මොනවද මේ Encoding කියන්නෙ ?🤔

මොනවද මේ Encoding කියන්නෙ ?🤔

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐅𝐚𝐦𝐢𝐥𝐲™🎭


x264 😕 x265 🤔 Codecs 🤷 Frame Rate 🤖
සමහර අය මේව ගැන දන්නව ඇති.ඒත් ගොඩක් ඉන්නෙ නොදන්න අය.

සමහරු film එකක් tv series එකක් ගන්න ගියහම 720p කියල දැක්ක ගමන් මෙලෝ දෙයක් බලන් නැතුව ඒක download කරනව. BluRay තියාගෙන HDcam,HDRip වගේ එව්ව GB බර ගානක් දීල සීසන් පිටින් බාගන්නවා. අන්තිමට බලන්න ගියහම තමා වැඩේ තේරෙන්නෙ.

📌 එහෙනං මුලින්ම බලමු මොකද්ද Encoding කියන්නෙ කියලා

Video Encoding ගැන දැනගන්න කලින් අපි දැනගෙන ඉන්න ඕන video එකක් කියන්නෙ මොකක්ද කියල..

ඇත්තටම වීඩියෝ එකක් කියන්නෙ පින්තූර ගොඩක එකතුවක්.මේ පින්තූර ටික පිළිවෙලට වේගෙන් පෙන්නගෙන යනකොට හැදෙනව චලන රූපරාමුවක්;එහෙම නැත්තන් වීඩියෝ එකක්.

අපි සැබෑ ලෝකෙ දකින දේවල් කියන්නෙත් video එකක් තමා.පොඩි පන්ති වලදි විද්‍යාවට ඉගෙනගත්තනෙ වස්තුවක් දිහා බැලුවම ඒකෙ ප්‍රතිබිම්බය තමයි අපේ ඇහේ නිර්මාණය වෙන්නෙ කියල.ප්‍රතිබිම්බයක් කියන්නෙත් photo එකක්.ඉතින් ඒ වස්තුව චලනය වෙනකොට ඒකෙ ප්‍රතිබිම්බ ගොඩක් අපේ ඇහේ එක දිගට නිර්මාණය වෙනව.මේ ප්‍රතිබිම්බ වෙනස් වෙන speed එකට කියනව frame rate එක කියල.අපේ ඇහැ නිශ්චිත frame rate අගයකදි මේව චලනය වෙන දේවල් කියල අඳුරගෙන මොළයට සංඥාවක් යවනව.එතකොට තමයි අපිට දෙයක් චලනය වෙනවයි කියල තේරෙන්නෙ.


📌 දැන් යමු කැමරාවට 📷

ඉස්සර කාලෙදි කැමරා වලින් ගන්න වීඩියෝ ඔක්කොම තිබුනෙ RAW කියන format එකෙන්. RAW file එකක් කියන්නෙ කලින් කිව්ව වගේ photos ගොඩක එකතුවක්.
හිතන්න එපා මේක අපි අපේ phone එකේ cam එකෙන් continuous shot ඔප්ශන් එක දාල එකදිගට ගන්න photo වගේ කියල.එතනදි තප්පරේකට එක photo එකක් වගේ තමයි වදින්නෙ.ඒත් RAW video එකක තප්පරේකට photo 30 ක් විතර වදිනවා.මේ අගය අපිට මැනුවලි වෙනස් කරන්නත්, කැමරවෙ වර්ගෙ අනුවත් වෙනස් වෙන්නත් පුලුවන්.
ඉතින් අන්න ඒ තත්පරේකට වදින photos ගානට තමයි FPS [frames per second ]අගය කියල කියන්නෙ.
හිතන්නකො තත්පරේකට පොටෝ 30 ක් වදිනව කියන්නෙ විනාඩියට පොටෝ 1800 ක්.අපි සාමාන්‍ය smart phone එකකින් ගන්න එක photo එකක් උනත් 3mb-5mb අතර වෙනව.FHD නැත්නම් 1080p resolution එකක් තියන වීඩියෝ එකක් තත්පරයක් රෙකෝඩ් කරල save කරොත් ඒකට ආසන්නව 178mb විතර ඕන වෙනව.[1920x1080x30x3=178mb (3 bytes for 1pixel) ]

ඉතින් පැය දෙක හමාරක film එකකට කොච්චර ඉඩක් යයිද.ඕක තමයි ඒ කාලෙ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ.

