✨️ මතක මැදින් ✨️

✨️ මතක මැදින් ✨️

~විහාරා~


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


🖤 39 වන කොටස 🖤


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


උඹ අද හිටන් ඉන්නවා මගෙ ඇස් ඉස්සරහ...  හීනයක් නෙවේ මේ... ඇත්තක්...


" කතා කරන්න ඕනි..."


මං කිව්වා... උඹෙ හිනාව හැමදාම වගෙ අදත් මාව අතරමං කෙරෙව්වා... හිත කියනවා අවුරුදු දාහතේ පුංචි කෙල්ලෙක් වගේ ආදරේ ඉල්ලලා අඬන්න කියලා... ඒත් ඊටවඩා වයසින් පරිණතයි දැන්... හිතේ තියන් පිටට නෙපෙන්වා ඉන්න පුළුවන්...


" දැන්... මෙතන... "


⁣දැන් බෑ... රෑ වෙලා.. අටටත් ලඟයි...


" හෙට පෝය... ඔයාට වැඩද... "


" උදේ වරුව වැඩ... "


" එහෙනම්... තුනට එන්න... කරදර නෑ නේද.. "


හිනා වුනා...


" උඹව කවදද මට කරදරයක් වුනේ..."


නෑ කිව්වට මං නිසා උඹ කරදර වින්දා... නොසෑහෙන්න...


ඒ එක්කම උඹට කෝල් එකක් ආවා..


" ............................................. "


" බස් එක පරක්කු වුනා අම්මේ... මං තව ටිකකින් එන්නම් ගෙදරම ඒනම්... බෝධි පූජාව ඉවර නම් ගෙදර යන්න අම්මලා... "


" ......................................... "


" හ්ම්ම්... අම්මලත් පරිස්සමෙන්... "


කට් කරලා ෆෝන් එක කලිසම් සාක්කුවට දාගත්තා...


" මං නිසා බැනුම් ඇහුවා නේද... "


" පිස්සු ද කෙල්ලේ... අද උඹව හම්බෙච්ච එකම කොයිතරම් දෙයක්ද... "


" ම්ම්ම්... එහෙනම් හෙට තුනට පාරට ඇවිත් ඉන්න.... මං එන්නම් පාර ලඟට... අපි යමු නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට... "


" හරි... දැන් ගෙදර යන්න... බලන්න වෙලාව... ආය නම් මේම බැ... හය වෙද්දි ගෙදර ඉන්න ඕනි... ගෑනු ලමෙක්නේ... "


මේ ආරක්ෂාව... මේ පරිස්සම... හිතට හරි ලඟයි තාමත්... අවුරුදු ගානත දුරස් වීමට වඩා...


" යමු... මං දාන්නම් ඔයාව... "


එයාට ඩ්‍රයිව් කරන්න බෑ... ඇයි කියලා දන්නවනේ.. එක ඇහැක් පේන්නැ.. අනතුරක් වෙන්න තියන ඉඩ වැඩි ඒ නිසා... ඒකමයි මං කියන්නේ... උඹව බලාගන්න කෙනෙක් ඕනිමයි...


මං ඩ්‍රයිවින් සීට් එකට නැග්ගා එයා ඊට එහා පැත්තෙ එකෙන් වාඩිවෙලා ෂීට්බෙල්ට් එක දාගත්තා...


හිමීට පාරට ගත්තා... මං වේගෙන් ගියේ නැ හිතලම... මොකද එයා එක්ක ඉන්න තප්පරේටත් මං හරි ආසයි...


" ටීචින් හම්බුනාද චූටි... "


" ඔව්... රාහුලේමයි පලවෙනි පත්වීම..."


" කො⁣යි.. මේ අපෙ ගමේ මං ගිය ස්කෝලෙ... "


" හ්ම්ම්... ඊයෙ තමා පලවෙනි දවස... ඔයාගෙ යාළුවෙක් හම්බුනා.. රවිඳු මතකද... "


" ආහ්... උන්ව අතෑරුනා චූටි... අනේ මන්දා... මං කා එක්කවත් වැඩිය ලඟින් ආශ්‍රයක් තියාගත්තෙ නැ... මං ගැන ඇහුවද උ... "


" හ්ම්ම්ම්... "


" කෙල්ලේ... උඹ වෙනස්... "


තව ටිකෙන් ඉස්සර ගිය ට්‍රක් එකට හැප්පෙනවා... මං වෙනස්... මොනවද මේ කියන්නේ...


" පරිස්සමෙන් ඩ්‍රයිව් කරපං පාර බලාගෙන... මෙලෝ සිහියක් නෑ... ඉස්සර එකීම තමා... වෙනසක් නැද්ද කොහෙද... "


ඒකට නම් මට හිනා ගියා...


