මතක(අ)මතක

මතක(අ)මතක


Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

(කෙටිකතාවකි)

ඉතින් ආදරේ කියන්නෙම කැපවීමක්
කැප කිරීමක් ....... ☘



+ සමින්ද.......


- ම්ම්ම් කියන්න


+ මං දෙයක් අහන්නද?


- අහන්න


+ඔයාට මාව දැනෙනවද ?


- ඇයි එකපාරම එහෙම අහන්නේ..


+ නෑ මට අහන්න හිතුණා..


- ඔව් මට ඔයාව දැනෙනවා..



+ඇයි එහෙනම් මේ තරම් ඉක්මනට ඔයා මාව දාලා යන්න හදන්නෙ....



- හමුවීම පේන මානේක නැත්තම් වෙන්වීම තමයි හොදම දේ...



+ හමුවෙනද ? හිමිවෙනවද ? අහිමිවෙනවද? කියන එක ඔයා දැන්ම තිරණය කරාද?



- ඔව්...කාලය යනවා අපි දෙන්නම තරුණ කරනවා.තවත් ඉවසලා බලන් ඉන්න එකේ තේරුමක් තියනවද?අපි දෙන්නගේ සම්බන්දේට ගෙවල් දෙකින් ම අකමැති නම් ඇයි තවත් අපි ලං වෙන්නේ.




+ ඔයා වෙන් වෙන්න බලාගෙනද සමින්ද ලං වුණේ..




- නෑ.ඒත් මේ ප්‍රශ්න හැම එකක්ම අපි දෙන්නව ටිකින් ටික වෙන් කරනවා.




+ මං ඔයාට ලං වුණේ වෙන් වෙන්න බලාගෙන නෙවෙයි.



- මං දන්නවා ....



+ මං ඔයාගෙන් ඉල්ලුවෙ ආදරේ..පුංචිම පුංචි වෙලාවක් මං වෙනුවෙන් වෙන් කරන්න ඒකත් ඔයාට කරන්න කියලා.



- ඒත් හැමදේම අමතක කරලා ඔයා වෙන් වෙන්නත් තිරණය කරලා..



+අහන්න මම කියන දේ එකපාරක්..



-තවත් මොනවා අහන්නද ? සමින්ද ! මොනවා අහන්නද?ඔයා යන්න ඔයාගේ ජිවිතේ හොයාගෙන...



+ ගියත් මට ඔයාව මතක් වෙයි...



- ඔව් සමහර විට



+ ඔයාගේ අනාගතේ ලස්සන කරගන්න සතුටින් ඉන්න.ඔයා ආදරේ කරන අය එක්කම ! පරිස්සමින් සමින්ද



- ඔයත් පරිස්සමින්



සමින්ද නැගිටලා යන දිහා මං ඔහේ බලන් හිටියා..

ඇහෙන් එක කදුලක්වත් නොවැටෙද්දී මං එයා නොපෙනි යනකම් ම බලන් හිටියා...




මට ඔයාව ඕනවෙන මතක් වෙන තරමටම මං ඉවසන් ඉදලා දැන් මට හරි මහන්සි...

මේක මට වේදනාවක් ....

ඉතින් මං තීරනයක් ගත්තා ....

හදවතේ ඔයා වෙනුවෙන් තියන ආදරේ

හැමදාමත් තියේවි දවසින් දවස වැඩි වේවි ....

ඒ හැමදේම තනියම දරාගන්න.....





ජිවිතේ කියා ගන්න බැරි දුක් ගොඩක් පපුව අස්සේ තියාගෙනම ඉන්න ..

මං විදවන තවත් එක කෙල්ලෙක් විතරයි...




දන්නවද ජීවිතේ කෙනෙක් වෙනුවෙන්

එක විනාඩියක් වත් වැය කරන්න බැරි තරමට මිනිස්සු කාර්යය බහුල වෙන්නෙ නෑ කවදාවත්ම...

ඒක තමන්ගෙ වාසියට හදාගත්තු ලස්සන තර්කයක් විතරමයි......




සමහර මිනිස්සු හම්බවුණේ හරි අහම්බෙන් වුණාට..

අපි ඒ මිනිස්සුන්ට ආදරේ කරේ අහම්බෙන් නෙවෙයි...

සමහර හැගිම්..

සමහර වේදනාවල්...

ඕන තරම් හිතට දැනුනා...

ඒත් ඉවසුවා..




ජිවිතේ අපි දකින සමහර හීන හීන විදිහට ම..

අපේ හිත් වල මැරිලා යන්නේ අපි ආදරේ කරන අයත් එක්කමයි..

ජිවිතේ කිසිම දවසක මම තියා ආදරේ කරන කවුරුත් හිතන් නෑ..

පුංචිම පුංචි වචනයක් නිසා.

පුංචිම පුංචි හැගිමක් නිසා..

මේ තරම් විදවන්න වෙයි කියලා....




 

මේ ලොකේ හැම දෙයක් ම ,

හැම කෙනෙක් ම,

තප්පරයකටත් වඩා අඩු කාලයකින් වෙනස් වෙද්දී..

අපි පුරුදු වෙන්න ඕන වෙනස් වීම් වලට අනුකූලව වෙනස් වෙන්න..

දුක අකුරු කරන්න...

හැඟීම් වචන කරන්න..

මිනිස්සු විදිහට අපි වෙනස් වෙන්න ඕන..





සමහර දේවල්..

සමහර කාල..

සමහර මිනිස්සු..

අපේ ජිවිතේන් ඈත් කරන්න හරිම අමාරුයි....

ඒ දේවල්..

ඒ කාල..

ඒ මිනිස්සු...

අපේ ජිවත එක්ක බද්ධ වෙලා තියෙන්නේ...




ඒත්,

එහෙම කියලා..

ඒ දේවල් ,

ඒ කාල,

ඒ මිනිස්සු..

ඈත් නොකර ඉන්න අපිට බෑ...

ඉතින් ,

අපි ඒ වගේ තැන්වල පට්ට අසරණයි



ඒත් ජිවිතේ සමහර දේවල් අපිට ඉබේටෙම අමතක වෙලා යනවා..

අමතක කරන්න බැරි සමහර දේවල් පවා...

අමතක වෙනවා..



සමහර වෙලාවල් වල,

අමතක වෙච්ච දේවල් මතක් වෙනවා..

මතක වෙච්ච දේවල් අමතක වෙනවා..

ඒ තමයි ජිවිතේ හැටි...



ඒත්,

ජිවිතේ සමහර මතක (අ)මතක වෙලා ම ගියා නම්,

අපි කවුරු කවුරුත් සතුටින් ඉදි...




________




හිතුණ දෙයක් කියන් යන්න





Report Page