✨️ මතක මැදින් ✨️ අවසානයට පෙර...

✨️ මතක මැදින් ✨️ අවසානයට පෙර...

~විහාරා~


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


41 වන කොටස


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


ඊටපස්සෙ දවසෙ මං ලෑස්ති වුනේ ස්කෝලෙ යන්න... අම්මා කාමරේට ආවා...


" දෝණි මට ටිකක් කතා කරන්න ඕනි... "


සාරියෙ පොට නමන ගමන් හිටියේ මං...


" කියන්න අම්මේ... "


අම්මා ඇවිත් ඇඳ උඩින් ඉඳගත්තා...


" මොනාද පුතේ ඔයා කරන්න හිතන් ඉන්නේ... "


මං දන්නවා අම්මා මේ කියන්න යන්නේ මොකක් ගැනද කියලා...


" මොකද්ද... "


පොට වම් උරිස්සෙන් දාලා සාරි කට්ට ගහලා වට දෙක තුනක් කැරකිලා බැලුවා... හැඩට ඉන්නවානේ... 😝


" දැන් විසිහතක්... අපිත් වයසයි පුතේ... පිලිවෙලක් වෙන්න ඕනි දැන් ඔයා... "


" ලසිත් එන්නම් කිව්වා ට්‍රෙිනින් එක ඉවර වුනාම අම්මලා එක්ක කතා කරන්න... මාසෙකින් විතර ඒවි එයා..."


අම්මාගෙ මූන වෙනස් වෙනවා බලන් ඉද්දි...


" තාමත් ඒ මගුලමයි... "


" ඔව්... අම්මලා දන්නවනෙ මේ ටිකේම මං එයා එක්ක හිටියේ... හොරෙන් කිසිදෙයක් කලේ නෑ⁣නේ... "


" ඔව්... අපිට ගහලා බැනලා හදන්න පුළුවන් වයසක ඔයා නෑ පුතේ දැන්... ඔයාට මොලයක් තියෙන්න ඕනි දැන්වත් හරි මොකද්ද වැරදි මොකද්ද කියලා තේරුම් ගන්න... "


" දැන් අම්මා කියන වැරැද්ද මොකද්ද..."


" මං ඒක ආය ආය කියන්න ඕනි නැ පුතේ... ඔයා දන්නවා... මං එදාම කිව්වා ඒ ලමයා ගැන බලාපොරොත්තුවක් තියේ නම් අතාරින්න... ඒ ලමයට ආය බලාපොරොත්තු දෙන්නත් එපා කියලා... ඒ ඇහුවෙත් නෑනේ... ඊටපස්සෙ මං ඒ ලමයටම කතා කලා... ඊටපස්සෙ ඔයාලා යසට හිටියේ ඈත් වෙලා... දැන් මොකද්ද මේ ආය ගහපු පිස්සුව... අපි මේ කොහෙවත් ඉන්න වුන්ට දෙන්න හිතන් නෙවේ ඔයාව මෙච්චර මහන්සි වෙලා උගන්නලා හොඳ තැනකට ගත්තේ... "


මං ඉවසන් ඉඳියා.... මොනාවුනත් ඒ අම්මා... වචනයක් කියලා හිත රිද්දුවත් ඇති මහ ගොඩක් පව් පිරෙන්න...


" මේ අහන්න පුතේ... තාත්තවත් මංවත් ඉන්නකන් ඔයාට ඒ කොල්ලව නම් බඳින්න පුළුවන් වේවි කියලා හිතන්න එපා... "


" අම්මට මොකද්ද ඔච්චරට ලසිත් එක්ක කියන තරහ... "


මට තව චුට්ටක් ඉවසන්න තිබුනා... හදිස්සි වැඩිවුනා ටිකක්...


" මට ඒ දරුවත් එක්ක කිසිම තරහක් නෑ... සමහරවිට ඒ දරුවා හොඳ ඇති... ඒත් මට ඒ වගේ පවුලකට ඔයාව දෙන්න බෑ... ආදරේ උඩතියන් දැන් ඔහොම කතා කිව්වට ලමෙක් දෙන්නෙක් හම්බුනාම තේරේවි ඇයි මං මේවගෙ පවුලකට ඈඳුනේ කියලා..."


