💕💕💕මගේ..නේ (2) 💕💕💕 (42)

💕💕💕මගේ..නේ (2) 💕💕💕 (42)

Yenu 💕


💕💕💕මගේ..නේ (2) 💕💕💕


💕💕💕💕💕තිස් දෙවෙනි දිගහැරුම 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕


හතලිස් එක් වන දිගහැරුම


ඒත් එක පාරටම කාර් එක පාර මැද නවත්තද්දී...


 ඒ සද්දෙට කොල්ලො තුන් දෙනාම එක වැර හැරිලා බැලුව පාර අයුත් ගෙ කට නම් ඇරුනා..



"හප්පට කිරි තාත්තේ...දැක්කා දැක්කා..."


_____________________________________________________________________________


"මේ පසනා,කාර් එක නැවැත්තුවා කියන්නේ කෙල්ල දැක්කා. මේ..දැන් ආවෙස වෙලා කඩාන බිදගෙන මෙතෙන්ට ආවොත් අප් ප්ලෑන් එක හබක් ඈ මොනා හරි කරපන්.."


  අයුත් පසන් දිහා බලාගෙන බෙරිහන් දෙද්දී මෙච්චර වෙලා ගල් ගැහිලා වගේ බලාන හිටපු යුමෙත් එක පාරට බැලුවේ අයුත් දිහා.


"ම්..මොනාද මොනාද උඹ ඔය කියන්නේ. පසන් ම්නවද යකෝ උඹල මට හොරෙන් කරන්නේ..."


"කරන්නෙද, උඹට ගෑනියෙක් හොයනවා, කියවන් නැතුව නැගපන් ගල් මූසලයී අරකි දැක්කොත් වැඩේ ඉවරයි නේ..."


"ඉතින් බන්, ඒ මගෙ කෙල්ලනේ, දැන් හිටියා ඇති මට මගේ කෙල්ලව ඕනි බන්.. 

  පසනා මට මගේ කෙල්ල ලගට යන්න ඕනි."


"යුමෙත් කතා කර කර ඉන්න වෙලාවක් නෑ.. නැගපන් කාර් එකට පාරිව හම්බෙන්න මේක නෙවේ හරි වෙලාව මේ හිටියා වගේ තව ටික කාලයක් හිටඔඅන්, ඉවසපන් මන් උබට කිව්වනේ, මං මගෙ නංගිව කවදහරි දෙන්නෙ උඹට විතරයි.. දැන් කාර් එකට නැගපන් ප්ලීස්.."


"ඒත්.."


"ඒත් මේත් නෙවේ නැගපිය කාර් එකට"

  අයුත් ඉක්මනට කාර් එකේ පිටිපස්සහ දොර ඇරලා යුමෙත්ව කාර් එක ඇතුලට දාලා දොර වැහුවා.


"දැන් අපි එම්.කේ බන් ඈ.."


"මන් දන්නැ අයුත්, මේකිට CID ලා පරාදයි.."


  ඉනට අත් දෙක තියන් හිටපු අයුත් ටික වෙලාවකින්,


"හ...හරි හිටපන්කෝ දෙන්නම් වැඩේ.. මේ උඹ මෙහෙම කරපන් ඈ.."


කියලා, පසන්ට කියන්න ඕන ටික කියලා කාර් එකට නැගලා දොර වහගත්තා..


_____________________________________________________________________________


කාර් එක එක පාරටම පාර මැද නැවැත්තුව නිසා යෙතීශ් බය වෙලා වගේ පාරි දිහා බලන් හිටියා.


"පාරි..ඇයි මොකද, මොකක්ද උනේ.."


ම්හූ... කෙල්ල්ගෙ කිසි උත්තරයක් නෑ..පපුවට අත තියන් ඉස්සරහ බලන් ඉන්නවා..


"පාරි...ඇයි දරුවෝ මේ..."


යෙතීශ් පාරිගෙ ඔලුවට අත තියන ගමන් අහද්දී කෙල්ල ගැස්සිලා වගේ කොල්ලා දිහා බැලුවා..


"ආහ්.. යෙතීශ්.. එ. එයා ඉන්නවා..මන්.මන් ඔයාට කිව්වනෙ නේද.. එයා ඉන්නවා කියලා.. එයාට බෑ මේ පාරිව දාලා යන්න..."


කෙල්ල ඇස් දෙකේ කදුලු පුරවන් කියද්දී කොල්ලගෙ හිතත් ටිකක් ගැස්සුනා ...


"කව්ද.. කව්රු ගැනද ඔය කියන්නේ"


"යුමෙත්..මගෙ, මේ පාරිගෙ යුමෙත්. එයා ඉන්නවා.. මන්.මන් මේ දැන් දැක්කා... අනේ යෙතීශ් මට ඉක්මනට එතෙන්ට් යන්න ඕන.."


