✨️ මතක මැදින් ✨️

✨️ මතක මැදින් ✨️

~විහාරා~


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


🖤 40 වන කොටස 🖤


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


කෝල් එක තාත්තාගෙන්...


" පුතෙ කොහෙද ඉන්නේ... "


" යාළුවෙක් හම්බෙන්න ආවා... "


" ම්ම්ම්... හරි හරි... පෝය දවසෙ කොහෙ ගියාද කියලා බැලුවේ... පරිස්සමෙන් යන්න... "


ඒම කියලා තාත්තා කට් කලා...


" චූටි... උඹ තාම බයයි මං ගැන කියන්න... පනින්නෙ ගිනි ගොඩකට කියලා දැන දැන උඹ මේ සෙල්ලම් කරන්නේ... "


" මට වැඩක් නැ... මට ඕනි ඔයා ලගින් ඉන්න විතරයි... ඔයා එක්ක ඉන්න... ඇයි තේරුම් ගන්නැත්තෙ ඒක... "


මිනිස්සු රණ්ඩු කරන්නෙ හිත් බිඳෙනකන් විතරයිලු... මගෙ හිත බිඳිලා ගිහින් සෑහෙන කල්... ඒත්... තාමත් මං රණ්ඩු කරනවා... අපෙ ආදරේ වෙනුවෙන්...


" උඹට ඕනි... පිච්චිලා මැරෙන්න චූටි..."


මෙච්චර කල් පිච්චි පිච්චි ගෙව්ව ජීවිතේ ආය අමුතුවෙන් පිච්චෙන්න දෙයක් නැ...


" හරි... මං යන්නම්... වද දුන්නා වැඩි මං උඹට... එන්නෙපා මගෙ ඇස් ඉස්සරහට ආයිත්... "


මං ආවා... නැ උඹ එන්න දුන්නැ... වැලමිට හරියෙන් ඇදලා ගත්තා ලඟට... බෙල්ල පිටිපස්සෙන් අල්ලන් උඹ නතර වුනේ මගෙ තොල් ලඟ... වේලිලා තිබ්බ තොල් සීතල වේගෙන යද්දි ඇස් පියවුනේ ඒ පලමු අත්දැකිම හිතට නුහුරු නිසාම වෙන්නැති... ඇඟම හිරිවැටිගෙන ගියා... තප්පර හැටකට එහා උඹ අල්ලන් ඉඳියා මගෙ තොල් උඹෙ තොල් වලින්... මගෙ අත් ඉබේටම උඹෙ පපුව ලඟට ගියා... නවත්තන්න ඕනි වුනත් උඹ නවත්තන්නැ... මං තල්ලු කලා... උඹට ගානක්වත් නැ... උඹටම ඇති කියලා හිතුනම ඇත්වුනා...


මට ඇස් දිහා බලන්න හයියක් ආවෙ නැ... උඹ මගෙ නිකටින් උස්සලා හැරෙව්වා උඹෙ දිහාවට...


" මේක නේ ඕනි වුනේ... මිදෙන්න බැරිවෙන තව එක බැඳීමක්... මෙච්චර කිව්වා... කට කැඩෙනකම් කිව්වා... උඹට වෙන ජිවිතයක් පටන් ගන්න පුළුවන් කියලා... හිතුවක්කාරකම... උඹ හරි කියලා හිතන හැමදේම හරි නැ... ඔන්න උඹට ඕනි දේ දැන් ඉඳන් වෙයි... ඒත් මතක තියාගන්න... අවසානෙ මීටත් වඩා විඳවන්න වෙයි..."


මට කතා කරන්න ඉඩක් දුන්නැ... එහෙම්ම තුරුල් කරගත්තා...


