මමයි පතිනි ඔබගේ යහනේ ♥️🥀

මමයි පතිනි ඔබගේ යහනේ ♥️🥀

සචිනි රත්නායක


කෙටි කතාවකි...


පතිනියක් වේය මේ මම ඔබට පමනක් පේ ඌ ♥️🥀




හීනයක් වගේ මේ හැමදේම ...

පානයක් වගේ ඔබේ ඔය ආදරය ..🍷

මානයෙන් තොරව මා නුබට කල ප්‍රේමය ...🥀

අසීමිතිය ආදරය ගැහැණියක තුල ...


දුන්න ආදරෙ මදිද මෙලෙසේ..

ලෙසයි යුතුකම් කරයි පනසේ..

මටයි ඕනේ ඔබගේ යහනේ...

වෙන්න පතිනි මටම රිසි සේ.


🥀🥀🥀🥀🥀



අදයි දවස මම මෙච්චර අවුරුදු ගානක් බලන් හිටිය . මගේ හැම ප්‍රශ්නයක් ඉවර වෙයි අද ඉදලා.


මම නමින් බිමරා එසදුනි. වයස අවුරුදු විසි පහයි. අද තමයි මගේ විවාහය මම අවුරුදු ගානක් ආදරෙ කරලා අද අපි අපේ වෙනවා

ඔහු හිතේශ් වර්ණකුලසූරිය මට වඩා අවුද්දක් වැඩිමාල්, උසට සරිලන ඇගක් එක්ක ගානට ශේව් කරපු රැව්ල කෙල්ලෝ වශි කරන කලු පාට ඇස්, නෑ ඉතින් වශී කරගන්න ඕන නෑ මන් මේ කතාව ට කිව්වේ එයා මගේ මේ මගේම විතරයි .



මැනික ...



ළමයි කීයක් හදන්නද කල්පනා කලේ.



හෑ....



නෑ ඉතින් මෙච්චර වෙලා මන් බලන් හිටියේ මගේ දිහා කන්න වගේනේ බලන් හිටියේ..


හත්තික්කේ විලිලැජ්ජාවේ බෑ.. බිමාරෝ මොකක්ද මේ උනේ..


අනේ නැ අයියේ මන් මේ කල්පනා කලේ නිකන් අද දවස හීනයක් වගේ නේ



නෑ නෑ සුදු හීනයක් නෙවෙයි මැනිකේ ඇත්ත ක්, තව පොඩ්ඩක් රෑ උනාම ඒක ඔප්පු වෙනවා.



හෑ ඒ කොහොමද ..



ඉතින් මගේ ආදරණිය කොල්ලා එයාගේ වල් කුකුල් මූනෙන් මගේ කනට කරලා


ඇයි මැනික මගේ වෙන්නෙ නැද්ද අද


කියලා අහපී , යසයි යසයි ඕන නැති වැඩ කරන්න යනවට.



වෙඩින් එකේ ඔක්කොම වැඩ ඉවර කරලා යන වෙලාව ලන් උනාම අම්මව බදාගෙන ඇඩුවේ මෙච්චර කල් මාව ආදරෙ න් බලාගත්ත , මන් මෙච්චර කල් ලග හිටපු අයව දාල වෙන ගෙදර ක යන්න වෙනවා නේද කියලා හිතමිනුයි. කරන්න දෙයක් නෑ ඒක තමයි ලෝකේ ස්වභාවය , කෙල්ලෙක් කියන්නේ ම වෙන වත්තක පිපෙන මලක්, කෙල්ලෙක් අයිති පිටට


යන්න ලෑස්ති උනත් අඩුවක් දැනෙනවා ඔව් මල්ලි, මගේ ලෝකේ කෝ



අම්මේ මල්ලි කෝ...



මේ හිටියා පුතේ අනේ අඩනවද දන් නෑ..



දැන් නම් දාල යන්නබෑ වගේ , ඉස්සර රණ්ඩු වෙද්දී මල්ලි හැමදාම කිව්වේ අනේ තමුසේ එච්චර කල් මෙහෙ ඉන් නෑනේ කවුරු හරි ගොනෙක් තමුසෙව අරන් යනවනෙ එතකොට තමයි හොද කියලා ඒත් අද එයා මන් ලගට එන් නෑ මන් යනකොට ඒ තමයි මල්ලිගේ ආදරෙ ..



අක්කේ....


ඔව් මගේ කොල්ලා කදුලු පුරවම් මගේ දිහා බලන් ඉන්නවා


අහ් මොකද මේ මගේ චන්ඩි කොල්ලාගේ ඇස් වල කදුලු, මන් යන එකනෙ හොද කියලා කිව්වෙ ඉස්සර



ඒ ඉස්සර නේ, අනේ තමුසෙට යන්න ම.ඕනද හලෝ...



මන් කොහොමද දෙයියනේ දැන් හිත හදාගන්නේ,ඉතින් මම



මම යන්න එපැයි සුදු, ඔයා එන්න අක්කව බලන්න ..



