මොනවද මේ Codecs වර්ග?

මොනවද මේ Codecs වර්ග?

@CloudUpdateslk

මේ වෙනකොට නමින් එකිනෙකට වෙනස් codec වර්ගයන් ගණනාවක් තියෙනවා. නම් වෙනස් උනත් ඒ එක එකකින් වෙන්නෙ එකම දේ තමයි. Coding වන ක්‍රමවේද වල සුලු සුලු වෙනස්කම් සහා ඒ සඳහා යොදාගන්නා Algorithm එකේ වෙනස්කම් තමයි මේ එක එකක සුලු වශයෙන් තියෙන්නෙ. 

            ▶️  Xvid

            ▶️  DivX

            ▶️  Libvpx

            ▶️  WMA

            ▶️  H.264 MPEG-4.AVC

            ▶️  H.265 HEVC

         මේවා codecs ගැන ගොඩ දෙනෙක් අහලා ඇති. මේ අතරින් වැඩි ප්‍රමාණයක් දැනට භාවිත වෙන්නෙ H.264/MPEG-4.AVC (MPEG - Motion Picture Experts Group) සහා H.265.HEVC යන Codec ක්‍රමයන් තමයි. අනිත් Codec ක්‍රමයන් භාවිතා වෙන්  නැති තරම්.. මොකද්ද මේ 264 සහා 265?

H.264

H.264/MPEG-4.AVC (Advanced Video coding)

      2003 වසරේදි හඳුන්වාදුන්, දැනට වැඩිම ප්‍රමාණයකට යොදාගන්නා Codec එකක් තමයි මේ H264 කියන්නෙ. ⁣මේ Coding ක්‍රමය වැඩි දියුණු කරන්ඩ දායක වෙලා තියෙන්නෙ Panasonic, LG සහා GODO Kaisha කියන ආයතනයන්.

BluRay පිටපත් සඳහා වැඩි ලෙසම භාවිතා කරන්නෙ මේ H264 ක්‍රමවේදය. ඒ වගේම YouTube, Netflix Live Stream කරන ආයතන, සහා itune store පවා යොදාගන්නෙ මේ 264 Codec ක්‍රමය.නමුත් H.265 Codec ක්‍රමවේදයට වඩා මෙමගින් නිකුත් වන Video පිටපත් වල ප්‍රමාණය, size එක වැඩයි.. ඒ වගේම යොදාගන්නා තාක්ෂණයෙන් ටිකක් අඩුයි. 

 H.265

H.265.HEVC (High efficiency Video Coding)

2013 වසරේ නිකුත් කළ මේ ක්‍රමවේදය 264 codec එකට වඩා ගොඩක් දියුණු, Advanced තාක්ෂණයක් තමයි තියෙන්නෙ.. දැනට තියන හොඳම Coding එක කිව්වොත් නිවැරදී.. ඒ වගේම Video සහා Sounds Quality එක පවා 264 Codec එකට වඩා ගුණාත්මක බවින් වැඩි... නමුත් 264 Codec එකට සාපේක්ෂ බලද්දි මේ හරහා නිකුත් වන Videos වල ප්‍රමාණය ගොඩක් අඩුයි