" චුටි මං දන්නවා උඹ මට ආදරේ කොච්චරද කියලා... ඒක නොදැනෙන්න මං අමනුස්සයෙක් නෙවේ... මට වඩා හොඳ කෙනෙක් උඹට ලැබෙන්න ඕනි... උඹ ඉගෙන ගත්ත වටින කෙල්ලෙක්.... ඒකයි මං මෙච්චර කියන්නේ... මොකද මට ආයිත් පාරක් උඹව නැතිවුනොත් මොනවයිම්මොනවා වෙයිද කියලා හිතාගන්න බැ... "


බයත් හිතුනා... මං නිසා ආය විඳවන්න වෙයිද කියලා... ඒත් මං ලෝබයි උඹට... ආදරේ ඉස්සරහ හිත් අසරණ වෙනවා... හරි මොකද්ද වැරදි මොකද්ද කියලා තේරුම් ගන්න බැරිතමට... ඒ නිසා වෙන්න ඇති ආදරේ අන්ධයි කියන්නේ...


" මට සමාවෙන්න මහත්තයෝ... "


" මොක⁣ටද... "


" මං දන්නෙ නැ... ඒත් ලොකුම ලොකු වැරදිකාරියක් කියලා දැනෙනවා... "


" එහෙම නැ... මගෙ මැනික එහෙම නැ... දැන් හිතන්න එපා මුකුත්... දැන් මං ඉන්නවනේ... අපි බලමු... මං යන්නැ ආයිත් උඹෙන් ඈතට... ඔයත් යන්න හිතන්නවත් එපා... "


" නැ... ආය නැති කරගන්නැ... හුස්ම ටික තරම්ම පරිස්සන් කරගන්නම්..."


" දැන් යමු... හවස් වුනා... ඒයි... ආදරෙයි කියන්නැද්ද මට... ම්ම්ම්..."


මූනට හිනාවක් ආවා... මේ සතුට හැංගිලයි තිබ්බේ... ඇත්තටම පුදුමයක් එක අතකට... එක වචනෙකින් පුළුවන් උඹට මගෙ හිත හදන්න...


" ආදරෙයි... මං කැමති නැ මහත්තයෝ ඒක කටින් කියන්න... මගෙ ආදරේ දැනෙනවා නම් මං ආසයි... "


" උඹෙ ආදරේ විතරයි බං මට දැනුනේ... කොල්ලෙක්ගෙ හිතක් එක තැනක නතරවෙන්නෙ කලාතුරකින්.. මගෙ හිත උඹ ගාවයි තිබ්බෙ හැමදාම... "


" ඒක මගෙ පින... "


නලල... කම්මුල් දෙපැත්ත... මං ඉම්බා... බෙල්ල වටේට අත දාලා හේත්තු වුනා උඹෙ වම් පපුවට...


" ඔච්චර ලංවෙලා මාව ආයිත් අසරණ කරන්න එපා චූටි... "


" මාව විශ්වාස නැද්ද... "


" ඒක එහෙම දෙයක් නෙවේ... ආදරේ කියන්නෙ මවාපෑමක් චූටි... ඇත්තටම වෙන්න ආස දේවල් වෙනුවට සිද්ධ වෙන්නෙ අපි හීනෙකින්වත් නොහිතන දේවල්... අපිට අපිව අයිති නම් ඇයි චුටි හැමවෙලේම ඈත් වෙන දෙයක්ම සිද්ධ වෙන්නේ... උඹෙ හිත මුරන්ඩුයි... ඒම වෙලා බැ... පිලිගන්න වෙනවා අපිට වෙන්න තියන දේ... දුකක් වුනත් සතුටක් වුනත්... "


" අපි බලමුකෝ... "


" ම්ම්ම්ම්..... "


ගෙදර ආවෙ ලොකු සතුටක් එක්ක... ඒත්... ඒ වෙද්දි බැඳීම් ගැන තියන ආසාව ඉස්සරට වඩා අඩු වෙලා තිබ්බේ... බලාපොරොත්තු තිබුනා... එයා එක්ක මවපු හීන ඉම්මනට හැබැ වෙයි කියන බලාපොරොත්තුව හැමදාම හිතෙ තිබ්බා...


