ලොව පිරිසිදුම කිරි?

ලොව පිරිසිදුම කිරි?

Honey Bird

#SeeTheWorld

RL

කවදහරි හිතුවද ලැක්ටෝස් නැති , කොලෙස්ට්‍රෝල් නැති සහ කොටින්ම සතෙක්ගෙන් ලැබෙන්නැති කිරි වර්ගයක් ගැන.


ඔව් අද මේ කතා කරන්න යන්නෙ අන්න ඒ වගේ හදපු ලෝකෙ දැනට පවතින පිරිසිදුම සහ සෞඛ්‍යට වඩාත්ම හිතකර කිරි වර්ගය ගැන.


මේක තමයි එළදෙනුන් නොමැතිව නිපදවූ ලොව පළවෙනි කිරි වර්ගය.


මේ කිරි වර්ගය හැදුවෙ Aviv Wolff(CEO) සහ Ori Cohavi(Co-Founder & CTO) කියන ව්‍යවසායකයන් දෙදෙනා එකතු වෙලයි.


මොවුන් දෙන්න හොයාගත්තා එක ක්‍රමයක් අපි මේ පාවිච්චි කරන කිරි , නිවැරදි කරන්න. නිවැරදි කරන්න?....


ඔව් අපි මේ සාමාන්‍යයෙන් පරිභෝජනය කරන කිරි නිශ්පාදන නිවැරදි ලෙසට හැඩගැස්සවිය යුතුයි. මොකද මේ සාම්ප්‍රදායික එළ කිරි ටීවි එකේ හෝ ඇඩ් වල යන තරම් හොඳ නෑ.


මම මෙහෙම කියන්න හේතු කීපයක් තියෙනව.


1.කිරි ඇඟට සෞඛ්‍යදායි දෙයක් නෙවෙයි.


අපි මේ එළදෙනුන්ගෙන් ගන්න කිරි සමස්ථයක් විදිහට සම්පූර්ණ ලැක්ටෝස් තොගයක්. ලැක්ටෝස් බහුල ආහාර ගැනීම අධෝ මුඛයෙන් වාත පිට වීමට හේතුවක් කියල දන්නව ඇතිනෙ. (fart).

ඒ වගේම තමා මිනිස්සුන්ගෙ 65% කටම ලැක්ටෝස් බහුල ආහාර දිරවගන්න අමාරුයි. ප්‍රතිඵලය උඩ කිව්ව එක.

ඒ වගේම මේ කිරි වල තව දුරටත් අඩංගු වෙනව කොලෙස්ට්‍රෝල් සහ සංතෘප්ත මේද අම්ල.

ඉතින් කෙටියෙන්ම ලෙඩ ගොඩක මූලාශ්‍ර.



2.කිරි නිශ්පාදනය තිරසාර ආහාර ක්‍රමයක් නොවීම.


දන්නවද අපි මේ ගන්න සාමාන්‍ය එළකිරි ලීටර් 1ක් හදන්න අපිට සිද්ද වෙනව ජලය ලීටර් දාස් ගනන් වියදම් කරන්න. එළදෙනුන් නාවන්න , පොඩි කාලෙ වතුර දෙන්න ආදි ගොඩක් දේවල් වලට.


ඒ වගේම කිරි නිශ්පාදනය හරිතාගාර වායු විමෝචනය කිරීමට ගොඩක්ම දායක වෙන දෙයක්.


ඒ වගේම සම්පත් සෑහෙන අපතේ යවන්න වෙනව.



3.කිරි ලබාගන්නෙ සතුන්ගෙන් විම.


සතුන්ගෙන් කිරි ලබාගැනීම කියන ක්‍රියාවලියට එන්න කලින් සෑහෙන දේවල් කරන්න වෙනව. සතුන් ව තියාගන්න ලොකු ඉඩ ප්‍රමාණයක් වැය වෙනව. ඒ වගේම ලොකු මුදලක්. ඒ වගේම විශාල ජල ප්‍රමාණයක්. සහ ශක්තියක්.


ඒ වගේම මේ සතුන්ගෙන් කිරි ලබා ගන්නා කර්මාන්තශාලාවල😐 කිරි නිශ්පාදනය කියන්නෙ සෘජුවම සත්ව හිංසනයක් සිදු වෙන ක්‍රියාවලියක්.


අන්න ඒකයි අපිට අවශ්‍ය වෙනස් වර්ගයක නිවැරදි කරනු ලැබූ කිරි විශේශයක්....


