✨️ මතක මැදින් ✨️

✨️ මතක මැදින් ✨️

~විහාරා~


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


👇 පෙර⁣ කොටසට 👇

https://telegra.ph/%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A-%E0%B6%B8%E0%B6%AF%E0%B6%B1-10-02


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


🖤 29 වන කොටස 🖤


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


ඩීප්... ඩීප්...


රින්ස් යනවා... ආන්සර් කරන්නැ... හරි නුහුරයි මේ දේවල්...


මම මැසෙජ් පෝලිමට දැම්මා... ඒත් ඔන්ලයින් එන්නෙ නැ... කෝල් රින්ස් යනවා ආන්සර් කරන්නෙත් නැ... ඔළුව ඩිංග ඩිංග අවුල් වෙන්න ගත්තා...


උඹ ආවෙ නැ... මං ෆෝන් එක තියලා ඇඳට ආවා... දහසකුත් දේවල් හිතට එනවා...


අම්මා ඇවිත්.. මං දොර ඇරියා ගිහින්...


" මොකද මේ... නිදාගත්තද... "


" ම්ම්ම්... ඇඳ⁣ට වෙලා හිටියේ... "


" ඔයා පාඩම් කරන්නැද්ද ලමයෝ... "


" කරන්නම් අම්මේ කරන්නම්... ⁣ආපු වෙලේ ඉඳන් කෑ ගහන්න එපා අනේ.."


මං අවුලෙන් හිටියෙ... අම්මට එහෙම කියවුනා...


මං කාමරේමයි හිටියේ... ඇඳට වෙලා... ඔළුවෙ ඉඳන් පොරෝගෙන කල්පනා කලා...


මතක් වෙනවා රත්තරන් උඹෙ හිනාව... පපුව හාරන් යනවා වගේ මතක් වෙද්දි... උඹ දන්නවා මට බැ කතා නොකර ඉන්න කියලා... උඹ දන්නවා මට බැ උඹෙ කටහඬ ⁣නාහා ඉන්න කියලා... ඇයි බං මේ දැන දැනත් නෑවිදින් ඉන්නේ... මං ගැන ගානක් නැද්ද... ඇයි මේ එකපාරට... හෙන ගහන්න වගේ මෙහෙම වෙනස් වෙන්න එපා මහත්තයෝ...


" දෝනි නිදිද...කන්නැද්ද පුතේ... "


මං සද්ද නොකර හිටියා... කත කරන්න බැ... මං අවුල් වෙලා හොඳටෝම...


" පුතේ... "


අම්මා මං පොරවන් හිටපු රෙද්ද අයින් කලා... මගෙ ඔළුවට අත තිබ්බා...


" දොා්නි... උනනෙ පුතෙ හොඳටම... "


උන... ඒකද මේ ඇඟට මෙච්චර අමාරුවක් දැනුනේ... ඒත් උන හැදෙන්න තරම් මං පරිස්සන් නොවුනෙ නැනේ... මේ සාංකාව...


ඉස්සර... අපෙ තාත්තා ටික කාලෙකට පානදුරෙ නැවතිලා හිටියා... මට අවුරුදු දොලහක් ඇති... ඊට වැඩි නැ කෝමහරි... මාසෙකට සැරයයි එයා ගෙදර ආවේ... මට හරි පාළුයි ඉතින්.. වෙනදට මාව අවුස්සන... කතා කියන... හුරතල් කරන... තාත්තා ගෙදර නැති වුනාම මහ පාළුවක් දැනුනා... මං හරි ආදරෙයි තාත්තට... ඉස්සර ඒ ආදරේ පෙන්නුවා... දැන් නම් එහෙමට පෙන්නන්නැ... ඒත් තාත්තා තමා මගෙ හයිය ඉතින්... කෝමහරි මුල් දවස් ටිකේ මට ඒ පාළුව ඉවසන්න බැරිවුනා... මං ලෙඩවුනා... මේ විදියටම උන හැදුනා... අම්මා බැරිමතැන තාත්තට කෝල් කලා... මහ රෑ... තාත්තා ආවා පානදුරේ ඉඳන්...එයාගෙ දෝනි කෙල්ලව බලන්න... පස්සෙ දවසෙ උන සනීපයි ඉතින්...