සතියක් විතර ඒම ගියා... අපි ආදරේ කලා... මං උදේ ස්කෝලෙ... එය ආවෙ සතියට එකපාරයි... නුවරනෙ හිටියෙ... ඒකයි... සෙනසුරාදා උදෙන් එනවා... ඉරිදා උදෙන් යනවා... සෙනසුරාදා දවසම මාත් එක්ක... අපි ගියා ඇවිදින්න... නිදහසෙ කතා කරන්න... ඉස්සරටත් වඩා අපි බැඳුනා... ඒ හමුවිම් නිසා... ගෙදරින් නිදහස්... ඒත් මට ඒ ගැන හිතන්න තිබ්බා.. ලසිත්ට අයිත් ලං වුනා කියලා අම්මලා දන්නවා... මං හිතුවෙ එයා දැන් හොටෙල් ට්‍රෙනින් නිසා අම්මලා කැමති වෙලා ඇතියි කියලා... ඒත් මං හිතන්නේ මට එතන වැරදුනා...


අද එයාට දුර ට්‍රෙිනින් එකක්... දැන් යන්න හදන්නේ... මාව බලන්න ආවා ඒ නිසා...


" චූටි... මං එනකම් පරිස්සමට ඉන්න මැනික... මං ගැන ගැන හිත හිත පිස්සෙක් වගෙ විකාර නටන්න එපා හරිද... ඔයා පරිස්සමට අම්මලා එක්ක ඉන්න... මං එන්න මාසයක් විතර යාවි... ඊටවැඩි වෙන්නත් පුළුවන්... මං රෑට කෝල් කරන්නම්... හිත හිත දුක් වෙන්න එපා හරිද.. මං යන්නම යනවා නෙවේනේ... මං වැඩකටනෙ යන්නේ... තේරුනා ද... ම්ම්ම්ම්... "


අනේ යන්න දෙන්න හිතෙන්නැ මට... ඒත්... තියාගෙන කෝමද...එයා මේ සේරම කරන්නේ එයාගෙ ජීවිතේ ගොඩදාගන්න... මං කරන්න ඕනි ඒකට හයියක් වෙන එක...


" හරි මහත්තයෝ... පරිස්සමෙන් යන්න... අනේ වැඩ වැඩ කියලා නොකා නොබි ඉන්න එපා... වෙලාවට කන්න... හුඟාක් මහන්සි වෙන්නත් එපා... ඔයාට මහන්සි වෙන්න හොඳ නෑනේ... කල්පනාවෙන් වැඩ කරන්න... රෑට නිදාගන්න කලින් තෙල් ටිකක් ඔළුවට දාලා මසාජ්කරගන්න... යාළුවො ඉන්නවනේ ඒ කාටහරි කියන්න... ඇඟට අමාරුවක් ආවොත් දුන් ටිකක් අල්ලන්න... එතකොට සනීපයක් දැනේවි... පුංචි ලෙඩක් වුනත් බල බල ඉන්න එපා බේත් ⁣ටිකක් ගන්න... අනේ මහත්තයෝ පරිස්සමට... හැමදේම... තේරුනා ද... "


" හරි මැනික... මං පරිස්සන් වෙන්නම්... මං ඇවිත් අම්මලා එක්ක කතා කරන්නම්... අපි අපේ වෙමු.. කාලෙ ගියා ඒකට හුඟාක්... විසිහතක් දැන් උඹට... තව නාකි කරවලා කෝමද මේකිව... ඉම්මනට මට මේ වගෙ අහිංසක කෙල්ල පැටියෙක් ඕනි... "


" ආා... බැන්ඳ ගමන් බබ්බු නලවන්න මට නම් බැ.. "


" ඒනම් බබ්බු එපා... මේම ඉමු බැඳලත්... හාද... "


" බෑ... බැඳලා අවුරුදු දෙකක් විතර ඉමු... මට ඔයා විතරයි ඕනි... පස්සෙ පාළුවට බබෙක් ගේමු... "


" අම්මේ මේකි... හ්ම්ම් හ්ම්ම්.. එකට දහයක් ගේන්න බැරියැ... මං එනකම් පරිස්සමට ඉඳපිය... තමුසෙ විකාර කරන්නෙ ඒම නැ.. තාම පොඩි එකිනෙ මගෙ... "


මේ සතුට... නැති කරගන්න බයයි... ඒත් මට අයිති නැ වගෙ දැනෙනවා... ඇයි ඒ... කොච්චර ආදරේ වුනත්... කොච්චර ලඟින් උන්නත්.. අපිට අපි අයිති නැ කියන හැඟීම මට හැමවෙලේම දැනෙනවා...