උදාහරණයක් විදිහට ගත්තොත්,

H264/MPEG-4.AVC Video Resolutions වල සාමාන්‍ය අගයන්

H264.720p --> 700mb - 1.2gb අතරද,

H264.1080p --> 1.2gb - 3gb අතර ද

H265/HEVC Video Resolutions වල සාමාන්‍ය අගයන්

H265.720p --> 350mb - 650mb 

H265.1080p --> 800mb - 1.5gb 

           අතර ප්‍රමාණයන් තමයි ගන්නෙ. පැහැදිලි ලොකු පරතරයක Sizes අඩු වීමක් තියනවා. ඇයි එහෙම වෙන්නෙ? ඒකට හේතුව තමයි, මේ Codec එකේදි එක එකක Raw files වල තියන Photos වලින් 90%ක් විතර මෙහිදි අයින් කිරීමක් සිදුවෙනවා. එකිනෙකට 90%ක් සර්ව සම ඒවා නෙවෙයි. Raw file එකේ තියන Frames වලින් 90%ක්.. ඉතිරි 10% photos නැතිනම් frames වලින් තමයි Video එක නිර්මාණය වෙන්නෙ. ඒ කියන්නෙ 264 codec එකට වඩා 50% කටත් අඩු size එකක වගේ video තමයි මුදා හැරෙන්නෙ. එතකොට හැමෝම හිතයි මේ format එකෙන් release වෙන Films, Series වල කොටස් අඩු ඇති, Quality අඩු ඇති කියලා. නෑ, කොහෙත්ම නෑ.. කිසිම අඩුවක් වෙන්නෙ නෑ.

           265 Codec එකෙන් මුදාහැරෙන Films, Tv series සාමාන්‍ය Monitors වල, Tv වල, DVD Plyers වගේම ගොඩක් Midrange සහා Low budget Phones වල නැරඹීමේ හැකියාව සීමා සහිතයි. ඒකට හේතුව තමයි මේ Codec එකේදි මං ඉස්සරලා කිව්වා වගේ Raw file එකක තියන photos වලින් 90% අයින් කරලා, ඉතිරි 10% මගින් මේ සිදු කරන වැඩ කන්දරාව හින්දා ඒ සඳහා Phone එකේ හෝ Lap එකේ හෝ Tv එකේදි, software එකට අමතරව CPU, Ram, Chipset, Monitor එකේ Resolution එක වගේ Hardware උපාංග වල දායනත්වයත් අවශ්‍ය වෙනවා.. නමුත් 264 codec වලදි ඒ ආකාරයෙන් ලොකු ක්‍රියාවලියක් වෙන්නෙ නෑ. ඒකයි ඕනෙම Device එකක ඒ H264 codec format එකෙන් බලන්ඩ පුලුවන් වෙන්නෙ.

           ගොඩක්ම Midrange සහා Low budget Phones වල මේ 265 Format එකේ Films, Series බලද්දි phone එක ලැග් වෙන්ඩ, බැටරි ඉක්මනට අඩු වෙන්ඩ වගේම Heat එක වැඩි වෙන්නෙත් ඒ නිසයි.. ඒක පොඩි අවාසියක්. නමුත් යම් තරමක හොඳ තත්වයේ phone එකක්, Pc එකක් තියනවනම් ගොඩක්ම හොඳ වෙන්නෙ මේ H265 Format එකෙන් නිකුත් ⁣වෙන Video Copies download කරන එකම තමයි. 

           බහුතර කැමැත්ත කොහොම උනත්, පෞද්ගලිකව මම Film/Tv series ගන්නකොට ඉස්සරලම බලන්නෙ Codec Format එක. Quality එක හොඳයි වගේම වැඩි Data ප්‍රමාණයක් නාස්ති නොකර හොඳම තත්වයේ Video පිටපත් Download කරන්ඩ ඒ හින්දා පුලුවන් වෙනවා.. Pahe.in, Psarips වගේ sites වල ගොඩක්ම නිකුත්වෙන්නෙ මේ H265 Format එකෙන්. ඒ හින්දා කියන්ඩ ඕනෙ, පුලුවන් හැම වෙලාවකම Film/ Tv series Download කරන්ඩ බලද්දි කිසි හෙවිල්ලක් නැතිව GB ගණන් දිලා ඩේටා නාස්ති කරගෙන ඒවා බාන් නැතිව, මේ ගැනත් දැනගෙන්, Data ටිකත් ඉතුරු කරගෙන, හොඳම තත්වයේ Video Copies Download කරන්ඩ Try කරන්ඩ.


ලිපියෙහි සම්පුර්ණ අයිතිය : Harinu Subasingha & Luzi
සංස්කරණය : @CloudUpdateslk 



Report Page