අනේ අක්කේ, ඔයා පරිස්සමින් ඉන්න , ඔයාට ඉන්න බෑ වගේ කියලා හිතුන ඕනම වෙලාවක මන් ලගට එන්න මන් ඉන්නවා ඔයා එක්ක.



අනේ ඔයත් පරිස්සමින් , අම්මට කරදර කරන්නේ එහෙම නෑ ..



ඉතින් එයා මාව බදාගෙන පුළුවන් තරම් ඇඩුවා අඩල අඩලා එයා හිතේශ් ලගට ගිහින්


අයියේ මන් උබට දෙන්නේ මගේ පණ, ඒකි සැරයි පොඩ්ඩක් එහෙම නෙවෙයි ගොඩක් සැරයි හැබැයි හදාගන්න පුළුවන් , ආසයි නුවරට පුළුවන් එක්කන් පලයන් , අහ් තව ලස්සන ඉන්න කැමති උබට බැරි නම් කියපන් මන් ඒව අරන් දෙන්නම්..



ඉතින් ඒ තමයි මල්ලි , මගෙ පලවෙනි ළමයා එයා නේ..



ඉතින් ඔක්කොම ඉවර වෙලා අපි ආවේ අපේ හොටෙල් එකට.. එනකන් ඉතින් නින්දේ තමයි ආවේ..


සුදු නැගිටින්න අපි ආවා හොටෙල් එකට..


අහ් ආවද.. එහෙනම් ඔය බඩු ටික අරම් එන්නකෝ..



යකෝ මේකි මාර පිස්සියෙක් නේ...



ඉතින් අපි ආව හොටෙල් එකට, මාර ලස්සනයි විව් එක.



හොටෙල් එකට ඇවිල්ලා හැමදේම ඩ්‍රෙස් එක මාරු කරලා නාලා අයියා එනකන් බැල්කනි එකට වෙලා බලන් හිටියා.


හීනයක් වගේ මෙ හැමදෙම , අවුරුදු ගානක් ආදරෙ කරලා කසාද බදින එක තමයි මන් දන්න ව්දිහට කෙල්ලොන්ගේ හීනේ , ලස්සන ඔසරියක් ඇදලා නැකතකට තැල්ල තියලා මාල හතක් දාලා ම්ම් තමන් ආසම විදිහට ඇදලා එයා එක්ක රැය ගත කරන්න තමයි හැම කෙල්ලෙක්ම හීන දකින්නේ , දෙමව්පියන් ගේ ආශිර්වාදයත් මැද්දේ කොල්ලගේ ගෙදර යන්න..



මන් දැක්ක ඒ හීනේ අද ඉශ්ට උනා..


මෙච්චර කල් අපි ගෙවපු ජීවිතය ගැන හිතනකොට මට දැනුනා සීතල අතක් මහේ බදේ ගෑවෙනවා, මට ඉතින් අමුතුවෙන් හැරිලා බලන්න ඕන නෑ මේ ඉන්නේ හිතේශ් කියන්න මොකද මට එයාගේ ස්පර්ශ ය හුරුයි.

දෙයක් කියන්නද මන්, කෙල්ලෙක්ට වරදින්න තත්පරෙත් ඇති කියනවානේ ඉතින් ඒ තත්පරෙමුත් ගැලවෙන්න දෙවියො අපිට පුන්චි චාන්ස් එකක් දීල තියෙනවා , ඒ තමයි අපිට පුළුවන් ස්පර්ශයෙන් කෙනෙක්ව හදුනාගන්න. ඔයාලා බස් එකේ යනකොට නින්ද යනවනේ හැබැයි ඒත් ඔයා ඉන්නේ පියවි සිහියෙන් ඒ අපේම ආරක්ෂාව ට, අපි ගෙදරින් පිට නිදාගන්න ගියත් පළවෙනි දවසේ නින්ද යන් නෑ ඒ තැන හුරු නැති නිසා, අපේ හිතට සැකයි අපිට මොන වෙලාවේ හරි වරදින්න පුළුවන් කියලා , ඒත් අපි ඒ අයිතිය කෙනෙක්ට දුන්නොත් අපිට පුළුවන් එ කෙනවා ස්පර්ශ යෙන් අදුරගන්න


ඉතින් අයියා කියන්නේ මගේ ජීවිතේ එයාගෙන් වැටෙන හුස්මකින් පුළුවන් මට එයාව අදුර ගන්න .


මැණික ලොකු කල්පනාවක වගේ..


හ්ම් ...


මොනාද ඔච්චර කල්පනා කරන්නේ .


මට ගොඩක් සතුටුයි අයියේ .



මටත් සුදු... ඉතින් මැනික



කියන්න අයියේ ...



මගේ වෙනවද...



අනිවාර්යයෙන්

මමයි පතිනි ඔබගේ යහනේ


මාව හරි පරිස්සමින් උස්සන් ඇදේ තිබ්බා එයා මගේ තොල් වක්ට බර උනේ නිතැතින්...



එතැන් පටන් අනුරාගි මොහොතකින් අපි අපේම උනා....



...........................................



ඉවරායි....


කියවලා අදහසක් කියන් යන්න ...


https://t.me/+Cwaagb9wbYdlN2I9


Report Page