" චූටි... මං යනවා එහෙනම්... "


මගෙ පිස්සු පුරුද්ද... අනේ මන්දා... මං ආසයි ඒකට... ගෙදරින් යද්දි තාත්තටයි අම්මටයි මං වඳිනවා... ඒ දෙන්න කොහෙහරි යද්දිත් මං වඳිනවා... මේ මගෙ මහත්තයා... අයිති නොවුනත් කවදාහරි මගෙ මහත්තයා මේ... මං වැන්ඳා...


" ඇයි බං මේ... "


මගෙ උරිස් දෙකින් අල්ලලා නැගිට්ටෙව්වා...


" එහෙම තමයි... මහත්තයනෙ මගෙ.. දුරක යන්න හදනවනේ නෝනව දාලා... ඒකයි... "


" ඒත් ඒම එපා චූටි... ඒක හරි නැ නේද... කෙල්ල කොල්ලට වඳිද්දි නිකන් උඹ මං ලඟ බාල්දු වෙනවා වගේ... "


"පිස්සුව.. මට ඒම දැනෙන්නැ... අපි ආය කවදා හම්බෙයිද... ඉතින් මට ඔයාගෙයි ඔයාට මගෙයි ආශිර්වාදය ඕනි... ඒ නිසයි වඳින්නේ... පිස්සු කතා කියන්න එපා ඒ නිසා... "


"හරි හරි.. මගෙ ටීචර් නෝනා ඒනම් පරිස්සමට ඉන්න.. බුදුසරණයි හරිද... "


ඒම කියලා මගෙ නලලට හාදුවක් දුන්නා...


" ඔන්න ආශිර්වාද කලා... මට නැද්ද දැන්... "


මං ඒ උරිස් දෙක උඩින් අත තිබ්බා... උසම උසයි... මං ඉස්සුනා කකුල් වලින්... නලලට ලං වෙද්දිම උඹ අල්ලගත්තා වම් කම්මුල හරියෙන්... එහෙම්ම තොල් ලඟම නතර වුනා...


" දැන් හරි... ආශිර්වාද වැඩිත් එක්ක... පරක්කුත් වෙලා මට... යන්නම් මැනිකේ... "


හරි වේගෙන් ආය මාව ඒ ලඟට අරන් නලල ඉම්බා... මගෙ ඔළුව හිමිට අතගාලා උඹ ගියා...


මට මතක් වුනේ අභිෂේකාගෙ සින්දුවක්...

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️


දෙකොපුල් කදුලින් තෙමා


   තොල්පෙති නලලත තබා


   නික්මුනදා හිස සිබ මා


   ලතවෙමි රෑ තුන්යාම්


   සුහදිනියේ



   මෙන් පෙරදි අපි මේ වගේ


   වෙන්වී යන්නට ඇති


   මේ කදුළු ගංගා ඉමේ 


   කොතැනක හෝ



   මගේ ජීවිතේ ඉකි බිදී


   ඔබ දෙනෙත් යලි යලි සොයයි


   අපි පතා ආවා වගේ 


   වෙන්වී යයි



   ඔබෙ පපුතුරේ මා හිදි


   මගේ පපුතුරේ නුබ හිදී


   ලං වෙන්න නමි වෙන්නෑ


   සුහදිනියේ



   දෙකොපුල් කදුලින් තෙමා


   තොල්පෙති නලලත තබා


   නික්මුනදා හිස සිබ මා


   ලතවෙමි රෑ තුන්යාම්


    