විකාර... සේරම විකාර... මට ආපු කේන්තිය මෙච්චරයි කියන්න බෑ... වචනයක්වත් කතා නොකර මං එන්න හදද්දි අම්මා මාව ආයමත් නතර කරගත්තා...


" දෙකෙන් එකක් තෝරගන්න... එක්කො අපි හොයලා දෙන කෙනෙක්ව බඳින්න හිත හදාගන්න... නැත්තන් රට යන්න... ඒ දෙකම බැරිනම් අර මහ ලොකු කොල්ලා එක්ක පැනලා යනවා... හැබැයි අම්මයි තාත්තයි මැරුණයි කියලා හිතාගන්න... "


මං ආවා... ස්කෝලෙට... අද මට වැඩිය පීරියඩ්ස් නෑ උගන්නන්න... ඒකත් හොඳයි...


පලවෙනි එක ෆ්‍රී... මං සංගිත කාමරේ ⁣තනියම... කෝමත් කවුරුත් නැනෙ එතන... මට නිදහසේ හිතන්න ඉඩතිබුණා...


ෆෝන් එකෙන් සින්දුවක් ප්ලේ වෙන්න දාලා මං බලන් හිටියා ස්ක්‍රීන් එකේ ඉන්න උඹ දිහා...


දෙතැනක තනිවී ගිම්හානේ...

එනතුරු ඉමු අපි වස්සානේ...

ඉවසා තනිකම් මන්දාරේ...

දවසක ආයේ අපි හමුවෙලා

තනිවෙමු පුරුදු තැන්වල එදා...

මොහොතක් නිදහසේ සැනසිලා ....

ජීව්තේ...//


පාලුව රජකරනා...

අදුරේ ඉමු ඈතින් මේ කාලේ...

තනිකම් ඉවසාලා...

එකම හදවතකින් ලෝකේ...


මුරකවුළු යලි හැරෙනා...

දිනෙක අපි හමුවෙනවා...

පාලුව රජකරනා...

අදුරේ ඉමු ඈතට වී මා හා...🥺❤️


හමනා සුළගක් වී මා...

එන්නම් රහසේ පාවෙලා...

නුඹ මා ව්මසන හැමවෙලේ...



ඒ ලෙස කාලය ගතවී...

නුදුරේ දවසක් යලි ඒවී...

හැබැහින් ඔය ඇස් හමුවෙනා...



දවසක ආයේ අපි හමුවෙලා...

තනිවෙමු පුරුදු තැන්වල එදා...

මොහොතක් නිදහසේ සැනසිලා ජීවිතේ...//


පාලුව රජකරනා...

අදුරේ ඉමු ඈතින් මේ කාලේ...

තනිකම් ඉවසාලා...

 එකම හදවතකින් ලෝකේ...

මුර කවුළු යලි හැරෙනා...

දිනක අපි හමුවෙනවා...


කවුද කියන්නෙ කියලවත් දන්නැ... මොකද අදමයි ඇහුවේ ඒ සින්දුව... පදපේලි වල තියන හැඟීම් මට ඒ විදියටම දැනුනෙ ඇස් වලට කඳුළු උනවමින්.. ඇත්තමයි... හැම සින්දුවකම අපි දෙන්නට අයිති මොකක්හරි වචන ටිකක් තියේමයි...


අම්මා කිව්ව දේ කිව්වේ ස්ථිරවමයි... ඒක අහක දාන්නත් බෑ... මට තීරණයක් ගන්න වෙනවා... මට ඇත්තටම තාමත් කිසිම බයක් නැතුව ඕනිනම් අම්මලා හොයන කෙනෙක්ව බඳින්න පුළුවන්... මොකද උඹ මාව පරිස්සන් කලා... මට වැරැද්දක් කරලා නැ... ඒත්... මට උඹව අමතක කරන එක කරන්න බැ මහත්තයෝ... මගෙ ජීවි⁣තේ කොටසක් තරමට මට උඹව දැනෙනවා...


" එක්ස්කියුස් මී මිස්... "


මේ පාර ඒලවල් කරන ලමෙක්...