මහත්තයෝ... අදත් එදා වගේම මං අසනීප වෙලා... උඹ එන්නැද්ද මාව බලන්න... එක වචනයක් කතා කරන්න ඇවිත්... මේ ලෙඩ සේරම හරියාවි...


අම්මා පෙනඩෝල් දුන්නා... මං අමාරුවෙන් බිලා දැම්මා...


" මොනාද කන්න පුළුවන්... බත් ටිකක් බෙදන් එන්නද... "


මං ඔළුව දෙපැත්තට වැනුවා... බෑයි කියන්න...


" බෑ කියලා බෑනෙ පුතේ... බඩගින්නෙ ඉඳලා ලෙඩ වැඩි වෙයි තව... අමාරුවෙන් හරි කටවල් දෙක තුනක් කමුද.... "


" අනේ බෑ අම්මේ... "


ඔළුව පුපුරන්න තරම් රිදෙනවා... නහර සේරම එකපාර හිරවෙනවා වගේ... පුදුම කැක්කුමක් ඒක... ඇස් ඇරන් ඉන්න බැ... බොඳ වෙනවා... ඇඟට පනක් නැ... මාරම සීතලයි... මං ගුලි වෙලා ඉඳියා රෙද්ද ඇතුලේ...


අම්මා ගියා... දොරත් වහන්... මට නිදාගන්න කියලා...


මං පෙරලුනා ඇඳේ උඩුබැලි අතට... ජනේලේ කට්න් එක එහාට වෙලා තිබ්බා... අහස පේනවා හොඳට...

කළුවරයි මුළු අහසම... නැ එක තරුවක්වත්... හැමදාම... මං තනි වෙනවා මෙහෙම හිත බිඳුනම...


බලන් හිටියා ඒ කළුවර දිහා.. ඇස් කෙවෙනි උනන්න ගත්තා උණුම උණු කඳුළු... ඇස් පිල්ලන් ගැහුවා විතරයි.. කෙවනි වලින් පිටට පැන්නා ඒ කඳුළු පේලි... සීතල කම්මුල් පවා උනුහුම් වුනා ඒ කඳුළු වල රස්නෙට... ඒ පාර ගලන්න ගත්තා දිය ඇල්ල වගේ නවත්තන්න ඉඩක් නොතියම...


ඇයි රත්තරන් මේ... මාව මගාරින්නෙ ඇයි මෙහෙම... වැඩක් නම් මට කියන්න තිබ්බනෙ කලින්... මෙහෙම කරලා නැ ඔයා කවදාවත්...


හිත කතා ගොඩක උඹ එක්ක... ඇහෙනවනම් උඹටත් ඒ කතා... සමහරවිට පුංචි රිදුමක්වත් නොදි ඉඳිවි මට...


⁣කොට්ටෙ ලඟම තිබුනු ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් කලා මං...

එකොලහටත් වෙලා... මං ඩේටා ඔන් කරලා... ආවා උඹෙ චැට් එකට... තාමත් සීන් නැ මගෙ මැසේජ්... ඒත් ලාස්ට් සීන් රෑ හතයි ගානක්... පෑරෙන්න ගත්තා පපුව... ඒක මහ ලොකු දුකක් මට නම්...


මොකක්හරි ප්‍රශ්නයක් වෙන්නැති උඹට... කමක්නැ... හෙට එයිනේ... කතා කරනවා...


එහෙම හිතන් හිත හදාගත්තා... නැ... ආයිත් කියනවා ඒ හැරෙන තප්පරේට හිත... මහත්තයෝ මට කතා කරන්න ඕනි මේ දැන්... කියලා...


අඬන්න බැ බං... ඇස් රිදෙනවා... ඒත්... ඇඬෙනවා... උඹ වෙනුවෙන් මහ ගොඩක් කඳුළු වට්ටපු ඇස් දෙකක් මේ...


කීයට නින්ද ගියාද දන්නැ.... කෝමහරි ඇහැරෙද්දි අටයි... ස්කෝලෙ යන්නත් බෑනෙ මෙහෙම... ඒ නිසා වෙන්න ඇති අම්මා මාව ඇහැරවන්න නැතුව ඇත්තෙ... විනාඩි දහයකින් විතර අම්මා කොල් කලා...


