අැක්සිඩන් උනානේ


එතකොට කෝ අම්මා


අපි අම්මව බලන්න යනකෝ


අම්මා අපිත් එකක අාවනේ කෝ නැන්දේ අම්මා එයා ගෙදර ගියාද


ජයසේකරගෙත් ශ්‍රියාණිගෙත් අැස්වල කදුලු පිරෙනවා නිමේෂා දැක්කා


අැයි ඔය දෙන්නා අඩන්නේ අනේ මට කියන්නකෝ


ජයසේකර සිරියාවති දුන්න පොත හිමිට අතට ගත්තා


මොකක්ද මාමේ ඔය මාමේ මං අම්මගේ හිත ගොඩක් රිද්දුව අම්මට එන්න කියන්න මං අම්මට අාදරෙයි මට අම්මගෙන් සමාව ගන්න ඕනේ


පුතේ මේ පො..ත අ..ම්මමගේ ඔයාට ජයසේකර කිවේ අැස් දෙකේ කදුලු පුරවගෙන


අා එහෙමද මාමේ අම්මා මාත් එක්ක තරහා වෙලා ගෙදර යන්න අැති කමක් නැ අපි ගෙදර ගිහින් අම්මාව එකන්. එමු මට කැම්පස් එකට යනකොට අම්මව එක්ක යන්න ඕනේ එහෙම කියලා නිමේෂා පොත දිග අැරියා


අද දුව මට ඉස්කෝලේ ගාවදි සැරෙන් කතා කලා මට දුව එහෙම කතා කලාට මං දෝණි එක්ක තරහා නැ මැණික මං ඔයාට කියපු නැති ගොඩක් දේවල් තියනවා පුතේ

මගේ මැණිකට මාස හතරක් වෙද්දි ඔයාගේ තාත්තා ගහකින් වැටිලා අපිව දාලා ගියා 😢😢 එදා ඉදලා මං මගේ අැස් දෙක වගේ දුවව බලාගත්තා ඔයාවත් තියාගෙන පුලුවන් විදියට කැම හදලා කඩවල් වලට දැම්මා කවුරුත් හිටියේ නැ පුතේ උබවයි මාවයි බලාගන්න එ් දවස්වල දුවගේ මාමත් හිටියේ රට මගේ මැණික දන්නේ නැති උනාට මාත් ඉස්සර මගෙ දෝණි වගේම ලස්සනයි එත් මගේ මුනට වැඩියේ මගෙ දුව වටිනවා

එ් සිද්ධිය වෙන කොට දුවට අවුරුද්දක් සම්පුර්ණ උනා විතරයි එදත් වෙනදා වගේම කුප්පි ලාම්පුව පත්තු කරලා මං ඉදි අාප්ප ටික හදන්න ගත්තා මං දර ටිකක් අරන් එන්න එලියට ගිය ටිකට ඔයා නැගිටලා අැවිත් මේසේ උඩ තිබ්බ ඔයාගේ කෝප්පේ ගන්න හදපු ටිකට ලාම්පුව ඔයාගේ අැගට පෙරලිලා ඔයා අඩනවා මට මේලෝ සිහියක් තිබ්බේ නැ එ් වෙලාවේ මාත් ඔයාව බේරගන්න ඕන නිසා ගින්දර බලන්නේ නැතිව ඔයාවත් අරගෙන ස්පිරිතාලෙට ගියා එ් යනකොටත් ඔයාගේ මුන් පැත්තක් පිච්චිලා තිබ්බේ ඩොක්ටර්ලා කිවා මුනේ කියන පිච්චුන කැලැල් ලොකුවෙද්දි මැකෙනවා එත් දුවගේ එක අැහැකට හානි වෙලා එ් අැහැ පේන්නේ නැතිව යයි කියලා මට මගෙ අැහැට වැඩියේ මගෙ දුවව වටිනවා මං මගෙ මුන ගැනවත් හිතුවේ නැ මගෙ මුනත් එ්වෙනකොට පිච්චිලා තිබ්බේ එත් මගෙ අැහැට මොකුත වෙලා තිබ්බේ නැ මං මගේ අැහැක් මගෙ දුවට දුන්නා එ්ත් මගෙ මුනේ තිබ්බ පිච්චිච කැලැල් මැකුනේ නැ