ඔතෙන්දි තමයි compression එහෙම නැත්නං encoding කියන එක ඉස්සරහට එන්නෙ.
Compressions වලදි වෙන්නෙ video එකේ මේ විශාල size එක අඩු කරන එක.මේක ටිකක් සංකීර්ණ වැඩක්.සරලව කිව්වොත් මෙහෙමයි. video එකක් compress කරන්න ගන්නෙ software එකක්.මේව කැමරාවක් තියන හැම device එකකම වගේ දැන් තියනව.මේ software එකෙන් RAW file එකේ තියන හැම photo එකක්ම analyze කරල බලනව.ඊට පස්සෙ එක ළඟ තියන frames දෙකක්,නැත්නම් photo දෙකක් 90% විතර එකම විදිහනම්...වෙනසක් ඇත්තෙම නැත්නම්...සර්වසමයි නං ඒ එක photo එකක් delete කරල එතෙන්ට ඊළඟ frame එක replace කරනව.ඒත් අර අයින් කරපු එක තිබ්බ තැන මතක තියා ගන්නව.මොකද video එක decode වෙනකොට ඒක ආපහු එතෙන්ට දාන්න ඕන නිසා.(මෙතනදි අර delete කරපු photo එක වෙනුවට ඊට කලින් තිබ්බ photo එකම add වෙන එකයි වෙන්නෙ.) ඔන්න ඕකයි වීඩියෝ එකක් encode කරද්දි වෙන දේ.
මේකට යොදාගන්න softwares වලට කියනව codecs කියල.Codecs කියන නම හැදිල තියෙන්නෙ compressions සහ decompressions කියන දෙකේ එකතුවෙන්.codecs වලින් තමයි අපි දෙයක් video කරන කොට හැදෙන raw files encode කරන්නෙත්,ඒ video එක ආපහු බලනකොට decode කරන්නෙත්.codec වර්ග ගණනාවක් තියනව.මේවගෙ තාක්ෂණයෙ වෙනස්කම් තිබ්බත් වෙන්නෙ එකම දේ.ජනප්‍රිය video codecs වර්ග තමා H264, MPEG-2, WMV, DivX වගේ ඒව.දැනට බහුලව භාවිතා වෙන්නෙ H264 codec එක.අපේ phone වල උනත් තියෙන්නෙ ඒක.


📌 දැන් බලමු H264 හා H265 codecs අතර වෙනස.

H265/x265/HEVC(High Efficiency Video Coding) කියන්නෙ 2013 අවුරුද්දෙ හඳුනවා දීපු අලුත්ම codec එක.

H264/x264/MPEG-4 AVC කියන්නෙ 2003 අවුරුද්දෙ හඳුන්වා දීපු දැනට බහුලවම භාවිතා වන codec එක.

Video එකක් encode කරන්න මේ codecs දෙක භාවිතා කරන්නෙ එකිනෙකට වෙනස් algorithm දෙකක්.H265 වලදි යොදාගන්නෙ ගොඩක් advance තාක්ෂණයක්.
H265 හඳුන්වා දීපු අය කියන්නෙ මේ මගින් encode කිරීමෙදි Original RAW file එකේ තියන frames වලින් 90% විතර අයින් වෙනව කියල.අන්න එහෙමයි x265 video එකක file size එක අනිත් ඒවට සාපේක්ෂව සෑහෙන්න අඩු වෙන්නෙ.

උදාහරණයක් ගත්තොත්, මම ළඟඳි Harry Potter series එකම download කරන්න කියල හිතාගෙන link හොයනකොට හම්බුනේම 720p x264 Video එක. Film එකක් 800mb - 1200mb අතර තිබ්බෙ. බැරිම තැන telegram channel වල search කරහම බඩු හම්බුනා.
1080p x265 film එකත් උනේ 1.12Gb .
720p x265 එකක් 550mb-650mb.
ඉතින් තේරෙනවනෙ වෙනස.