" ඕ පුතේ කියන්න... "


" මිස් අපිට පීරියඩ් එක තියෙන්නේ... මායි තව එක්කෙනෙකුයි විතරයි අද ඇවිත් ඉන්නේ... මිස් පැවරුමක් දෙනවද නැත්තන් අපි ක්ලාස් එකට එන්නද... "


" එන්න... අනිත් ලමයත් එක්ක එන්න..."


මං නැගිටලා ⁣මේසෙ ටිකක් අස්කරලා ලෑස්තිවුනා උගන්නන්න... ඒත් දෙන්නෙක්ට විතරක් උගන්නලා අනික් අයට පාඩුයි... බලමුකෝ... විනාඩි දෙක තුනකින් කොල්ලො දෙන්නම ආවා...


" ඉඳගන්නකෝ ස්ටූල් අරන්... "


අහිංසක පාටයි එක්කෙනෙක් නම්... අනිත් ලමයා නම් මැරෑටි පෙනුමයි...


" අද ඔය දෙන්නා විතරයි නේ... පාඩමක් කලොත් අනිත් අයට පාඩුයි... ම්ම්ම්... මොකද කරන්නේ... අපි... පැවරුමක් දෙන්නද... නැත්තන් මොනාහරි සාකච්ඡා කරමුද... "


අනිත් ලමයිනුත් ඇවිල්ලා හිටියා නම් මං පාඩමක් කරනවා... ඒත් දෙන්නෙක් විතරක් නිසා මට හිතුනේ නැ උගන්නන්න...


කතා කර කර ඉන්නවා කියලා හිතුනා... මං හරි ආසයි ඒම කියව කියව ඉන්න ළමයි එක්ක... එයාලා හිතන විදිය දැනගන්න මං ආසයි... මාත් ඒ වයස පහුකරලනේ ආ⁣වෙ... ඉතින් දන්නවා මේ වයසෙ ලමයි හිතන පතන දේවල්...


අනික ප්‍රශ්න සේරම පොඩි වෙලාවකට හරි අමතක කරන්න පුළුවන් එකම විදිය ලමයි එක්ක කතා කරන එක...


" මෙන්න මේම ඉමු මිස්... "


අර දඟයි වගෙ පෙනුනු පිරිමි ලමයා කිව්වා...


" මිස් අපි සින්දුවක් කියමු... "


ඉස්සර අපිත් ඕමයි... මියුසික් පීරියඩ් එක කම්මැලි වෙද්දි මිස්ට කියනවා සිංදු කියමුයි කියලා...


මං ගිටාර් එක ගත්තා...


" මොකද්ද කියන්නේ... "


කොල්ලො දෙන්නා පුදුම වෙලා... උන් හිතන්න නැතුව ඇති කියමු කිව්වට මං ඇත්තටම කියාවියි කියලා...


" මිස් සිරාවට කියන්න ද හදන්නේ..."


හම්මේ මුන්ගෙ වචන... අනේ ඕවට බොරුවට බැනලා වැඩක් තියේද... අපි ස්කෝලෙ යන කාලේ අපිත් ඕමයි... ලොකු වෙද්දි ඉබේම ඕවා අතෑරෙනවා...


" ඔව්... නැත්තන්... ඉන්න මතක් කරන්න... ලස්සන සින්දුවක්... "


මං කල්පනා කලේ පරණ සින්දුවක්... සෝමසිරි ජයමහ මහත්මයගෙ මං ආසම සින්දුවක් මේ...


කෝඩ්ස් ස්ලෝ එකෙන් අල්ලලා මං කියන්න ගත්තා සින්දුව...


" එදා වාගෙ අදත් පොද වැස්ස වැටෙනවා...

මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියෙනවා...

ඔබ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා...

මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා... "


ඔරිජිනල් ⁣එකට වඩා හුඟාක් ස්ලෝ එකෙන් කිව්වෙ මං... ඒ මගෙ හැටි... සින්දුවක් කියද්දි ඕනිම එකක් මං කියන්නේ හුඟක් ස්ලෝ... එතකොට ඒ වචන දැනෙනවා වැඩියි... එකින් එක හදවතටම වැදෙනවා...


" අම්මෝ... මිස්... පිස්සු හැදෙනවනේ..."


මට හිනත් යනවා මේ කතා කරන විදියට...