" දෝනි... කොහොමද දැන්... අඩුද... ඉන්න විදියක් තිබුනෙ නැ පුතේ... හදිසි කේස් වගයක් තිබ්බා අද කතා කරන... එන්න වුනා ඉතින්... පුතා තාත්තට කියලා කන්න පුළුවන් මොනාහරි ගෙන්නන් කන්නකො... නිදාගෙන ඉන්න... මහන්සි වෙන්නෙපා... මං තියන්නම් හොඳද... බුදුසරණයි... "


" බුදුසරණයි අම්මේ... "


දුක තවත් වැඩිවුනා... අම්මා කරන්නෙ එයාගෙ රස්සාව තමා ඒක හරි... ඒත්... අනේ ලඟින් හිටියා නම් මේ වෙලාවේ... මට හරි තනියි... පාළුයි... කවුරුමහරි ඕනි වුනා... ඔළුව තියන් ඇතිවෙන්න අඬන්න...


තාත්තා එන සද්දෙ ඇහුනා...


" සුදුනෝනා... මොකද දැන්... ම්ම්ම්... අඩුද ටිකක්හරි... "


මං හරි ලෝබයි ආදරේට... සමහරවිට මං තනියම ඉන්න නිසා වෙන්න ඇති ඒ... මේ ගේ අස්සෙ මං කොච්චර නම් තනියමද... කතා කරන්න කෙනෙක් නැ... මට මම විතරයි වගෙනේ... නංගියෙක්වත් හිටියා නම් කියලා හරියට හිතෙනවා එවෙලෙට...


" කන්න බෑ තාත්තේ... අප්පිරියයි... "


" ම්ම්ම්... ඔහොම ඉන්නකො... අඩු නොවුනොත් දවල් වෙද්දි බෙහෙත් ටිකක් ගන්න යමු... "


ටිකක් හිටියා තාත්තා මං ලඟින්...


" මං යන්නද... වැඩ ගොඩයි... අමාරුවක් දැනුනොත් කෝල් එකක් ගන්නකො... පරිස්සමෙන් ඉන්න එහෙනම්.. "


ගියා... දැන් මම තනියම...


උඹෙන් තාමත් මැසේජ් එකක් නැ... මගෙ මැසේජ් තාම සීන් කරලත් නැ...


උදේ ඔන්ලයිනුත් ඇවිත්.. හයයි ගානකට... ඒ කියන්නෙ ඔයා ස්කොලෙ ගිහින් අද...


මතක හරි ලස්සනයි කියලා දවසක් කිව්වා මං... ඔව් මතක හරි ලස්සනයි ඇත්තට... ඒත්... වෙලාවකට හරියට අඬවනවා ඒ මතක අපිව... ලස්සන වැඩි නිසාම...


එකොලහ මැදදි... දවසක්... මං ආනන්ද සර්ගෙ සිංහල ක්ලාස් ඇරිලා ආවා... එදා තාත්තා ස්කූටර් එකෙන් ආවෙ මාව එක්ක යන්න... මං පිටිපස්සේ... මහපාරට බයික් එක දාද්දිම උඹ හිටියා එතන තිබුනු ෆාමසි එකක් ගාව යාළුවො ටිකක් එක්ක... මං හොඳට හැරිලා බායි කිව්වා... උඹ හිටපු තැනම අංශක තුන්සිය හැටක් හරියටම කැරකිලා සැලුට් එකක් දැම්මා... ඒක හරි ෂෝයි.. එකපාරට උඹ දැක්කෙ නැ මාව... ඊටපස්සෙ පහුවෙදදිම උඹ බැලුවා මං දිහා... ඒ නිසා රවුමක්ම කැරකෙන්න වුනා...


පිස්සු මටත්... කොච්චර පරණද මේ දේවල්... තාමත් මතකයි අද ඊයෙක වුනා වගේ...

මං ගියා උඹෙ වට්ස්ඇප් අකවුන්ට් එකට... දැක්ක දෙයින් ගැස්සුනා පපුව.. තප්පරේකට නතරවුනා හුස්ම...



🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


විසි නවවෙනි කොටස මෙසේ නිමාවිය... 😊❤️


ඊලඟ එපියෙන් හම්බෙමු... 🖤🖤🖤


බුදුසරණයි...පරිස්සමෙන් ඉන්න පෙන්ස්... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️


~ විහාරා ~


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


Report Page