සමහරු කියනව H265 වලදි bit rate එක ගොඩක් අඩු වෙන හින්ද video quality එක H264 ට වඩා අඩුයි කියල.ඒත් ගොඩ දෙනෙක්ගෙ මතය තමා H265 වල quality වැඩියි කියන එක.

ඒත් හැමදේකදිම වගේ H265 වලත් අවාසි ටිකක් තියනව 😓 මන් කලින් කිව්ව වගේ මේකෙන් encode කරනකොට Original file එකෙන් 10% ක තොරතුරු/පින්තූර විතරයි ගන්නෙ.ඒත් video එක play කරද්දි ඒ ඉතුරු 90% තැනින් තැනට එකතු වෙන්න ඕන තියන 10% photo මගින්.මෙතනදි codec එකට එක දිගට සෑහෙන වැඩ කොටසක් කරන්න වෙනව.ඒකට phone එකේ RAM,CPU space වලින් වැඩි ඉඩ ප්‍රමාණයකුත් ඕන වෙනව.ඒකයි ගොඩක් අය කියන්නෙ x265 video බලනකොට phone එක රත් වෙනව,ඉක්මනට battery බහිනව කියල.

Low End phone වල video බලනකොට freeze වෙන්නෙත් මෙන්න මේ නිසා.
තව අවාසියක් තමයි ලංකාවෙ දැනට තියන ගොඩක් devices මේ codec එකට support නොකරන එක.අඟල් 42 samsung Tv පවා තියනව මේ video play කරන්න බැරි.smart tv වලනම් අවුලක් නෑ.

අන්තිමට කියන්න තියෙන්නෙ Pc එකක් තියනවනම්, Mid Range Phone එකක් තියනවනම්, H265 support Tv එකක් තියනවනම් පුලුවන් තරම් බලන්න x265 video format එකෙන් ඩවුන්ලෝඩ් කරන්න.

ඉතිං ඕක තමයි Video Encoding, Codecs වල කතාව.

📌 ඊලගට fps

ගෙයක් ඇතුලෙ දෙන්නෙක් කතා කර කර ඉන්නව video කළොත් fps එක කීය උනත් ඒවගෙ දැනෙන වෙනසක් පේන් නෑ.slow වෙන්නෙත් නෑ.

හිතන්නකො ගඟක් ගලන,ගස් කොළන් ගොඩක් තියන තැනක් 10fps වලිනුයි 60 fps වලිනුයි video කලා කියල.
60 fps video එකේ ගහක කොළයක් දිහා zoom කරල බැලුවොත් ඒක තප්පර දෙකකදි තුන් පාරක් හෙළවෙනව නං 10 fps එකේදි පේන්නෙ එක පාරක් හෙළවෙනව.

ගඟට වැටිච්ච කොළයක් පහලට පාවෙලා එනකොට මොකක හරි වැදිල අනිත් පැත්ත හැරුන කියල හිතන්න. video එක slow කරල බැලුවොත් 60fps වල කොළේ වැදිල හැරවෙන විදිහ හරියටම බලන්න පුලුවන්. 10 fps වලින් පේන්නෙ කෙලින් ඇවිල්ල එක පාරටම කොළේ අනිත් පැත්ත හැරුන වගේ.

අන්න ඒ වගේ තැන්වල FPS එක වැඩි එකේ Details වැඩි හින්ද තමයි video එක freeze වෙන්න ගන්නෙ RAM / Cashe අඩු device වල.

📌 Audio

2CH වල තියෙන්නෙ චැනල් දෙකයි. Speaker දෙකක් තියන Sub Woofer එකකින් අපි Audio එක අහනවනම් 2CH Video එකක් ගත්තම ඇති. චැනල් දෙක කියන්නෙ Left & Right speaker දෙකට වෙන වෙනම Audio එනව කියන එක.

Home Theater එකක් හරි speaker 5ක් තියන Sub එකක් හරි තියනවනම් 6CH Video එකක් ගන්න එක හොඳයි.මේකෙ චැනල් 6යි. Audio චැනල් 5යි ස්පීකර් 5 ට.අනිත් චැනල් එක Sub Woofer එකට.

උපුටාගැනීමෙන් නැවත සංස්කරණය : MCF

Report Page