කියපු පමාවට කෙල්ල දොර ඇරගෙන යන්න හැදුවත්,යෙතීශ් කෙල්ලගෙ එක අතකින් අල්ලලා කෙල්ලව නතර කලා..


"ඇයි..."


"තනියම යන්න එපා ඉන්න මාත් එන්නම්..."


"හ්ම් යන්..."


කාර් එක අයිනට කරලා නවත්තපු යෙතීශ් පාරිත් එක්කම බැහැලා පසන්ලා හිටපු පැත්තට ඇවිදන් ගියා..


_____________________________________________________________________________


"අයුත්....ඇයි බන් මේ..මට යන්න දීපන්කෝ.."


"ර්.... කටවහපන් ගල් මූසලයෝ...අපි මේක යම්කිසි පැලෑනකට කරගෙන යන්නේ.. දැන්ම කෙල්ල දැක්කොත් ඒක හරියන් නැ.. එක නිසා දැන්ම උඹට කෙල්ලව හම්බවෙන්න දෙන්න බෑ..."


"ඇයි යකෝ...අවුරුදු පහක්.. අවුරුදු පහක් මට මගේ කෙල්ලව නොදැක ඉන්න උනා.. ත.."


"කට වහගන්නවා වදේ... ඒවා හරි වෙලාවට වෙයි.. දැන් ඔය හැකර කට වහන් ඉදහන්..

   නැත්තන් අද උදාර ලෙස කෙලවෙනවා තෝ නිසා.."


අයුත් යුමෙත් කාර් එක ඇතුලෙ ඉන්නකොට පසන් හිටියේ එලියේ, කාර් එකට හේත්තු වෙලා...


හති දදා එන කෙල්ල දැකල පසන් කෙලින් උනා..


  "චූටී....මොකද ඔයි.. කව්ද පස්සෙන් පැන්නුවේ..."


කොල්ලා මුකුත් දන්නැති ගානට කෙල්ලගෙන් අහද්දී කෙල්ල තාමත් පපුවට අත තියාන හති අරිනවා..


"කව්දෝ දැක්කලු අයියේ.. මේ ඒක බලන්න ඕනි කියලා කඩාන බිදගෙන ආවේ..."


යෙතීශ් එහෙම කියද්දී පසන් ආපහු පාරිගෙන් ප්‍රශ්නයක් ඇහුවා


"කව්ද චූටි දැක්කෙ තමුසෙ.."


"ල්..ලොකුහ් මන්..මන් යුමෙත් ව දැක්කා... එයා.. ඔව් එයා හිටියා.. මේ මෙතන මෙතන ගහ ගාව.. කොයි ලොකූ එයා..ක්..කොහෙද ගියේ.."


"තමුසෙට පිස්සුද ඕයි.. ඌ ආය කොහෙ එන්නද.. ඌ..මැ.."


  එච්චරයි කියන්න උනේ පාරි අත් දෙකෙන්ම කන් දෙක වහන් පිස්සියක් වගේ එතන කෑ ගහන්න ගත්තා..


"නෑ.....නැ නැ නෑ..... ලොකූ..මන් .මන් කිව්වා මගෙ යුමෙත්ට කිසි දෙයක් වෙලා නෑ කියල..මට. මට ඒක දැනෙනවා..එයා ඉන්නවා... 

  හරි මෙතන හිටියෙ එයා නෙවෙයි නම් කව්ද, කව්ද මෙතන හිටපු අනිත් කෙනා ආ...කෝ දැන් එයා.. කොහෙද කියනවා ලොකූ... මේ පාරිගෙ ඇස් වලට බොරු කරන්න බෑ...ඔයා ඒක දන්නවා හොදටම..."



අයුත්ට වගේම යුමෙත්ට පාරිව පෙනුනට කාර් එක ඇතුලෙ ඉන්න කොල්ලො දෙන්නව කෙල්ලට පෙනුනෙ නෑ..


   කෙල්ල මොනා කිව්වත් ඒ කිසි දෙයක් කොල්ලො දෙන්නට පැහැදිලිව ඇහුනෙත් නෑ ශටර් එක වහල නිසා..


 යුමෙත් බොද වෙලා වගේ පේන කෙල්ල දිහා ඇස් පිය ගහන් නැතුව බලන් හිටියේ කියා ගන්න බැරි තරම් දේවල් හිතේපිරිලා තියෙද්දී...


_____________________________________________________________________________


 මොකද කියන්නේ...

 අදම දෙන්නව meet කරවමුද එපාද 😌



ඊලග episode එක comments අනුව තීරණේ කරන්නම්...

    ඔයාලගෙ කමෙන්ට්ස් අනුව තමා දෙන්නව එකතුකරන්න වගේම වෙන් කරන්නත් පුළුවන් 😌




  හමුවෙමූ 💕


ආදරෙයි ඉතින් මෙච්චරක් 💕 💕💕

කැමති අය එන්න 💕

https://t.me/yenu0003

Report Page