   සුදු සිනිදු මල් පෙති වගේ


   ගිලිහී යන්නට ඇතී


   මුදු සුවද දැනෙනා ඉමේ


   දෙතැන පිපි



   හමු වීම ප්‍රේමය නොවේ


   වෙන්වීම ප්‍රේමය වඩයි


   අපි පතා ආවා වගේ 


   වෙන්වී යයි




   ඔබ සිහිනවල මා හිදි


   මගේ සිහිනවල නුබ හිදී


   එය පියවි ලෝකය නොවේ


   සුහදිනියේ



   දෙකොපුල් කදුලින් තෙමා


   තොල්පෙති නලලත තබා


   නික්මුනදා හිස සිබ මා


   ලතවෙමි රෑ තුන්යාම්


   සුහදිනියේ



ඒ වචන...මටම ලියලා වගෙ දැනෙනන ගත්තා... මොකද්දෝ හේතුවකට ඒ අපෙ අන්තිම හමුවීම කියලා හිතෙන්න ගත්තා...


මං සමන් දේවාලෙට ගියා හිත චුට්ටක් නිදහස් කරගන්න... ගෙදර එද්දි හයට විතර ඇති...


අම්මයි තාත්තයි හිටියේ නැ...මං නාගෙන ඇඳට ගියා නිදාගන්න... හිත හරියට පෑරෙනවා වගෙ... මහ අමුතු දුකක් දැනෙන්න ගත්තා... ඒත් ඒ ඇයි...හිතාගන්න බැ මට...



🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

දවස් දෙකක් කතාව දෙන්න බැරිවුනා... මට වැඩ වගේකට හිර වෙලා හිටියේ.. අනික මට කතාවෙ අවසානෙ වෙනස් කරන්න ඕනි වුනා.. ගැලපෙන අවසානයක් හිතන්න පොඩි කාලයක් ගන්න වුනා..කතාව දෙනකම් බලං ඉඳපු අයගෙන සමාව ඉල්ලනවා මං...ඉතින් මේ අවසාන එපියට කලින් එපියට කලින් එපිය... තව ⁣එපි දෙකකින් කතාව ඉවරයි... ඉතින් තව දවස් දෙකයි.. කතාව එක්ක ඉන්න කියලා ඉල්ලනවා ඉතින්...❤️


කතාව වෙනුවෙන් ලියලා එවලා තිබ්බා තව නිසදැස්.. ඒවා කැමති නම් දාන්න කියලා තිබ්බා...මං දාන්නම් යටින්...ස්තූති ඒ හැමෝටම...🖤


✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️


හමුවීම ප්‍රේමය නොවේ🥺❤️💞👫

වෙන් වීම ප්‍රේමයයි🥺💔💕

අපි පතාගෙන ඇවිත් ඇත්තෙ වෙන්වෙන්නමයි. ඒ නිසා අපි වෙන් වෙමු මැණික 🧍‍♂💔🧍‍♀

මගේ හීන වල ඔයා ජීවත් වෙනවා වගේම 👩‍❤️‍👨

මන් දන්නවා ඔයාගෙ හීනවලත් මන් ජීවත් වෙනවා කියලා👩‍❤️‍💋‍👨

ඒත් මේක හීන ලෝකයයි නෙවෙයි රත්තරනේ ( සුහදිනියේ ) 🥺💔

මේක ඇත්ත ලෝකයක්.🥺😔❤️


ලසිත්ගෙන් ෂිෂුට... ( චූටිට )

° හසංගා දෙව්මිණි °


මෙයා මේ නිසදැස එවලා මට කිව්වා අර උඩින් දාලා තියන සින්දුව අහන්න කියලා... ඇත්තටම ඒ සින්දුව ගැලපෙනවා මේ කතාවට... ඉතින් මං ඒකයි කතාවට ඒක දැම්මේ... 🤗❤️


✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️


ෂිෂුගෙන් ලසිත්ට...🖤


✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️


කතාව කියවන කමෙන්ට් කරන හැමෝටම හුඟාක් ආදරෙයි ❤️❤️❤️

බුදුසරණයි හැමෝම පරිස්සමෙන් ඉන්න....🖤



~ විහාරා ~


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


Report Page