ටික ටික දුව ලොකු. වෙද්දි මං හිතුවටත් වඩා මගෙ දුව ලස්සන උනා

එ්ත් මං හිතුවේ නැ පුතේ මගෙ මුන නිසා දුවට ලැජ්ජාවෙන්න වෙයි කියලා

දුව කැම්පස් තේරිලා කියලා දැන ගත්තම මං තරම් කවුරුත් සතුටු උනේ නැ පුතේ

එ්ත් ඔයා එකපාරටම එන්න එපා කිවුවම මගේ පපුව පැලෙන්න තරම් දුක හිතුනා මැණික එත් අහපුව ඔයා මට එන්න කියලා කිවේ කැමැතකින් නෙවේ කියලා මං දන්නවා මැණික මං එ්ත් ලැස්තිවෙලා අාවේ මාමලා ඔයා ගැන අහිතක් හිතයි කියලා මාත් අාසාවෙන් හිටියේ මගෙ දෝණි ලොකු නෝනා කෙනෙක් වෙලා මව බලන්න එනකම්

මගෙ දුවගේ ජිවිතේ මට දෙවනි පාරටත් බේරගන්න වෙයි කියලා මං හිතුවේ නැ මැණික මං හැමදාම ඔයත් එක්ක ඉන්නවා මගෙ දෝණිට දෙවි පිහිටයි 😢😢


අනේ මාමේ මගෙ අම්මා කෝ එයා කෝහෙද ගියේ 😭😭 මට අම්මව ඕනේ මං එයාට අාදරෙයි අනේ මාව එක්ක යන්නකෝ 😭😭

මට එයාව කැම්පස් එකට එකන් යන්න ඕනේ


අනේ අඩන්න එපා පුතේ ඔයා අඩන්න හොද නැ


මගෙ අම්මා කොහෙද කියන්නකෝ😭😭


එයා නැ මැණික අම්මා ඔයාව ජිවත් කරවලා එයා ගියා පුතේ ශ්‍රියාණි කිවේ අඩ අඩා


අනේ මාමේ මොකද්ද උනේ කියන්නකෝ 😭😭😭


ඔවු පුතේ ඔයා හැප්පුනාට පස්සේ ඔයාව ජිවත් කරන්නනම් ඔයාට හදවතක් බද්ද කරන්න ඕනා කිවා ඔයාගේ හාට් එකට ගොඩක් ඩැමේජ් වෙලා තිබ්බ නිසා

😥😥


අම්මා තමා පුතේ ඔයාට දෙවනි පාරත් ජිවිතේ දුන්නේ ජයසේකර කිවේ අඩමින්


අනේ අැයි දෙයියනේ මට මේ තරම් ලොකු දඩුවමක් දුන්නේ 😭😭 අනේ මට සමාවෙන්නකෝ අම්මේ

අනේ මාමේ මගෙ අම්මට මං කතා කරපු විදිය එයාට මං ගොඩක් රිද්දුවානේ 😭😭


දෝණි දැන් අඩන්න එපා ශ්‍රියාණි කිවේ අැස්වල තිබ්බ කදුලු පිහදාන ගමන් අම්මගේ එකම බලාපොරොත්තුව ඔයා ඉෂ්ථ කරන්න ඕනේ ඔයා එතකොට තමයි අම්ම ඔයා දිහා බලලා සතුටුවෙන්නේ


ඔවු නැන්දේ මං අම්මගේ බලාපොරොත්තු සේරම ඉෂ්ථ කරනවා මගෙ අම්මා කෙහෙ හරි ඉදන් මගෙ දිහා බලන් අැති ලබන අාත්මෙත් ඔයා මගෙ අම්මා වෙලා ඉපදෙන්න අම්මේ 😭😭 නිමේෂා කදුලු අතරින කිවා


නිමේෂා කරපු වැරදි තේරෙන කොට එයාගේ අම්මා එයාට දෙවනි පාරත් ජිවිතේ දිලා මේ ලෝකෙන් සදහටම ගිහින්


අාදර මවුවරුනේ මහ මායාවරුනේ සුවදයි මවු සෙනෙහේ ජිවිතේ❤❤


කතෘ: නිර්මලි රත්නායක 😍


කතෘ අයිතිය සුරකින්න 🙏

Report Page