" ඇයි වෙනස් කිව්වෙ ඉස්සෙල්ලා... "


ස්ටියරින් වීල් එකට දකුනු අත තියන් අනිත් අත උඹෙ අතක් උඩින් තිබ්බා... ගැස්සුනා උඹ... මගෙ ස්පර්ශයන් එච්චරට ආදුනිකද දැන්...


" නෑ... ඉස්සර උඹ කියවද්දි කෝච්චිය ⁣වගේ... දැන් ඒම නැ... උඹ නිශ්ශබ්දයි ඕනිවටත් වඩා... මොනාද හිත ඇතුලෙ තියන් ඉන්නවා වගේ... "


ඇත්තමයි මාව මේ තරම් තේරුම් ගත්තෙ උඹ විතරයි... ඔව්... හිතේ හංගං ඉන්නවා ලොකු දෙයක්... උඹට තියන ආදරේ... මට බයයි... කතා කරලා ඒ ආදරේ නැතිකරගන්න... ඒ නිසා හිත් වලම තිබ්බදෙන් දැනට...


උඹව අද මේ දැක්ක වෙලේ ඉඳන් ආදරේ ගැන මං කතා වුනේ හිත එක්ක... තාම මං උඹටවත් උඹ මටවත් හිතෙ තියන් ඉන්න ආදරේ පෙන්නුවේ නැ... ඒත් අපි නොකිව්වට දැනුනා... ආදරේ කියන්නේ දැනෙන්න ඕනි දෙයක් මිසක් කියන්න ඕනි දෙයක් නෙවේ...


" එහෙම එකක් නැ... අනේ මන්දා... ඔයාට දැනෙන විදිය වෙන්නැති මහත්තයෝ... "


මහත්තයෝ... මේ වචනෙ කටට පුරුදුයි... ඒකයි ඉබේටම කියවෙන්නේ...


⁣උඹෙ ගේ ලඟ⁣ට එනකම්ම අපි කතා කලේ නෑ ඊටපස්සෙ...


" යන්නම් චූටි.. පරිස්සමෙන් යන්න හොඳේ... මං හෙට ඉන්නම් මෙතන තුන වෙද්දි... හිමිට යන්න හොඳේ... බුදුසරණයි... "


තවත් උඹෙ ඔය ආදරේ උහුලන්න පුළුවන් විදියෙ හිතක් මට නැ බං... බයයි... ආදරේට හුරුවෙලා ආය නැතිවෙයිද කියලා...


" ඔයත් පරිස්සමෙන්.... "


මං ආවා... මං ටිකක් වෙනස් කියල මටත් දැනුනා... ඉස්සර තරම් ආදරෙන් මට ඉන්න බෑ උඹ එක්ක... හිතට හරි බයයි... නැතිවෙයි කියලා... ඒ නිසා මට දැනෙන්න දෙන්න හිතෙන්නැ මගෙ ආදරේ දැන්... හංගං ඉන්නමයි හිත...


ගෙදර එද්දි අටහමාරයි... අම්මා නිදි... තාත්තා නම් තාම ඇවිත් නෑ... මාත් කාමරේට ගිහින් ඉඳගත්තා ඇඳ උඩින්...


හෙට කතා කරන්න ඕනි... උඹ කැමති වෙයිද මගෙ වෙන්න... බයයි මහත්තයෝ... ආයිත් දුකක් විඳින්⁣නෙ කෝමද මං...



නිදාගත්තා දහයට විතර... ඇහැරෙද්දි නවේට විතර ඇති... ⁣

අම්මා ඊයෙ වුන දේ අමතක වෙලා වගේ හොඳට කතා කලා... මාත් ආයිත් හාරවුස්සන්න ගියේ නැ... දොලහට විතර නාගත්තා...


තුනට යන්න ඕනි... මං දෙකට විතර ලෑස්ති වෙන්න ගත්තා... මොකද්ද අඳින්නේ... ඉස්සර හැමතැනටම ඇන්ඳෙ ⁣ඩෙනිම... ඒත් දැන් හිත යන්නෙම දිග ගවුම් වලට...


මං ලා⁣ රෝසපාට ගවුමක් ඇන්ඳා.. විලුඹ ලඟට දිගයි... කොන්ඩෙ ලේය කරලා තිබ්බ නිසා කඩලා දැම්මා... නෝමල් සපත්තු දෙකකුත් දාලා මං ආවා... එන්න හදද්දිම අම්මා කතා කලා...