" ඇත්තමයි මිස් හරිම ලස්සනයි... "


අපි පීරියඩ් එක ඉවර වෙනකම් සින්දු කිව්වා... ලමයි දෙන්නා ගියාට පස්සෙත්... මම... තනියම ගිටාර් එක ප්ලේ කරකර සින්දු මිමුණුවා...


උඹවමයි මැවෙන්නේ... මැරුනොත් මිසක් උඹව අමතක වෙන එකක් නෑ කියලා හිතෙන තරමට මගෙ හිතෙ උඹ හිටියා...


මං තීරණයක් ගත්තා... ස්කෝලෙදි... කවදාවත් මට වෙන පිරිමියෙක්ව බඳින්න බැ... ඒ නිසා ඒක අතැරලා දාන්න පුළුවන්... එතකොට අම්මා කිව්ව අන්තිම එක... කවදාවත් බැ මට අම්මටයි තාත්තටයි දුකක් දිලා මගෙ ආසාවක් ඉෂ්ට කරගන්න.. ඒ නිසා හොරෙන් හරි එයා ලඟට යනවා කියන දේත් අතෑරියා... එතකොට ඉතුරු වෙන්නේ රට යන එක විතරයි... රට ගිහින්... අනේ එතකොට උඹ.... අවුරුදු හතරකින් විතර මං එනවා... එතකොට මට තිස් එකක්... අම්මලට බැ ඒ වෙද්දි මාව තවත් එයාට නොදි ඉන්න... අකමැත්තෙන් හරි අම්මලා එදාට මාව ලසිත්ට දේවි...


මං ගෙදර යද්දි අම්මයි තාත්තයි දෙන්නම හිටියා...


නාගෙන ඇඳුමක් දාගෙන සාලෙට ආවේ මගෙ තීරනේ දැනගන්න අම්මයි තාත්තයි බලන් ඉන්නවා කියලා දන්න නිසා...


" තීරණයක් ගත්තද... "


තාත්තා අහද්දි... මාව තප්පරේකට නතර වෙලා ආය පන ගැහෙන්න ගත්තා...


" ම්ම්ම් ඔව්... "


ඒත් මේ තීරනේ හරිද... මං එකපාරක්හරි එයාගෙන් අහන්න ඕනි නේද... ඒත් කටක්ඇරලා මං මොනාද අහන්නේ... මට බැ... උඹ හදාගනිවි හිත... ඇයි දෙයියනේ මේම අසරණ කරන්නේ මාව... මැරෙන්න හිතෙනවා... මට දැන් ඇතිවෙලා මේ සේරම...


එදා උඹ කිව්වා... අන්තිමේදි මීටත් වඩා විඳවන්න වෙයි කියලා... මගෙ හිතුවක්කාරකමයි මුරන්ඩුකමයි තමා මේ සේ්රටම මුල... මට තිබුනා ආදරේ හිතේ තියන් උඹ වගේ පැත්තකට වෙලා ඉන්න.. ලංවුනා අපි ආය... උඹ බෑ කියද්දි මං බලෙන්ම ඒ තීරණේ හිටියා... සමාවෙන්න මහත්තයෝ මට... මං නිසා විඳවන්න වුනා උඹට... ගෙවාගන්න බැරි පවක් අපි දෙන්නම ගිය ආත්මෙක කරන්න ඇති... ඒ නිසාමයි මෙච්චර විඳවන්න වුනේ.. දෙන්නටම...


" දෝනි... තාම හිතලා නැද්ද ⁣... "


අම්මා කතා කරද්දි මං ගැස්සිලා මේ ලෝකෙට ආවා...


" මං රට යනවා... "


මට ඇඬෙන්නම ආවත් කඳුළු ගල් වෙලා... ඒක හොඳයි... ඒත් වේදනාව වැඩි කඳුළු නැතිවෙද්දි...


" දෝනී... අපිව දාලා යන්න තීරණය කලාද.. "


තවත් මාව රිද්දන්නෙ ඇයි මේ...