අපිට අවශ්‍ය තිරසාර , දැරිය හැකි මිලකට සහ සදාචාරත්මක විදිහට නිශ්පාදනය කල හැකි කිරි වර්ගයක්.


ඉතින් මෙන්න මේ ක්‍රියාව සිද්ධ කරන්න aviv සහ ori ඔවුන්ගෙ රස්සා අතහැර දාල ඔවුන්ගේ ජීවිතේ අවදානම් ම තීරණය ගත්ත.


ඒ අපි අවුරුදු දහස් ගාණක් තිස්සෙ බීපු දෙයක් වෙනස් විදිහකට හදන්න.


ඔවුන්ගේ පුළුල් පරීක්ශණ වලට පස්සෙ ඔවුන් හොයා ගත්ත ඒක කරන්න පුලුවන් විදිහක්.


මුලින්ම....

එයාල එළදෙනුන්ගේ කිරි නිශ්පාදනයට අදාල ජාන හඳුනාගෙන ඒව පිටපත් කරගත්ත.


ඊට පස්සෙ....

ඒ පිටපත් කරපු ජාන කොටස් ඔවුන් මාරු කලා ක්ෂුද්‍ර ජීවියෙකු තුලට.

දැන් ඔවුන්ට කිරි නිශ්පාදනයට එළදෙනුන් අවශ්‍ය නෑ. අවශ්‍ය වෙන්නෙ කුඩා ක්ශුද්‍ර ජීවීන් පමණයි.


ඊට පස්සෙ පැසවීම මගින් මේ ක්ශුද්‍ර ජීවින් ලවා කිරි ප්‍රෝටීන නිපදවනව. ඉතින් මේ කිරි ප්‍රෝටීන මගින් ඔවුන් නිපදවනව ඇත්තම කිරි!

එළදෙනුන්ගෙන් ලබා ගන්නා කිරි වගේම එකම වයනය, එකම රසය ,එකම පැහැය.


ඊට අමතරව මේ නව කිරි වර්ගය අපේ ශරීරයට වඩාත් හිතකරයි. ඒ වගේම් කිසිම සතෙකුට හානියක් නෑ.


මේ ක්‍රියාවලියට අපි කියනව Microbial Fermentation කියල. ඒ කියන්නෙ සිංහලෙන් "ක්ශුද්‍ර ජීවී පැසීම"


කිරි නිශ්පාදනයේ සම්පූර්ණ යාන්ත්‍රණයම එක් කුඩා ක්ශුද්‍ර ජීවියෙක් තුල සිදු කිරීමෙන් අපිට පුලුවන් එළදෙනුන් නොමැතිව සහ කිලෝ 900ක් බර සතෙක් නිපදවීමට යන අමතර සම්පත් හානියක් නොමැතිව මේ වැඩේ කරගන්න.


මේ ක්‍රියාවලිය සාමාන්‍ය කිරි නිශ්පාදනය එක්ක සැලකුවහම ඔබට අවශ්‍ය වෙන්නෙ සාමාන්‍ය කිරි නිශ්පාදනයේදී භාවිතා වන ජලයෙන් 10% කුත්, 1% ක ඉඩ ප්‍රමාණයකුත් , 0% ක එළදෙනුන් ප්‍රමාණයකුත් පමණයි.



මනුශ්‍ය සංහතියේ ප්‍රථම වතාවට අපිට පුලුවන් කමක් ලැබිල තියෙනව වඩාත් හොඳ , සෞඛ්‍ය සම්පන්න , සහ වඩා ලාභදායි කිරි විශේශ නිපදවන්න.


ප්‍රායෝගිකව අපිට මේ කිරි විශේශය මගින් පුලුවන් අනෙකුත් සියලුම කිරි නිශ්පාදන සාදගන්න. උදා:- චීස් , යෝගට්

මේ නිශ්පාදනයේ තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි මේ හදන කිරි වල රසායනික සංයුතිය 100% ක්ම එළදෙනුන්ගෙන් ලබා ගන්නා කිරි වල සංයුතියට සමාන වීම. සහ වඩා හොඳට.


ඔබත් උද්‍යෝගිමත් ද මේ ගැන. Ori සහ Aviv වැනි මිනිසුන් දිනපතාම උත්සාහ කරනව මීට පෙර නොකරපු යමක් කරන්න.


ලෝකය දියුණු වෙන්නෙ සහ ලෝකයේ අනාගතය සුරක්ෂිත වෙන්නෙ අන්න එහෙමයි!


Source :- Nas Daily (yt)


#SeeTheWorld

Report Page