" දොා්නි කොහෙද යන්නේ... "


" ලසිත්ව හම්බෙන්න... "


ඇයි මං හංගන්නේ... ඇත්තම කිව්වා...


" පරිස්සමෙන් පුතේ... "


" අම්මත්... දොර වහන් ඉන්න... "


තුනට දහයක් තියලා මං උඹෙ ගෙවල් ගාව පාර ලඟට ආවා... උඹ ඇවිත් හිටියෙ ඒ වෙද්දිත්...


අපි ගියා නිදහස් කියලා පේන තැනකට... ඔව් එතන ඇත්තටම නිදහස්... මිනිස්සුත් නැ එච්චර... වාහන ගියෙත් නෑ... අපිටම වෙන් කරල වගේ... ලොකුම ලොකු පිහිඹියා ගහක හෙවණ යටට අපි ගියා...


ඈතින් සිරීපාද කන්ද පේනවා... මීදුම අස්සෙන්...


" කියන්න චූටි... මොනාද කතා කරන්න ඕනි... "


ගහේ කඳට හේත්තු වුනා මං.. උඹත් එතන තියලා තිබ්බ ලී කොටයක් උඩින් වාඩිවුනා...


"ඔයා මොනවද දැන් කරන්නේ... "


මං ඒම ඇහුවෙ කෙලින්ම අහන්න බෑනේ මගෙ වෙන්න පුළුවන් ද කියලා... ඒකයි...


" ඉස්සෙල්ලා කොලඹ හොටෙල් එකක වැඩ කලා.. දැන් නම් නුවර චූටි මං... "


හොටෙල් එකේ මොනාද කරන්නේ කියලා අහන්න ඕනි වුනත් ඒක අහන්න බෑ වගේ...


" මං තාම ට්‍රෙිනින් චූටි... එක්සෑම් දෙක තුනක් තියේ... පාස් වුනොත් මැනේජ්මන්ට් පෝස් එකට වුනත් යන්න පුළුවන්... "


හිත කියෙව්වා වගේ...


" ඔයාට හරි යනවා... බලන්නකො... කවදහරි ඉතිරෙන්න හරි යනවා... කාටවත් වැරැද්දක් නොකරපු කෙනෙක් හැමදාම ජීවිතේ එකමතැන පල් වෙන්නැ..."


හිනාවකින් උත්තර දුන්නා උඹ... තාමත් ඇයි ආදරේ ගැන මුකුත්ම ඇහුවෙ නැත්තෙ... ඇත්තටම උඹ මාව හිතින් අයින් කරලම දැම්මද...


මට බැ උඹට වගේ ඉවසන්න... බෑ කිව්වත් මං හුඟක් ඉවසුවා... ඒ්ත් තවත් බෑ...


" අපිට මොනාද වුනේ මහත්තයෝ..."


උඹෙන් නෑ සද්දයක්වත්... ඒක හරිද... නෑ උඹ කතා කරන්න ඕනි...


" ආසයි.. ඉස්සර වගේ... ආදරෙන් ඉන්න.. හුරතල් වෙන්න... හැමදේම බෙදාගන්න.. "


ආදරේ ලඟදි හිත් අසරණ වෙන තරම්... මට උඹව ඕනි... ඇයි ඒක උඹට නොදැනෙනවා වගේ ඉන්නේ...


" ඒකට මාවම ඕනි ද චූටි... "


හිත මෙච්චර පාරන්න තරම් උඹ නපුරු වෙලාද...


" මං හීන දැක්කේ ආදරේ කරපු කෙනත් එක්ක ජීවිතේ ගෙවන්න... නැතුව... පාළු මකාගන්න ආදරේ කරලා ජීවිතේ ගෙවන්න තව කෙනෙක් බලාපොරොත්තුවෙන් නෙවේ... "


" උඹෙ වචන... චූටි හිතලා බලලා කතා කරන්න... "


" ඇයි මාව එපා කියන්නේ... "


" උඹට ගැලපෙන තැනක මං තාම නෑ..."


" ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි... ඔයා මොන තැනක හිටියත් මට පුළුවන් ඔයා එක්ක සතුටින් ඉන්න.. ඔළුවෙන් මවාගත්ත ප්‍රශ්න අපි දෙන්නගෙ ආදරේ මැද්දට ඇදලා ගන්න එපා... "


" උඹ තාමත් පොඩි එකෙක් වගේ... මං එදා කිව්ව දේමයි චූටි අද කියන්නෙත්... මාව තේරුම් ගන්න බලන්න... මට උඹට ලංවෙන්න බෑ... "


" එහෙනම් ඇයි... තාමත් මට ආදරේ... ඇයි මං වෙනුවෙන් බලා ඉන්නේ... "


" මං ආදරේ නෑ... මං උඹ වෙනුවෙන් බලන් ඉඳියෙත් නෑ... මට ඕනි මේ විදියට තනියම ඉන්න... මට එහෙම ඉන්න දෙන්න... "


" මට දැනෙනවා රත්තරන්... කොච්චර නෑ කිව්වත් මට ආදරේ දැනෙනවා ඔයා ලඟ... ඒක මහ පිස්සු කතාවක් වෙන්නැති... ඒත් ඒ පිස්සුව හැදෙව්වෙ ඔයයි මට... මහත්තයෝ... මට තේරෙන්නැ කියාගන්න... මට ඔයාව ඕනි... අනිත් හැමදේම චුට්ටක් පැත්තකින් තියලා අපෙ ආදරේ ගැන හිතන්න... "


උඹ නැගිට්ටා... මගෙ ලඟටම ආවා... මගෙ අත් දෙකෙන්ම අල්ලන් ඇස් දිහා බලන් කතා කලා...


" චූටි... උඹ පිරිසිදුයි...මං උඹව ඉඳුල් කරලා නෑ... උඹෙ නලල ඇරෙන්න මං කිස් කරලවත් නෑ උඹව... වැරදි විදියට උඹ එක්ක ඉඳලා නෑ... තාමත් උඹ පරිස්සමට ඉන්නවා... අතාරින්න චූටි... උඹෙ වෙන්නැති දෙයක් පස්සෙ හති දාගෙන දුවන එක නතර කරන්න... උඹට බැරි නෑ අලුත් ජීවිතයක් පටන් ගන්න... ආදරේ කලා අපි... දැන් ඒක ඉවරයි... වැඳලා කියන්නම් උඹට... දැන් ඇති බං... නවත්තපං ඕක... මං ආය වෙනස් වෙන්නැ.. මේ විදිය තමයි... "


මං... මොනවද මේ අහන්නෙ ඔයාගෙන්...


" මොනවද මේ කියවන්නේ... ඉස්සර ඕම නෑ... මාව වෙන⁣ කෙනෙක්ට දෙන්නත් හිත හදාගත්තද... "


" චූටි...ඒ කාලෙ අපි හරි පොඩියි... මං ඒකයි කියන්නේ... උඹ තාමත් පොඩි එකෙක් වගේ... තේරුම් ගන්න... ආදරේ නෙවේ හැමදේම... ජීවි⁣තේ කියන දේ මොලෙන් තේරුම් ගන්න... හැඟීම් වලටම අවනත වෙන්න එපා..."


හැඟීම්... ඔව් මං හැමදාම හැඟීම් ඉස්සරහ ඔළුව පාත් කරනවා... ඒත්... කෝමද මං වෙනස් වෙන්නේ... මැරිලා ඉපදෙන්න ඕන ඒනම්...


මට කෝල් එකක් ආවා...


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


කවුද කෝල් කලේ...😱

මං දන්නැ 😁....


කතාව කියවන හැමෝටම හුඟාක් තෑම්ස්... ❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤


⁣පොඩි දෙයක් කියන්න ඕනි... 🥺


කතාව කියවන කෙනෙක් පුංචි නිසදැසක් ලියලා එවලා තිබුනා... එයා කියලා තිබ්බා... කැමති නම් කතාව අගට ඒක දාන්න කියලා... ඉතින් අදම දාන්නම්... මොකද ඒක ඇත්තටම කියවද්දි ඇඬුනා... ඉතින් ඔයාට හුඟාක් ස්තූති... නම සීක්‍රට් කියලම දාන්නම්... 🤗


✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️


හැරදා යන්නට උනා බං මට

පිරිමි මේ හිත ගලක් කරගෙන...


හිතන්නට එපා චූටියෝ උඹ

වෙන පිරිමි වගෙ රැවැට්ටුවා කියා මම...


උඹ වගේ අද මමත් විදිනවා

ගෙව්ව ඒ ආදරේ මතක මැද...


උඹට දුන් ඉඩ නැහැ දෙන්නෙ මා

වෙනත් අයෙකුට කවදා කොතැනක ❤️



    ලසිත්ගෙන් ෂිෂූට ❤️



          ...𝗦𝗲𝗰𝗿𝗲𝗧...


✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

මේ ඒ වගෙම තව එවපු එකක්...

🥺❤️👇



මට දැනෙන සතුට මෙච්චරයි කියන්න බැ... ආදරෙයි ඔයාලා හැමෝටම...

🤗❤️


~ විහාරා ~


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


Report Page