" මට වෙන මොනාද අම්මා කරන්න කියන්නේ... එච්චරයි මට කරන්න පුළුවන්... "


" එතකොට අර ලමයව අමතක කරන්නෑ.. "


" බලමු... එහෙ ගිහින් ඉද්දි මට හිමිට අමතක වේවි... "


එහෙම වේවිද... බලමු... මං උත්සහ කරනවා... අපි ලංවෙද්දි තමා අපිට දුක වැඩි... ඈතින් ඉද්දි සතුටින් නැතත් අපි සැනසිමෙන් ඉන්නවා.... දැනුයි මට ඒක තේරෙන්නේ... මෙච්චර කල් උඹ මට තේරුම් කරවන්න දඟලපු දේ දැනුයි තේරුම් ගන්න මොලේ පැදෙන්න ගත්තේ... ලං වෙන්න ආදරේ කරන්න මේ ආත්මෙ පින් කරලා නැතුව ඇති අපි... අකමැත්තෙන් වුනත් මං ඒක තේරුම් ගන්න ඕනි... මං හුඟක් පරක්කු වුනා ඒක තේරුම් ගන්න.. ඒකෙන් මට වඩා දැන් ඔයා දුක් විඳි... ඒත් ඔයා සැනසිමෙන් ඉඳීවි...

" අන්තිම තීරණේ ඒකනේ ඒනම්... අපි ඒකට ඉඩදෙමු... "


තාත්තා ඒම කිව්වත්... මං දන්නවා එයාලා දුකින් කියලා...


කෝමහරි අවසානේදි ඒක ස්ථිර වුනා... මට


තාත්තා උපරිම වියදන් කරලා සතියකින් වීසා එක හදවගත්තා කැනඩාවට... ඉංග්‍රීසි උපාධියක් තිබ්බ නිසා එහෙ පොඩි ස්කෝලෙක උගන්නන්න යන්න පුළුවන් වුනා... වීසා එක ආවම පාස්පෝට් එකත් හදාගත්තා... කෝමහරි සති එකහමාරක් ඇතුලත මට ටිකට් ⁣ලෑස්ති කරගන්න පුළුවන් වුනා...


උඹ කෝල් කරනවා කිව්වා මැසේජ් එකක් ඉඳලා හිටලා දැම්මා විතරයි... ඒ තරමට වැඩ වලට හිරවුනා... දවසින් දවස ලංවුනා...


යන්න කලින් දවසේ රෑ මං උඹ⁣ට මැසේජ් එකක් දැම්මා... කතා කරන්න ඕනි හදිස්සියක් කියලා...


රෑ නවයයි කතා කරද්දි අපි...


" චූටි... කියන්න මැනික... "


දෙයියනේ ඕම එපා බං ආදරේ... මං යන්න හදන්නේ ලොකු ඈතකට... හිත වෙනස්⁣ වේවි මගෙ... ඕම වුනොත් නම්...


" මං වැදගත් දෙයක් කියන්න ගත්තෙ... "


මහත්තයෝ කියලා කියවෙන්නම එනවා... ඒත්... කියන්න බෑ...


" කියන්න චූටි... ඇයි වෙනස් වගේ... "


" හලෝ මම යනවා... "


මට කියාගන්න බෑ බං මේක...


" කොහෙද.. "


" කැනඩා... "


" මොකක්... "


කිව්වා... දැන් උඹ ඇවිලෙනවා ඇතිනේද... මාත් අසරණ වුනා බං... මට වෙන කරන්න දෙයක් නෑ...


උඹෙන් හ්ම්වත් නෑ... ⁣කෝල් එක කට් කලා... මං ආයිත් ගන්න ට්‍රයි කලත් ෆෝන් එක වැඩ කලේ නෑ උඹේ...


දන්නවද මහත්තයෝ... ඇත්තටම ඇඬුවේ නැ මං... මටත් පුදුමයි... ඒත් හිත හිස්... කිසිම දෙයක් ⁣දැනෙන්නැ..


උදේ හතරට ෆ්ලයිට් එක... මං අක්කට යාළුවන්ට හැමෝටම කතා කලේ රැ... මං යනවා කිව්ව නම් කලින් උන් මට යන්න දෙන්නැ... ඒකමයි නොකියා ඉඳලා යන්න ඔන්න මෙන්න තියලා කිව්වේ... අක්කා ඇඬුවා කෝල් එකේ ඉද්දි... බැන්නත් එක්ක මට... ඒත් මං අසරණයිනේ... මං වෙන මොනාද කරන්නේ...ඒක විතරයි මට ඉතුරු වුන එකම විසඳුම...


දෙකයි වෙලාව... මං සූට්කේස් එක තල්ලු කරන් එලියට ආවා...


අම්මයි තාත්තයි ඉන්නවා සාලේ...


අම්මා මාව බදාගෙන ඇඬුවා හුඟාක්... තාත්තා ඔළුව අතගාලා පරිස්සන් වෙන්න කිව්වා...


ටැක්සි එක ඇවිත් තිබුනා... එයාපෝට් එකට අම්මයි තාත්තයි එන්න හදද්දි මං කියලා කියලා නතර කෙරෙව්වේ... මං යද්දි එයාලා එතන හිටියොත් මට හිතෙන එකක් නෑ දාලා යන්න... ඒක කිව්වම එයාලා නතරවුනා..


තුනහමාර වෙද්දි කටුනායක එයාපෝ⁣ට් එකට ආවා... මං සූට්කේස් එකත් ඇදගෙද ආවෙ ඇවිදින මලමිනියක් ගානට...


හැම මතකයක්ම හිතින් අතෑරලා මං මේ යන්නේ කාත්කවුරුත් නැති අලුත්ම ලෝකෙකට... අම්මා... තාත්තා... අක්කා... මගෙ මහත්තයා... යාළුවො... මේ සේරම දාලා මං යනවා යන්න...


හැම බැඳීමක්ම අතෑරලා ලොකුම ලොකු දුරකට යනවා...


එතන වැඩ ටික සේරම කරන් මං බලන් හිටියා ඉඳගෙන මට යන්න තියන ෆ්ලයිට් එක එනකම්...


ම්ම්ම්ම්... ආවා... අවසාන වතාවටත් හැරිලා බැලුවා... උඹ ඇවිත් නැද්ද කියලා මාව බලන්න... නෑ උඹ එන්නැ... මං ගිහින් ඉඳගත්තා... මගෙ ෂිට් එකෙන්... විනාඩි දහයකින් අපි ෆ්ලයි කලා...


හිර වෙලා තිබ්බ කඳුළු හෝ ගාලා ගලන්න ගත්තා එවෙලෙ නම්... අනේ මට යන්න බැ.... ඒ්ත් මට යන්න වෙනවා....


මං ගියා යන්නම.... හැම ජීවිතේකින්ම වෙන් වෙලා මං ඒ ගිය ගමන ජීවිතේ ගත්තු හරිම තීරණේද වැරදිම තීරණේද කියලා අපි බලමු...


✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️


තව නිසදැසක් එවලා තිබ්බා...🤗


හිතන්න පුලුවන් ඔබ ගැන මා හට...

තහනම් කරන්න කාටත් බෑ...


මවන්න පුලුවන් හීන අනන්තෙට...

සිද බිද දමන්න මටවත් බෑ...

සිත තුල ඉපදුන සෙනෙහේ පැතුමන්...

සුන් කර දමන්න අදටත් බෑ...🥺


ඔබට උපන් පෙම අමතක කරමින් මට සැනසිල්ලේ හිදින්න බෑ...



මතු භවයෙදි යලි ඔබගෙම එන්නම්...

ඔබ මගේ නොම බව පිළිගනු බෑ...🥺



මීට ඔබට හැමදාම ආදරය කරන චූටී...🥺❤️✍


තව නිසදැසක් එවලා තිබ්බා...🤗

ඔය උඩ තියෙන්නේ ඒක...🖤


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


ඔන්න මතක මැද්දෙන් ආපු ගමනෙ අවසානයට හිමි හිමින් ලංවෙලා තියනවා... හෙටින් කතාව ඉවරයි...


කතාවෙ අවසානේ මං තීරණය කරලා ඉවරයි... ඉතින් ඒක බාරගන්න...🤗


මේ තරම් කාලයක් කතාව එක්ක ඉඳපු හැමෝටම ආදරෙයි...


අද කමෙන්ට් එකක් දාගෙන යමු.. මට ආසයි දැනගන්න... ඔයාලගෙ අදහස්...


❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️


බුදුසරණයි පරිස්සමෙන් ඉන්න හැමෝම....🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

~ විහාරා ~

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


Report Page